මාසෙකට එක පොස්ට් එක ගාණෙ ලියන්න හිතන් ඉද්දි තමයි .. මෙ බස් එකෙ ඉන්න සගයො ටික බ්ලොග් සතිය කියලා එකක් තිබ්බෙ.. ඉතින් අනිත් වුන්ගෙ නම් බොර්ඩ් එකෙ තියද්දි අපිටත් බැහැ පැත්ත ගහන්න. අපෙ නමුත් ඔය බොර්ඩ් වල තියන්න ඔනා. මුලින්ම මම බ්ලොග් එක ලියන්න ගද්දි ගොඩාක් ලොකු දුකකින්, ලැජ්ජාවකින් ජිවත් වුණෙ. ගොඩාක්ම සමාජයෙන් හැංගිලා. මිනිස්සු අතරට ආවෙම නැහැ. ජිවත් වන එකත් ටිකක් නෙමෙ හොදටම අමාරු වෙලා තිබුනෙ. හිත් වෙදනාවන්ට හේතු වුණ කාරණා එහෙන්මම තියද්දි මට මෙ යහලුවන්ව දකිද්දි , යහලුවොත් එක්ක කතා කරද්දි මට දැනුන දෙ තමයි. අපි කොච්චර වුණත් දෙයක් ඉතා දැඩි විරියකින් අල්ලන් ඉද්දි අපිට ගොඩක් අමාරු වෙන විත්තිය. එක නිසාදො මම හයියෙන් අල්ලන් හිටපු අදහස්, මගෙ හිත ඇතුලෙන්ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගියෙ නැහැ. මිනිස්සුන්ගෙ ජිවිත හිත් වෙදනාවන්ගෙන්, මානසික වැටිම්, ගැටිම් වලින් පිරිලා. එත් එ මිනිස්සු එවා කිසිවක් නැති වුන් මෙන් ජිවත් වෙනවා දකිද්දි මම තෙරුම් ගත්තු ලොකුම දෙ තමයි බොරුව
බොරුවට හිනාවෙන්න
බොරුවට ආවඩන්න
බොරුව අහන් ඉන්න
බොරු කියන්න
මෙවා කුඩා කාලයෙ ඉදන්ම මම ගොඩාක් ප්‍රගුණ කරපු දෙවල්. 1996 දි ලොක කුසලානය කාලෙ මම බොරුවෙන් මයි ජිවත් වුණෙ. ඉස්කොලෙ ගිය කාලයක් මතක නැහැ එ දවස් වල. ඔය ලොක කුසලානය ලංකාවට ගෙන්න මම කරපු තරම් කැප කිරිමක් කවුරුවාත් කරලා නැහැ ලංකාවෙ එක ශුවර්. දවසක් ඉස්කොලෙ යන්නෙ නැතුව පිට්ටනියෙ ඉද්දි තාත්තා හිමිට පිටිපස්සෙන් ඇවිල්ලා මාව අල්ලගන්න දැම්ම ට්‍රයි එක ගැස්සිලා මම බෙරිලා දුවද්දි, තාත්තා ක්‍රිකට් කුරෙන් දමලා ගැහැව්වෙ. හැමදාම, හැමතැනම වගෙ පාව දෙන උන් ඉන්නවා අපෙ ගමෙ. උන් ගෙන් එකෙක් තමයි මාව එදා පාව දුන්නෙ තාත්තට.. මාව අල්ලලාම දුන්නා. මම එදා හොදට ගුටි කැවා.
ඔය ගුටි කන වැඩෙ මතක් වෙද්දි තමයි මාගෙම සොයා ගැනිමක් මම ඉදිරිපත් කරන්නෙ. මෙක මගෙම සොයා ගැනිමක් මගෙ ලොකයට. හැබැයි අත්දුටු ප්රත්යක්ශ ක්‍රමයක් දඩුවම් වලින් බෙරෙන්න.
දැන් ඔයාලා පොඩි කාලෙ ගුටි කන සින් එකක් මතක් කරගන්න. කොහොමද මතක් වෙන්නෙ. තාත්තා ඔයාලගෙ පුංචි අත් දෙක එයාගෙ වමතින් අල්ලගෙන දකුනතින් හොද පොල් පිත්තකින් තඩි බානවා නෙද, මෙහෙම ගහද්දි ගොඩක් ලමයි විලාප තියනවා
" බුදු අම්මෙ, මගෙ අම්මො, මාව බෙර ගන්න කවුරුත් නැද්දො, අම්මෙ.... " එහෙම .. ගොඩාක් ලමයි මෙතනදි ඇඩුවත් අපි ඇඩුවෙ වෙදනාවට වත් බයටවත් නෙමෙ , පොඩ්ඩක් හරි අනුකම්පාව අරගෙන ගුටි කන ප්‍රමාණයෙ සංඛ්‍යාතය අඩු කර ගන්න. මම ඉහතදි කිව්ව ක්‍රමය තමයි ලංකාවෙ ගොඩක් පවුල් වල වෙන්නෙ. තාත්තා මුලින්ම දරුවාව ග්රහනය කර ගන්නවා. මෙතනින් අපි බෙරෙන්න අපි දෙන්නම.. මමයි මගෙ මල්ලියි දෙන්නම භාවිතා කරපු උපක්‍රමයක් තියනවා. මම දැකලා නැහැ වෙන උන් එක භාවිතා කරනවා.
අපි දෙන්නම එකටනෙ ඉන්නෙ ගුටි කද්දි මට තමයි ඉස්සලාම සබ්බුව හම්බෙන්නෙ. මම එක දන්න හින්දා තාත්තා ලඟට එද්දි එකම රන් එකයි. තාත්තාගෙ තිබුනා ලොකු බඩක් මට හිතුනෙ මුලින්ම අම්මගෙ බඩ ඇතුලෙන්නෙ මමයි ,මල්ලි ආවෙ.. තාත්තාගෙ බඩෙන් අක්කෙකුයි, නංගියෙකුයි එයි කියලා. එ බඩ උස්සන් තාත්තාට ඉබ්බෙක් එක්කවත් දුවන්න බැහැ එක ශුවර්. එකනිසා මම දුවනවා. එත් පාවා දෙන උන් තමයි මාව අල්ලලා දෙන්නෙ. සමහර වෙලවට එකට සෙල්ලම් කරපු උන්ම බල ඇනි සෙනා සංවිධාන වෙලා මාව හොයන්න කැලෙට එනවා.
දැන් තමයි මගෙ උපක්‍රමය මම ඉදිරිපත් කරන්නෙ.. මෙක ඔබෙ දරුවාගෙ අතට පත් වෙන්න දෙන්න එපා.. ඌව හදාගන්න බැරි වෙයි.
අරුන් මාව තාත්තට බාර දුන්නු ගමන්ම තාත්තා මගෙ දකුනු අත එයාගෙ වමතින් හයියෙන් ග්රහනය කරගන්නවා. මම එතනදි සද්ද නැතුව පුසා වගෙ ඉන්නෙ හරි. ගෙදරට එක්කන් එන්නෙ ගම මැදින් දැන් ගමෙ මිනිස්සු බලාගෙන ඉන්නවා පුජාවට මරන්න දේවාලෙට එක්කන් යන එළුවා දිහැ බලන් ඉන්නවා වගෙ. ගෙදරට ලං වෙද්දි තමයි තාත්තා වැටකින් කොටුවක් කඩා ගන්නෙ. හදගැස්ම වැඩි උනත් ක්‍රමය හොයාගත්තට පස්සෙ මම බය වුනෙ නැහැ. කොටුව කඩාගෙන අතට ගත්දිම මම මගෙ තාත්තාගෙ ඉස්සරහට ගිහින් ඉතුරු වෙලා තියන වම් අත තාත්තාගෙ ඉණ වටෙ යවලා.. තාත්තා ඇදන් ඉන්න සරම බුරුල් වෙන විදියට අල්ල ගන්නවා. කලිසමක් ඇදන් හිටියත් මම කරන්නෙ ඉන වටෙ අත යවන එක.. බොරුවට තාත්තාව බදාගන්න වගෙ.. අපෙ තාත්තා කපටියා එවගෙන් නමන්න බැහැ කියලා අපි දන්නවා. නමුත් මගෙ අරමුන තමයි... පුලුවන් තරම් මගෙ බර තාත්තාගෙ ඉනට දෙන එක. බර ඉනට දිලා මගෙ කකුල් දෙක තාත්තාගෙ කකුල් දෙක අස්සෙන් දාලා තාත්තාගෙ ඉනෙ එල්ලෙන එක.
වර්ල් කප් එක ඉවර වුනා, තාත්තා කොන්දට පිශියො තෙරාපි කියලා මොකද්දො ඉංග්‍රිසි බෙහෙතක් තාම කරනවා.
ඊයෙ තුං මං හංදිය රුපවාහිණියෙ විකාශය වෙද්දි මට හිතින් හිනා. මහගම සේකරව මිනිස්සුන්ට මතක් වෙන්නෙ ජනවාරි මාසයෙදි විතරයි. මට නම් සේකර මහත්තයාව මතක් වෙන්නෙම නැති සයිස් එකක් තියන්නෙ. අපරාදෙ මහගම සෙකර වගෙ මනුස්සයෙක් ලංකාවෙ ඉපදුනෙ.
ඔන්න එ අස්සෙ රංග කියලා අයියා කෙනෙක් මට කියනවා. එයාට දවසින් දවස ලියන්න බොරු තියනවලු බ්ලොග් එකෙ.
"ඉහල අවධානය, ඉහල පරිකල්පන හැකියාව තමයි ඔනැම විෂයක් ඉගෙන ගන්න ඔනා කරන ප්‍රධානම දෙ "
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
1 month ago