සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

5/21/10

දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ....

ඉස්සර පොඩි කාලෙ අපි ක්‍රිකට් ගහනවා. ගමෙ සෙට් එකෙන් උසෙන්, ශරිර ශක්තියෙන්, වයසෙන් අඩුම එකා තමයි මම. හැබැයි ශක්තියෙන් අඩු උනාට අත කරකවලා බොලා දාන්න පුළුවන්. අනිත් වුන් දමලා ගහන සෙට් එක. එහෙම බොලා දාන්න පුළුවන් අය එක අතක ඇගිලි තරම් වත් හිටියෙ නැහැ ගමෙ. වයස 12, 13 වෙද්දි මටත් ඔන්න හම්බ වෙනවා පන්දු වාරයක් දෙකක් දමන්න. හැබැයි ඉතින් මෙ වෙලාව පිතිකරුවන්ගෙ පැත්තෙ කස්ටියට ඉතින් රජ මගුල්. අපෙ පැත්තෙ උන් අකමැත්තෙන් මට දෙන්නෙ. මොකද අත කරකවලා බොලා දාන්න පුළුවන් කිපදෙනාගෙන් කෙනෙක් නෙ.. එක හින්දා අනිවා උන්ට මට බොලා දාන්න දෙන්න වෙනවා. ඔන්න පලවෙනි පන්දුව දැම්මා. උඩින් ගිහින් වැටට එහා පැත්තෙ 6 ක්. අපෙ උන්ගෙ මුනවල් රතු වෙද්දි, මට හරි සන්තොශයි. බොලයක් දැම්මනෙ..ක්‍රිෂාන්තය ඌ මට වැඩිය දෙගුණයක් විතර උස එකෙක් වැරදි නැකතක ඉපදිලා අලියෙක් වගෙ ඉන්න එකෙක්, ඌ තමයි බැටා මෙ වෙලාවෙ. දෙවැනි බොලෙටත් මෙකා 6 ගැහැව්වා. දැන් නම් මාවත් රතු වුනා. තුන් වැනි බොලෙටත් මෙකා ගහපි හයක්, අනිත් වුන් මට බනිනවා, ලැජ්ජාව ඔන්න දැන් දෙවියන්ව සිහිවෙනවා



"අනෙ දෙවියනෙ මෙකාව ඉලග බොලෙන් අවුට් කරන්න මම දෙවියන්ට ඉල්ලන දෙයක් දෙනවා "


බොරුවට ටෙනිස් බොලෙට කෙල ගාලා කලිසමෙ අතුල්ලගෙන ඉඹලා දැම්ම බොලෙ. මෙන්න මෙකා එකටත් ගහපි හයක්.

" මොකද්ද දෙවියනෙ කරන්නෙ.. වස ලැජ්ජාව මු බොල හයට ගැහැවුවොත්.. හැබැයි දෙයියනෙ මු මෙකටත් හයක් ගැහැවුවොත් අපහු නම් කවදාවත් වඳින්නෙ නැහැ.. අයෙ ඉතින් මම හිතුවොත් හිතුවාම තමයි "

මෙහෙම හිතින් හිතලා දැම්මා ඉලග බොලෙත්.. ගම කැවා මෙකටත් ගහපි හයක්..
දැන් මගෙ ඇස් දෙකෙන් කඳුලු පනින්න ඔන්න මෙන්න, අනිත් වුන් මගෙ අම්මට තාත්තට බනිනවා. මට කලින් දාපු එකා දමලා ගහන එකෙක් වු ලකුනු තුනයි දිලා තිබුනෙ.. බොලා හතරයි හයෙ එවා හතරයි.

"මෙකෙන් අරුව අවුට් වුණෙ නැත්තම් දෙවියෙක් කියලා එකෙක් නැහැ මෙ ලොකෙ.. අයෙ ඉතින් තොට බැරිනම් හදිස්සියකදි මට උදවු කරන්න තොගෙන් වැඩැක් නැහැ."

එ බොලෙටත් ගැහැවුවා ක්‍රිෂාන්තයා හයක්... එකෙක් හූ කියනවා තව එකෙක් උඩ පනිනවා, මගෙ ඇස් දෙකෙ කඳුලු පනින්න ඔන්න මෙන්න. මට තෙරුනා. වැඩෙ හරියන්නෙ නැහැ දෙවියො ගැන බලන් ඉදලා මම ම මොකක් හරි කරන්න ඔනා කියලා, හිතට හයිය ගත්තා

 " කමක් නැහැ මෙකටත් හයක් ගැහැව්වට.. මම white දාන්නෙත් නැහැ no බොල් දාන්නෙත් නැහැ , අත කරකවලා වෙනදා විදියටම දාන්නවා කියලා. මම එ බොලෙත් දැම්මා එකටත් හයක් ගැහැව්වා.. 

නමුත් හිතට ටිකක් සතුටුයි මොකද මම බලාපොරොත්තු උන දෙ කරා. ගොඩක් අය හිතන් හිටියට හයෙ එවා 6ක් එක දිගට ගැහැව්වෙ යුවරාජ් , එංගලන්තෙ ෆ්ලිංටොෆ්ට කියලා මම දන්න විදියට ක්‍රිෂාන්තය රවාට ගැහැවුවෙ.. එදා මම හැප්පුනෙ මට වැඩිය ගොඩක් ශරිර ශක්තියෙන් වැඩි කෙනෙක් එක්ක. දෙවියන්ගෙන් එදයින් පස්සෙ මම කිසිම දෙයක් ඉල්ලුවෙ නැහැ,

 " අනෙ දෙවියනෙ විභාගෙ පාස් කරලා දෙන්න "
" අනෙ දෙවියනෙ මට අර කෙල්ලව යලු කරලා දෙන්න, මට හොද ජොබ් එකක් දෙන්න, මගෙ රට යන වැඩෙ හරිගස්සලා දෙන්න "  මෙවගෙ දෙවල් ඉල්ලලා වැද වැටෙනවා මම දැකලා තියනවා ඇස් දෙකෙන්ම.

පොඩි කාලෙ අම්මව දැක්කහම " අනෙ දෙවියනෙ අම්මාව සනිප කරලා දෙන්න"
මොන්ටිසොරි යද්දි " අනෙ දෙවියනෙ වැහැලා වෙලට උඩින් වතුර දාන්න මට මොන්ටිසොරි යන්න බැරි වෙන්න "
ඉස්කොලෙ යද්දි " අනෙ දෙවියනෙ මට උණ ගැනෙන්න ඉස්කොලෙ යන්න බැරි වෙන්න"
රොබින්හුඩ් ව වට කරලා මරද්දි  " අනෙ දෙවියනෙ හර්න් ගෙනල්ලා මොකක් හරි බයිලයක් කරලා රොබින්ව බෙරලා මැරියන් ලඟට ගිහින් දාන්න "
කිසිම දෙයක් දෙවියො ඇහැව්වෙ නැහැ.

 උසස් පෙළ කාලෙදි භෞතික විද්‍යාව කරන කාලෙනෙ, දෙයියො කිව්වාහම හිනා වෙන්නෙ කොතනින්ද කියලා දන්නවානෙ... වයසක අයත් එක්කලා තර්ක කරා 

"ආ බාන්න අත්තෙ උබෙ දෙයියට කියපන් මෙච්චර විනාශයක් කරන ප්‍රභාකරන්ව මරන්න කියලා, අකුණක් ගහලා හරි කමක් නැහැ "

ආත්තව ඇඹරුවෙ එහෙමයි..



අයියලත් එක්ක කතරගම ගිහිල්ලා ඔහෙ එ මෙ අත බලන් හිටියා අනිත් වුන් දෙවියන්ගෙන් එව්වා මෙව්වා ඉල්ලද්දි.. එ මැතකදි.
නමුත් මම දැන් නම් පිළිගන්නවා අපිට හැමදෙම බුද්ධියෙන් තර්කයෙන් , ඉන්ද්‍රියන්ගෙන් අල්ලන්න බැරි දෙවල් ලොකෙ තියනවා කියලා,

මගෙ අම්මා හැමදාම මට කියන්නෙ

 " දෙවියන්ට, බුදුන්ට  බය වෙයන් ... උඹලා උගත් වැඩියි.. මම හොඩි පොතවත් නොකියවපු එකි.. මම දෙවියන්ට බයයි "

කෙනෙක් අද මට කිව්වා

 " දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ...මම එක තෙරුම්ගත්තා ... ඔයත් තෙරුම් ගන්න..."

මම දෙයියන්ගෙ අවුරුදු ගණනාවක්ම මුකුත් ඉල්ලපු නැති එක එයා දන්නෙ නැහැ.
දෙවියො ගොඩාක් කාලයක් මම ඉල්ලපු කිසි දෙයක් දුන්නෙ නැහැ. ඉතින් මම ඉල්ලන එක එදයින් පස්සෙ නතර කරා. මට මනුස්සයෙක් ගෙන් යමක් ඉල්ලන එක ඉට වැඩිය නම්බුයි කියලා මම අදටත් හිතන් ඉන්නෙ. මනුස්සයෙ අසරණ වෙනවා බලන් ඉද්දි මම මැද්දට පැනලා එයාලව බෙරගන්න උත්සහා කරනවා. එ වගෙම තමයි මාව අසරණ වුණ යම් යම් තැන්වලදි  කකුල් දෙකෙ දෙවිවරු කිපදෙනෙක් ඉස්සරහට පැනලා මාව ගොඩට ඇදලා ගත්තු හැටි මතක් වෙද්දි හරිම සතුටුයි, මොකද අනිත් හැමොම දෙවියන්ව හොයද්දි මම දෙවියන්ව ඇස් දෙකෙන්ම දැක්කනෙ කියලා. අපි දෙයියොත් එක්ක සූදූ කෙලිද්දි දෙයියො අපිත් එක්ක සූදූ කෙලිනවා. හිනා යනවා එවා මතක් වෙද්දි.

මම එතනින් ඉගන ගත්ත වටිනාම දෙ තමයි

දෙනවා නම් දෙයක් මනුස්සයෙකුට, ඇස් දෙකට පෙන්න ඉන්න සතෙකුට මිසක්  දෙවියන්ට මගෙන් මුකුත් නැහැ කියලා හිතාගෙන හිටියෙ.... එත් අමතක වුනා දෙන්න මුකුත් දෙයියො දිලත් නැහැ... හා.. හා...

57 අදහස් දැක්වීම්:

Kandulu Binduwa said... [Reply to comment]
This comment has been removed by the author.
Kandulu Binduwa said... [Reply to comment]

හහ් හහ් හා..අයියේ දෙවියන්ගෙන් ඉල්ලන හෑම දෙම දෙවියෝ දෙන්නෙ නෑ තමයි..එත් සමහර වෙලවට දෙවියො ඉල්ලන්නත් කලින් අපිට සමහර ඩෙවල් ඩෙනෙව..පොඩ්ඩක් හිතල බලන්න ඔයටත් එහෙම අවස්ත මුණ ගෑහිල ඈති.

රවා said... [Reply to comment]

කදුලු බින්දුව.. මම යමක් කමක් තෙරෙන කාලයෙ දෙවියන්ගෙන් මුකුත් ඉල්ලපු කෙනෙක් නෙමෙ, ඔයා මාව පුදගලිකව දන්න කෙනෙක් නෙමෙ කියලා මම හිතනවා. මා ගාව දෙවියො දුන්න මුකුත්ම නැහැ අද. හැබැයි හම්බ වුණු තුවාල කැලැල් නම් ගොඩාක් තියනවා එවත් දෙයියො දුන්න එවා නෙමෙ, මල් කියලා දෙකට තියන්නෙ මම උසස් පෙල හොදින් සමත් විම තමයි. හැබැයි එකත් ඉතින් දෙවාල ගානෙ ගිහින් පොල් ගහල, පඩුරු බැදලා වුණ දෙයක් නෙමෙ. ගුරුවරු උගන්වන්න කලින් පොත් පත් කියවලා ඉගෙන ගත්තු හින්දායි පාස් වුනෙ. උසස්පෙල අද පාස් වෙන්න ලොකු ඉහල බුද්ධිමට්ටමක් ඔනා නැහැ. මම කටින් නිකමට කියවෙන්නෙ "දෙවියනෙ ඔබ මට ගෙනත් දුන්නා ස්තුති" එහෙම කියලා තියනවා. එ දෙවියන් විසින් කරවන්න මම පඩුරු බැඳලා බාර වෙලා කරපු දෙවල් නෙමෙ. තවත් මනුස්සයෙක් කරපු දෙයක් ඉස්සරා. අනික මම දැන් නම් දෙවියන්ට කිසිම චොදනාවක් කරන්නෙ නැහැ... අරක දුන්නෙ නැහැ.. මෙක දුන්නෙ නැහැ.. හම්බෙලා තියන දෙවල් වලට සැහීමකට පත්වෙනවා... හා හා..

වැප් said... [Reply to comment]

මම නම් මචන් ඔව්වා එපා කියන්නෙත් නැහැ කරන්න කියන්නෙත් නැහැ හැබැයි

"මා නොකෙරුවත් නොකල‍මි එය ගැරහීම" - [අයියනායක 11 වසර සිංහල සාහිත්‍ය]

යන පාඨය හිස් මුදුනින්ම පිලිගන්න කෙනෙක්

Anonymous said... [Reply to comment]

අයියෙ දෙයියො හිටියනම් අපේ රට අද මෙහෙම නෑ....

අයියගෙ අද පෝස්ට් එක නම් මාරම ලස්සනට ලියල තියෙනව......මරු අයියෙ

Thameera said... [Reply to comment]

දෙවියො කියන්නෙ මිනිස්සුන්ටම තමයි බං, හැම දේටම පිහිට වෙන්නෙයි වල කපන්නෙයි මිනිස්සුම තමයි

freedom said... [Reply to comment]

මල්ලි මිනිහෙකුට දෙවියෙක් ඕනෙ වෙන්නෙ මම දැකල තියෙන විදියට නම් තමන්ගෙ ආත්ම විශ්වාසය නැති උන වෙලාවට. අපි විභාගෙට හොඳට ලෑස්ති වෙලා ඉන්නව නම් කවදාවත් 'අනේ දෙයියනෙ මාව පාස් වෙන්න' කියනවද? තමන්ට තමන් සුවර් නැති වෙලාවට තමා දෙයියො ඕනෙ වෙන්නෙ.
මම නම් විශ්වාස කරන්නෙ බුදුන් පමණයි. දෙයියො නොවෙයි. දෙයියො පිං ගන්නෙ අපෙන්ලු. ඒ වුනාට 'අරක දෙන්න දෙයියනේ මේක දෙන්න දෙයියනේ' කියල කිසි ලැජ්ජාවක් නැතුව ඉල්ලනවා.
ප්‍රසිද්ධ දේවාලයක් එහා පැත්තෙ තරුණ තරුණියො විසි තිස් ගණන් මරා දාපු අවධියක හාස්කම් සිද්ධ කරපු දෙවි කෙනෙක් ඇස් කං පියාගෙනලු හිටියෙ. මේ ඒ කාලෙ පියෙක් හිතපු දේවල් සෝමරත්න දිසානායක දුටු විදිය.

"මුහුණු සයකි, ඇස් දොළසකි, මයුරා පිට වාහනේ
රුහුණු රටට අණ පතුරන, කදිර දේව රාජනේ
තුරුණු කැකුළු මල් කෙළෙසී මෙසිරිලකට වූ විනේ
මුහුණු සයට, ඇස් දොළසට කිම නොපෙනුණ කාරණේ! //

මාර සෙනඟ වියරු විලස වනසන විට රට
පාර දෙපස ගිනි සෑයේ සිරුරු දැවෙන විට
බේරගන්න එකම පුතා ඇස ලෙස සිටි මට
බාර උනේ ඉඩම, නිවස තබමින් උකසට

දේවාලෙට හැරෙන තැනම පලු ගසකට බැඳ
සාමිනි හමු උනා පුතුගෙ හිස නැති මළකඳ
කාවෙත, කොයි විලසට මේ අවනඩු කියමුද?
මේ නැති බැරි අපට දෙයියො සළකන විදියද?

සින්න උනා ඉඩම නිවස පොළිය ඉහළ පැන
කන්න, අඳින්නත් නොමැතිව ඇවිදිමි තැන තැන
උන්න එකම පුතු වැනසිණ මිහිකත ගිනිගෙන
බින්න ගිහින්දෝ දෙවියන් සුර ලොවකට වෙන!!"

මම නම් කියන්නෙ අපිට වෙන බොහෝ දේවල්වල වගකීම අපිම ගත යුතුයි බිය නොවී. මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන්නෙ නියාම ධර්ම 5ට අනුවනෙ.

රවා said... [Reply to comment]

වැපා
මචන් මම ගරහන්නෙ නැහැ.. මම එපා කියන්නෙත් නැහැ. හැබැයි මචන් මම හිතන විදියට දෙවියන් ගෙන් මම යමක් ඉල්ලන එකට වැඩිය මට නම්බුවක් මනුස්සයෙකුගෙන් යමක් ඉල්ලන එක.

රවා said... [Reply to comment]

හසිත මල්ලි
ඔන්න මල්ලිය උඹට තවත් දෙයක්..
ගුරුවරු උගන්වන්න කලින් සංකල්ප පොත් පත් වලින් කියවලා ඔලුවට ඔබා ගනින්.. උන් විභාගෙ ලං වෙද්දි තමයි ඔවා ඔක්කොම කරන්නෙ. නමුත් සංකල්පයක් මොලෙ ඇතුලෙ පැසවන කාලය වැඩි වෙද්දි එක හොදින් ජිර්ණය වෙනවා මොලෙට. ගුරුවරුන්ට වැරැද්දක් කියන්න බැහැ උන් ගෙවල් හදාගන්න ඔනා, දරුවො බලාගන්න ඔනා. දෙන පඩියත් එක්ක බලද්දි අපි ඉස්සරහට ඇවිල්ලා පෙනිලා ගියත් ඇති..

රවා said... [Reply to comment]

තමිර
ඔව් මචන් තැ අර්ථයෙන් දෙවියො කියන්නෙ මිනිස්සුන්ටම තමයි. එකයි ඇත්ත..

දුකා said... [Reply to comment]
This comment has been removed by the author.
දුකා said... [Reply to comment]

ඔක්කෝටම කලින් එකක් කියන්න ඕනි. උඹ ලියන ගොඩක් පෝස්ට් වල අකුරු වල කෑලි අඩුයි. කියවන අපිට පොඩ්ඩක් අපහසුයි. කියවීමේ ෆ්ලෝ එක බිඳෙනවා එතකොට. ඒ ගැන සැලකිලිමත් වෙයන්.
දෙවියෝ ගැන කියනවනම් මමත් දන්න කාලෙක ඉඳන් දෙවියෝ ගැන විස්වාසයක් නෑ.

එහෙම අය නෑ කියලා හිතනවා නෙමෙයි. ඒ අයට අපිට පිහිට වෙන්න බෑ කියලා තමයි හිතන්නේ.

මමත් කතරගම ගිහින් දෑවාලෙට නොගියපු වාරවල් තිබුනා. ගියත් මිනිස්සු එතන වැඳවැටෙන හැටි බලලා අනේ පවු කියලා අනුකම්පා හැඟීම් පහල කරන්න බලන්න ගියා විතරයි.

හොඳ ලිපියක් කොල්ලෝ . ..

කකුල් දෙකේ දෙවියෝ ගැන කියනවනම් මටත් ඒ වගේ අය නම් ඕන තරම් මූන ගැහිලා තියෙනවා

රවා said... [Reply to comment]

freedom
අක්කෙ මම හරි කැමති ඔයා හිතන විදියට. ඔයා කියන දෙ මට වැටහුනෙ උසස් පෙළ කාලයෙ , අපි සැමවිටම අවබොධයෙන් යුතුව මානුෂික ප්‍රතිපත්ති වල ඉද්දි සොබාදහමෙ තියන යම් යම් නියමයන්ගෙන් අපිට රැකවරණයක් තියනවා. මම එක හොදින්ම දැකපු දෙයක්.මට දැනෙන විදියට ඔනැම කෙනෙක් ඉපදෙද්දිම දෙවියෙකුයි, යක්ෂයයි අත් දෙකෙන් අරන් එන්නෙ සමාජයෙ එ ජිවියට මුණගැසෙන දැ නිසා දෙවියව අතහැරියත් යක්ෂයව අතාරින්නෙ නැහැ. සමහරු මෙ දෙන්නවම තැනට සුදුසු විදියට යොදාගන්නවා. වැඩිපුර අය මෙ යක්ෂයගෙන් තමයි වැඩ ගන්නෙ..

රවා said... [Reply to comment]

දුකා අයියා
ලියන්න තමයි මට ගොඩාක්ම බැරි හේතුව මට තෙරෙන්නෙත් නැහැ. මට තවත් පොස්ට් එකකට මාතෘකාවක් හම්බ වුනා මට ලියන්න බැරි ඇයි...
හරි හරි.. මමත් දැනට දුකා අයියගෙ ස්ථාවරයෙ තමයි ඉන්න.. ඉල්ලීම් නැහැ, පිහිටකුත් එපා, මා ගාව දෙන්න දෙකුත් නැහැ, හැබැයි මට ඔනා නම් මම එ දෙ ලබාගන්නවා එක අනිවා..

Shirosh said... [Reply to comment]

ඔබේ බ්ලොග් ලිපියක් මම අදමයි කියෙව්වේ. ඇත්තටම ඔබේ ලිවිල්ල ඉතාමත් අව්‍යාජයි. ඒ වගේම තාත්විකයි.මේක කියෙව්වම මට මතක් වුණේ අන්‍බේ සිවම්(Anbe Sivam)නම් දෙමළ චිත්‍රපටය. මෙහි ප්‍රධාන චරිත වලට රඟපාන්නේ කමල් හසන් සහ මාධවන්. ඔවුන් ගේ රංගනයත් චිත්‍රපටයේ කතාවත් හරි ලස්සනයි. Mr.සිවම් නම් මනුෂ්‍යයා දෙවියන් දකින විදිය ලස්සනට පෙන්වලා තියෙනවා.
හැබැයි මට නම් අපි කරන කියන හැමදේම දිහා බලාගෙන ඉන්න දෙවියෙක් ඉන්නවා කියන විශ්වාසය නම් මට තදේටම තියෙනවා. ඒ මම කතෝලිකයෙක් හින්දා වෙන්න ඇති. දෙවියෝ මට දීලා තියෙන දේවල් වලට මගේ යුතුකම ඉටු කරන කාලයකුයි දැන් මට උදා වෙලා තියෙන්නේ.
බොහොම ස්තූතියි ලස්සන අත්දැකීම් ටිකක් බෙදාගත්තාට සහෝ!

Anonymous said... [Reply to comment]

මචෝ මම විශ්වාස කරන දේනම් දෙවියො මට දීලා තියෙන දෙවලුත් තියෙනවා නැති දෙවලුත් තියෙනවා. ඒත් මම අර ගංවතුරට කොටු වෙච්ච මනුස්සයගේ කතාවත් ඉහලින්ම පිළිගන්නවා. ඒක අහලා ඇතිනේ? :)

ජය෴

හුටපටයා said... [Reply to comment]

දෙවියන්ට දෙන්න පුලුවන් නම්, අපිට තියෙන්නේ කිසිම වැඩක් නොකර දෙයියන්ගෙන් ඉල්ලන එක විතරයි. ඒත් එහෙම වෙන්නේ නෑනේ . . අපි මහන්සියෙන්, උත්සහයෙන් ලබා ගත්ත දේ විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ.

මාතලන් said... [Reply to comment]

මේකේ කොමෙන්ට්ස් දාපු ඔක්කොම ඒවුන්ට දෙවියන්ගෙ හාල් කැවිල. දෙවියො ඉන්නව මචං.

එකෙක් නෙමේ තිස් තුන් කෝටියක්. වෙලා තියෙන්නෙ එකෙක් දෙන්නෙක් ගෙන් ඉල්ලන කොට අනිත් ඔක්කොම දෙවිවරු ඒ දෙන් එක වලක්වනවා.

ඒක නිසා කාළ වේලාව, විය හියදම්, ඉඩ කඩ ගැන බලන්නෙ නැතුව, තිස් තුන් කෝටියක් පහන් එක වෙලාවේ පත්තු කරල. ඔයාගේ ප්‍රාර්ථනාව එයාලට කියන්න. ඕනම දෙයක් දෙනවා.

අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි......

``` Outsider``` said... [Reply to comment]

දෙවියො ඇති ගොඩක් දුරට. ඒත් දෙවියන්ටත් දෙවියන්ගෙ ජීවිතයක් ඇති. මිනිස්සුන්ගෙ වුවමනා එපාකම් වෙනුවෙන්ම පෙනී ඉන්න බැරිව ඇති. අනික සෙල්ලම් කරද්දි අනෙක් ක්‍රීඩකයා දවාලන එකේ ඉඳල මිනිස්සු කරන කියන හැම බොළඳ නිසරු වැඩ වලටම අතරමැදියෙක් වෙනවනම් දෙවියො කියන්නෙ වැඩකට නැති දේශපාලකයෙක් වගේ වෙයි. එසේම මිනිස් ඔඵවල ඉල්ලීම් සෑහීමකට පත්වෙලා ඉවරවෙයි කියා දෙවියන් කියා තමන්ටවත් හිතාගන්න පුඵවන්ද? ඒ වගේම උඹ විකට් එක පතන වෙලේම ක්‍රිෂාන්ත හයේ පාරක් පතන්නත් පුඵවන්. දෙවියො පක්ෂපාතී වෙන්නෙ කාටද? පක්ෂපාතී වෙනවනම් එම දෙවියන් කියන සංකල්පයේ අර්ථයක් තියෙනවද? මිනිසුන් පළමුව උගත යුතුයි දෙවියන් සමග සුසර වෙන්නෙ කොහොමද කියල.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

අපිට නොපෙනෙන මාන වල වගේම අපිට පෙනෙන ත්‍රිමාන මානයෙත් දෙවියෝ ඉන්නවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවනේ ඒව ඇත්ත වෙන්න පුලුවන් අපිට එකපාරම බැහැර කරන්න බැහැ, ඒත් සෑබැ ලෝකයේ ස්වරෑපය වෙනස් අපි ජීවත් වෙනකොට අපිට බොහොම සීමිත දෙවිවරු බදු මිනිසුන් ප්‍රමාණයක් මුන ගැහෙනවා ඒ අය අපිට ජීවිතය ගෙනියන්න උදව් කරනවා හැබැයි ඊට වැඩියි අමුනශ්‍ය අය තමයි වැඩි, කොහොම උනත් තමන් හොද අවබෝධයකින් ජිවතය ගෙනියනවනම් තමන්ටත් දෙවියෙක් වෙන්න පුලුවන් එතකොට තමන්ට ඕන දේ තමාගෙන්ම ලබාගන්න පුලුවන්

මාරයාගේ හෝරාව said... [Reply to comment]

හොඳ මාතෘකාවක්..
ඒත් මම හිතන විදියට නම් තව ලියන්න දේවල් තිබුනා..

කොහොම උනත්..?
දෙවියන් සිටියත් නොසිටියත් ඔවුන් ඇයි අපට පිහිට විය යුත්තේ කියලා කල්පනා කළහොත් තවත් දෙයක් අවබෝධ වෙයි..

ඇයි දෙවියන් අපට පිහිට විය යුත්තේ..?

හසී said... [Reply to comment]

මොනවා උනත් මටනම් දෙවියෝ වගේ මනුස්සයෝ මුණ ගැහිලා තියෙනවා.හොඳ පෝස්ට් එකක් අයියේ..!

Pasan said... [Reply to comment]

sigmund freud ෙග ෙපාතක සිංහල පරිවර්ථනයක් තියනව දෙවියන් සහ භූතයන් ගැන එ්ෙක තියනව එයාලට ෙමානවද කරන්න පුලුවන් ෙමාවනද බැරි කියල

ගාමිණි කුමාර විතාන පරිවර්ථනය කරපු ෙපාතක තියනව ෙදවියන් කියන්ෙන තමන්ෙග් යටි හිතයි කියල දෙවියන් යදින හැම අවස්ථාවකම එවැනි ෙද් යටි හිෙතන් ඉල්ලුෙවාත් සාර්ථක ප්‍රතිපල ලැෙබනව

පිස්සා පලාමල්ල said... [Reply to comment]

මම කියන්නේ නැහ දෙවියො ඉන්නවා කියල... ඒ වගේම දෙවියො නැහ කියන්නෙත් නැහ.

ඒත් මේ ලෝකේ අපිට නොපෙනෙන... නොතේරෙන බලවේග තියෙනවා කියල මම විශ්වාස කරනවා.

මිනිස්සු පන්සල් දේවාල වල ගිහින් බාර වෙන්නේ... ඉල්ලීම් කරන්නේ... ඒවා යින් හිතට සහනයක් දැනෙන නිසා කියලා මම හිතනවා.... දෙවියොන්ට ඒ දේවල් දෙන්න බැරුව ඇති. ඒත් අර හිතට ලැබෙන හය්යෙන් මිනිස්සු ඒ දේවල් තන ම කරගෙන දෙවියන්ට පින් දෙනවා.


ඒ වගේම මාරය අය්ය කිව්ව වගේ.. ඇ‍ය් දෙවියො අපිට උදව් කරන්නෙ ???

පිස්සා පලාමල්ල said... [Reply to comment]

මොනව උනත් හොද ලිපියක්... මටත් ඉස්සර සෙල්ලම් කරද්දි ඔහොම වෙලා අම්බානක බැනුම් අහල තින්යෙනව හික් හික්

Thameera said... [Reply to comment]

@මාතලන්:
[said]ඒක නිසා කාළ වේලාව, විය හියදම්, ඉඩ කඩ ගැන බලන්නෙ නැතුව, තිස් තුන් කෝටියක් පහන් එක වෙලාවේ පත්තු කරල. ඔයාගේ ප්‍රාර්ථනාව එයාලට කියන්න. ඕනම දෙයක් දෙනවා.[/said]

ඔයා මේ සිරාවටමද කියන්නෙ? 

Anonymous said... [Reply to comment]

"අඳුරු කුටිය තුළ දොරගුළු ලා ගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ.පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වෙ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ" කියල කියන්නෙ ඒකනෙ.පියවි ඇහැට දකින්න දෙවියන් හිටියත් අපි හුග දෙනෙක් නොපෙනෙන දෙවි කෙනෙක් පස්සෙන් වැටිල.

රවා said... [Reply to comment]

Shiroshan Randika ට
ආවට ගොඩාක් ස්තුති මල්ලි
අන්බෙ සිවම්.. මමත් ගොඩාක් ආසම චිත්‍රපටියක්, කැම්පස් එකෙ දෙමල යහලුවෙක් ගෙන දැනගත්තත්, මට දෙපාරම අහු වුනෙ අන්තිම විනාඩි දෙක තුන බලන්න විතරයි ටිවි එකෙ විකාශය වෙද්දි. මම නෙට් එකෙන් අරන් බැලුවා.. එතනින් ඉගෙන ගත්තු දෙවලුත් තියනවා. විශ්වාසය.. කියන්නෙත් අපුරු වචනයක්..පස්සෙ දවසක කතා කරමු මෙ ගැන.

රවා said... [Reply to comment]

රොයිලි අයියා..
අදහස තිබ්බට ස්තුති.. ගං වතුරට කොටුවෙච්චි මනුස්සයගෙ කතාවනම් දන්නෙ නැහැ අයියා. වෙලාවක් තියනවා නම් මෙතන පොඩි සටහනක් දාන්න.

රවා said... [Reply to comment]

හුටපටයා
ඇත්ත යහලුවා.

මාතලන්....
අඩො බින්දුවෙන් බෙදෙන වැඩ කරන්න එපා මචො. අත්දුටුයි.., ප්‍රත්‍යක්ෂයි කියලා කියන්න කොහොමට වත් බැහැ.
අයියො මාතලන්.. මම අදනෙ ඔයගෙ බ්ලොග් එක දැක්කෙ හරිම ලස්සන වැඩක්..කාටවත් මඩ ගහන එක නෙමෙ .. කියවන කෙනාව හිනස්සන එක හරිම වටින දෙයක්..

රවා said... [Reply to comment]

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
ඔයාගෙ නම කියවද්දිම හිතට ලොකු සනීපයක් දැනෙනව..හරි යහලුවා ස්තුති අදහසට. ඉන්නවා නම් හිටපුවාවෙ අපෙ ගෙම අපි ගහනවා.. මනුස්සයින්ගෙ උදව්වෙන්

Anonymous said... [Reply to comment]

Wap සමඟ එකගයි මමත්.......

රවා said... [Reply to comment]

මාරයියා

ලියන්න දෙවල් අතු දිගෙ ගිහින් හදාගත්ත හැකි නමුත් තර්ක කර කර ලියන්න මම කැමති නැහැ. මොකද තර්කයට අල්ලන්න බැරි ගොඩාක් දෙවල් මෙ ලොකෙ තියන බවත්, මිනිස්සු එවා තර්ක කර කර හොයද්දි මිනිස්සුන්ගෙ අතුලෙ තියන කුහකකම, ආත්මාර්ථය එලියට පෙනෙනව. මම එකට කැමති නැහැ. සමහර මිනිස්සු වාද කරද්දි නිදහස්ව හිතලා වාද කරනවා කියලා කිව්වත්,එ අය හැමතිස්සෙම රාමුවක් තුල ගොමු වෙන කරුණු තමයි ගෙන හැර පාන්නෙ.
අම්මා මට විශ්වවිද්‍යාලයට යන පළවැනි දවසෙ කිව්ව

" උඹ කිසිම එකෙක් එක්ක ආගම ගැනයි, දෙශපාලනය ගැනයි තර්ක කරන්න යන්න එපා "

රවා said... [Reply to comment]

පසා
බදුල්ලට යනවා කිව්ව නෙද..
සිග්මන් ප්‍රොයිඩ් ගෙ පොත නම් කියවලා නැහැ නමුත් ගාමීණි මහත්මයගෙ පොත නම් කියවලා තියනවා පොඩ්ඩක්. උත්සාහය , උනන්දුව, විර්ය, අවශ්‍යතාවය තියනවා නම් දෙයක් ලබාගන්න පුළුවන් කියන තැන මගෙ ඔළුව තියන්නෙ.

රවා said... [Reply to comment]

පිස්සා පලාමල්ල ට
හිතට සහනයක් වුනත් දවසක එක ලොකු අසහනයක් වෙනවා, මිනිස්සුන්ගෙ හැටි කියන්නෙ එකටත් මොකාක් හරි හෙතුවක් ඔබනවා නෙ හික් හික්..

තමිර ට

.. මතලන් කියන්නෙ ආතල් පොරක් වගෙ.. එයා සිරාවටම නෙමෙ කියන්නෙ...

ඉසිඹුව
මුකුත් නැහැ, සින්දුවෙන් විවිධ තෙරුම් එලියට ඇදලා ගත්ත හැකි. ස්තුති මිතුරිය.


වත් අක්ක

කාලෙකට පස්සෙ.. දැන් කෙල්ලට වැඩ වැඩියි නෙද..

මයියා said... [Reply to comment]

ලිපියයි, කමෙන්ට්ස් ඔක්කොම කියෙව්වයින් පස්සේ ඒකදේව, බහුදේව , දෙවියන් නැත, සිටියත් වැඩක් නැත යනා දී සියලු දේ ලියා ඇති බව පෙනුනා..

දෙවියන් සිටියත් නැතත් ,,, ඒ කාටවත් මිනිසාගේ මනස තුල ඇතිවන හැගීම් සිතුවිලි පාලනය කරන්න බැරි බව..සියලු ආගම් වල අය පිලිගන්නා දෙයක්...

මිනිස් සිතුවිලි වල ප්‍රබලත්වයේ තරම නම් එක එක ආගම් වලට අනුව වෙනස් ව විස්තර වෙනවා...

රවා said... [Reply to comment]

යසෙල අයියා
අපිට ඔනැම තැනකදි න්‍යායනුකූලව හොයාගන්න පුළුවන් උනත් ප්‍රායොගිකව කිසිම තැනකින් හොයන්න බැරි දෙයක් තමයි මෙ 100 % සංකල්පය. ඉතින් අන්න එ වගෙ තමයි හැමදෙම පාලනය 100 % ක් නැහැ.

Anonymous said... [Reply to comment]

මේලොකෙ ඉන්නෙ මරුම මිනිස්සුතමා....... හික්ස්. මොනවහරි දෙයක් දෙවියන්ගෙන් ඉල්ලලා කරුමෙට හරි ඒක හම්බුනොත් දෙවියො ඉන්නවා. හම්බුනේ නැත්තම් දෙවියො නෑ.

මනුස්සයන්ට හිතක් ලැබිල තියෙන්නෙනම් ඕනදෙයක් හිතන්න. කාටවත් ඒකට වැටබදින්න බැරිකතාවනම් ඇත්ත. මගේ මතේට අනුවනම් දෙවියන් අපිගාවම ඉන්නවා. එයා ඉන්නෙ අපේ හිතේ. ඕනම දෙයක් කිරීම හා නොකිරීම තියෙන්නෙ අපේ අතේම තමා.

ඒකතම අපිට දෙවියන්දීල තියෙන හැකියාව. ඔයාටත් එදා කරුමෙට වගේ අරමනුස්පයව විකට්ටුවෙන් දොට්ට දමාගන්න පුලුවන් වුනානම් ඔයා අදටත් විශ්වාසකරනව දෙවියන් ඉන්නව කියලා...... හික්ස්. පොඩ්ඩක් හිතන්න.

ඉල්ලුවත් නැතත් දෙවියන්ට කමතිනම් ඒක දෙනවා කැමති නැත්තම් දෙන්නෙම නෑ. බිමපෙරලිල අඬල වැලපිල කිව්වත් එච්චරමතමා. ඒකනේ එයාට දෙවියො කියන්නෙ.

නැත්තම් අපි ඉල්ලන ඉල්ලනදේ දුන්නොත් හොඳට හිටී ( හරියට මෙහෙම කිව්වම වගේ "දෙවියනේ මට මිනිහෙක් මරන්න ඕනෙ මට තුවක්කුවක් දෙන්න" ) .

හැමොටම මරණමංචකේදිනම් දිවියො සිහිවෙනව කියන එක කාටත් නොරහසක්නේ . මනුස්සයො විදිහට හරි ඔයාට උදවුකලේ දෙවියොතම. ඒක මම හිතන විදිහ. කොහොම උනත් හොඳ පෝස්ට් එකක්.

ඔබට සුභ........

රවා said... [Reply to comment]

ජේ.ඩි. ට
දෙවියො ඉන්නවද නැද්ද කියන දෙ ප්‍රශ්නයක් නැහැ. 13, 12 වයස එකාලෙ භූමිතෙල් වලින් හඳට රොකට් අරින කාලෙ. දැන් අපි ඉන්න මට්ටමෙ නෙමෙ එ වෙලාවෙ ඉන්නෙ.

ඔයා කියනවා මනුස්සයො විදියට මට උදව් කලෙ දෙවියො කියලා, මම කියනවා දෙවියො විදියට මට උදව් කලෙ මනුස්සයො කියලා.

අපි දෙන්නගෙන කවුද හරි කියන දෙ මම දන්නෙ නැහැ.
මට ඔක්කොම පෙන්නෙ නැහැ කියලා මම දන්නවා.මම පිහිට සරණන කියන්නෙ තමුන්ගෙ ප්‍රතිපත්ති, හැසිරිමෙන් තමුන්ට ලැබෙන දෙ පමණයි.

Kandulu Binduwa said... [Reply to comment]

හ්ම්ම් කමෙන්ට් ඔක්කොම බෑලුවහමනන් අපි ඉල්ලන හෙමඩෙම ලබෙන්නෙ නෑ තමඉ..ලස්සනට ලියල තියෙනෙව අය්යේ..

කදුළුබිංදු said... [Reply to comment]

තවත් කදුළු බිංදුවක් තියයෙනවා ඒ මම නෙමෙයි මල්ලියො හොදේ.මටනම් හිතෙන්නෙ දෙවියොත් යක්ෂයොත් දෙගොල්ලම අපිතුලම ඉන්නව කියලයි.ඒත් මල්ලි මෙහෙම දෙයක් තියෙනව.අපේ හිත් කඩාවැටිල අසරණ වුන වෙලාවටඅනේ දෙවියනේ කියල දෙවියන්ට හරි අපේ දුක කීවම හිත සැහැල්ලු වෙනව.ඒ මොකද මටනම් මගේ දේවල් ‍කියන්න වෙන කෙනෙක් නැති නිසා වෙන්නත් ඇති.ඒත් දෙවියො නම් මටත් පිහිට වෙලා නැහැ අදටත්.ඔයාගෙ කවිය ගැන දැන්නම් තේරුම් ගන්න පුළුවන්.ටිකක් විතර.කොහොමත් මට මොනවහරි තේරුම් එන්නෙ ටිකක් ප්‍රමාද වෙලා.

රවා said... [Reply to comment]

කදුළුබිංදු අක්කට

ඔව් අක්කෙ මම එ දෙවනි කඳුලු බින්දුවට කිව්වා, ඔයා කදුලු බිංඳු, එයා කඳුලු බින්දුව නිසා පැටලෙන එකක් නැහැ කියලා. අක්කෙ ඔය ප්‍රමාද වෙලා තෙරුම්ගන්න දෙවල් තියනවා නෙද .. එවා ජිවිත කාලෙම මතක හිටිනවා මට නම්, හරිවම වටින දෙවල් ටිකක්. කො අපිට කවියක් එහෙම නැද්ද ..

විහඟ ගීතය said... [Reply to comment]

ඔබමෙන් මමත් කලකදි දැනුමෙන් ලැබුන
ලැබුනෙන් යමක් මම හරියෙම් යැයි සිතුන
සිතුනෙන් තර්කයෙම බැදි ඒ හා දෙවුන
දෙවියන් ඔබේ සිතයි නිතියෙන් වැඩ සදන

සොයමින් දෙවොල් වල දෙවියන් යදින්නේ
දෙවියන් තම හිතයි, හරි මඟ කියන්නේ
දහමින් බුදුන්ගේ හිත ගැන හැදින්නේ
බොදුනුන ඇයි? දේව වාදිව සිටින්නේ

"චෙතනාහං භික්ඛවේ.. කම්මං වදාමී"

රවා said... [Reply to comment]

විහඟය දිනක දි හැමදෙ නැතිවෙලූ
එනමුත් එකතු කර ගොඩ මහ ගසනවාලු
දෙවියන් බුදුන්ගෙන් යම් දෙය පතනවලු
ඉල්ලා නොලැබ එදෙ හා බැඳෙනවාලු

සිතෙ මහිම මෙ අය හට නොපෙනෙන්නෙ
දෙවියන් සමග මෙ අය හරි හරියට සමගින්නෙ
නැත මම එයට කිසිදිනකදි ගරහන්නෙ
මටනම් එපා දෙවියන්ගෙන් කිසිවක්නෙ..

Anonymous said... [Reply to comment]

Nicely written.

You have to be little careful about sinhala spelling.

Join.

http://richarddawkins.net/

Isuru Wijesinghe said... [Reply to comment]

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි...


ඒක කිව්වෙ නිකම් හොඳද ? මේක කියවගෙන යනකොට මට ඒ සිංදුව මතක් උනා.

මෙහෙම දෙයකුත් තියෙනවා නේද ? අනෙක් දවස් වලට උන්නද මලාද කියල හොයන්නැති දෙයියන්ව මොකක් හරි කරදරයක් උනාම වැඩක් කරව ගන්න ඕන උනාම මතක් වෙනව. ඉතින් දෙයියන්ට උනත් උදව්වක් කරන්න හිතෙයිද ?

රවා said... [Reply to comment]

dawkinssdodo

thank you..

සුදු මහත්තයා....

මහත්තයො දෙවියන්ව ඇති වුන එක ගැන තියන කතා බලන්නකො... එතොකට තෙරෙවි දෙවියන්ව ඇති වුණෙ ඇයි කියලා..

Unknown said... [Reply to comment]

අදහස් ටික නියමයි.. මාත් හිතන්නේ දෙවියන් පස්සේ යනවට වඩා තමන්ගේ උත්සාහය හා ආත්ම විශ්වාසයෙන් වැඩ කරොත් අපට අවශ්‍ය දේවල් අපට ලබාගන්න පුළුවන්...

රවා said... [Reply to comment]

ආත්මවිස්වාසය ඉලග කාරනය හැබැයි අපිව රවට්ටන.. තවත් කෙනෙක් තමයි අත්ම විස්වාසය..

Hipo said... [Reply to comment]

ඕවා ගනන් ගන්න එපා රවා...දෙවියො කියලත් කීදෙනෙක් දිහා බලන්නද නෙද.

රවා said... [Reply to comment]

හීපො අක්කා වැඩක් නැහැ අක්කා.. මෙව්වා ගණන් ගත්තොත්.......
ඉතින් එ වුණාට දෙයියන්ට තිබුනා නෙද අන්තිම බොලෙදිවත් ඌව අවුට් කරන්න.. හා.. හා.. (හිනා)...

Anonymous said... [Reply to comment]

ඇත්තටම අද post එක ගොඩාක් ලස්සනයි ලියලා තියනවා.ලියන දේවල් කියෙව්වට comment එකක් දාන්න තරම් නිස්කලංකයක් තිබුනේ නැති නිසා හැමදාමත් කියවලා විතරක් යනවා...
ඇත්ත දෙවියන්ගෙන් ඉල්ලන හැමදේම ලැබෙන්නේ නැහැ මම නම් එහෙම ඉල්ලලත් නැහැ.

Jay said... [Reply to comment]

post එක ලස්සනයි ලියලා තියනවා.වෙන බොහෝ දේවල්වල වගකීම අපිම ගත යුතුයි. කියන එකයි මගේ හැඟීම. දෙවියෝ ඉන්නවා හෝ නැතා හෝ තම ශක්ති ප්‍රමාණයෙන් ජීවිතයට මුහුණ දිය යුතුයි.

රවා said... [Reply to comment]

නිමන්ති අක්කා
දෙවියන්ගෙන් මොකාක් හරි එක දෙයක් ඉල්ලන්න.. එයාට දෙන්න පුලුවන් දෙයක්..

Ansh Lucky Sri Jay අක්කට

තම හිසට තම අතමය සෙවනැල්ල..

~ChAnDiKa~ said... [Reply to comment]

සැහෙන්න වැදගත් ලිපියක් රවා. හැමදේම දෙව්යන්ට් බාරදීලා බලාගෙන ඉන්න අය අපි අතරෙ කොනෙතුත් ඉන්නවා. නමුත් තමන්ගෙ හිත ශක්තිමත්නම් මොන දෙයියෙක්වත් ඕන නෑ කියන එක තමයි මගේ අදහසනම්..

Unknown said... [Reply to comment]

බොහොම හොඳ ලිපියක් රවා..

ජය

Anonymous said... [Reply to comment]

mama sinhala type karanna danne nh ath fee;ings ekai mama try karnwa sinhalen type karanna ath bh wadak nh eka rva ayya goad`s gana kiyapu kathwa aththa a kattiya ehema thamai mama succh karanne nh a kattiya oyata hoda heart ekaka thiyenwa goad`s laoni nh

කස්ටිය