සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/28/11

බොරු වලට ආවඩන්න...... එන්න

මාසෙකට එක පොස්ට් එක ගාණෙ ලියන්න හිතන් ඉද්දි තමයි .. මෙ බස් එකෙ ඉන්න සගයො ටික බ්ලොග් සතිය කියලා එකක් තිබ්බෙ.. ඉතින් අනිත් වුන්ගෙ නම් බොර්ඩ් එකෙ තියද්දි අපිටත් බැහැ පැත්ත ගහන්න. අපෙ නමුත් ඔය බොර්ඩ් වල තියන්න ඔනා. මුලින්ම මම බ්ලොග් එක ලියන්න ගද්දි ගොඩාක් ලොකු දුකකින්, ලැජ්ජාවකින් ජිවත් වුණෙ. ගොඩාක්ම සමාජයෙන් හැංගිලා. මිනිස්සු අතරට ආවෙම නැහැ. ජිවත් වන එකත් ටිකක් නෙමෙ හොදටම අමාරු වෙලා තිබුනෙ. හිත් වෙදනාවන්ට හේතු වුණ කාරණා එහෙන්මම තියද්දි මට මෙ යහලුවන්ව දකිද්දි , යහලුවොත් එක්ක කතා කරද්දි මට දැනුන දෙ තමයි. අපි කොච්චර වුණත් දෙයක් ඉතා දැඩි විරියකින් අල්ලන් ඉද්දි අපිට ගොඩක් අමාරු වෙන විත්තිය. එක නිසාදො මම හයියෙන් අල්ලන් හිටපු අදහස්, මගෙ හිත ඇතුලෙන්ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගියෙ නැහැ. මිනිස්සුන්ගෙ ජිවිත හිත් වෙදනාවන්ගෙන්, මානසික වැටිම්, ගැටිම් වලින් පිරිලා. එත් එ මිනිස්සු එවා කිසිවක් නැති වුන් මෙන් ජිවත් වෙනවා දකිද්දි මම තෙරුම් ගත්තු ලොකුම දෙ තමයි බොරුව

බොරුවට හිනාවෙන්න
බොරුවට ආවඩන්න
බොරුව අහන් ඉන්න
බොරු කියන්න

මෙවා කුඩා කාලයෙ ඉදන්ම මම ගොඩාක් ප්‍රගුණ කරපු දෙවල්. 1996 දි ලොක කුසලානය කාලෙ මම බොරුවෙන් මයි ජිවත් වුණෙ. ඉස්කොලෙ ගිය කාලයක් මතක නැහැ එ දවස් වල. ඔය ලොක කුසලානය ලංකාවට ගෙන්න මම කරපු තරම් කැප කිරිමක් කවුරුවාත් කරලා නැහැ ලංකාවෙ එක ශුවර්. දවසක් ඉස්කොලෙ යන්නෙ නැතුව පිට්ටනියෙ ඉද්දි තාත්තා හිමිට පිටිපස්සෙන් ඇවිල්ලා මාව අල්ලගන්න දැම්ම ට්‍රයි එක ගැස්සිලා මම බෙරිලා දුවද්දි, තාත්තා ක්‍රිකට් කුරෙන් දමලා ගැහැව්වෙ. හැමදාම, හැමතැනම වගෙ පාව දෙන උන් ඉන්නවා අපෙ ගමෙ. උන් ගෙන් එකෙක් තමයි මාව එදා පාව දුන්නෙ තාත්තට.. මාව අල්ලලාම දුන්නා. මම එදා හොදට ගුටි කැවා.
ඔය ගුටි කන වැඩෙ මතක් වෙද්දි තමයි මාගෙම සොයා ගැනිමක් මම ඉදිරිපත් කරන්නෙ. මෙක මගෙම සොයා ගැනිමක් මගෙ ලොකයට. හැබැයි අත්දුටු ප්‍රත්‍යක්ශ ක්‍රමයක් දඩුවම් වලින් බෙරෙන්න.

දැන් ඔයාලා පොඩි කාලෙ ගුටි කන සින් එකක් මතක් කරගන්න. කොහොමද මතක් වෙන්නෙ. තාත්තා ඔයාලගෙ පුංචි අත් දෙක එයාගෙ වමතින් අල්ලගෙන දකුනතින් හොද පොල් පිත්තකින් තඩි බානවා නෙද, මෙහෙම ගහද්දි ගොඩක් ලමයි විලාප තියනවා
" බුදු අම්මෙ, මගෙ අම්මො, මාව බෙර ගන්න කවුරුත් නැද්දො, අම්මෙ.... " එහෙම .. ගොඩාක් ලමයි මෙතනදි ඇඩුවත් අපි ඇඩුවෙ වෙදනාවට වත් බයටවත් නෙමෙ , පොඩ්ඩක් හරි අනුකම්පාව අරගෙන ගුටි කන ප්‍රමාණයෙ සංඛ්‍යාතය අඩු කර ගන්න. මම ඉහතදි කිව්ව ක්‍රමය තමයි ලංකාවෙ ගොඩක් පවුල් වල වෙන්නෙ. තාත්තා මුලින්ම දරුවාව ග්‍රහනය කර ගන්නවා. මෙතනින් අපි බෙරෙන්න අපි දෙන්නම.. මමයි මගෙ මල්ලියි දෙන්නම භාවිතා කරපු උපක්‍රමයක් තියනවා.  මම දැකලා නැහැ වෙන උන් එක භාවිතා කරනවා.

අපි දෙන්නම එකටනෙ ඉන්නෙ ගුටි කද්දි මට තමයි ඉස්සලාම සබ්බුව හම්බෙන්නෙ. මම එක දන්න හින්දා තාත්තා ලඟට එද්දි එකම රන් එකයි. තාත්තාගෙ තිබුනා ලොකු බඩක් මට හිතුනෙ මුලින්ම අම්මගෙ බඩ ඇතුලෙන්නෙ මමයි ,මල්ලි ආවෙ.. තාත්තාගෙ බඩෙන් අක්කෙකුයි, නංගියෙකුයි එයි කියලා. එ බඩ උස්සන් තාත්තාට ඉබ්බෙක් එක්කවත් දුවන්න බැහැ එක ශුවර්. එකනිසා මම දුවනවා. එත් පාවා දෙන උන් තමයි මාව අල්ලලා දෙන්නෙ. සමහර වෙලවට එකට සෙල්ලම් කරපු උන්ම බල ඇනි සෙනා සංවිධාන වෙලා මාව හොයන්න කැලෙට එනවා.

දැන් තමයි මගෙ උපක්‍රමය මම ඉදිරිපත් කරන්නෙ.. මෙක ඔබෙ දරුවාගෙ අතට පත් වෙන්න දෙන්න එපා.. ඌව හදාගන්න බැරි වෙයි.

අරුන් මාව තාත්තට බාර දුන්නු ගමන්ම තාත්තා මගෙ දකුනු අත එයාගෙ වමතින් හයියෙන් ග්‍රහනය කරගන්නවා. මම එතනදි සද්ද නැතුව පුසා වගෙ ඉන්නෙ හරි. ගෙදරට එක්කන් එන්නෙ ගම මැදින් දැන් ගමෙ මිනිස්සු බලාගෙන ඉන්නවා පුජාවට මරන්න දේවාලෙට එක්කන් යන එළුවා දිහැ බලන් ඉන්නවා වගෙ. ගෙදරට ලං වෙද්දි තමයි තාත්තා වැටකින් කොටුවක් කඩා ගන්නෙ. හදගැස්ම වැඩි උනත් ක්‍රමය හොයාගත්තට පස්සෙ මම බය වුනෙ නැහැ. කොටුව කඩාගෙන අතට ගත්දිම මම මගෙ තාත්තාගෙ ඉස්සරහට ගිහින් ඉතුරු වෙලා තියන වම් අත තාත්තාගෙ ඉණ වටෙ  යවලා.. තාත්තා ඇදන් ඉන්න සරම බුරුල් වෙන විදියට අල්ල ගන්නවා. කලිසමක් ඇදන් හිටියත් මම කරන්නෙ ඉන වටෙ අත යවන එක.. බොරුවට තාත්තාව බදාගන්න වගෙ.. අපෙ තාත්තා කපටියා එවගෙන් නමන්න බැහැ කියලා අපි දන්නවා. නමුත් මගෙ අරමුන තමයි... පුලුවන් තරම් මගෙ බර තාත්තාගෙ ඉනට දෙන එක. බර ඉනට දිලා මගෙ කකුල් දෙක තාත්තාගෙ කකුල් දෙක අස්සෙන් දාලා තාත්තාගෙ ඉනෙ එල්ලෙන එක.

වර්ල් කප් එක ඉවර වුනා, තාත්තා කොන්දට පිශියො තෙරාපි කියලා මොකද්දො ඉංග්‍රිසි බෙහෙතක් තාම කරනවා.

ඊයෙ තුං මං හංදිය රුපවාහිණියෙ විකාශය වෙද්දි මට හිතින් හිනා. මහගම සේකරව මිනිස්සුන්ට මතක් වෙන්නෙ ජනවාරි මාසයෙදි විතරයි. මට නම් සේකර මහත්තයාව මතක් වෙන්නෙම නැති සයිස් එකක් තියන්නෙ. අපරාදෙ මහගම සෙකර වගෙ මනුස්සයෙක් ලංකාවෙ ඉපදුනෙ.

ඔන්න එ අස්සෙ රංග කියලා අයියා කෙනෙක් මට කියනවා. එයාට දවසින් දවස ලියන්න බොරු තියනවලු බ්ලොග් එකෙ.

"ඉහල අවධානය, ඉහල පරිකල්පන හැකියාව තමයි ඔනැම විෂයක් ඉගෙන ගන්න ඔනා කරන ප්‍රධානම දෙ "

22 අදහස් දැක්වීම්:

said... [Reply to comment]

එළ

ජේ.ඩී said... [Reply to comment]

මට නම් නිකන් මඤ්ඤං වගේ......... මුල, මැද, අග ඔක්කොම :)

said... [Reply to comment]

මටත් මේලො සංසාරයක් තේරුනේ නැහැ නිකන් එළ කියලා දැම්මා :-D

රවා said... [Reply to comment]

මම මෙච්චර කල් ලියපු සාර්ථකම පොස්ට් එක..

මෙක මම උඹලට තෙරුම් ගන්න නෙමෙ ලිව්වෙ..:D:D
ගොඩක් තෙරුම් ගන්න බැරි දෙවල් වලට සම්මාන හම්බ වෙනවා වැඩියි...
මෙ ලඟදි මොකද්දො චිත්‍රපටියක් බැලුවා.. මුලු චිත්‍රපටියටම දෙබස් දහයක් වත් තිබුනෙ නැහැ.. මෙලො බොලයක් තෙරුනෙත් නැහැ.. ඔන්න ඔහෙ කොහොද සම්මාන 10, 15 ක් දිලාලු..

රවා said... [Reply to comment]

@ජේ.ඩී

ජෙ.ඩි. යට මෙක කියවපු හාම දැනෙනවලු
උට මඤ්ඤං මඤ්ඤං... වගෙ කියලා

හරි හරි... ජෙඩි.. දැන් උඹට හොද වෙගෙන එන්නෙ.. මෙ පොස්ට් එක තව දෙතුම් පාරක් කියවපන් :D:D

අනුරාධ said... [Reply to comment]

බොරුවක් කියලා හ‍්රි මුගේ හිත හදන්න එපැයි....
මටනම් සේරම තේරුනා රවෝ... අකුරක් නෑර තේරුනා..... :D

අභීත said... [Reply to comment]

උඹට දිගටම ලියන්න දේව බැල්ම, දේව ආරස්සාව ලැබෙන්න ඕන මචන්.... වටිනා ලිපියක්....

රවා said... [Reply to comment]

@අනුරාධ
පණුවා මෙකෙ පින්තුර නැහැනෙ.. උඹට තෙරුම් යන්න....

නැත්තම් උඹ අපිට හොරෙන් හොරෙන් ඉස්කොලෙ යන්න පටන් ගත්තද.. :D:D:D

රවා said... [Reply to comment]

@අභීත

අභි මොනවා සම්භන්ද දෙවිවරුන්ගෙන්ද බැල්ම එන්නෙ..
උඹලට බැල්ම දාන් ඉන්න උන් නම් එවන්නවත් එපා මෙ පැත්තෙ.. මල පෙරෙත යක්කු :D:D:D

මුචලින්ද said... [Reply to comment]

මෙහෙමයි. බොට කතා ගොඩක් එකට සෙට් කරන්න පුලුවන්! ඒක පට්ට හැකියාවක්. මට නං අකුරක් නෑර තේරුනා. තේරිච්ච කතාවේ තේරුමක් නැති උනාට ඒක මරු! සිරා රයිටින්.

රවා said... [Reply to comment]

@මුචලින්ද
බොට තෙරිච්ච අටමගලයක් නැති විත්තිය මම දන්නවා.. උඹත් අර නොකියා කියන්නෙ සම්මාන තොරන පැනල් එකෙ උඹත් ඉන්නවා කියලා නෙද... :D:D:D

..ChAnDiKa.. said... [Reply to comment]

අම්ම්ට හුඩු. මේකට දාන්න කොමෙන්ට් එකක් හොයපල්ලකො දැන් ඉතින්... :(

රවා said... [Reply to comment]

@..ChAnDiKa..

චන්දික උඹටත් හම්බ වෙන්නෙ ඔය වගෙ කුජිත දෙවල් නෙද... මෙලො රහක් නැති පොස්ට් වල ගිහින් වැඩ කට නැති කමෙන්ට් දානවා

චතුවා (ළමයා) said... [Reply to comment]

බොරු කියන්න ඕනේ නෑ.. මටනම් මොනවදෝ තේරු‍ණා..

කොහොම වුනත් මේ පෝස්ට් එක අඩුම තරමින් මට අවුරුදු පහකටවත් කලින් කියවන්න ලැබුණානම්.. :( අප්පච්චිගෙන් ගුටි කන්නේ නෑනේ...

මගේ ජීවිතය said... [Reply to comment]

මං මේකෙන් යමක් ගත්තා. අනාගතයට වැදගත්වෙන :-D

Hasitha said... [Reply to comment]

වටිනා කියන කතා දෙක තුනක්ම තිබ්බා ඕනේ

Pasan said... [Reply to comment]

දැන්නෙ බොල දැක්කේ.. ජීවිතයට වටිනා ඔවදන් ටිකක්.. ගොඩක් ස්තූතියි මේ වගේ හරවත් ලිපියක් අපිට කියවන්න දුන්නට..

ඔබට ජය....

(කොහොමද කොමෙන්ටුව.. සුපිරි නේ...). :-D

LishWish said... [Reply to comment]

ඉස්සර මම නම් ගුටි කනවට භාවිතා කොරන්නේ මීට වඩා ගොඩක් වෙන්ස් ක්‍රමයක්.., ඒක මම උඹ හම්බුනාම ම කියන්නම්..! :)

තක්ෂිල said... [Reply to comment]

හොද පොස්ට් 1 ක් කියලා හිතනවා අයියේ...තවත් හොදට ලියලා දාන්න.අපි කියවනවා හොදේ.

අඳුරෙන් එලියට said... [Reply to comment]

ඇත්ත නැත්ත
http://aththanaththa.blogspot.com/2011/02/blog-post_23.html

පැතුම්..... said... [Reply to comment]

මට නම් ඔහොම ගුටිකන සීන් කවදාවත් වෙලා නෑ... හැබැයි මමත් අපේ තාත්ත එක්ක ඔය වගේ හෙන විකාර වැඩ කරල තියෙනවා.. අපේ තාත්තටත් ලොකූ බඩක් තිබ්බා... උඹ මගේ බ්ලොග් එකේ ගොඩක් දවස් වලට කොමෙන්ට් කරනවා.. ඒත් අද තමා මම උඹේ බ්ලොග් එක බැලුවේ... සොරි වෙන්න ඕනේ...

Dedunu Dhananjaya said... [Reply to comment]

කට්ටිය ගුටිකාපු හැටිනේ මමත් හොදට ගුටි කාලා තියනවා මේක බොරුවක් ද ඈ????

කස්ටිය