ඔන්න නියම සිද්දියක්, ලංකාවටම එකයි. මම දැනට කරන්නෙ වාගාවකුයි, පොල් එකතු කරලා කොප්පරා කරලා විකුනන එකයි. ඔක ඔයිට වැඩිය වැදගත් විදියට කඩ්ඩෙන් වචන දෙකක් තුනක් ඔබලා කිව්වැ හැකි. නමුත් මොකටද බොරුවට අපි ගැමියොනෙ, එ අපෙ ගැම්ම. ගැමි කම.. හික්,, හික්.... ඔන්න මාස කිපයකට කලින් පටන් ගත්තු දෙ. ලස්සනට සැපයුම් කරුවො කිපදෙනෙක් වත් එකතු කරගෙන, වැඩ කරන්නත් අපෙ යහලුවො තුන්දෙනා එකතු කරගෙන , විකුනන තැන් කිපයකුත් හදාගෙන ලස්සනට ඇදීගෙන ආවා ව්‍යාපාරය. මිනිස්සුන්ට දෙන්න තියන කොටස එයාලට දිලා අවංක කමකින් මෙක කරගෙන ආවා. එතකොටම ඔන්න කන්දක් හමබවෙනවා මෙ ගලන ගඟට.
" ඔක නවත්තපන් "
"හේතුව "
" ඔක නවත්තපන් මගෙ නෙ තැන "
" හරි හරි මම මෙතන ඉද්දි ඔයාට ඔයාගෙ ගෙම ගහගෙන යන්න බැහැනෙ නෙද...?"
තාත්තාගෙන බකට් එකක්. හෙතුව ටිකක් හිතා ගන්න අමාරු ඇති කස්ටියට.. හෙතුව මට ලියන්න අමාරු නැහැ. මම එයා කරන වැරදි දැක නිහඩව ඉන්න එක නිසා එයාට මාව මුන ගැහෙද්දි ලැජ්ජාවක් දැනෙනවා ඇති. මම මෙ ව්‍යාපාරයට අත ගැහැව්වෙ, මගෙ අයියගෙ බලවත් ඉල්ලීම පිට නැත්තන්ම් එ පැත්තෙ පස් පාගන්නවත් නෙමෙ හිටියෙ. අද මම පහුගිය මාස ටිකෙ මම කරපුවාගෙ සාරංශයක් හදලා බැලුවා. මට ගොඩාක් සතුටු හිතුනා මෙච්චර පොඩි වයසෙදි, මෙච්චර ලොකු මුදලක් එක්ක , මෙච්චර නිවැරදිව ලස්සනට මෙක කරලනෙ කියලා, මම වැඩිය උනන්දුවෙකුත් නෙම, එ කියන්නෙ බත් බෙදලා දුන්නොත් කනවා, නැත්නම් ඔහෙ බඩිගින්නෙ ඉන්නවා. තාත්තා මෙහෙම කරද්දි මනසට ටිකක් දැනෙනවා. එකට බ්ලොග් එකෙ සෙට් එක මොනවා කියයිද කියලා බලන්න මම මෙ පොස්ට් එක දාන්නෙ. කොහොම උනත් වයසින් වැඩි කෙනෙක් එක්කලා හැප්පිලා දිනපු පොඩි එකෙක් නැහැ. දිනුවත් , පැරදුනත් පොඩි එකා පරාදයි. එක හින්දා පොල් ටික එතනින් අයින් කරගෙන ආවා. දැන් මොකද මාව විස්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ට කියන්නෙ.
" මල්ලි කොහොමද ඉලග සතියෙ සෙනසුරාදා අපෙ වත්තෙ පොල් ටික කඩනවා, දැන් කියද පොල්..? "
ඇත්ත කියලා අයින් උනාම මිනිස්සු හිතනවා.
" මුට කිසිවැඩක් හරියට කරන්න බැහැ" කියලා.
දැන් මන් කල්පනා ලොකෙ ක ඉන්නෙ. මගෙ යහලුවො දෙන්නත් ටිකක් ගැටගහ ගත්තෙ මෙකෙන්. මමත් රොල් ගැහැවුවෙ පොල් එකෙන්. වගාව ෆිට් එකටනෙ.
මම පොල් කරා කිව්වට ඔය මාලු පොල්, එ කියන්නෙ ඔයාල ඔය 30 ට, 40 ට ගන්න පොල්ම තමයි මම ත් 20 ත්, 24 ත් අතර මිලකට අරගෙන කොප්පර කරලා විකිනුවෙ. එකෙනුත් තිස්දාහක් තාත්තා අතරමැදියෙක් වෙලා ගැහැව්වා. මම මුකුත් නොකියා හිටියෙ එ පාඩුව මාස දෙක තුනකින් අල්ල ගත්ත හැකිනෙ කියලා. අනෙ මන්දා මෙ මනුස්සය ට මොනා වෙලාද කියලා, වෙන එවුන් තාත්තලගෙන් හොරකම් කරන්නෙ, මෙයා මගෙන්. මම තාත්තගෙන කවදාවත් හොරකම් කරලා නැහැ. අයියයි, මල්ලි දෙන්නම කරලා තියනවා. මට අවස්තා හම්බ උනත් ... අනෙ මන්දා මෙ මනුස්සයා මැරුනට පස්සෙ කොහෙ යන්න හිතෙ තියන් ඉන්නවද කියලා....
කවුරුත් කාගැනවත් වැරදි වැටහිමක් ගන්න ඔනා නැහැ. මෙ කතාවෙනුත් වැදගත් දෙයක් තියනවා ගන්න..
මෙ ලොකෙ සමහර මිනිස්සු ඉන්නවා එ මනුසයින්ට බාධක කම් කටොලු හම්බ උනාට ගනන් ගන්නෙ නැහැ, කඩාගෙන බිදගෙන ඉස්සරහාට යනවා. තමුන්ගෙ මිනිසුන්වත් අමතක කරගෙන හො රැගෙන. වලි දාගෙන, බැනගෙන, හයියෙන් ඉස්සරහට දුවලා ගිහින් පස්ස බලපුවාහම තමුන් තනිවෙලා කියලා දැනෙනවා, නමුත් එ මනුස්සයෙගෙ හිතෙ තියන මානය හින්දා එක පිළිගන්නෙ නැහැ.
මම ඉතින් ගඟ ගලනවා වගෙ හිමිටනෙ වැඩ. එක හින්දා තිරණය කලා කන්ද මගහැරලා වටෙන් ගිහින් ගමන යන්න. මොකටද බොරුවට බොරු මිනිස්සුත් එක්ක පැටලිලා, ගහ මරාගෙන මටත් අයිතියක් තියනවා කියලා කැගහගෙන හිස් කෙනෙක් වෙන්නෙ. හිමිට වාගාවට වැඩිපුර අවධානයක් දක්වනවා, නමුත් එතනදිත් හිත් වෙදනාව විතරයි ඉතුරු වෙන්නෙ. අපෙන් 200 ට කිලො එකක් අරන් ගිහිල්ලා 400 ට විකුනනවා. අපි මාස දෙකක් ක් තුනක් මහන්සිවෙලා අව්වෙ කරවෙලා ගන්න ගෙඩි ටික, එකෙක් වරුවකින් විකුනලා අපි ගන්න 200 ම ගන්නවා. අපිම එක විකුනන්න ගියොත් ඌට මොකද වෙන්නෙ... කියලත් අපි හිතනවා. මෙ අස්සෙ අපෙ දෙශපාලුවො රට දියුනු කරනවාලු.
හරි හරි කොහොම උනත් සිද්ධිය පුදගලිකයි, එ වුනාට ආකෘතිය පොදු එකක්.
තවත් මනුස්සෙයෙක් තමුන්ව තරහා ගස්සන්න කරන ක්‍රියාවලින් තමුන් වැටුනොත් එක තමුන්ගෙ දුර්වල කමක්. මිනිස්සු කොච්චර බැන්නත්,බලපැම් එල්ල කලත් කෙලින් ඉන්න පුළුවන්න නම එක වටිනවා. මෙ සිද්ධියට ටිකක් නෙමෙ හොදටම දුක හිතුවා. මෙකෙ දුක ඩ්බල් උනෙ මාගෙ හදපු අම්මා කියපු කථාවක් හින්දා අද දවල්..." පුතා අපිට බැහැ උබත් එක්ක හැමදාම ඉන්න, අපිට වෙලාව ආපුහාම යන්න වෙනවා. උබ දැන් ඔයා කාගෙවත් දෙවල් පස්සෙන් යන්නෙ නැතුව උබෙ දෙයක් බලාගනින්, ආපහු කැම්පස් යමන් ගිහිල්ලා එ ටික කරගෙන රස්සාවක් හොයාගනින්.."
කස්ටිය මොකද හිතන්නෙ සිද්දිය ගැන , ඔයාලා නිතිමය පැත්තට යනවාද..? නැත්තම් කලින් සිද්දියෙදි මම වගෙ බකන්නෙලා ගෙන ඉන්නවද...?
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
1 month ago