සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/26/11

නිදහස් ගැලීම්....



මරු කතරෙ මිනිස් පුරෙ කොතනක වෙවා
මෙතේ බුදුන් පාමුල මා නෙලුමක් වෙවා.....

හිමිදිරියෙ මධ්‍යාහනේ සවසක වෙවා
හිමිබුදුවන මොහොතක මා බොමැඩ වෙවා...

බණ අසනා එය වඩනා මොහතක වෙවා
නිවන් දකින්නට ඔබ ලඟ මා නෙත් පිය වෙවා

මා කුඩා කල පටන් දහම් පාසල පහස ලැබුනත් ශරිරයෙන් වැඩෙත්ම සමාජයෙන් ලැබුන ආදර්ශයන් ගෙන් දුසිරිත් පුරුදු කිපයක් පුරුදු වෙනවා. පාසලෙදි සැමදා පන්සිල් ගත්තත් එය බොහොම සමාන්‍ය දෙයක් වුණා. පාලි භාෂාවෙන් අපි කොච්චර දෙවල් පාඩම් කර ගෙන තිබුනත් එවාගෙ සරල තෙරුම් පිලිබද වැඩි අවධානයක් යොමු කලෙ නැහැ. විශ්‍වවිද්‍යාලයට ඇතුල් විමත් සමගම අන්තර්ජාලයට පිවිසිමෙ අවස්ථාව ලැබෙනවා මට.  පොඩි කාලෙ ඉදන්ම දැනුමට ආසා කරපු මම අන්තර්ජාලය තුල බෞද්ධ අඩවි වලට පිවිසිලා එවගෙ සම්පුර්ණ පිටපතක් මගෙ පරිගණකය තුල හදා ගන්නවා teleport pro කියන මෘදුකාංගය භාවිතා කරලා. එවා හිමිට හිමිට කියවන්න ගන්නවා. හැමතිස්සෙම උත්සහා කරන්නෙ අනිත් මනුස්සයා නොකරන දෙයක් කරන්න. වැරදෙන්න හො හරියන්න අනිත් මනුස්සයො කරපු කරන දෙයක් කරද්දි එක මට තෘප්ත වෙන්නෙ නැහැ. ගණිත විෂයෙන් උසස් පෙල කලත් මහගම සේකර මහත්මයාගෙ තුංමං හන්දිය, ගම අමතකයි, ඇසෙ මතුව කදුලු බිදු ගෙන, මෙවා කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙනවා. මම බලාපොරොත්තු වුණ ජිවිතය මගෙන් ගිලිහිගෙන යත්ම පුහු තරඟයත්, පුහු ගර්වයත්, පුහු අභිමානයත් මුසු වුණ සමාජයකට මාව තල්ලු වෙනවා. මෙ අතරම මගෙ ඔලුව අනිත් මිනිස්සු ඉදිරියෙ කෙලින් තබා ගෙන කතා කිරිමට නොහැකි තරම් ලැජ්ජාවක් මගෙ ඔලුව ඇතුලෙන්ම නැගෙන සිදුවිම් කිපයක් සිදුවෙනවා. එවා බොහොම සාමන්‍ය දෙවල් කියලා මිනිස්සු අර්ථ දක්වන්නෙ. නමුත් එවා මගෙ ලොකයට බරපතල කරුනු. මෙ වෙනසයි, ලැජ්ජාවයි, දරාගන්න නොහැකිව සිනහව,  ආහාරය, විනොදයන්ගෙන් මිදිලා බොහොම හුදකලා ජිවිතයකට යොමු වෙනවා. ලඟ ඉන්න යහලුවො කිපදෙනා පමණක් ඇසුරු කරනවා. කල කිරිම් වලින් ගහණ වෙන මගෙ හිත "පැනලා සටන් කරනවද, නැත්තම් පැත්තකට වෙලා ඉන්නවද " යන්න තිරණය කරන්න පෙළබෙනවා.

මෙ අතරම මම දකිනවා කිපදෙනෙක්ගෙ මරණයන්. එයාලා මගෙ ඇස් ඉස්සරහා පණ අදින්නෙ, සමහරු වෙදනාවෙන්, සමහරු වෙදනාව යට කරගෙන සමබර මුහුනෙන්. අපි මෙ ගෙවන ගතකරන අවුරුදු ගණනාවම එක තැනකට ලඝු වෙනවා කියන දෙ දැනෙන්නෙ මට එතකොට. මොන මොන සෙල්ලම් දාලා නැටුවත් , මොන මොන ආගම් ඔලුවෙ දාගෙන දැඟලුවත් අන්තිමට අපි හැමොම එක තැනක එක විදියකට පස් වෙලා , අඟුරු වෙලා යන්න වෙනවා. අවුරුදු මිලියන ගාණක් තිස්සෙ සිදුවුණ සිදුවිම් පෙළක එක තිතක් වෙලා ඉන්න වෙලා හැමොටම. බ්ලොග් අවකාශය පුරාම විසිරි එහි දගලන සෙල්ලම් පෙන්වන සියලුම සාමාජිකයින් මා පුද්ගලිකව නොදැන සිටියත් දන්නා කිපදෙනාගෙ වෙහෙසිමත් දැගලිමත් දැක දැක නිහඩව පසකට වි සිටිම නොකල යුත්තක් බව මට වැටහෙනවා. " මල්ලි ඔක උඹ විතරක් නෙමෙ අපිත් දන්නවා.. එත් අපි දගලන්න ඔනා, අපි නටන්න ඔනා... මැරෙද්දි අපිත් යමක් කලා කියන දෙ දැනෙන්න ඔනා " .... මෙක වැඩිහිටි සහොදරයෙක්ගෙ කටින් පිට වෙද්දි මට දැනුනා මම තවමත් වයස 18 යි එතනින් පස්සෙ මගෙ වයස යැම නැවතුනා කියලා. කොතරම් හැල හැප්පිම් වල්ට මුහුණ දුන්නත් මම රැක ගත්තු මගෙ වයස දහඅටෙ මනස තවදුරටත් මට අවශ්‍ය නැහැ. මිනිස්සු පිස්සු කෙලිද්දි අනිත් මිනිස්සු එ මනුස්සයා දිහැ පිටින් බලලා " මොඩයෙක්, බුරුවෙක් " කියලා, සමහරු මගෙ මුහුණට නොකිව්වට මම නැති තැනදි මට මෙක කියලා තියනවා. අපි හැමොම එක එක පිස්සු නටන්නෙ මට දැනෙන විදියට. අපිට දැනෙන්නෙ වත් නැහැ අපි ගොඩක් මහන්සිවෙනවා මිනිස්සු කිප දෙනෙක්ව රැක ගන්න, ඔවුන්ගෙ පවුල්වල සැප පහසුව, සුව පහසුව උදෙසා. අපිට ලැබෙන කොටස හින්දා අපි වෙහෙසෙනවා.

මෙ හැම තැනදිම කොහොම හරි අපි අපෙ අච්චුවට හරියන විදියට බුදු දහම දාගන්නවා. අද විද්‍යාව, ගණිතය ඉගෙන ගත්තු මිනිස්සු බුදුදහම විද්‍යාත්මකයි කියලා ඔප්පු කරන්න දරණ වැයම දකිද්දි හිනා එනවා. ගොඩක් අයට විද්‍යාව ගණිතය බැරි හින්දද කොහෙද විද්‍යාව දන්න කෙනෙක් දෙයක් ප්‍රකාශ කරපුහාම එක මහා ඉහලින් පිළිගන්නවා. බුදු දහම විද්‍යාත්මක කරලා බටහිරට ඔබ්බන්න පුදුම වෙහෙසක් ගන්න මිනිස්සුන්ව දැකලා තියනවා. එයාලගෙ කතන්දර අහලා තියනවා. බුදු රැස් වලින් සෙල්ලම් පෙන් වනවා අහලා දැකලා තියනවා. අපි අපෙම ගහෙ මුලට හානි කරගෙන ඉවරයි. බටහිර මිනිස්සු පල්ලියෙන් මිදිලා භෞතිකයන්ගෙන් ගොඩාක් ඉදිරියට ගිහින් කියලා ඉතිහාස පොතක තිබුනා දැක්කා. ගොඩාක් ඉදිරියට ගිහින් එක පාර, එක තප්පරයකින් මිනිස්සු ලක්ෂ ගානක් අළු වත් ඉතිරි වෙන්නෙ නැති වෙන විදියට මරන්න ක්‍රම හදන්න තරම් ඉස්සරහට ගිහින්. ඇමරිකන් හමුදාව පරමානු බොම්බා දෙක දැම්මට පස්සෙ ජපන් හමුදාව යටත් වෙන රුප දසුන් කිපයක් මම දැක්කා. බලන්න එපැ ඇමරිකන් මනුස්සයගෙ තිබුන ආඩම්බරය. අනිත් අය කොටු කරගෙන යද්දි මම නිදහසෙ යනවා. වැරදෙන්න හො හරියන්න. අන්තිමට කල්පනා කරන්න ඇයි මම මෙක කියෙව්වෙ කියලා. මෙ ලියවිල්ලෙ කිසි තෙරුමක් නැහැ කියන දෙත් මෙක කියවපු මොඩකමත් කියලා හිතෙයි ඔයාලට. කමක් නැහැ දැන් ඉතින් කියවලා ඉවරයිනෙ.. මිට වැඩිය කාලෙ කන වැඩ කරනවානෙ කොහොමත්. කියෙව්වට ස්තුතියි... :D

13 අදහස් දැක්වීම්:

Thameera said... [Reply to comment]

කිසි තේරුමක් නැති ලියවිල්ලක් කියන්න එපා, මේක කියවන්න ඉස්සෙල්ල තිබුණට වඩා දැන් හිත සන්සුන් වෙලා කියල දැනෙනව. අනේ මන්ද.

තරිඳු said... [Reply to comment]

තේරුමක් නැති ලියවිල්ලක්ම නෙමේ..
මේකෙ ලියල තියෙන්නෙ අපි ගැනමයි.
අපි කොතනද ඉන්නෙ කියන එක, කොතනද ඉන්ඩ ඕනෙ කියන එක අපි අපිම ආපහු හිතන්ඩ ඕනෙ.. ඒත් යම් යම් දේවල් අපිව වලක්වනවා නැත්තං පොළඹවනවා..
අර තමීර කිව්ව එකෙන්ම තමා මටත් ඉවර කරන්ඩ වෙන්නේ..
අනේ මන්ද

මාරයාගේ හෝරාව said... [Reply to comment]

රවා මට කාලෙකින් උඹව වගේම පහුගිය දවස් කීපයක ඉඳලා මටම නැති වේගන යන මාවත් හම්බ උනා.

උඹ දන්නවද දැන් මම පැය බාගෙකට කළින් නෙට් එකට ආවේ..ඒ එන ගමන්ම එකපාරටම හිතිනා සිංදුවකුත් හීනියට අහන්න ඕන කියලා..හිත එකපාරටම නතර උනේ උඹේ වගේම මගේත් ප්‍රියතම පදවැල අ‍තරේ..ඒක අහන ගමන්ම මූණු පොතට රිගුව ගමන් මට හම්බවෙනවා වැප්ගේ යොමුවක්..ඒ උඹ ලිව්ව මේ සටහනට..කාලෙකින් හිතට සතුටක් දැනුනා.

දැනට කාලෙකට කළින් උඹට මතකද..උඹ, මම,තිස්ස අයියා,දිල්,වත්, අපි කට්ටිය ලියපු කතා කරපු හැටි.
අද ඒ තත්වේ එදා වගේ නැහැ කියලා මට හිතෙනවා.ඒකට ‍හුගාක් හේතු උනේ අපි හැමෝම අතරේ දම්වැල උන උඹේ නිහඩකම..
අද උඹව දකින්න පුළුවන් අර ගූගල් බස්වල විතරයි..එතනදී පිස්සු කෙලිනවා ඇර උඹයි මායා කරන කෙංගෙඩියක් නැහැ..
උඹ කියන්නේ මොකක්ද කියන එකට උදාහරණ එතන තියෙනවා.

මං හිතන්නේ උඹට තව මෙතන වැඩක් ඉතිඑි වෙලා තියෙනවා.
මටත් ඉතිරි වෙලා තියෙනවා..
ඒත් මං සමාජයට අනාවරණය උනා වැඩියි වගේ කියලා මට හිතෙනවා.
අද මට ලියන්න යනකොට ඒක ලොකු බාධාවක්.

උඹත් ආයෙමත් හිතපං.අපිට අතීතය ආයෙත් වර්ථමානය කරගන්න බැහැ රවා..අතීතයේ ජීවත් වෙන්න හැටියකුත් නැහැ.උඹ දහ අටෙන් නවතිද්දී..මම හතළිහ වෙනකල් ඉන්නවා නවතින්න.
ඒත් අපි දෙන්නම දන්නවා ඒක බොරුවක් කියන එකත්.
හරි තව පොඩ්ඩකින් උඹ ආයෙමත් මෙතන පිස්සුවක් නටහං..මාත් ඒකට පිස්සුවකින්ම උත්තර දෙන්නං..ලෝකය කැරකෙනවා බං..මොනවා කරන්නද ඒක යන පාරෙම අපිවත් ඇදං යනවා.

නොදකින් විතරක් අපේ මේ අලි ඔළු...

priyantha.ඒබී said... [Reply to comment]

මල්ලි උඹ කියවනවා වැඩිද මන්දා. සංකීර්ණ බවෙන් මිදිල සරල දේවල් කරන්න. ජීවිතය සැහැල්ලුවෙන් දැනේවි...

පූසා said... [Reply to comment]

මාරයියා දවසක් මගේ කේන්දරේ බලලා කිව්වා මම හිතනවා වැඩියි පොගි එකෙක් වගේ හිතපන් කියලා. මට පේන විදිහට උඹ මටත් අන්තයි. ඕනාවට වඩා හිතන්න එපා බං අයියේ

රවා said... [Reply to comment]

මම මෙක ලිව්වෙ හිතෙ දුකකින් , තරහකින් හො පසුතැවිලි විමකින් නොවෙයි මිතුරනෙ. නිකම්ම ගලන් යන්න දුන්නා. නැවත කාමරයට ඇවිත් එවා එක එක එකතුකරා. ගොඩාක් ඇවිදපු තැන් මගහැරුණ.

ජිවිතය සැහැල්ලුවෙන් කියලා කියන්න එපා. පව්

චතුවා (ළමයා) said... [Reply to comment]

කියපු දේවල් හිතට අරගෙන යනවා මිසක් විචාර දෙන්නනම් දන්නෙ නෑ. මේ වගේ එකක් ලියපු එකටනම් ස්තූතියි..!

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මම ජීවිතයෙන් යමක් ඉගෙන ගත්තා මිසක අලුතින් යමක් හිතන්න හැදුවේ නෑ කියලා හිතෙනවා උඹේ බ්ලොග් එක බැලුවම රවෝ... ඉතින් ඔන්න ආයේ අපේ පරණ රවා ඇවිත්... සංකීර්ණව හිතන කෙනෙකුට තමා රවා කියන්නේ ප්‍රියන්ත මල්ලී... ඒ පැටර්න් එක වෙනස් කලොත් ඒ අපේ රවා නෙමෙයි වෙයි නේ...?

මාරයාගේ හෝරාව said... [Reply to comment]

තිස්ස අයියටත් තාම මූව මතකයි නේද..?

රවා said... [Reply to comment]

@තිස්ස දොඩන්ගොඩ

තිස්ස අයියා මම අලුතෙන් කියලා ගොඩක් දෙවල් හිතුවා. එත් පොත් පත් කියවද්දි මම හිතපු එකම කවුරු හරි මුස්පෙන්තුවෙක් කලින් හිතලා.. එක ගැන ලියලා. කන්න තරහා මට.

මගේ ජීවිතය said... [Reply to comment]

"මම අලුතෙන් කියලා ගොඩක් දෙවල් හිතුවා. එත් පොත් පත් කියවද්දි මම හිතපු එකම කවුරු හරි මුස්පෙන්තුවෙක් කලින් හිතලා.. එක ගැන ලියලා. කන්න තරහා මට." :-D

වෙලාවකට මටත් එහෙම වෙලා තියනවා. එහෙම වෙන්නෙ ඇයි කියල දන්නැහැ. එහෙම වෙන එක ඓතිහාසික සත්‍යයක් කියල හිතාගෙන මං සැනසෙනවා. :-)

මුරකරු said... [Reply to comment]

"මම අලුතෙන් කියලා ගොඩක් දෙවල් හිතුවා. එත් පොත් පත් කියවද්දි මම හිතපු එකම කවුරු හරි මුස්පෙන්තුවෙක් කලින් හිතලා.. එක ගැන ලියලා. කන්න තරහා මට."

ආයේ මුස්පෙන්තුවන්ගේ පොත් නොකියවනු !

ඔයා ලියලා තියෙන හැමදේම ඇත්ත මල්ලී, ඒත් අද මේ මොහොතේ ජීවත් වුනහම, කවුරු හරි ගැන කේන්තියක් ආවොත් "මොන බම්බුවක්ද, කාගෙවත් මෝඩ කම් වලට මං දඬුවම් විඳින්නේ ඇයි?" කියලා හිතන්න පුරුදු වුනහම, පුළුවන් හැම තිස්සේම හිනාහ වුනහම (හරියට උඹ වගේ), කළකිරීම් අඩු වෙනවා. මොන දේ වුනත් මැරෙනකම් ජිවත් වෙන්න එපැයි බං. මැරෙන්න ලංවුනාම අපරාදේ ජීවිතේ කියලා හිතනවාට වඩා, හිනාවෙලා ඉන්න එක වටිනවානේ.

නිශ් said... [Reply to comment]

ඔය උඩ දාල තියෙන සිංදුව මගේ ජීවිතෙ සුන්දර මතකයක්. අදටත් මන් ආසයි ආපහු ඒ කාලෙට ගිහින් ජීවත් වෙන්න.

ඒ සොඳුරු හැගීමත් එක්ක තමා මම මේ ලිපිය කියෙව්වෙ. ඒත් ගොඩක් දේවල් හිත ඉස්සරහ මැවුනා. ඒ අපි නොදකින අපේ ඇත්ත කතාව.

කස්ටිය