සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

10/7/11

පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ......

පහුගිය ටිකෙ මම පුද්ගලික ඉස්පිරිතාල වල ටිකක් ඇවිද්දා. යහලුවො මිත්‍රයින්ගෙ අගය ගොඩාක්ම දැනෙන්නෙ මෙවෙලාවට. සල්ලි මුකුත් එකතුකරලා නැති වුනත් කොල් හතරකින් පහකින් අවශ්‍ය කරන සියලුම තොරතුරු එකතු කරගෙන රොහල ඇතුලෙ නටන්න පටන් ගත්තා. ගිය කාරිය අතරතුරෙදි මම ඉදගෙන හිටියා රොහලෙ පිලිගැනිම් කවුලුව අසල තිබුන පුටුවක. එක පාරම ඉදගෙන හිටපු ඔක්කොම නැගිටින්න පටන් ගත්තා. මම දැක්කෙ නැහැ මොකද්ද සිද්දිය කියලා හැබැයි හැමොම නැගිට්ටා නැගිටලා ප්‍රදාන දොරටුව දිහැ බලාගෙන. මම එ පැත්ත දකිද්දි පොලිස් නිලදාරින් වට කරගෙන රොහල ඇතුලට ආපු සරත් ෆොන්සෙකා මහත්තයා දැක්කෙ. මාවත් ඉබෙම නැගිටුනා. සරත් ෆොන්සෙකා මහත්තයා නිලධාරින් එක්ක ඇතුලට ගියාට පස්සෙ මම ලඟ හිටපු ගැහැනු කෙනා මගෙන්

'' කවුද පුතා එ දැන් ආපු ඇමති ''

'' සරත් ෆොන්සෙකා ''

මම වැඩිය වචන දෙන්න ගියෙ නැහැ. හිමිට ඉදගත්තා. ගුණය මකලා දැම්ම හැකියි, ප්‍රභාකරන් මැරුනත් ගොඩක් ඇත්ත කියන කෙනෙක් කියලා මට වැටහුනා.සරත් මහත්තයගෙ මුහුනෙ තිබුන හිනාව මට මතකයි එකෙත් තිබුනෙ පැරදුනත් අතහරින්නෙ නැහැ කියන හැගිම.

රොහලෙන් ඉද්දි බාර් එකෙන් දෙකක් විතර නමා ගෙන ගෙදර ආවෙ. ගෙදර එද්දි මාව හම්බවෙන්න මල්ලි කෙනෙකුයි එයාගෙ තාත්තායි ඇවිල්ලා තිබුනා. එයාලා මම එනකම් පැයක් විතර බලන් ඉදලා. අම්මත් විස්තර කියලා. එ මල්ලි කැම්පස් එකට යනවා හෙට කියලා මට කියලා යන්න ඇවිල්ලා තිබුනෙ. එ මල්ලි මගෙ කකුල් දෙක අල්ලා වඳිද්දි මගෙ කටින් පිටවුණෙ.. '' මල්ලි මට වඳින්න එපා '' .. එත් ඌ වැන්දා.

මගෙ අම්මත් බලන් හිටියෙ. ඌ මගෙන් උපදෙස් කිපයක් බලාපොරොත්තු උන හින්දාද කොහෙද මම කටට ආපු දෙවල් කියාගෙන ගියා.

'' මල්ලි බොහොම පරිස්සමෙන් ඉගෙන ගනින්, අම්මලා තාත්තලාගෙ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න එපා. උඹ දිහැ බලාගෙන ඉන්නෙ. ගුරුවරුන් එක්ක බොහොම පරිස්සමෙන් කතා බහ කරපන්. බොහොම සරලව හැසිරියන්.''

මෙව්වා මගෙ හිත ඇතුලෙ ඉස්කොලෙ යද්දි තිබුන හැගිම් වලින් කොටසක්. මෙ වගෙ හැගිම් මට කොහෙන් ඇතුල් උනාද දන්නෙ නැහැ එක පෙර කරපු පිනකට මගෙ ආත්මෙ ඇතුලට රිංග ගත්තෙ කියලා මට හිතුනෙ. එවගෙ හැගිම් තියන දරුවෙකුට ඉගෙනගන්න අමාරු නැහැ කියන දෙ මම හොදටම දන්නවා. මට දොස්තර කෙනෙක් වෙන්න ඔනා, මට ඉංජිනියර් කෙනෙක් වෙන්න ඔනා, හොද ගෙයක් දොරක් හදාගන්න ඔනා, සැප පහසු ජිවිතයක් ගෙවන්න ඔනා කියන දෙ අරමුණු කරගෙන ඉගෙනගන්නවාට වඩා මෙ මගෙ අම්මා තාත්තා මම වෙනුවෙන් මහන්සිවෙනවා, මම වෙනුවෙන් කැපවෙනවා උන්ගෙ බලාපොරොත්තු බිඳින්න හොද නැහැ කියන අරමුණෙන් දරුවෙක් වැඩ කරද්දි, හැසිරෙද්දි එ දරුවට ලොකු වෙස්වලාගත් ආශිර්වාදයක් තියනවා, එක දේවආශිර්වාදය වැඩිය ගොඩක් බලවත් දෙයක්. ඔය නැකත්, බොධිපුජා දේව පුජා හැමදෙකටම වැඩිය බලවත් දෙයක්.

''යන්නම් පුතා'' කියලා  එයාගෙ තාත්තයි එයයි යන්න ගියාට පස්සෙ මට මතක් වුනා. මගෙ අම්මා මම කැම්පස් එකට යන දවසෙ දි මට දිපු අවවාදය ''උඹ ජාතිය, ආගම , දෙශපාලනය ගැන මිනිස්සුත් එක්ක වාද කරන්න යන්න එපා '' .. ජිවිතෙ මෙ පොඩි කාලය ඇතුලෙ විවිධ මිනිස්සුන්ගෙන් මම එක එක දෙවල් වර්ණා, දොශාරොපන අහලා තියනවා. සමහර මිනිස්සු බනිනවා, සමහර මිනිස්සු හොඳ කියනවා. එත් මම විස්වාස කරන්නෙ අපි හැමොම කරන කියන දෙවල් එක තැනකදි එකතුවෙනවා. එ අපෙ හුස්ම ටික අතහරින මොහොත. මම මිනිස්සු කිපදෙනෙක් මැරෙනවා, මැරෙන්න පණ ඇද ඇද දුක් විදිනවා දැකලා තියනවා. පොඩි කාලෙ ඉදම්ම මම මගෙ වයසෙ මිනිස්සුන්ට වැඩිය වයසක අයව ඇසුරු කරෙ, පිලිගත්තෙ එයාලගෙ දෙවල්. මගෙ වයසෙ මිනිස්සු ආසාකරන දෙවල් වලට මම ගොඩක් අඩුවෙන් පැන්නුවෙ. මුදල් ටිකක් එකතු කරගෙන කෙල්ලෙක්ව තුරුල් කරන් ගෙයක් දොරක් හදාගන්නවාට වැඩිය එහාට ගිය දෙයක් තියනවා කියලා දැනුනත් මට වැටහෙන්නෙ නැහැ එ මොකද්ද කියලා. අර මම ඉස්සරහා පණ ඇදපු මිනිස්සු එවා ගොඩාක් හොඳින් කරපු මිනිස්සු. එ මිනිස්සුන්ගෙ මුහුනවල් වල ලියවිලා තිබුන දෙවල් අනුව මම දැක්කෙ '' මට එක මග හැරුනා නෙ '' කියන හැගිම. එ හැඟිම මට කවදාවත් ඇති නොවෙන විදියට මම හැසිරෙන්නෙ. එතනදි මම කල්පනා කරන්නෙ.. පරක්කු වුණාට කමක් නැහැ හැබැයි අතහරින්න එපා.. කිසි දෙයක්.. කිසිම දෙයක්.. එකයි ස්පිරිට් එක.. ක්‍රිඩාවකදි වුනත් අපි පැරදුනත් .. බලන් ඉන්න මිනිස්සු ''ශා එයාලා ලස්සනට සෙල්ලම් කරා නෙ'' කියන දෙ තමයි මට වැදගත් වුනෙ.. හැමදාම. එක තමයි මට දැනෙන විදියට අපෙ ආත්මය ඇතුලෙ හැමතිස්සෙම තියන්න ඔනා දෙ.. පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ.............

29 අදහස් දැක්වීම්:

චමිල said... [Reply to comment]

දිනනව, පරදිනව, කියන වචන වලට ඒ තරම් අර්ථයක් නැ බන්. මොකද එක විදිහකට බැලුවොත් මේ ගේම් එකේදි හැමෝම පරදිනවා. පස් වෙල යනව. ඒත් පරදින්නෙ කොහොමද කියන එකයි වැදගත්.... උඹ කිව්ව වගේ පැරදුනත් අතාරින්නෙ නැතුව.

Weni said... [Reply to comment]

ඔව් ජීවිතෙ අන්තිම පියවර තබන්න මොහොතකට පෙර ආයිමත් හැරිල බලද්දි පෙනෙන මාවත කටු , රොඩු වලින් පිරිල තිබුනත්..ඒ මත තමන්ගෙ පා සටහන් පෙනෙනවනම්.. සතුටින් අන්තිම හුස්ම හෙලන්න පුලුවන් !

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

මේ බ්ලොග් එකේ දැකපු හොඳම සටහන..
මේක තමා ජීවිතේ ස්පිරිට් එක.. කථා දෙකක් නෑ..! අනේක කාරනා නිසා මානසිකව වැටෙන අපට ආයේ පණගහලා එන්න හොඳ හයියක්..

~ Rajith Doo~ said... [Reply to comment]

රටට සමාජයට වැඩක් කරපු කෙනෙක් නම් ඒ ගෞරවය ආදරය නිතැතින්ම හිමිවෙනවා.මොන බොරු චෝදනා ගෙනාවත් ,අසාධාරණ විදිහට පුද්ගලයෙකුගේ චරිතය විනාශ කලත් සමාජය තුල ඔහුට හිමිවිය යුතු ස්ථානය අහිමි කරන්න උත්සහ කලත් ඒ දේ අසාර්ථක උත්සහයක් පමණයි.
සරත් ෆොන්සේකා මහත්තය එනකොට මිනිස්සු නැගිට්ටෙ ඇමති කෙනෙක් එනවා කියලා හිතලා කියනවනම් ඒ කතාව බොරු.ඒ මිනිස්සුන්ව ඉබේටම නැගිට්‍ටුනා.මහින්ද රාජපක්ශ හිටියත් එයාටත් නැගිට්ටෙනවා !

හූනා .. said... [Reply to comment]

පලවෙනි පාර මම මේ බ්ලොග් එකට ආවෙ.මේ සටහන නියමයි. කාතාව ඇත්ත. ඒ වගේම අම්ම කියල දීපු දේත් පුදුම තේරුමක් තියෙනව. ඔබට ජය!

දිල් said... [Reply to comment]

අපි කතාවට කියනවනෙ වැපුරූ දේවල් තමා නෙලා ගන්නෙ කියලා...හොඳ දෙයක් වැපුරුවොත් හොඳ දෙයක් නෙලා ගන්න පුළුවන්.....හොඳ හිතින් කරපු හොඳ දේවල් මරලා දන්නත් බෑ...මකලා දන්නත් බෑ...

ජීවිතේ මල් said... [Reply to comment]

"පරක්කු වුණාට කමක් නැහැ හැබැයි අතහරින්න එපා.. කිසි දෙයක්.. කිසිම දෙයක්.. එකයි ස්පිරිට් එක.. ක්‍රිඩාවකදි වුනත් අපි පැරදුනත් .. බලන් ඉන්න මිනිස්සු ''ශා එයාලා ලස්සනට සෙල්ලම් කරා නෙ'' කියන දෙ තමයි මට වැදගත් වුනෙ.. හැමදාම. එක තමයි මට දැනෙන විදියට අපෙ ආත්මය ඇතුලෙ හැමතිස්සෙම තියන්න ඔනා දෙ.. පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ "

මෙන්න ඉන්නවා මම එදා සිට අද දක්වාම මහත් සේ සහෝදරපෙමින් සලකන, මහත් සේ ගරු කරන, ශක්තිමත් 'රවා මල්ලි' ..

මල්ලි උඹට වරදින්නෙ නෑ. එක් තැනක් හෝ වැරදුනත් උඹ එතනින් එහාට එක පේලියට වරද්ද ගන්නෙ නැහැ. ඒක සහතිකයි. ඔහොම යන්! ජය වේවා මල්ලි!

ඔබ නොදු‍ටු ලොවක්..... said... [Reply to comment]

ඒක තමයි සරත් ෆොන්සේකා ජය වේවා ජය වේවා කියන්නේ හැම තිස්සෙම කථාවක් ඉවර උනාම......

නචියා said... [Reply to comment]

බොක්කටම වදිනවා රවා.

අනිවා මචන් පරදිනවා පේනවා ඒත් අතාරින්න හිතෙන්නේ නෑ. සන්තෝසයි..

ජය..!!!

පැතුම්..... said... [Reply to comment]

මගේ ජීවිතෙත් ඕක තමා බන් අරමුණ... හැබැයි මම අත අරින්නෙ නැති ජාතිය නෙවෙයි... අත ඇරල දාල ඒකට යන්න අරින්න පුළුවන් විදියට හිත හදාගන්න ඉගෙන ගන්නයි මට ඕනේ... මොකද අත ඇරල දාල සතුටු වෙන එකෙන් තරම් හිත සැහැල්ලු වෙන කිසිම දෙයක් නැතුව ඇති... අපි හදිස්සියේ දුවන්නේ නැත්නම් පරක්කු වීම කියල දේකුත් නෑ... මේ මොහොතේ අපේ සිත සිතිවිලි වලින් තොර වූ නිසංසල සතුටකින් තියාගෙන ඉන්න පුළුවන් නම්.. පරක්කුවක් හෝ අතහැරීමක් ගැන අපිට හිතන්න දෙයක් නැ.... මෙන්න මේ වගේ දේවල් තව තව ලියන්න....

රවා said... [Reply to comment]

@චමිල
පැරදිමත් සාපෙක්ෂයි එක අතකින් දිනද්දි අනිත් අතින් පැරදිලා

රවා said... [Reply to comment]

@Weni
අපි කවුරුත් මරණය කියන අද්දැකිම විදලා නැහැ..... හැබැයි මම නම් පුංචි අත්දැකිමකට මුහුන දිලා තියනවා.. මරණය මට දැනුන.. එතනදි ගෙදර ඇවිල්ලා අම්මලා ගෙ මුහුණ බලද්දි ඇති වුන හැගිම නම් විස්තර කරන්න බැහැ වචනෙ.. මම එතනදි මැරුනා නම් කියන දෙ දැනෙද්දි හරිම අමුතුයි දවසක එ අත්දැකිම ලියන්නම්. ආපහු තමයි ඩොට් ටික යාකරන්න පුලුවන්.. අපිට ඩොට් තියාගෙන ඉස්සරහට යා කරන්න ආමාරුයි

රවා said... [Reply to comment]

@තිස්ස දොඩන්ගොඩ
ගොඩක්ම මොරටුව විශ්‍වවිද්‍යාලයෙන් ඉගෙනගන්න මිනිස්සුන්ගෙ ඇතුලෙ තදටම වැදිලා තියන හැගිමක්. රොයල් එකෙන් ඉගෙනගන්න අය ගොඩක් මෙ ස්පිරිට් එකෙන් ජිවත් වෙන අය. එයාලා දෙයක් අතහරින්නෙ බොහොම කලාතුරකින්. ක්‍රිඩාශිලි අයගෙ ඇතුලෙ මෙ හැගිම තියන්නෙ. මම දැකපු විදියට

රවා said... [Reply to comment]

@~ Rajith Doo~
මහින්ද ආවත් නැගිටිනවා මචන් එක ඇත්ත.

රවා said... [Reply to comment]

@හූනා ..
වෙල් කම් හුනා

@දිල්
ස්තුතියි දිල් මකන්න බැරි දෙවල් ගොඩක් හිත්වල තදින් ලියපු මිනිස්සුනෙ එකයි

රවා said... [Reply to comment]

@ජීවිතේ මල්

මෙ ස්පිරිට් එකෙන් තමයි හැමදාම ඉන්නෙ. මම කිසිදෙයක් අතහරින්නෙ නැහැ අක්කෙ.. එහෙම අයට ටිකක් අමාරුයි.. මොකද ලොකෙ සමබරව යද්දි අපි දෙයක් ගද්දි දෙයක් අතහැරෙනවා. එක ලොක දහමක්.

රවා said... [Reply to comment]

@පැතුම්.....

තාවකාලික අතහැරිම මගෙත් තියනවා. හැබැයි එවා යම් යම් තැන් වලදි ආපහු ලබාගන්න පුළුවන් විදියට වැඩ සකස් කරනවා එවගෙ සැලැස්මක් වරදින්නෙ බොහොම අඩුවෙන්.. මම කලින් කරලා තියනවා එවගෙ දෙයක්

රවා said... [Reply to comment]

@නචියා

ස්තුතියි නචියා...

``` Outsider``` said... [Reply to comment]

මේ ඉපදීමට අර්ථයක් තියෙනව. ඒත් අපි දුවන්නෙ දන්න කාලෙ ඉඳන්ම අනුන්ගෙ ට්‍රැක් එකක. ඒකයි දොස්තරල ඉංජිනේරුවො වෙන්න කවුරුත් හිතන්නෙ පොඩි කාලෙම. ඒත් අපි ආවෙ ඒකටද? ඒව අපි දිවිය යුතු අපේ ට්‍රැක් එකද?
අනුන්ගෙ තිරුවල දුවද්දි ගොඩක් එකතු කරගත යුතු ගොඩක් දේවල් හැලිල කියල තේරෙන්නෙ ගොඩක් අයට ඇස් පියවෙන්න යනකොටයි. ඒ ඇස්වල ලියවෙලා තියෙන්නෙ ඒකයි බලාපොරොත්තු සුන්වීමක සේයාවන්.
ඔය ගමන ඔහොමම යන්න. ඒක ඔයාගෙම මාවතයි.

ගල්මල්-Coral said... [Reply to comment]

මල්ලියේ පහුගිය ටිකේ මට කෑගහලා කියන්න ඕන කර දේවල් බොහෝමයක් නුඹ බොහෝ සරළව කියලා තියෙන්නේ. බොහෝම වැදගත් සටහනක්...

/පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ.../

නුඹට වරදින්නේ නැහැ මල්ලියේ

March, march forward!

රවා said... [Reply to comment]

@``` Outsider``` එක බොලෙන්ම අවුට් වුනත් සන්තොසෙන් යන්න ඔනා බොලා කැවෙ නැහැ නෙ කියලා. එකයි නෙද වැඩෙ.

රවා said... [Reply to comment]

@ගල්මල්-Coral
වැරදිමත් හරියාමත් කාසියක දෙපැත්ත වගෙ තමයි. වැරදිම පිටිපස්සෙ හරි යාමත් තියනවා , හරියාම පිටිපස්සෙ වැරදිමත් තියනවා. එක නිසා බොහොම පරිස්සමෙන් තමයි ගන්න තිරණ ගන්න ඔනා. ගල් මල් අයියලාව මෙතන දකිද්දි සන්තොසයි. ඔයාලගෙ බ්ලොග් වලට යන පාරවල් අමතකවුනාට ඔයාලට අපිව අමතක වෙලා නැහැ නෙ.

මැණික් said... [Reply to comment]

වටිනා ලිපියක්. ඔබට ජය.
මැණික්

ගල්මල්-Coral said... [Reply to comment]

රවා මල්ලියේ, ජීවිත ගමනේ උත්සාහ නොකර ජයගන්න බැහැ. ඒත් ජයගන්න බැහැ කියලා උත්සාහ නොකර ඉඳීම ඒ හැමටත් වඩා වරදක්. මොකද උත්සාහය ඇති එකා හැම පරාජයකදීම ජයගන්න ඉගෙන ගන්නවා.

මා අරුණලු වෙනුවෙන් කරන්න නියමිත මීලඟ පොස්ට් එක ඒ ගැනයි. ඒත් කාළය හරස් වෙලා (අරුණලු - ගල්මල් අඩවියේ පාර පෙන්නලා ඇති).

(මේ දුවන මැරතනය අස්සේ ගල්මල් අඩවියට නිතර ආවේ නැහැ කියන එක මට ප්‍රශ්ණයක් නෙවෙයි මලේ)

වජිරදේවි said... [Reply to comment]

ඉතාම හොඳ අදහසක් රවා.. ගේම නම් ගේම දෙන්නම ඕනෙනේ! :) පැරදුණත් අත අරින්න නරකයි..

live hard..play hard..

- නිල් අහස - said... [Reply to comment]

හරියටම හරි...රවා.
මාත් පැරදුනා කියලා නම්, අතහරින්න ලේස්ති නෑ.
ඒත්...මටම එපා උනොත් නම්, අතාරින්න දෙපාරක් හිතන්නෙත් නෑ.

බිඟූ...! said... [Reply to comment]

ජීවිතේ මමත් අම්බානක පැරිදිලා තියෙනවා. පරදින්න යනකොට හිතෙනවා දැන් නම් වැඩක් නැ අතඇරලා දානවා කියලා. ඒත් සමහර තැන් වලදී කාගෙන හිටිය හින්දා අන්තිමට මට චාන්ස් ඇවිල්ලා තියෙනවා දිනන්න. ඒක හින්දා අන්තිම වෙන්කල් අල්ලාගෙන ඉන්න එක වටිනවා... අන්තිමට හිතන්නේ ඕනැ ඇයි පැරදුනේ කියන එකයි.

දුකා said... [Reply to comment]

නියමයි බන් . . .. මැක්සා . . .

හිතට මොකද්දෝ වගේ උනා බන් . . .

උඹ හිතන්නෙත් මම හිතන විදිහටමයි මල්ලී . . .

හරිම සතුටුයි මේ භෞතික දෙවල් පස්සේ දුවන ලෝකේ මනුස්සකම අත් සමබරව රැකගෙන දුවන තව ත් එකෙක්ව ආශ්‍රය කරන්න ලැබිලා තියෙන එක ගැන . .

ජය

ලොකු පුතා said... [Reply to comment]

ඔන්න මමත් අතීතයෙන් ගඟ ගලා බසින හැටි බලන්න ආවා...
මගෙනම් තියරියක් තමයි පරාජය වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අවම කරගෙන ගේම ගහන එක
හැබැයි පරාජයක් ලැබුවා කියන්නෙත් ඒ තුලින් ආපහු දිනන්න හොඳ චාන්ස් එකක් ගන්න පුළුවන්

කස්ටිය