මෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද මට උගන්වපු මිනිස්සුත් මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවි මට කන්න බොන්න දිලා උගන්වපු නිසා. උසස්පෙල කරද්දි මට තිබුන එකම ආසාව, එකම අරමුණ A තුනක් නම් නෙමෙ. මගෙ එකම ටාර්ගට් එක තිබුනෙ මට හම්බෙන ඔනැම ගණිත ගැටලුවක් විසඳිමෙ හැකියාව ඉතාම කෙටිකාලයක් තුලදි ලබා ගැනිම.
උසස්පෙල පටන්ගත්දිම මම කලෙ මට වැරදිමකින් අතට හම්බවුණ ඇස් නඩරාසර් සර් ගෙ ශුද්ධ ගණිතය පොතයි, වි ජොශප් -ඩි ධර්මදාස සර්ලගෙ ව්‍යවහාරික ගණිතය පොතයි කියවපු එක. මම එ පොත් දෙක ම රුපියල් 90 වට ගත්තෙ. මම මාස කිපයක් පුද්ගලික පන්තිවල උපකාරය ගත්තත් තාත්තාට ගොඩක් කරදර එද්දි මට තාත්තාගෙන් සල්ලි ඉල්ලන එක මගෙ හිතට ටිකක් අමාරු වුණා. දෙන දෙයක් අරන් ඉස්කොලෙ ගිහින් වෙන දෙයක් බලාගෙන අතට අහුවෙන ඔනැම දෙයක් කාලා පොත් කියව කියව , සෙල්ලම් කරපු එකම, ගණන් හදපු එක තමයි කලෙ. යහලු අයියලා ගෙන් ප්‍රශ්න පත්තර , එයාලා ගාව තිබුන පොත් පත් එකතුකරගත්තා. එවා කියවලා මොනවද මම දැනගන්න ඔනා කියලා පුංචි අවබොදයක් තිබුනා.
මම ගුරුවරයෙක් ලඟට ගිහින් ගොඩක් වෙලාවට එයා උගන්වන දෙ ඉගෙන ගන්නවට වැඩිය කරන්නෙ එයාගෙ ගතිගුණ ගැන කල්පනා කරන එක. මෙයා මොනවගෙ කෙනෙක්ද, කොහොමද හිතන්නෙ පතන්නෙ.මම දැකපු මම අනුකරණය කරපු නියම ගුරුවරයෙක් තමයි මැකොලි සර්. ගුරුවරුන්ගෙන් දැනුම ගන්න එක ලෙහෙසියි පොතකින් පතකින් දැනුම ගන්නවට වැඩිය.. නමුත් හොදම ක්‍රමය මට දැනෙන විදියට පොතකින් සංකල්පය හිත ඇතුලට දමාගෙන ගුරුවරුන් ගාවට යන එක. ගණිතය , භෞතික විද්‍යාව නම් මම ගුරුවරුන්ට දුන්නෙම නැහැ උගන්වන්න.. එවගෙ මම දැනගන්න ඔනා විෂය කරුනු ගොඩක්ම උඩ සටහන් කරපු පොත් පත් වලිනුයි, ඉස්කොලෙ පුස්තකාලෙ තිබුන ලොනි, රැම්සෙ , කේ ඩබ්ලිව් හේවගෙ සර්ගෙ පොත් සැට් එකයි ඇසුරෙන් තමයි ගොඩ දාගත්තෙ. රසායන විද්‍යාවට ඉතින් ජේ.කේ.පි ආරියරත්න සර් ගෙ පොත් ටිකයි, වාසනාවට හම්බ වුණ ඉස්කොලෙ ගුරුතුමියයි එයාගෙ මහත්තයයි හින්දා තමයි. ' ඔයා පන්ති එන්න සල්ලි එපා ' මමත් ඉතින් හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන දවස් වලට ගිහින් ඉදන් අහන් ඉදලා එනවා.
මෙ අතරෙදි මට ගැහැනු ලමයෙකුගෙන් යොජනාවක් ආවා ' රවා ඔයා භෞතික විද්‍යාවට පන්ති යන්නකො... මම අම්මගෙන් ඔයාටත් එක්ක සල්ලි ඉල්ලා දෙන්නම් ' .
'නැහැ නිමා මට එක අමාරුවක් නැහැ රත්නායක සර් ඔය කරන ටික හොදටම ඇති '
නිමා එක වසරෙ ඉදම්ම මගෙ පන්තියෙ හිටපු කෙල්ලෙක්.. දැන් එයා රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් එලියට ආපු දොස්තර පැටික්කියෙක්.
උසස් පෙළදි මට ගොඩක්ම උදව් කලෙ මගෙ යහලුවා, පන්ති ගිහින් අරන් එන ටියුට් වල තියන ගණන් අපි සෙට් වෙලා හදනවා. මිනිහා තමයි මට අලුත් ගැටලු අරන් එන්නෙ.. ඉතින් මමත් පොරත් එක්ක දැවටි දැවටි ගණන් හදනවා. උසස් පෙල කරන්න පටන් ගත්දි මගෙ ඔලුවෙ තිබුනෙ මට ඔනැම මගෙ වයසෙ කෙනෙක් ඉදිරිපත් කරන ගණිත ගැටලුවක් විසඳිමෙ හැකියාව ගැනිම. පළවැනි අවුරුද්ද ඉවර වෙද්දි මම එතන හිටියා. ඉට පස්සෙ ආසාවටත් එක්ක විෂය නිර්දෙශයෙන් පිට තිබෙන ගණිතය හොයාගෙන යන්න පටන් ගත්තා. මෙ හැම දෙයකින්ම සිද්ද වුනෙ විභාගයෙදි මම ඉන්න ඔනා තැනට වැඩිය ඉදිරියෙන් සිටිමයි.
උසස් පෙල කරන්න පටන් ගන්න මල්ලිලා නංගිලා මෙක කියවනවා නම් ඔයාලා ඉගෙන ගන්න ඔනා මෙච්චරයි.. විභාගෙදි ප්‍රශ්නවලින් අහන්නෙ ඔයා මෙක දන්නවද, ඔයාට මෙක නිවැරදිව විසඳගන්න පුලුවන්ද කියලා විතරයි.. ඔයා කාගාවද පන්ති ගියෙ, කවුද ඔයාට ඉගැන්නුවෙ, කිදෙනෙක්ගෙන් ඉගෙනගත්තද.. කොච්චර මහන්සි වුණාද කියලා අහන්නෙ නැහැ. අපිට පුලුවන් වෙන්න ඔනා එ අහලා තියන ප්‍රශ්නවලට උත්තර ලියන්න තරම් හැකියාවක් ගන්න. ඉස්සලාම ප්‍රශ්න කියවන්න .. පස්සෙ පන්ති වලිනුයි, අතිරෙක දෙවල් වලිනුයි දැනුම පොඩ්ඩක් එකතු කරගෙන අභ්‍යාස කරන්න. ජ්‍යාමිතිය පිලිබද තියන දැනුම , හැකියාව හරිම වැදගත් එකක් උසස්පෙලදි... ඉගෙනිමෙදි ගුරුවරුන්ගෙ හිත් රිදවන එකත් එච්චර හොද දෙයක් නෙමෙ. නමුත් හැමොම ගුරුවරුත් නෙමෙ. අරයාගෙන් මෙයාගෙන් අහ අහා දුවන්නෙ නැතුව තමන්ගෙම ක්‍රමයක් හදාගන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. දැනුම ගන්න මාර්ග වලට වැඩිය කල්පනා කරන විදි ඉගෙන ගන්න එක. එක එක වෙන වෙනම මතකය ඇතුලට ඔබා ගන්නවට වැඩිය සම්පුර්ණ පද්දතියම මොලෙ අලව ගන්න එක අමාරු වුණාට හොදයි.
තමන්ගෙම ක්‍රමයකට මෙ හැම දෙයක් ම හදාගන්න. හරියන්න හරි වැරදෙන්න හරි තමන්ගෙ ක්‍රමයකට කරන්න. හරි ගියොත් මිනිස්සු මුහුණට ප්‍රශංසා කරන්නෙ නැහැ හැබැයි වැරදුනොත් වටෙන්ම එක එක කතා කියන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. කිසිම දවසක දෙයක් අතහරින්න එපා. එක මට බැහැ කියලා. ගුරුවරයෙක්ගෙන් ගණිත ගැටලුවක් ' මෙක විසදන්නෙ කොහොමද ' කියලා අහන්න එපා.... ' සර් මෙක හරිද කියලා පොඩ්ඩක් බලලා දෙන්න '
සමහර දෙවල් ගුරුවරයෙකුගෙන් විනාඩි දහයෙන් ඉගෙන ගත්ත හැකි.. නමුත් ගොඩක් වෙහෙසිලා ගන්න පුංචි දෙවල් හරියට වටිනවා. මිනිස්සුත් එක්ක තරඟ කරන්න යනවාට වැඩිය හොදම දෙ ගණිතයෙ , භෞතික විද්‍යාවෙ, රසායන විද්‍යාවෙ තියන සංකල්පත් එක්ක ඔට්ටුවෙන එක. බය නැතුව ඔයාලගෙන් දෙයක් අහන මනුස්සයට දන්න දෙයක් කියලා දෙන්න, ප්‍රශ්න පත්තර දෙන්න. තවත් මනුස්සයෙක්ව එක ලකුණකින් දෙකකින් පාස් කරලා ගන්න සතුටට වැඩිය ගොඩක් ලොකු තෘප්තියක් තියනවා කල්පනා කරන්න අමාරු ගණිත, භෞතික විද්‍යා, රසායන විද්‍යා විෂයන් වල තියන ගැටලුවක් විසඳද්දි.. එක මම තනියම කරා කියන දෙ දැනෙද්දි ඉටත් වැඩිය ලොකු සතුටක්. අර සර් විභාගෙට එන ගනන් එයාගෙ ටියුට් එකෙක දිලා තියනවා. එ සර් ගාවට යන්න ලැහැස්ති වෙනවාට වැඩිය තමන් ගැන විස්වාසය තියාගන්න.
උසස් පෙල ගණිත අංශයෙන් විභාගෙ කරද්දි පාවිච්චි කරන්නම ඔනා දෙයක් තමයි නඩරාසර් සර්ගෙ පොත.. විෂය නිර්දෙශය පස්සෙ යන්න එපා. තමන්ගෙ බුද්ධිය, තමන්ගෙ හැකියාව ඉස්සරහාට ගෙනියන්න වැඩ කරන්න. වටෙ පිටෙ මිනිස්සු නොබලන් ඉන්නෙ කියලා හිතුවට එයාලා ඔයාලා දිහැ බලන් ඉන්නෙ.
උසස් පෙළ කාලෙදි මට කවදාවත් කාලයෙන් අඩුපාඩුවක් උණෙ නැහැ.. මම සෙල්ලම් කරා, පොත් පත් කියෙව්වා, ඉරිදා , සෙනසුරාද චිත්‍රපටි බැලුවා. හරිම පරිපුර්ණ කාලයක් එක. උසස් පෙල අමාරු නැහැ.. අමාරුම දෙ මම කරපු , කරමින් ඉන්න අනිත් මිනිස්සුන්ගෙ දරදඬු ගතිගුණ ඉස්සරහා තමන්ගෙ ඇතුලාන්තයෙ තියන ගතිගුණ රැක ගැනිම. එක තමයි අමාරුම දෙ.......
-----------------
ප.ලි.
පහු ගිය ටිකෙ මගෙ ඉන්බොක්ස් එක පිරිලා තිබුනා.. මෙල් වලින් කිපයක් මම පහත දානවා
ගාල්ලෙන් දිලිනි
ඔයා ලියන්නෙ නැතුව හිටියෙ ඇයි, ලියන්නකො අයියෙ...............ටැබුත් නැවැත්තුවා.. ඔයත් නැවැත්තුවොත් මෙකෙ බලන්න දෙයක් නැති වෙනවා.. ලියන්නකො අයියෙ..
මිමුරෙ පොඩිනොනා..
රවා පුතා මම යන්න ලඟයි.. අන්තිමකැමත්ත තව උඹෙ ලියුම් දෙකක් තුනක් කියවලා යන එක.. ලියපන්..මගෙ පුතා.
දොඩම්ගස්ලන්දෙ සාමා
ඔයා මෙ බ්ලොග් එක නැවැත්තුවොත් මම මැරෙනවා..
පිළිතුරු සටහන :-
හරියට බිසි වුණා කිව්වොත් බොරු . ලියන්නෙ නැතුව හිටියෙ.. ඔය ගුගල් ප්ලස් දැම්මට පස්සෙ.. බ්ලොග්ර්ස් වලට බටන් එක අතුරුදහන් වුණා.. මෙකට යන්න ක්‍රමයක් දන්නෙ නැතුව හිටියෙ....අද යාන්තම් පොස්ට් කියන බටන් එක බ්‍රවුසර් එකෙ මතු වුණා...
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
2 days ago
33 අදහස් දැක්වීම්:
කෙටියෙක් ලියනන් බැරිද දිග වැඩි නිසා මන් බැලුවේ නැහැ :-D
හම්මේ කාලෙකට පස්සෙ. වෙලාවට බටන් එක හොයාගත්තෙ. නැත්නම් අර දොඩම්ගස්ලන්දෙ සාම සෙත්තපෝච්චි.
මටත් තිබුනා බන් ඔය ගනං හදන ලෙඩේ. ඒ ලෙවල් කරන්න ඇවිත් සෙට් එකට වැටුනට පස්සෙ නිත්තාවටම හොද වෙලා ගියා.....
ලියන්න අදහසක් එන්නේම නැ.. ඒ තරමටම හිතට වැදුනා...
සතුට අකුරු කරන්න විදියක් දන්නේ නෑ...
ලිපිය මරු! උඹ ගැන සතුටුයි! මගේ විභාගේ ගැන දුකයි!
මට මොකද උනේ කියලා අදවත් මට හිතා ගන්න බෑ විභාගේ ඇනුනේ ඇයි කියලා....
කොහොමහරි කාලෙකින් ඇවිල්ලා නේ පෝස්ට් එකක්,,,
මටත් ඔය බටන් එක හොයා ගන්න බැරුව හිටියා........... යට හරියේ තියෙනවා
Looking for older account options and your Google Products?
Visit the previous version of the Google accounts screen »
කියලා එකක් අපි වගේ නාකි උදවියට පාවිච්චි කොරන්න....... ඒක නිසා යාන්තං ගොඩ ගියා
@ම
ඔකනෙ වැඩෙ .. පොඩි උන්ට යහපතක් වෙයි කියලා මෙක ලියලා දාපුවාහම, යන්න ඔන්න මෙන්න ඉන්න නාකි කඹරයො ටික ඇවිල්ලා දගලන්න ගන්නවානෙ.. :D:D
@ItalyDilan
අපිට මොකද වෙන්නෙ කියලා අපිවත් දන්නෙ නැහැ බන්.. ඔහෙ ගලන් යනවා..
@මුචලින්ද
අතහරින්න එපා. මැරෙන්න දවසක් තියලා හරි කරපන්. එහෙම කරලා තෙරුමක් නැහැ කියන කතා අහන්න එපා. අපි මැරෙන්න තියන දවස ගැන දන්නෙත් නැහැ එත් බලහන්කො එලියට බැහැලා නටන නාඩගම්. අතහරින්න එපා.
ඉගෙන ගන්නවා නම් මෙන්න ක්‍රම..උසස් පෙළ නෙවේ ඕනේ විභාගයකට මේ ක්‍රමේ හරි යනවා මම හිතන්නේ..
හිතවත් කෙනෙකුගෙන් උණු උණුවේ මට ආ ලියමනක කොටසක් මෙතන සටහන් කරමි...
"It's good to see that you have started the process. However I want to see the end result very soon.."
පෝස්ට් එකේ තියෙන වැදගත් කම වගේම වටිනවා, රවා ආපහු ලියන්න ආපු එක. මම කිප වතාවක්ම බ්ලොග් එකට ගොඩ වැදිලා ගියා.
හරිම සතුටුයි නැවත ආගමනය ගැන.
රවා... හිතපු විදිය,පාඩම් කල විදිය,ජිවිතේ දකින විදිය ... මමත් දැක්කනම්...අපිත් විභාග ගොඩදාපු ඈයෝ තමයි.
ඇත්තටම මේ ලිපිය නියමයි! මටත් ඉගෙනගන්න, පාඩං කරන්න හිතුන මේක දැකල.
[දැං ඉගෙන ගන්න ළමයින්ට කොහෙද ඉගෙනගන්නවත් වෙලාවක් :D ]
ඔයා ඔයාගෙ අද්දැකිම් ලිව්ව එක හොදයි.පොඩි අයට ආදර්ශෙට ගන්නත් එක්ක.
නවත්තන්න එපා විවේක තියන වෙලාවට ලියන්න බලන්න.
මට මේ ලිපිය යටින් පේන්නේ එකම දෙයයි..
"මම උගන්නන්න ආසායි.. නංගිලා කවුද ඉන්නේ ඉගෙන ගන්න ආසා.."
අනේ මංදා මගේ පෙනීමේ අවුලක්ද මංදා..:D
හොද වෙලාවට බට්න්එක හමුවුනෙ. දැන් ඉතින් දිගටම ලිපි දමමු...
ඇති යන්තම් බටන් එක හොයාගත්තා උඹ :D
මට පරණ කාලෙ මතක් වුණා බන්. අවුරුදු 4ක් කට්ට කාලා උකස් පෙල ගොඩදාගත්තු හැටි :)
ප.ලි - කෑල්ලනම් එලස්....
@මාරයා +++++++
නියම පාඩමක් රවා..හරි වටින අදහසක් උඹ දෙන්නෙ..අනේ බං තියන වැඩක් පාඩු කරගන හරි දිගටම ලියපං....
@deeps
මෙ වැඩෙ හැමතැනටම හරියන්නෙ නැහැ කියලා පස්සෙ කාලෙකදි වටහාගත්තා ඩීප්ස්
@තිස්ස දොඩන්ගොඩ
එක තමයි තිස්ස අයියා ඉවරයක් කරන්න ඔනා.. හිමිට..
@මාරයාගේ හෝරාව
එක නංගි කෙනෙකුට වත් තවම උගන්වලා නැහැ.. කොහෙද වටෙ ඉන්න උන් මගෙන් ඉගන ගන්න කැමති නැහැනෙ
විබාගෙ... හික්.. හෙටත් තියෙනවා බොල.. හැමදාම රවා අයියා ලියන ලිපිය ලියන්නේ මට ඕනි වෙලාවට පහු වෙලා.. :P
ඉතින් උඹ උසස් පෙළ සමත් උනාද?
අයියෝ.....අයියේ ඔයා ඕක අපි එලේවල් කරන්න කලින් කිවනම් ටිකක් හරි ඒ ගැන හිතනවා....පාඩම් කරන සබ්ජෙක්ට් දෙක හරියට කරත් ගණන් හදන එකෙන් හැමදාම එරුණා....නියම උපදෙස් ටික අයියේ කරනවනම්...
ආ...අර මාරයියා කියපු දේත් ඕකෙන් නිකම් අදහස් කරනවා වගේ.......ආයේ බ්ලොග් පැත්තේ අපු එක ගැන නම් ගොඩක් සතුටුයි...දැන් දිගටම ලියන්න
@අභීත
නැහැ අභිත අයියා .... කැම්පස් යන්න.. ලකුණු චුට්ටයි මිස් වුණෙ.... විෂයන් තුනටම ලකුණු 396 ක් මදි වුණා.. :D
රවාට මගේ ආචාරය!
බහුතරයක් පිරිස්, තවත් කෙනෙක් නොමගට පොළඹවන පරිදි තමන්ගෙ වචන භාවිතා කරද්දි, තවත් කෙනෙකුගෙ ජීවිතයක් හරි මගට ගනු පිණිස, වඩාත් යහපත් ජීවිතයකට මග හෙළි කරනු පිණිස පන්හිඳ මෙහෙයවීම වෙනුවෙන්....
ඉගෙන ගැනීම යනු විනෝද නොවීම ලෙස සිතා සිටින, එලෙස සිතන්නට අනුන් පොළඹවන පුද්ගලයන්ගේ ඇස් අරවා සත්‍යය පෙන්වීම වෙනුවෙන්....
උසස් පෙළ ගණිතය එක් කඩඉමක් ලෙස ගෙන, ජීවිතයේ ඕනෑම කඩඉමකට සරිලන වැදගත් පාඩමක් ලොකු පොඩි කාටත් කියා දීම වෙනුවෙන්...
@නලිනි චන්දිමා
ස්තුතියි දොස්තර නොනා. එහෙන් මෙහෙන් යන ගමන් සිත් ආර පැත්තෙත් යනවා.. වැපාට කොක්ක ඇද්ද හින්දා හොරෙන් හොරෙන් එන්නෙ ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ.
මාට්ටු...
(කෝ මේ වැපා..වරෙං බඩුත් එක්ක හොරු මාට්ටු..:D)
සා රවා නියමයි මචන් :-D
මම මේ ලිපිය දාපු මුල් දවසෙම කියෙව්වා.අද ආයෙත් කියෙව්වා.බුක් මාර්ක් එකක් දාලා තියාගත්තා.මොකද ආයේ බ්ලොග් එක හොයාගන්න දුක් විදින්න බෑ.ශුවර් එකට ඉස්සරහටත් මේ ලිපිය ඕනෙ වෙනවා.මට නොවුනත් මගේ පොඩි එකෙකුට උනත්...........
මම රත්නායක සර්ගේ දුව.අප්පච්චිට ආසයි කීවා අයියල අක්කලට කතා කරන්න.මට reply කරන්න.
මල හත්තිලව්වයි...
අවුරුදු හත අටකට කලින් මාළු බාන්න ඇලට දාං හිටිය බිලී පිත්ත, ඌටම එපා වෙලා ඇල අයිනේ විසික්කා කොරලා ගිහිං තිබිලා මෙන්න දැන් එකේ මාළු පැටලෙන්න හදනවා ඇලෙන් ගොඩට පැනලා... :D
Post a Comment