සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

7/10/10

අහන් ඉන්න - අහගෙන ඉන්න


හසිත මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙ යද්දි එකෙ තිබුන සින්දුවක් දැකලා, එක අහලා මගෙ ඇස් දෙකෙන් කඳුළු බිංදු කිපයක් වැටුනා. එතකොට තමයි වැටහුනෙ කාලෙකින් ඇස් දෙකක් තියනවා කියලා. කදුළු බිංදු කිපයත් පිහදාගෙන මෙ සටහන ලියන්න ගත්ත. හරිම ලස්සන සිංදුවක් කියන එක වටහාගන්න මට එච්චර වෙලාවක් ගත වුනෙ නැහැ. කෙනෙක් කියනවා අහන් ඉන්න  එයාගෙ හිතට මොනවද කියන්න උත්සහා කරනවාලු, බලන්න මෙ ගැහැණු කෙනා කියන්න උත්සහා කරනදෙ ඔබට වැටහෙනවද කියලා.


අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



පැල්පත් කියන බ්ලොග් එක කරන කෙනාත් මෙ සම්බන්දව සටහනක් දමා තිබුනා, එතන තියනවා සිංදුවෙ mp3 එකක්... එතනට ගිහින් ගන්න.


වෙලාවකට හරිම පුදුමත් හිතෙනවා. පොල් පිති පාරවල් හතරකට පහකට වට්ටන්න බැරිවුණ ඇහෙ කදුලු, වචන හතරකට පහකට වැටෙනවා.. පුදුම ලොකයක් තමයි...

41 අදහස් දැක්වීම්:

වැප් said... [Reply to comment]

ඔකට නියමෙට ගැලපෙන් තව විඩියෝ එකක් මෙන්න

http://www.youtube.com/watch?v=0OOzXp6xsgY

ජීවිතේ මල් said... [Reply to comment]

රවා මල්ලී... කියන්නට වචන නැත...එතරම්ම හදවත ගොලුව සිටී.... එකම දෙයක් කියලා යන්නෙමි... ස්තූතියි....

දුකා said... [Reply to comment]

කඳුලු කියන්නේ සිරාවට මාර දෙයක් තමයි මලේ . .. .

ඒත් හැමෝටම ඔය දේ නෑ සංවේදී ආදරය හඳුනන අය ලඟ විතරයි සැබේ කඳුලු තියෙන්නේ. .

උඹත් ඒ ජාතියේ කියලා මම මේ බ්ලොග් අවකාශේ කරක් ගහද්දී තේරුම් ගත්තු දෙයක් . . . .

සිංදුව ත් එල

සෝරෝ said... [Reply to comment]

මාරයි බං...

Shadow/හේමලයා said... [Reply to comment]

මම මේ සින්දුව පැල්පත, හසිතගෙයි බ්ලොග් දෙකෙන්ම දැක්ක...ඇත්තටම ඉතාම හැඟුම්බර ගීතයක්.....

චතුවා said... [Reply to comment]

මේක අද දවසේ ගීයද මන්දා.. කොහොම වුනත් ගොඩක් හිතට දැනෙන ගීයක්...
අනේ මන්දා ඒ හැගීම විස්තර කරන්න මම සිංහලෙන්වත් වෙන භාෂාවකින්වත් වචන දන්නේ නෑ...

Hipo said... [Reply to comment]

හ්ම්ම්... අමුතුයි.. හැන්ගුම් බරයි.. ලස්සනයි...

Unknown said... [Reply to comment]

මේ සින්දුව ඉන්ද්‍රචාපා ගෙ නේද????

http://www.sendspace.com/file/qdlhl4

මේ තමයි ඒ සින්දුව.අපෝ මේ සින්දුව දැන් කියන එක්කේනා කනවා....

රවා said... [Reply to comment]

වැපා

ස්තුති මචන්, මම අරන් බැලුවා, avatar වලින් හදලා තියන්නෙ නෙද..? එක නෙමෙ උබෙ පින්තුරෙ දැක්කහම මම උඩ ගියා, කොහෙද දැන් ජිවත් වෙන්නෙ .. ආ.. ලංකාවෙද..

ජීවිතේමල්

අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කෙ

Unknown said... [Reply to comment]
This comment has been removed by the author.
නිරහංකාර අහිංසකාවි said... [Reply to comment]

hmmmmmm.. me sinduwa pudhuma tharan hithata dhanuna aiye.. math meka gana post ekak damma.. ath dan godak kaalekata kalin. e tharan hithata danuna nisamai eka dammeth..

api nolabuna dewl gana anatha duk wenawa. ath apita thiyana de koi tharan watinawada kiyalath hitehnawa meka ahuwama..

Jay said... [Reply to comment]

සමාවෙන්න, අදහස් දැක්වූවාට මම වීඩියෝව නැරඹුවේ නැත. මගේ ජාලය මේ ටිකේ පණ අදින ගමන්.

මේ ගීතයට මම හරිම කැමතියි.
මෙහි versions දෙකක් තියෙනවා. එකක් ඉන්ද්‍රචාප ලියනගේ ගේ රොක් වර්ෂන් එක සහ අනික කවුදෝ ගෑණු ළමයෙක් කියන ගීතය. ඇත්තම කියන්න ඒ ගෑණු ළමයගේ ගීතය හරිම සංවේදියි. එයා ඇත්තටම ඇස් පේන්නෙ නැති කෙනෙක්. එයාට දැනෙන හැඟීම්, ලෝකය දකින හැටි තමයි මේ කියන්නෙ.
ඕක ගායනා කරපු වේදිකාවෙදි එයා කියනවා, මේ ගීතය දැන් මට දැනෙන හැටියට ඔයගොල්ලොත් අහන්නකෝ කියලා, මුලු ප්‍රේක්ශකාගාරයම අන්ධකාරයේ ගිල්වනවා. ඊට පස්සෙ ගීතය මැද හරියෙදි තමයි ප්‍රේක්ෂකයොත් දැන ගන්නෙ, ඒ දැරිවි අන්ධ කෙනෙක් බව. ඒ දැරිවි ලෝකය දකින්නෙ කොහොමද කියන feeling එක ඒ ටික වෙලාවට අපූරුවට ප්‍රේක්ශකයන්ට දනවනවා.

ඇත්තටම ඒ ගීතයනම් උපරිමයි. ඉන්ද්‍රචාපගේ ගීතයත් වෙනසක් දකින්න පුලුවන් ගීතයක්.

රවා said... [Reply to comment]

දුකා අයියා

කඳුලු ගැන වෙනම සෙට් වෙලා කතාකරමු.. වෙලාවක.. නියම මාතෘකාවක් තමයි.... අඬ අඬ කතා කරහැකියි එලිවෙනකම් හරි... මම නම් ගොඩක් අඬලා තියනවා, හැබැයි එ වගෙම ගොඩාක් හිනාවෙලත් තියනවා.

Anonymous said... [Reply to comment]

ඇත්තටම අයියෙ මගෙත් ඇස් දෙකෙන් කදුලු එන තරම්ම සංවේදි කරපු හින්දයි මාත් මේක ගැන ලිව්වේ...මාරම ලස්සනයි අයියෙ මේක....මේක කියන ඒ ගැනු ළමයට ඇස් පේන් නෑ කියල දැන ගත්තට පස්සෙ තමයි මට මේක තදටම වැදුනේ.....දැන් කාලෙ විදවන්න තියෙන සින්දු එක්ක බලද්දි මේක ඇත්තටම විදින්න තියෙන සින්දුවක්

රවා said... [Reply to comment]

සොරො

ස්තුති මචං මෙ පැත්තෙ ඇවිල්ල ගියාට..

හේමාලයා ට

මමත් එතනින් දැකලා තමයි ටිකක් හෙලවුණෙ.. හරිම හැගීම්බර සින්දුවක් මටනම්.

එවගෙම ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් මම ගිහින් තියනවා, ඔයගෙ සමහර කවි තියනවා මම හරි ආසකරන විදියට හිතපු මම එවාට සටහන් දාල තියනවා.

රවා said... [Reply to comment]

ලමයා ට

දවසෙ ගීය තමයි.. හසිතට තමයි මම ස්තුති කරන්න ඔනා, කාලෙකට පස්සෙ ටිකක් ඇඟට දැනුනා. හසිතට මෙක කොහොම දැනගත්තද මම දන්නෙ නැහැ. ලමයටත් ස්තුතියි මෙ පැත්තෙ ආවට.

රවා said... [Reply to comment]

හිපො අක්කා
මෙක කලින් අහලා නැද්ද, කමක් නැහැ මෙ පැත්තෙ ආවට ස්තුති.

HIM_unLich ට

කමක් නැහැ , නමුත් මල්ලි කෙනෙක් ඔයාගෙ සටහන් වල කුණුහරප ලියද්දි එයාට අනවශ්‍ය අවධානයක් දක්වන්න එපා, එ කෙනා එහෙම කරන්නෙ අරමුණක් ඇතුව, එ කෙනාගෙ අරමුණ කුමක් උනත් ඔයා එවට පැටලෙන්න යන්න එපා.

මෙ සින්දුව දැන් කියන කෙනා කනවා කියනදෙ තෙරුම ඔයා මෙ ශොකී ස්වරයෙන් කරන ගායනයට කැමති නැහැ කියන එක.. මල්ලි Linking park ලගෙ Numb, in the End, from the inside යන සිංදුත්, eminem ගෙ mocking bird කියන සින්දුවත් මම හරිම ආසා කරන සින්දු, මෙ සින්දුවල තියන කතාව වටහා ගන්න උත්සාකරන්න, අපි හැම සින්දුවක්ම අහන්න ඔනා, අපි නටන සින්දුවලට නටන්න ඔනා, ඇස් දෙක පියාන අහන සින්දු ඉදගෙන ඇස් දෙක පියාන රස විදින්න ඔනා. මටනම් මෙ සින්දුව වටින දෙයක්.

Unknown said... [Reply to comment]

මම ඔයාගෙ එක මකලා නෑ.එක පරක්කු වෙලා පොස්ට් වෙලා.මම දැනුයි දැක්කෙ.

දැන් නම් මම ඕවා ගනන් ගන්නේ නෑ අයියේ... ;)

රවා said... [Reply to comment]

නිරහංකාර අහිංසකාවි ට

අයියො මම දැක්කෙ නැහැනෙ. ඔච්චර ඔය පැත්තෙ ඇවිල්ලා. කමක් නැහැ මෙක ඔයා කලින් අහලා තියනවා නම්.


Ansh Lucky Sri Jay
අක්කටත් ස්තුති , දන්න දෙ පැවසුවට, හසිතගෙයි, පැල්පත කරන කෙනායිත් මෙ විස්තරය කිව්වා, කවුද දන්නෙ නැහැ මෙකෙ, සංගිතයයි, ගෙයපදයි, ගායනයයි මුල් අයිතිකරුවන් දන්නවා නම් කියන්න. අපිත් ආසයි දැන ගන්න.

Unknown said... [Reply to comment]

මෙහෙම අයියේ ඔය සින්දුව මේ කියන කෙනා හරියට අදිනවා.එක ඔනැවට වඩා කරනවා.එකයි අවුල.චාපා එක මොනවා වුනත් හොඳට කියනවා.

මම නම් හිතන්නේ international අයව මේකට ගාව ගන්නේ නැත්නම් හොඳයි කියලා.මොකද අයියා උදාහරණයක ට අරන් තියෙන්නේ මං ගොඩක් ආස කරන music group එකක්.

නිරහංකාර අහිංසකාවි said... [Reply to comment]

hmmmmm... mamath nikan ahunata hithata danunata e sinduwa damme.. ath passe palpathe rasika aiya thama awith kuwe wisthara tika.. hmmmmm.. me loke pudumai.. mata aimath hithenawaa..

රවා said... [Reply to comment]

හසිතට

මම ඔයාට මුලිනුත් කිව්වනෙ, මුතු ඇටයක් ම තමයි. එත් සමහර අයට දැනෙන්නෙ නැහැ. එක එහෙම තමයි. ලොකෙ එක එක ආකාරයටනෙ හැදිලා තියන්නෙ...

රවා said... [Reply to comment]

HIM_unLich ට

ඉතින් මල්ලි මමත් ආසයි, මම සමහර වෙලාවට, Linking park CD එකක් සෙටප් එකෙ දාලා සද්දෙ වැඩි කරගෙන දොර වලුත් වහගෙන අහනවා, එතකොට දැනෙන වින්දනය එක ආකාරයක එකක්. අනික එ අයගෙ සින්දුවල තෙරුම හරිම වටිනවා, HARD ROCK සින්දුවලට ගොඩක් අය කැමති නැත්තෙ තියන ඝෝෂාකාරි බව හින්දයි, නමුත් මෙ සින්දුවල තෙරුම හරිම ලස්සනයි, අනික මම mocking birds මම ඉස්සල්ලාම ඉංග්‍රිසි සින්දු එකතු කරන්න පටන් ගත්තෙ මෙ සිංදුවෙන්, මෙ සින්දුවෙ, එමිනම් තමුන්ගෙ දරුවො දෙන්නට කියනදෙ හරිම හැගීම් බරයි, මෙ සින්දුවල ශබ්ද රසය අර්තය සමග යන්නෙ නැති වුනාට, මම කැමතියි. මම එකයි කිව්වෙ, ඔයා හිතන්න එපා, Linking park ලගෙ සින්දු ගොඩාක් හොදයි , මෙ සින්දුවට වැඩිය කියලා.

පුතා said... [Reply to comment]

මම නම් music කියන දේ ගැන දන්නේ බොහොම පොඩ්ඩයි... සමහර සින්දු තියෙනවා එක දිගටම දවස් දෙක තුන අහපු... මේ සින්දුව නම් මාරයි මචං... singing වල පොඩි අවුලක් තියනවා වගේ තේරුනත් කටහඬේ තියෙන දුක් ගතියට ඒක දැනෙන් නැතුව යනවා... හ්ම්.. ඇඬෙනව තමයි...

චේජනා said... [Reply to comment]

ඔයා post එක දැම්ම ගමන් ම බැලුවත් සින්දුව කීප සැරයක් අහන තුරු ම මුකුත් ලියන්න හිතුන්නෑ මල්ලි,
ඒ ගෑනු ළමයගෙ කටහඬ තමා සින්දුව ජීවත් කරන්නෙ කියල මට දැනෙන්නෙ... එයා අහන කෙනාට එයාගෙ දුක කියනව වගෙ ගැයෙනව ගීතය...

හසී said... [Reply to comment]

මේ සින්දුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. හිතට දැනෙන සින්දුවක්..

priyantha said... [Reply to comment]

ඇත්ත වචන වලට තියන බලය අවි ආයුධ වලටවත් නෑ.

රවා said... [Reply to comment]

@පුතා

අයියා මෙකෙ සින්දුව ගයන කෙනත්, වයන කෙනත් වෙන වෙනම වගෙ යන්නෙ. සමහර තැන්වල ගයිකාව පිටුපසින් වාදනය කරන අය යනවා, එ වැනි තැන් වලද දන්නෙ නැහැ අපිට වැටහෙන්නෙ කට හඩෙ අවුලක් තියනවා කියලා. කොහොම උනත් හරිම ලස්සන සින්දුවක්.

රවා said... [Reply to comment]

@චේජනා

කට හඬට විතරක් අපි එ ගෞරවය දුන්නොත් අපි වැරදියි, මම හිතනවා අක්කා, පැල්පත ගෙ බ්ලොග් එකෙත්, හසිත මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙත් ගියා කියලා, ඉතින් සම්පුර්ණ කතාවම තවම අපිත් දන්නෙ නැහැ.

රවා said... [Reply to comment]

@හසී

ඔව් නංගි හිතට දැනෙන ලස්සන සිංදුවක්.

@<a href="#c8819106918916863742>priyantha.ඒබී</a>
එක ඇත්ත.. මම මගෙ පුද්ගලික අත්දැකිමක් ගැන කිව්වෙ, මම ගුටිකාලා තියනවා හොදට, වයස 10, 12, ට පස්සෙ මම ගුටිකද්දි ගුටිකන්න බය වෙලා අඬලා, දුවලා, හැංගිලා නැහැ, හතර දෙනෙක් වටවෙලා ගහද්දි ඔළුව බෙරගෙන ඉදගත්තා, නමුත් දිව්වෙ නැහැ, හැබැයි කදුලු එලියට ආවෙ නැහැ ඇස් දෙකෙන්, එත් මෙ වචන ටිකට මොකද්දො අමුත් බලයක් හම්බවෙලා වගෙ...

පබලු said... [Reply to comment]

මම නම් කැමති මේ සින්දුවේ වචන වලට.සමහර සින්දු තියනවා ලස්සන වචන තියන. ඒත් මියුසික් වලදි ඒවා අහන්න බැරි විදියට කනට අමිහිරි කරන.ඒ වගේ වෙලාවක වචන වලට ආදරේ කරන්න මම නම් පුරුදු වෙල ඉන්නේ.
.....චාපාගේ ගායනයට වඩා මේ ගැහැණු ළමයගේ හඩට මම කැමති.........

රවා said... [Reply to comment]

@පබලු

ස්තුති අක්කෙ අදහසක් තිබ්බට, මම නම් ආදරෙ කරන්නෙ මට ආදරෙ කරන්න පුළුවන්දෙයකට, සින්දුවක. කොච්චර වුනත් අපිට ගන්න යමක් හැමතැනම තියනවා, මම හරිම ආස සින්දුවක්.

Anonymous said... [Reply to comment]

මේ ගීතයේ තියෙන සංවේදීබව නම් උපරිමයි..

වෙලා තියෙන්නේ දැන් මේ ගීතය හැමබ්ලොග් එකකම වගේ තියෙනව....

ම්ම්ම්.... අන්ධ ඒ ගායිකාවද අපිද කියල මට හිතෙනව....

කොහොම වුනත් අපි කවුරුත් මේ ගිතයට එකසේ සංවේදී බවක් දක්වන බව හැඟෙන එකම සිත සතුටු කරනව...

ස්වප්නා said... [Reply to comment]

හරිම ලස්සනයි.
අහන් ඉන්න. අහගෙන ඉන්න.
මගෙ හිත මොනවද.... මුමුණනවා

ස්වප්නා said... [Reply to comment]

different version But what u posted is nicer than this.

http://www.youtube.com/watch?v=PrT3rD_PBuw

රවා said... [Reply to comment]

@wath

වත් අක්කා කාලෙකින්.. අපිත් අන්ධයි තමයි නෙද..? හැබැයි අපිට වැඩිය අන්ධ මනුස්සයොත් ඔන තරම් ඉන්නවා, ඔයා කිව්වත් වගෙ මෙක ගායනා කරන කෙනාට ගොඩාක් දෙවල් පෙනවා වගෙ දැනෙනවා.

රවා said... [Reply to comment]

@ස්වප්නා


මම එක තාම අහලා නැහැ, දැන් අහන්නත් බැහැ. බ්‍රොඩ්බැන්ඩ් එක දැන් ශොර්ට් බැන්ඩ් :D වෙලා.. බලමු මෙක අහන්න හම්බවෙයි. හැබැයි මෙ ගිතය ඇහෙද්දි තාමත් හිතට ගොඩාක් සනීපයි.

ඉන්දික උපශාන්ත said... [Reply to comment]

මං හිතන්නෙ අර ගෑනු ළමය කියන වර්ෂන් එක ගොඩක් විඳින්න පුලුවන්...ලස්සන සින්දුවක්..

P. Wijekoon said... [Reply to comment]

ලස්සන ගීයක්. මීට කලින් අහල නැහැ. ස්තුතියි.
මැණික්(සුළඟ)

Unknown said... [Reply to comment]

සින්දුව අහනකොට දෑනෙන හෑගීම් ගෑනනම් කියල වෑඩක් නෑහෑ.සින්දුව ඒ තරම්ම සන්වේදියි,ඊටත් හපන් යටින් දුවන වයලීන් එකට නිකම්ම ඈස් වලින් කදුලු බේරෙනෙව.
උපරිම රවා....

ආගන්තුකයා said... [Reply to comment]

මේ සින්දුව මම මාසෙක විතර ඉදන් දැන් දවසට තුන් පාරක් වත් අහනව...හැබැයි රොක් එකනම් නෙමෙයි...මේ ගෑනු ළමයා කියනා සින්දුව. මෙක කියන කෙනා ඇත්තටම අන්ධ කෙනෙක්. මම දන්න විදිහට "මේකලා ගමගේ" තමයි එයාගෙ නම. මේක human touch කියන නාට්ටයේ ගීතයක්(දන්න විදිහට) නාට්ටයෙ මුල කොටසෙදි මේ ගෑනු ලමය කියනව. අන්තිමට ඉන්ද්‍රචාපා රොක් එක කියනව.
තව දෙයක් කියන්න ඕන. මෙ සින්දුව හරිම සන්වේදීයි.. මම හිතන්නෙ මෙකෙ ගැබ් වෙලා තියෙන්නෙ එයගෙ ආබාදිත භාවය ගැන කියල. ඒ බිඳුනු කටහඬ එන්නෙ හදවතින්ම කියලයි හැගෙන්නෙ..

රවා අය්යාගේ මෙ අපූරු නවතැනට ගොඩ උනේ අදමයි....මමත් අයියගෙම ගම් පලාතෙ කෙනෙක්..අයයටනම් මාව මතක නැතුව ඇති....

කස්ටිය