සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

5/19/11

දුටු නොදුටු මිත්‍රයින් ගේ සැගව යැම්...

'රවා අයියෙ ධර්මෙ අයියා ගැන අරංචි වුණාද ' දුරකථනයෙ එහා පැත්තෙන් කතා කලෙ කැම්පස් එකෙ මල්ලි කෙනෙක්.
'මල්ලි ධර්මෙ අයියගෙ කවුද නැති වෙලා තියන්නෙ '
'අයියෙ ධර්මෙ අයියා නැති වෙලා තියන්නෙ '
'මොනවා.... මල්ලි මක් වෙලාද ...'
' බයික් එකෙ වැඩට යද්දි නවත්තලා තියන කන්ටෙනර් එක හැප්පිලා..'

...........

ධර්මෙ මගෙ විශ්වවිද්‍යාල මිත්‍රයෙක්. එයා ගිය මාර්තු මාසෙ 8 වැනිදා අනතුරකට ලක් වුනා. ජිවිතය නතරවුණා ධර්මෙගෙ එ අනතුරින්. මම ස්කුටියත් පන්නගෙන මල ගෙදර යද්දි මට මතක් වුණෙ ධර්මෙයි මමයි එකතු වෙලා කරපු දෙයක්. අපෙ දෙවැනි වසර පළවැනි සෙමෙස්ටර් එකෙ විභාගයට දවසක් තියෙද්දි අපි ලඟින්ම හිටපු චතුරන්ගගෙ තාත්තා නැති වුනා. ධර්මෙ මට කතාකරලා
'රවො අපි වැන් එකක යනවා උඹත් එනවද....'
ගෙදර යැමෙ අවශ්‍යතාවය තදින්ම තිබුනත් මම ත් නැග්ග මල ගෙදර යන්න...කොට්ටාව..හොමාගම.. ඉංගිරිය කොහෙන් කොහෙන් හරි අස්සෙන් ගිහින් රබර් වත්තක් මැද්දෙ තිබුනු ගෙදරකට සෙන්දු වුණා. කුඩා ගෙයක් 15 දෙනෙක් වත් හිටියෙ නැහැ අපි යද්දි. ගම්මානයක නෙමෙ පිහිටලා තිබුනෙ ගමක් ටිකක් ඇතින් තිබුනෙ. නැදෑයෙක් කියලත් කියන්න කවුරුවත් හිටියෙ නැහැ. අපි ටිකක් වෙලා ඉද්දි රැ වුනා. යහලුවන්ට හෙට විභාගෙ නිසා එන්න ඔනා වුණා. පුංචි වාදයක් ගියා. අද අපි කස්ටියම මෙතන නතර වෙනවද නැත්තම් බොර්ඩින් වලට ගිහින් පාඩම් කරලා හෙට විභාගෙ ලියනවද..

මම කාගෙවත් පැත්ත ගත්තෙ නැහැ... උඹලා යනවනම් මාත් එනවා, උඹලා ඉන්නවා නම් මාත් ඉන්නවා...

ධර්මෙ මට කිට්ටු කරලා
'රවා මචන් මුව මෙතන තනියම දාලා යන්න හිතෙන්නෙ නැහැ, බලහන් මිනිය තිබ්බට මිනියට තනි රකින්න කවුරුත් නැහැ , එකා එකා යනවා. මෙ ගමෙ එහාපැත්තෙ වුණුත් යනවා .. මට මචන් යන්න හිත දෙන්නෙ නැහැ... මම ඉන්නවා '
ධර්මෙ තමයි බැච් එකෙ රෙප් , පරිපාලනය අපිව නියොජනය කරන්නෙ එයා.

' මචන් උබ දන්නවානෙ මම ලෙක්චර් හතරකටවත් ගිහින් නැහැ. මම පාඩම් කරෙත් පොඩ්ඩයි, මට ලියන්නත් බැහැ, උඹ මාව යන්තම් C එකකින් ගොඩයන්න මට කියලා දිපන් පාන්දර බස් එකෙ යද්දි , මෙතනින් මටත් යන්න හිතෙන්නෙ නැහැ..'

මමයි ධර්මෙයි නතරවුනා මලගෙදර , කැම්පස් එකෙම කොල්ලො පස්දෙනයි නතර වුනෙ. අපි පස් දෙනා කතාවෙවි , බුලත් විට කකා එලි වෙනකම් වටෙ පිටෙ ඇවිදලා, සුද්ද කරලා, චතුරංගයා ලඟ දැවටි දැවටි උන්නා. අදුරණ 6 යි නාදුනන 7 දෙනෙකුයි ඔහෙ කියව කියව ඉන්නවා.. ඉදලා පාන්දර 5 හෙ බස් එකෙ ඉංගිරියට ආවා. එනකම්ම ධර්මෙ මට කියලා දුන්නෙ එක එක කරුණු ගැන විභාගෙට එන්න තියනව..
කැම්පස් එකට එලිවෙද්දි ඇවිල්ලා.
'ධර්මෙ මම පොඩ්ඩක් නිදාගන්නවා.. හොස්ටල් එකෙ උබ පොඩ්ඩක් මට කතා කරපන් එක්සැම් එකට විනාඩි 40ක් විතර තියලා.'

8.30 ට ධර්මෙ මාව හොයන් ඇවිල්ල මාව කීද්දුව.
අපි දෙන්න විභාගෙ ලිව්වා, දෙන්නම පාස් වුණා.
චතුරංගගෙ අම්මත් ඊට මාස දෙක තුනකට පස්සෙ නැති වුණා. චතුරංග ගෙ විශ්වවිද්‍යාල ගමන එතනින් නතර වුණා.
.....................
ධර්මෙ අන්තිම වතාවට මාත් එක්ක කතා කරෙ අනතුර වෙන්න දවස් දෙක තුනකට කලින්.

' මචන් මිනිස්සු අපෙ හිත හොදයි කියලා දැනගත්තු ගමන් අරින්න එන්නෙ.. වැඩ කරන තැන ගැන කියලා වැඩක් නැහැ... වැඩක් කරන්නෙ නැතුව ලොක්කට අල්ලන් ඉන්න උන් අගෙට තරු ගහාගෙන අපිට කොකා පෙන්නවනවා '

...........

ධර්මෙගෙ මරනෙන් තුන් මසක් යන්නට කලියෙන් මිත්‍රයෙ මට කතා කරලා කිව්වා ' මචන් අහවලා මැරිලා '
මම මෙ අන්තර්ජාල මිත්‍රයින්ව කිප දෙනාව ඉතාමත් ලෙන්ගතුව ඇසුරු කරත් .. මෙ මොහොතකට කලින් ඈත් වුන මිත්‍රයත් එක්ක ලෙංගතු ඇසුරක් ගොඩ නගා ගත්තෙ නැහැ. ඔහුව හිනස්සන්න , ඔහුගෙ දුක සැප බෙදාගන්න මම ලඟට ගියෙ නැහැ. අවුරුදු උත්සවයෙදි හමුවුණත් ඔහු හා කුළුපගව කතා බහා කරන්න, එල්ලි එල්ලි ඉන්න ගියෙ නැහැ.. මොකද මගෙ කටින් පිට වන වචන ටිකක් සැරයි. දහ දෙනෙක් ව හිනස්සද්දි එක කෙනෙක් ගෙ හිත රිදෙනවා. එ රිදෙන කෙනා අද අපෙන් වෙන් වුණ කෙනා වුනොත්, එ මනුස්සයගෙ හිත රිදුනොත් එක මම මට කර ගන්න ලොකු අනර්ථයක් හින්දා. අපි විහිලුවෙන් තහලුවෙන් කොච්චර හිටියත් මම මගෙ ජිවිතෙ ඉගෙන ගත්තු වැදගත්ම පාඩමක් අද ඉගෙන ගත්තා. වෙසක් දවසෙ.

.....

' මචන් නොම්මරෙ මැරිලා'
කිතුල්ගල ට්‍රිප් එකෙදි මුලින්ම හමුවුණ මිත්‍රයා, ගල්බැම්ම උඩ විදුරු දෙක තියාගෙන පැය කාලක් විතර කතා කරපු මිත්‍රයා, උගෙ මුහුණ, උගෙ හිනාව, හපුතලෙ ට්‍රිප් එකෙදි ත්‍රිවිල් කිරිත් එක්ක හිනා වුණ එ මිත්‍රයා, ඌ මාත් එක්ක ගත කරපු හැම මොහොතක්ම , එක තප්පයක් යන්න කලියෙන් එ සියල්ල හිතට දැනෙද්දි මම තව පාරක් ඇහැව්වා.
'මචන් ආපහු කියපන් '
'මචන් .......... මැරිලා'
එක ඇහෙනවත් එක්කම මගෙ හිතට නැගුනු සතුට එ මොහොතෙදිම නැතිවුනා. මොකද නැති වෙලා තියෙන්න අපෙ මිත්‍රයෙක් නිසා. සතුටයි , දුකයි දෙකම එකට දැනෙද්දි හිතට දැනන හැගිම පැහැදිලි කරන්න අපහසුයි.. එක හැගීමක් විතරයි.. එක හැගීමක්ම විතරයි.. මුකුත් නැති..

19 අදහස් දැක්වීම්:

Kathandara said... [Reply to comment]

ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.

ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්.

said... [Reply to comment]

ඒ කියන්නේ උඹට වැරදිලා නොම්බරේ මැරිලා කිව්වම ඇති වෙච්ච සතුට ඌ නෙමෙයි කියලා කිව්වම නැති උනා
එළ එළ
මටත් ඕකම හිතෙනවා ඒක ඇහුවනම් :-D

said... [Reply to comment]
This comment has been removed by the author.
වන්නි said... [Reply to comment]

මචං රවා ගේ ලියුං කියවන අය විදිහට අපි එක දෙයක් දැනගන්න ඕන. පෙර එකක් කියන්නේ අපට දහයක් හිතන්න තියලා. ඌ කියන කතාන ඇතුලේ තේරුම් එකයි තියෙන්නේ. හැබැයි ඒ එක තේරුම තේරුම් ගන්න අපි 10 විදිහකින් හිතන්න ඕන. කොටින්ම ඌ හිතපු විදිහටම අපි හිතන්න ඕන. අපි ඌ බවට පත්වෙලා හිතන්න ඕන. ඒකයි උගේ කලාව. ඒකනේ අපිට ඌව පේන්න බැරි. :-) හැබැයි මචංලා ඌ ලියපු එකක් කියවලා එක මට තේරුම් ගියාම ඇඟේ මයිල් කෙලින් වෙලා, ඔළුව හීතල වෙලා නිකං ඉස්සර ත්‍රිකෝණමිතිය සමීකරණයක් සුලුකාරාවගේ නිවන් අවබෝධ වුනා වගේ හැඟීමක් හිතට එනවා...

Bindi said... [Reply to comment]

''ඉක්මනින් ගිය තරමට ඉක්මනින් ආ හැකිය.''

-දෙවොන්දරා සන් -

පබලු said... [Reply to comment]

ඇත්තටම ඒක හැගීමක් විතරයි.කියාගන්න බැරි...ලියාගන්න බැරි.. එකම එක හැගීමක්..

- නිල් අහස - said... [Reply to comment]

ජීවිතේ පුරාවට අපි.. අනුන්ට හරි.. අපට හරි සිදුවෙන දේවල් වලින් මොන තරම් අත්දැකීම් ගන්නව ද..
ඒත් ජීවිතේ පුරාවට ම කාටවත් ම අත්දැකීමක් ගන්න බැරි එකම දෙය ..මරණයයි.

රවාගේ ලිඛිත ශෛලීය හා අදහස් ප්‍රකාශනය අනර්ඝයි.

නොම්මරේ said... [Reply to comment]

දිලුම්ට නොතිබුන ඒ වාසනාව මට තිබුන
මම මැරුණම රවා හැසිරෙන විදිහ දැනගත්ත...

Hasitha said... [Reply to comment]

ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........

ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html

Lishan Puwakowita said... [Reply to comment]

මේක නිවාඩු ගතකරන පොට් එකක් විතරයි රවා.., නිවාඩු ඉවර උනාම සේවයට ආපහු වාර්තා කරන්න ඕනේ..,
හැම දේට ම මේ මූලධර්මය අදාලයි..!
සියල්ල නැසෙන සුලුය..!

කල්හාර දිසානායක said... [Reply to comment]

මරණය කියන්නෙ මනුස්සයෙක් උනාම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් ........ දිලුම්ට නිවන් සුව ........

සුදු හංසි said... [Reply to comment]

මේක කියවද්දි හිතෙන්නේ නොම්මරේ නැති වුනා කියලා තමා.... හපෙයි ටියුබ් ලයිට් එකෙක් කියෙව්වනම්.. තව ඉලව් ගෙයක්.... :) :) :)

දුකා said... [Reply to comment]

මේ ලිපිය එදාම බැලුව බන් . .

මොකක් කියන්නද කියලා හතර අතේ හිතුව.

උඹ කියන දේ ඇත්ත

සමහර උන් ගැන අපි හිතාගෙන ඉන්නවා උන් කවදාවත් අපිට කලින් මැරෙන්නේ නැති වෙයි කියලා හැඟීමක්

උඹට වුනොත් එහෙම දෙයක් වෙන්න ඇති . .

ඒත් අර වගේ ඇහිල දෙවෙනි පාර ඌ නෙමෙයි වෙන එකෙක් මැරුනේ කියලා ඇහුවම සතුටක් ඉපදුනු එක එක්තරා කාලකාන්නි කමක් තමයි . .

ඒත් ඒ අර අපේ ඌ ගැන තියෙන හැඟීම . . ඒ කියන්නේ මනුස්සකම ..

මනුසත් said... [Reply to comment]

ජීවිතයේ දුටු නොදුටු මිතුරන් සමහරක් අපේ හදවතේ බර අඩි තබා ගොස් ඇත. නොදුටුව නමුත් කතා නොකල නමුත් ඔවුන් සිතින් අත්හල හැකිද? කෙනෙක්ගේ මරණයක් තව කෙනෙක්ගේ මරණයකට වඩා හිතට අඩු පීඩනයකින් දැනෙන්නේ ඒ හදවතේ තබා ගිය බර අඩි වල ගැඹුර නිසාවෙන් නොවේද?

Pathum Punchihewa said... [Reply to comment]

ඔව් මචන්. යන දවස කාටනම් කියන්න පුළුවන්ද. නිදහසේ ජීවත් වෙලා නිදහසේ මැරෙන්න තියෙනවනම් ඒක ඇති. එහෙම නේ.

Lochanata Horen said... [Reply to comment]

දර්මෙ අයියගෙ මල ගෙදර යන්න බැරි උනා... 4-5 පාරකට වඩා කතා නොකලත් දර්මේ අය්යා මාර විඩිහට හොද හිතක් තිබ්බ කෙනෙක් කියල නම් ඒ ට්කට මට තෙරුනා...

LKC said... [Reply to comment]

ඇගටත් , හිතටත් වදිනව..

..ChAnDiKa.. said... [Reply to comment]

මචන් මිනිස්සු අපෙ හිත හොදයි කියලා දැනගත්තු ගමන් අරින්න එන්නෙ..

මෙන්න මේ කතාව සහතික ඇත්ත රවෝ!!!!

Gayani Wedage said... [Reply to comment]

නියමයි.ජය!
http://manasindiviyata.blogspot.com/

කස්ටිය