සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/12/11

සෝම හාමුදුරුවො සහා මගෙ රට.......

''ගංගොඩවිල සොම හාමුදුරුවොලු බණට එන්නෙ.. "

මම සත පහකට ගනන් ගත්තෙ නැහැ...කර කර හිටපු වැඩේම කරනවා.

''නියමෙට බන කියනවා බන් ඇඬෙන්න.. උඹ උගෙ බණක් අහලා නැහැනෙ''
මට හිනා ගියෙ නැත්තෙ.. අපේ ගැන්සියෙ හිටපු උන් සාමන්‍යෙන් කොච්චර පංසල් පල්ලි ගියත් ඔනා කෙනෙකුට කතා කරන්නෙ මෙහෙමයි. මම එදා එ බණට ගියෙ නැහැ. ඉට පසු කිපවතාවකදිත් අපේ නගරයට සෝම හාමුදුරුවෝ වැඩියත් මම එක බණක් ඇහැව්වෙ නැහැ. පාසලට වැඩියා  සීල ව්‍යාපාරයෙ යෙදි හිටපු අයට බණ දෙශනා කරන්න.. එ වේලාවෙත් මම කොහාට හරි මඟහැරියා. එ  2002 දි විතර. කැම්පස් එකෙ මුල් මාස දෙකෙදි තුනෙදී මට ගොඩක් ජිවිතෙ ගැන කල කිරිම් ඇති වුණා. මම ධර්මය හොයන්න ගත්තා. එක එක සයිට් වල. ඔන්න ඔය යන අතරතුරෙදි තමයි සෝම හාමුදුරුවන්ගෙ පළවැනි බණ මගෙ කණට වැටුණෙ. එ තමයි ''සතර අගති''

චන්දා දොසා බයා මොහා - යොධම්මං අතිවත්තති
නිහියති තස්ස යසො - කාල පක්ඛෙව චන්දිමාති...

ඔන්න ඔය ගාථාව තමයි එ දේශනාවට අරමුණු වෙන්නෙ. මම හරිම ආසවෙන් ඉට පස්සෙ බණ අහන්න ගත්තා.. සොම හාමුදුරුවන්ගෙ හඬ එකතුවක් හදාගත්තා.එ ඔක්කොම බණ ඇහැව්වත් කවදාවත් පල්ලියකට, පල්ලියේ දෙවියන් වහන්සෙව යදින පුදන කෙනෙක් කෙරෙහි වෛරයක් ඇතිවුණෙ නැහැ.. කතොලික , මුස්ලිම් යහලුවො වෙනදා මෙන් ඇසුරු කරා. මම ගොඩක් සන්තොස වුනා මම බෞද්ධ පවුලක ඉපදිලා තියන්නෙ ලොකුම වාසනාවකට වෙන්න ඇති කියලා. මම සංසාරෙ, සංසාර පුරුදු කියන දේ ගැන විස්වාස කරනවා.
සොම හාමුදුරුවො එයාගෙ අන්තිම දෙශනාවෙදි ප්‍රකාශ කරා මෙහෙම.

'' මෙ අවසන් ඉල්ලිම වශයෙන් අපි කීපදෙනෙක් අපවත් වෙමු. අපවත් කරන්න නම් ලැහැස්ති වෙන්නෙ.. සාසනෙ නාමයෙන් අපි කිපදෙනෙක් අපවත් වෙමු. අතීතයෙත් අපවත් වුණානේ.. එහෙමනෙ රැකගෙන ආවෙ... එහෙම නම් ඉතින් , එතකොට එකෙන් පාඩමක් ඉගෙනගෙන එක්කො පැනලා දුවයි ඔක්කොම.. නැත්තම් අපෙ මල මිණිවලට උඩින් එගොල්ලො ඉදිරියට එවි.. ඔය දෙකෙන් එකක් වේවී.. එ ටික හොදට සිහියෙ දරාගන්න..''

සෝම හාමුදුරුවො අපවත් උනා. අපවත් කරාද.. අපවත් වුණාද...  යන්න මට වැඩක් නැහැ.. දැන් උන්වහන්සෙගෙ හුස්ම ටික ගිහින් කය අළු වෙලා ඉවරයි. අපිට ආපහු මුකුත් නැහැ මෙ එකතුකරගත්තු හඬපටි ටික විතරයි තියන්නෙ.අවුරුදු 60 ගානක් මෙරට පාලනය කරපු පාලකයො, වරින් වර මතු වුණ විප්ලවවාදියො, කථිකයො, එයාලා කරපු කියපු දෙවල් ගැන මම ඉතාම සුළුවෙන් පොත පතින් කියවලා තියනවා. හාල් වලින් මිනිස්සුන්ව බය කරා, ඔන්න යුද්දෙ  කියලා මිනිස්සුන්ව බය කරා, ඔන්න ද්‍රොහියො කියලා මිනිස්සුන්ව බය කරා. හැමදාම  එකම දෙ කරෙ. අපි හැමදාම මේ නාඩගම දිහැ බලන් හිටියා. අදටත් .. නිල් පාට, කොල පාට, රතු පාට...
'' තට්ටයො පාර්ලිමෙන්තුවට එන්න අරගෙන.. ගණයි පංසල් වලට වෙලා දෙන දෙ කාලා බීලා ඉන්න බැරුව.. මගුල් අහනවා පාරවල් ගානෙ.. '' මෙ වචන මගෙ කන්දෙකට වැටිලා තියනවා 100 මොරටුව කොටුව බස් එක ඇතුලේ.
තමන්ගෙ ආගමට වැඩිය තමන්ගෙ පක්ෂෙ හැමතිස්සෙම අපෙ බෞද්ධයින්ට ලොකු උණා නෙද..
මම නම් නියම බෞද්ධයෙක් නෙමෙ. මට බැහැ මම නියම බෞද්ධයෙක් කියලා කියන්න.මම ගොඩක් උත්සහා කරනවා හොද මනුස්සයෙක් වත් වෙන්න.. අරක්කු ටිකත් බිව්වත් බලන්නෙ කාටවත් කරදරයක් නොවි පැත්තකට වෙලා ඉන්න. කුණුඇල ඇරියාවගෙ කට බස බස ගාලා පිටවෙන වචන... එ අස්සෙන් ප්‍රොසෙසර් එක වැඩ කරනවා .... අර වචනෙන් අරයාගෙ හිත රිදුනද... මෙ වචනෙන් මෙයාගෙ හිත රිදුනද....

සෝම හාමුදුරුවො ඉවරයි.. අපිට බැහැ .. බොරුවට සොම හාමුදුරුවන්ව උඩ දාගන නටන්න යන්න එපා.. ජිවත් වෙලා ඉන්න වීරයින්ට ගෞරව කරන්න.. විරයෙක් කියන්නෙ වීරයෙක්... වීරයා හැමතැනදිම වීරයා. දෙශපාලනය කියන්නෙ බෞද්ධයින්ගෙ විෂයක් නෙමෙ. බෞද්ධයො දෙශපාලනය ගැන කතා කරන්නෙ නැහැ..
''මහණනි මට කරන උතුම්ම පුජාව ප්‍රතිපත්ති පුජාවයි '' බුදුහාමුදුරුවන්ගෙ වදන්..


මිය ගිය මිනිස්සු වෙනුවෙන් කඳුලු තොරණ් බලුප්.. පුජා එපා.. උන් වහන්සෙ දේශනා කරපු අඩි පාරෙ යන්න.... පුළුවන් නම්.. මන්දා මට නම් යන්න බැහැ.. හැබැයි ට්‍රයි එක ෆුල් ට්‍රයි එකක් දෙනවා.. මනුස්සයෙකුගෙ කැඩිච්ච බිදිච්ච හිතක් අල්ලන් .. '' උඹ හරි වටින වැඩක්නෙ කරෙ, නියමයි මචන්.. උඹව දකින එක සතුටක් මට..''.. එ වගෙ වචෙනෙකින් සංග්‍රාහා කරන එක ඇරෙන්න වෙන දෙයක් කරන්න අමාරුයි.

රටයි ජාතියයි .. ආගමයි ගැන මට හිතන්න ඔනා නැහැ..එව්වා ගැන හිතන්න නායකයො ඉන්නවා.. හැමදාම ජාතික අයිටිඑන් නාලිකාවල අපි දකිනවා බෞද්ධ නායකයින්ව. බෞද්ධ සංගම් වල සභාපතිලා, ලේකම්ලා කුලල් කාගන්න හැටි.. එකිනෙකාව මරාගන්න හැටි පාර මැද්දෙ.. මිනි මරුවන්ව රට පැටෙවෙන හැටි...අපෙ ප්‍රතිපත්ති හදන තිඹිරිගෙය ඇතුලෙ අවජාතකයින් නටද්දි , උන් රටෙ වැදගත්ම පරමාදර්ශයන් වෙන නිතීය, ආගම මෙහෙම විනාස කරද්දිත් සද්ද නොකර කටවහාගෙන ඉන්න එක තවත් එක වැදගත් සාධකයක් මම බෞද්ධයෙක් කියලා ඔප්පුවෙන.
බෞද්ධ හදවතක තියන සරල, සංසුන්නිහඬ බව විඳින බෞද්ධ හදවත් ලංකාවේ හැම තැනම බොහොම දුකසේ උනත් ජිවත් වෙනවා ඇස් දෙකෙන් දකිද්දි හරිම සතුටක් හිතට. එ මිනිස්සු තමයි මෙ රට මෙහෙමවත් ලස්සනට ඇදගෙන යන්නෙ.. මෙ රට මෙහෙම පවතින්නෙ ජනාධිපතිලා, ආර්තික මාහාචාරියලා ගෙ තිරණ හින්දා නෙමෙ...අවංක මිනිස්සු ටිකක් හරි තමන්ගෙ රාජකාරිය අවංකව කරන හින්දා..
මෙ වගෙ නිවට නින්දිතයො රැගුම් රඟන රටක ඉදන් මම මගෙ හිත සංතොසයෙන් ගෙනියන්න පුළුවන් හැමදෙම කරන්වා.. චොදනා නැහැ.. ඔයාලට පුලුවන් තරමක් ඔයාලා අරන් යන්න.. මම මට පුලුවන් තරමක් එකතු කරගන්නවා.. මම බලන්නෙ ගෙනියන්න පුළුවන් දෙවල් එකතු කරගන්න..

10 අදහස් දැක්වීම්:

නදී said... [Reply to comment]

මිය ගිය මිනිස්සු වෙනුවෙන් කඳුලු තොරණ් බලුප්.. පුජා එපා.. උන් වහන්සෙ දේශනා කරපු අඩි පාරෙ යන්න.... පුළුවන් නම්..

rawa+++

මාලන් said... [Reply to comment]

රවා උඹ දාර්ශනිකයෙක්. පුළුවන්නම් මාසෙක ලිපි හතරක්වත් ලියපන්. ඒක ඉල්ලීමක්..!

වැප් said... [Reply to comment]

මාලන්-
මුගේ කතා අහන්න දවසක ගුගල් බස් එක පැත්තේ එන්න

``` Outsider``` said... [Reply to comment]

කාලෙන් කාලෙට එක එක උන්නාන්සෙලාට අලුත් අලුත් දේවල් දේශනා කරන්න ඉඩක් නැතුවම බුදු හාමුදුරුවො ඔක්කොම දේශනා කරල තියෙනව. ඒව පොත් වලත් ලියවිලා තියෙනව. එහෙව් ‍එකේ මේ රටේ මිනිස්සු බුදුන්ට වඩා ලොකු කරගෙන ඉන්නෙ කාලෙන් කාලෙට බිහිවෙන පෘථග්ජනයන්ගෙ චින්තනයයි.

සූස්ති ගුණේ said... [Reply to comment]

ඔය ඔක්කොම හමුදුරුවරුන්ට එක එක ලෙඩ තිබුන. පලවෙනි ලෙඩේ තමයි, ප්‍රසිද්ධියත් එක්ක ඇතිවන අසීමිත මානය. මේකත් එක්ක කෂ්ටියක් ඇතිවෙනව හාමුදුරු මැනේජර් කම කරන.

අනිත් එක තමයි මේ සංකීර්ණ ලෝකේ ඔක්කොම තමන් දන්නව,කියල හැම මඟුලම අති සරලව පැහැදිලි කරන්න යෑම. බුදුබනත් මේ අති සරල කෝවෙ දාලා මොඩ් කරල බෙදුවා මේ හැම එක්කෙනාම.

ඔය සෝම හමුදුරුවෝ මහා ගොන් කතා කිව්ව හිමි නමක්. කියන්නත් ලැජ්ජයි. කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙ බණක් කියන්න ඇවිත් කිව්වා ගොංම කතාවක්.

ලමයි හම්බෙන්න සිසේරියන් කරන අම්මලට දාරක ප්‍රේමෙ නෑ කිව්ව. ප්‍රසූත වේදනාව දැනෙන්නෙ නැති නිස කාම මිත්‍යාචරෙම ඇලී ගැලී ඉන්නව කිව්ව, උපත් පාලනේ හින්දත් මේකම වෙන්ව කිව්ව. අන්තිමට කියපි දොස්තරලත් මේවට වග කියන්න ඕනේ කියල.

ජින් ඇන් ගයිනො එකේ ප්‍රොපෙක්ට මල පැන්න.

"හාමුදුරුවනේ අපි ආසාවට සිසේරියන් කරන්නේ නෑ, ලමයගෙ හරි අම්මගේ හරි ජීවිතේ බේරගන්නයි සිසේරියන් කරන්නෙ , නොදන්න දේවල් කතා කරන්න එපා කියල" නැගිටල ගියා.

සෝම (හමුදුරුවෝ) ලොකු ලිංගික ඉරිසියාවක් තිබිච්ච හාමුදුරු නමක්. නැත්තම් මේ වගෙ සත පනහේ ගොන් කතා කියයිද මෙඩිකල් ෆැකල්ටියට ඇවිල්ල.

රවා said... [Reply to comment]

@සූස්ති ගුණේ
මචන් සුස්ති යා ඔනා කෙනෙක් කතා කරද්දි තම තම නැණ පමනින් තමයි. ප්‍රොෆෙසර් කිව්ව දේත් ඇත්ත. හාමුදුරුවො දෙශනාකරපු දෙත් ඇත්ත. දයාවක් සෙනෙහසක්, ආදරයක්, රසවින්ඳනයක් ගැන හදුන්නෙ නැති බහුතරයක් අද අපි අතර ජිවත් වෙන්නෙ.
ලිංගික ඉරිසියාවක් ගැන නම් මම පිලිගන්නෙ නැහැ. ජාතියට වෙලා තියන විනාශය ගැන කතා කරද්දි සමහර විට අපි අපෙ සීමාවන් වල ප්‍රමාණයන් අඩු කරගන්න සිද්ද වෙනවා. එක අපි කැමැත්තෙන් කරන්න ඔනා. එහෙම කරපු රටවල් තියනවා ලොකයෙ. අද බොහොම ඉහලින් පවතින රටවල්

සූස්ති ගුණේ said... [Reply to comment]

@රවාමචෝ මැරිච්ච කෙනෙක්ගේ නුගුන කියන එක හොඳ නැහැ කියන රීතිය අමතක කරල තමයි ඕක ලිව්වෙ. උඹ කියනවනං සෝම කියපු එකත් හරි ප්‍රොපා කියපු එකත් හරි කියලා, ඒක ලොකු අවුලක්.

සිසේරියන් කරල ලමයි වදපු අම්මලට ඕක ඇහුවහම ඇතිවෙන හැඟීම මොකක්ද? එතන ස්ටාෆ් එකේ ඉන්න ඇති ලේඩි ලෙචාල අඩු ගානේ 15ක් සිසේරියන් කරල ලමයි වදපු.

අනිත් එක සෝම කියන්න ගත්ත උපත් පාලනේ හින්ද තමා කාම මිත්‍යාචාරේ ඇලී ගැලී ඉන්නෙ කියල. මොකො ගිහි ජීවිතේ ඉන්නේ එව්ව කරන්නනේ, නැත්තම් මහනවෙනව නේ?

අනික උපත් පාලනේ කරන්නේ නැතුව ලම්යි 10ක් හදන්නද කියන්නේ? මොන බූරු, අභව්‍ය කතාද බං? මොකෝ තරුණ බෞද්ධ සමිතියෙන්ද ලමයින්ට කන්න අඳින්න දෙන්නේ? මේවා පැහැදිලිවම නූගත්කම නිසා කියන ගොන් කතා!

රවා said... [Reply to comment]

@සූස්ති ගුණේ
සුස්ති
මම මචන් අත්දැකිම් තියන මනුස්සයෙක් නෙමෙ. එකයි මම ගොඩක් අඩුවෙන් ලියන්නෙ. එත් පපුවට දැනෙන දෙ ලියනවා. උබ මට වැඩිය මෙ දෙ ගැන දන්න කෙනෙක් පාටයි. මම උඹට අහපු කතාවක් කියන්නම්.
මගෙ මී මුත්තාට ලමයි 13 දෙනෙක් ඉදලා තියනවා. එ දහතුන් දෙනාව හොදට කාලා බිලා හොද හයියට් හැදිච්ච මිනිස්සු.

ප්‍රායොගිකව කරලා පෙන්වන්නෙ නැතුව මම උබත් එක්ක සොම හාමුදුරුවො දෙශනා කරපු දෙවල් ගැන වාද කරොත් මම හිස් කෙනෙක් වෙනවා.

ගොන් කතා කියලා කිසි දෙයක් අහක දාන්න එපා. එක හිතෙ තියන් හිටපන්. කියනදෙ විතරක් අහගෙන එපා. කියන දෙ ඇතුලෙන් එ මනුස්සයා කියන්න උත්සහා කරදෙ ගැන පොඩ්ඩක් බලපන්

ලොකු පුතා said... [Reply to comment]

මම අදමයි මේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාන්නේ
ලිපිය බොහොම වටිනවා
ලිපියට වැඩිය මේකේ තිබ්බ කමෙන්ට් ටික මගේ හිත ගත්තා... උඩ තියෙන කමෙන්ට් එකකට අදාලව මමත් කමෙන්ට් එකක් දාන්නම් මෙතන.

සෝම හාමුදුරුවෝ කාලීනව මිනිස්සුන්ට දැනෙන්න කාලින දේශනා කරපු කෙනෙක්, එතුමා ඒක පැහැදිලිවම කිව්වා.
මම දැන් කියන්නේ බණ නෙමෙයි, ජාතියේ අවශ්‍යතාවයටයි මම දේශනා කරන්නේ කියලා.
(අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන කතාව මේ හැමදේටම අදාළ බොහොම වටිනා කියමනක්...)

ජිවිතයක් බේරගන්න සිසේරියන් සැත්කමක් කරන එක වෙනම දෙයක් සහ අනුමත කලයුතු දෙයක්.

නමුත් ස්වභාවිකව දරුවෙක් බිහිකරන්න හැකියාව තියෙන අම්ම කෙනෙක් සිසේරියන් කරන්නේ ඇයි.
ළමයා ලැබුනට පස්සේ යෝනි මාර්ගයේ පේශි ලිහිල්වෙලා තමන්ට ලැබෙන ලිංගික තෘප්තිය අඩු වෙයි කියල හිතන බහුතරයක් තාත්තල(අම්මලත්..?) සහ වේදනාව දරාගන්න බැරිවෙයි කියල බයක් ඇති වෙච්ච අම්මලත් නිසා.

මෙවැනි අය පෞද්ගලික ඉස්පිරිතාල වලට (සහ දැන ඇඳුනුම්කමට රජයේ රෝහල්වල පවා) වැඩි ගානක් දීලා කර ගන්න සිසේරියන් සැත්කමේ සහ ජිවිත බේරගන්න කරන සිසේරියන් සැත්කම් අතර තියෙන්නේ අහසයි පොලවයි වගේ වෙනසක්.

මගේ එක යාළුවෙක් එයාගේ නර්ස් බිරිඳව මේ විදිහට රජයේ රෝහලක(දැනහැඳුනුම් කමට) සිසේරියන් එකක්(කරන්න අවශ්‍ය නැති) කලා, අන්තිමට ඒ ගෑනු කෙනාගේ කොන්දට ගහපු බෙහෙත නිසා එයාට නැගිටගන්න බැරි තත්ත්වයක් ඇති උනා කාලයක් යනකම්ම.
ඌත් එහෙම කරන්න හේතුව අර ලිංගික තෘප්තිය. අන්තිමට උන් දෙන්නම ඒකෙන් ගොඩක් විඳෙව්වා.
ඌ මගෙත් එක්ක මේ කතාව කියකිය ගොඩක් දුක් උනා පස්සේ...

මේ ලඟදි මගේ තව යාළුවෙක් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදී රුපියල් 180,000/- ක් දීලා එයාගේ පොඩි එකාව සිසේරියන් කරලා එළියට ගත්තා, යාළුවටමලු පෙකණිය කපන්න දුන්නෙත්,
ඒකත් වැටුනේ ලිංගික තෘප්තිය සම්බන්ධ ගිණුමට

මේක බිස්නස් එකක් කරගත්තු මේ වගේ ලොකු දොස්තර මහත්තුරුන්ගේ හිත් මේ වගේ කතා වලින් රිදෙන බවත් අපි අමතක කරන්න හොද නැහැ.
ඒ දොස්තර මහත්තයා දවසකට දරු උපත් 2 ක් හෝ 3 ක් යොදාගෙන ඉන්නවා කොළඹ අවට තියෙන පෞද්ගලික රෝහල්වල.

ඒ වගේම විළිරුදාව දැනුනේ නැති සමහරක් අම්මලට කිරි එරෙන්නේ නැති බවත් මම අහල තියෙනවා.

සිසේරියන් කරන්න අවශ්‍යතාවයක් නැති කී දෙනෙක් ඒ සැත්කම කරලා ළමය එලියට ගන්නවද කියන එක මේ අංශයේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන උදවිය හොඳාකාරවම දන්නවා.

ඒ කතාවේ මේ කොටස නොදන්නා ආකාරයට කතාකළ අර ප්‍රොපා ගැන මටනම් ඇති වෙන්නේ කුහුලක්...

Hasitha said... [Reply to comment]

තම තම නැණ පමණින් කටයුතු කිරීමයි සැවොම කළ යුත්තේ.......

කස්ටිය