සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

6/22/10

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ.




මම අදුරන ලොකු අයියා කෙනෙකුට වුණු වැඩක්. මෙ අයියට අපි කියමු චමිත් කියලා. මෙයා සා/පෙ දවස්වල ඉදන් කෙල්ලෙකුට ආදරෙ කරා, කෙල්ල වෙනුවෙන් මෙ අයියා ලොකු කැපවීමක් කරා, වියදම් කරා ගැහැණු ලමයගෙ අධ්‍යාපනය වෙනුවෙන්. මෙ අක්කාත් ගොඩාක් ලස්සනයි. මෙ අක්කට අපි කියමු තරු කියලා. චමිත් අයියා අයියගෙ යහලුවන්ට පෙන්නුවෙ ජොලියට කරන වැඩක් මිසක් සිරා ලව් එකක් නෙමෙ මෙක කියලා. එත් මෙ අයියගෙ හැමදෙයක්ම තිබුනෙ මෙ අක්කා වෙනුවෙන්. මෙ අක්කගෙ එක කුසෙ උපන් අක්කා ටිකක් නෙමෙ හොදටම සල්ලි තණ්හාවෙන් හිටියෙ. මෙ අයියා රියදුරු රැකියාවක් කරෙ. එත් අක්කාට ගොඩාක් ආදරෙ කරා. මමත් මෙ අයියත් එක්ක ගිහින් තියනවා එ අක්කව හම්බවෙන්න.

කොහොමෙන් කොහොම හරි තරු අක්කට ගෙදරින් යොජනාවක් ගෙනාල්ලා තියනවා. එ කොල්ලා ඉතාලියෙ රැකියාවක් කරන කෙනෙක්. අපෙ පැතිවල ඉතාලියට යනවා කියන්නෙ ඉතින් ඇලඩින්ගෙ පහන හම්බවුණා වගෙ වැඩක්. එක නිසා මෙ පැත්තෙ තරුණ වයසෙ ඉන්න අයගෙ සිහිනයක් ඉතාලිය. " මිල්ල සොයා " කියන චිත්‍රපටියත් එක්තරා විදියකට මා වටා තිබෙන ජිවිතවලට සම්බන්දයි, එහි ප්‍රධාන චරිත පදනම් වුණ සැබැ ලොකයෙ චරිතත්, එහි නිර්මාතෘවරයාත් පවුලෙ හිතවතුන්. මට නම් ඉතාලි සිහිනයක් නැහැ. ඉතින් තරු අක්කා එ ඉතාලි අයියත් එක්ක කසාඳ බැදලා. බැන්දට පස්සෙ එ අයියා ඉතාලි ගිහින් අක්කවත් එ රටට ඉක්මනින් ගන්නම් කියන පොරොන්දුව පිට. නමුත් මෙ අක්කා එක අපෙ චමිත් අයියට කියලා නැහැ. එයත් එක්කත් දිගටම ආදර සම්බන්දකම පවත්වගෙන ඇවිල්ලා අවුරුදු දෙකක් විතර. චමිත් අයියට යහලුවො කීපදෙනෙක් කියලා තියනවා " ඔය කෙල්ල බැඳලා ඉන්නෙ, ඉතාලි කොල්ලෙක්ව අයින්වෙයන් ඔතනින් " කියලා. මු ඇහැව්වෙ නැහැ. එ දවස්වල මාත් එක්ක මෙ අයියා එහාට මෙහාට යන්නෙ. මම තමයි මුගෙ යහලුවා වුණෙ. එ අයියා දවසක් තනියම දඹුල්ලට යනවා කියලා මට අඩගැහුවා. මමත් ගියා. දඹුල්ලට ගිහින් එලවලු අරන් එද්දි පාන්දර 2, 3 ට විතර. අපි දෙන්නා ඉස්සරාහා ගොලයො එලවලු උඩ.. පිටිපස්සෙ. එද්දි මට සම්පූර්ණ විස්තරය කියනවා.

"මචන් මෙහෙම හැමොම මට කියනවා මෙ කෙල්ල බැදලා ඉන්නෙ කියලා ඇහැව්ව හම කෙල්ල නැහැම කියනවා, කෙල්ල කියනවා නම් මාව කසඳ බදින්න කියලා , මම අද වුණත් ලැහැස්ති මෙ කෙල්ලව ගෙදර ගෙන්න, අම්මා කෙස් එක ඇද්දත් පස්සෙ එයා කැමති කරගන්න මට පුළුවන්, මෙ කෙල්ල වචනයක් දෙන්නෙ නැහැනෙ බන්. ලං වුන වෙලාවෙ පොඩි එකියක් වගෙ පපුවට තුරුල් වෙලා ඉන්නවා මිසක්. "

" චමිත් අයියා, බලාගෙන අපිට වැඩිය ලොකු උගෙ ජිවිත දිහැ බලහන්, ගමෙ කොච්චර ඉන්නවාද, ලව් කරලා, වහබිලා, චාටර් වෙලා, අනාත නාත වෙලා, නන්නත්තාර වෙලා.කෙල්ලන් ව විස්වාස කරලා තිර්ණ ගන්න ගියොත් අපිට වරදින්නෙ අපි දන්නෙම නැතිව "

එදා චමිත් අයියාට කියපු දෙ පස්සෙ කාලෙක මටත් අමතක වුණා.

ඉට ටික දවසකට පස්සෙ චමිත් අයියා ගමෙන් අතුරුදහන් වුණා. මට ආරංචි වුණෙ චමිත් අයියා ඉතාලි ගියා කියලා. නමුත් කාටවත් නොකියා එහෙම යන කෙනෙක් නෙමෙ. නමුත් එහෙම ගිහින් තිබුනා. මම ඉට පස්සෙ යහලුවා ගැන හොයන එක නතර කරා. නමුත් ඉට ගොඩාක් දවසකට පස්සෙ සිදුවුන සිදුවිම දැන ගත්තා.

මේ අයියත් එක්ක සම්බන්දකම පවත්වගෙන ඉන්න කාලෙදිත් තරු අක්කා බැඳලා ඉදලා තියන්නෙ. බැඳලා රට ගිහිල්ලා. පවුලෙ අඟහිගකම් නිසා බැන්දයි කියලා හිතන්න බැහැ. මෙ අයියාගෙන් ඉල්ලුවා නම් මෙ අයියා ඔන තරම් සල්ලි හොයලා ගෙනත් දෙනවා.

 මම දැක්කා එ අක්කා එදා චමිත් අයියාගෙ පපුවට හේත්තු වෙලා හිටපු හැටි. අක්කාගෙ මුහුනෙ බියක් තිබුනත් මම හිතුවෙ අඳුනන කෙනෙක් දැක්කොත් කියන හේතුව නිස ඇතිවු බියක් කියලා.
චමිත් අයියා සියලුම විස්තර හොයලා කසාඳ සහතිකයත් හොයාගෙන එ දෙන්නගෙ. එකෙ කොපියකුත් අරගෙන. චමිත් අයියා ගමෙන් අතුරුදහන් වෙලා කරලා තිබුනෙ ඉතාලි යන්න ක්‍රමයක් හොයන එක, විවිධ තැන්වල මාස කිපයක් නැවතිලා ඉදලා, එයාගෙ තාත්තගෙනුත් සල්ලි ඉල්ලගෙන ඉතාලි යන්න වීසා, ඔක්කොම හදලා යන්න දවසකට කලින් එ අක්කට එයාලා හම්බ වෙන තැනට එන්න කියලා. චමිත් අයියා එදා එ අක්කාගෙ කසාද සහතිකෙ පිටපත සාක්කුවෙ දාගෙන ගිහින් තියන්නෙ.

එතනදි අයියා එයාගෙන් ඇහැව්වලු.. එයත් එක්ක ටිකක් ආදරෙන් තුරුල් කරන් ඉඳලා අන්තිමට යන්න එද්දි ඇහැව්වලු.

" මට ඇත්ත කියන්න සුදු .. ඔයා බැඳලද ඉන්නෙ..?.."
" නැහැ..."

මෙ අයියා දෙතුන් පාරක් ඇහැව්වලු. එ හැම සැරෙම නැහැ කියලා තියන්නෙ.

අන්තිමට චමිත් අයියා සාක්කුවෙන් අරන් කසාද සහතිකය පෙන්නද්දි එක්කා මුහුණ වහගෙන ඇඬුවලු.

"මම හෙට ඉතාලි යනවා, ඔයාට ස්තුති.. මෙහෙම මගෙ ජිවිතෙ හැදුවට.. ඔයා මෙහෙම නොකරන්න මම කවදාවත් ඉතාලිය යන්නෙ දඟලන්නෙ නැහැ. ඔයත් ඉතාලියට එයිනෙ කවදා හරි එහෙදි හම්බවෙමු.. හැබැයි මෙහෙම නෙමෙ. "

මෙ සිද්දිය වෙන තැන මට ඉන්න බැරි වුණා. නමුත් මම ඔහුගෙ සම වයසෙ යහලුවෙක් නොවන හින්දා ගොඩාක් ඔහුගෙ හිතෙ සම වයසෙ යහලුවන් හට නොපෙන්වු තැන් මම දැක්කා. එක හින්දා මම හිතනවා එතනදි එයාගෙ ඇස් දෙකෙන් කඳුලු බින්දුවක් දෙකක් ආවත්, එයාගෙ මුහුනෙ හිර කරගෙන ඉන්න ඇති.

චමිත් අයියා මට එදා දඹුල්ල ගිහින් එද්දි මට කිව්වා
"මල්ලි මට ඔනා තරන් අවස්ථා හම්බවෙලා තියන එ කෙල්ලත් එක්ක එකට ඉන්න, නමුත් මම කවදාවත් එහෙම එ කෙල්ලගෙ ගෞරවයට කැලලක් වෙන විදියට හැසිරුනෙ නැහැ. මටත් නංගිකෙනෙක් ඉන්නවානෙ බන්. අපිටත් කොතනක හරි සැනසීමක් තියෙයි නෙ බන්.. "

එ දෙන්නම අද ඉතාලියෙ ඉන්නවා. ගවු ගානක් දුරින්. මගෙ යහලුවා මගෙන් ඈත් වුන ගමන් මම  ඌ ගැන හොයන එක නතර කරා. නමුත් සිද්දියෙ සුල මුල දැනගත්තු ගමන් මම යහලුවට සමාව දුන්නා අපිට නොකියා ගියාට.

සමහර ගැහැණු පුදුමාකාරයි. මෙතනදි තරු අක්කා කරපු වැඩෙ හරිද වැරදිද කියලා කියන්න මම දන්නෙ නැහැ. හැබැයි එ අක්කා බයවෙන්න ඇති, චමිත් අයියාවද, තමුන්ගෙ පවුලෙ මූල්‍යමය ආරක්ෂාවද, කියන දෙයින්,  තමුන්ගෙ පවුල මූල්‍යමය  ආරක්ෂාව කියන දෙ තොර ගන්න ඇති. චමිත් අයියගෙන් හම්බවුණු ආදරෙ නැති කරගන්නට බය වෙන්න ඇති. එක හින්දා තරු අක්කා මෙහෙම රැවටීමක් කරෙ. කොහොම හරි මෙ අයියා හරි ධෛර්යවන්තයි. මිනිස්සු හරිම පුදුම මිනිස්සු..

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ...

මම දැකලා තියනවා facebook එකෙ කරන රැවටිම් ගැන. මිනිස්සු හිතන්නෙ තවකෙනෙක් රැවටුනා කියලා.. නමුත් ඇත්තටම රැවටිම කියන දෙත් රැවටිමක්. හිත.

26 අදහස් දැක්වීම්:

Ravin Caldera said... [Reply to comment]

බොහෝවිට රවටන්න උත්සහ දරන්නනන්මයි රැවටෙන්නේ. සමහරු තමුන් රැවටුන බව දැන දැනත් රැවටුනේ නැතුවා වගේ සිටිනවා, ආස්වාදයෙන් මුසපත්වන්න. එහෙත් අතීතයට සමු දී, අනාගතය සොදුරු කරගත් කතා නායකයා ගැන සතුටු යි!

dakshika said... [Reply to comment]

මන් නම් හිතන්නෙ මච්චරයි මච්න්... කාටවත් වරදක් නොකරපු කෙනෙක්ට කවද හරි හරි යනව... මන් දන්නෙ එච්චරයි...

දිල් said... [Reply to comment]

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නෑ ...ඔව් ඒක හරි. ඒත් ඔය රැවටීම කියන වචනය ඇතිලේ තියෙන්නේ විශ්වාසය බිඳියාම කියන එකයි. කවුරුත් කාවත් රවට්ටන්නෙ නැති උනාට කෙනෙකුට විශ්වාසට බිඳදමන්න පුළුවන්......රවා කතා කලේ රවාගෙ අත්දැකීමක් නෙමේ. ඒත් මට ඒ වගේ අත්දැකීමක් තියෙන කෙනෙක් විදියට මම දකින දෙයක් තමා රව්ට්ටීම කොහොම උනත් කෙගෙක් ගැන එහෙමත් නැත්තම් ඒ කෙනා දෙන වචනවල විශ්වාසය බිඳී ගියාම ඇති වෙන තත්වය මොන වගේද කියලා...

FB වගේ ඒවා ගැන නම් මම කතා කරන්න කැමති නෑ. මොකද අපි නොදන්න අපි නොදැකපු අය ගැන එක පාරටම අපමණක් දේ හිතාගෙන ලංවෙන එක මම අනුමත කරන්නේ නෑ.

එක උදාහරණයක් දෙන්න පුළුවන්. මට මතකයි කාලෙකට කලින් එළකිරි.කොම් එකේ එක්තරා පුද්ගලයෙක්ගේ අතී පෞද්ගලික වීඩියෝ පටයක් ( වෙබ් කැම් එකෙන් ගත්ත ) පලකල. ඒ පුද්ගලයාව තවත් එක පුද්ගලයෙක් ගැහැණු නමකින් රවට්ටලා. කොයිතරම් දුර දිග ගියාද කියනවානම් කට හඬවත් අහන්නේ නැතුව මූන දකින්නේ නැතුව අති පෞද්ගලික යමක් කරන්න ගිහින්. අර රැවටූ පුද්ගලයා මේ කෙනාගේ චරිතක ඝාතනය කරන්න මේ වීඩියෝ පටය ප්‍රසිද්ධ කරලා...ඒ FB රැවටීම්....ඇවටෙන එක අහන්නත් දෙයක් ද ?

Amila Chathuranga said... [Reply to comment]

මම ඔය අක්කට තරු කියල නම දැම්මට මම තනිකර විරුද්දයි...වැලි වාගෙ නමක් තමා සුදුසු...මට ඔය වාගේ ගැහැනු අය ගොඩක් හමු වෙලා තියනව...ඔය වාගෙ දේවල් පිරිමි වන අපට දැනෙන තරම්ම සිරා ඒ අයට වැදෙන්නෙ නෑ කියල මගේ ආත්මාර්ථකාමී සිත කියනව...

රවා said... [Reply to comment]

රවින් අයියා..
මෙ කතා නායකයා හරිම පුදුම චරිතයක්, අපි දෙන්නම උසස් පෙලට ගණිතය කරෙ.. මෙයා එච්චර ලොකුවට පාස් වුණෙ නැහැ. නමුත් එක පාරක් කරලා එයාගෙ ඔක්කොම පොත් පත් මට දුන්නා... ඉට පස්සෙ මෙයා රස්සා කිපයක් කරා...

මම ඉස්ස ඉස්සලාම බිලා වමනෙ කරද්දි.. මගෙ පිටට තට්ටු දාදා මගෙ අත කරෙන් දාගෙන ජනෙලෙ ලඟට ගිහින් තල්ලු කලෙත් මෙයා තමයි.

රවා said... [Reply to comment]

කරුමක්කාරයා...
ඔක මාත් අදහන දහමක්..

දිල් අක්කා...
දිල් අක්කා හිතන්නෙ රවා කතා කරන්නෙ රවාගෙ අත්දැකිම් නොවෙයි කියලාද... ගැහැණු කෙනෙකුට අපහාසයක් කරන්න මම හිතුවෙ නැහැ. මම දන්නෙ නැහැ එයාට අපහස කරන එක හරිද වැරදිද කියලා. අපිට දෙයක් ඔනා නම් අපි එය තියන තැනට ගිහින් ගන්නවා. එ අක්කත් එ වගෙ වෙන්න ඇති. මම නම් කියන්නෙ අපි කිසිම තැනකදි රැවටුනා වෙන්නෙ නැහැ. අවංකව කෙනෙකු වෙනුවෙන් කැපවෙලා මහන්සිවෙලා, අපි කරපු කැපකිරිම්, අපෙ දහාදිය , මහන්සිය අපතෙ යනවත් අපි බොහොම උපෙක්ෂාවෙන් බලන්න ඔනා, තණ්හාව ආශව ගොඩාක් තියන මිනිස්සු ඉක්මනින් රැවටෙනවා.. එක මම දැකලා තියන දෙයක්.

රවා said... [Reply to comment]

indi අයියා
මෙ වගෙ ගැහැණු දැරිවියන්ට බැනලා, වෛර කරලා වැඩක් නැහැ.. මෙහෙම යන අය ගොඩාක් වෙලාවට වයස තිස් ගණන් වල අන්තිම, හතලිස් ගණන් වල මුල් හරිය එද්දි ඉන්නෙ අපායක. කලාතුරකින් තමයි කෙනෙක් සතුටින් ඉන්නෙ. ඇත්තටම මෙ ගැහැනු මිනිස්සු ගැන දුකයි... හොද හදවතක් , ලස්සන හදවතක් කෙනෙක්ගෙ ඇතුලෙ හදලා ..... ගිහින් යන්ත්‍රත් එක්ක ජිවත් වෙනවා..

කේක් එක හොදට හැඩ වැඩ දාලා හදලා ගිහින් පානුයි පරිප්පුයි කනවා..

චේජනා said... [Reply to comment]

රවා,
කෙනෙක්ව රවටනව කියන්නෙ මල්ලි ඒක කරන වෙලාවෙ ඉඳන් විඳවන විඳවීමක්.. ‍රැවටෙන කෙනෙක්ට වඩා රවටන කෙනා.. මම හිතන විදියට නම්.. මොකද තමන් කරන්නෙ වරදක් කියල දන්නව නෙ.. මම හිතන්නෙ පිටට නොපෙන්න හිත ඇතුලෙන් විඳින්න වෙන ඒ විඳවීම ම තමා ඒ කරන වරදට දඬුවම කියල.. අනිත් අතින් මොනා හරි හේතුවක් උඩ තව කෙනෙක්ව රවටන කෙනා ගොඩක් ඉක්මනින් ඒකෙ ප්‍රථිපල ලබනව...මම ඒක අහල දැකල තියෙනව ඕනෙ තරම්.. හිතට එකඟව ජීවත් වෙනව නම් මල්ලි ඔය කිසි දෙයක් නෑ... අනිත් අය මනින මිමිවලින් මැන්නම මුකුත් නෑ වගෙ පෙනුනත් හිත සතුටින් ජීවත් වෙන්න ඕනෙ ඔක්කොම දේවල් අපි ළඟ තියෙනව...

Pasan said... [Reply to comment]

අනේ මන්ද මොනව කියන්නද කියල.. ඒක දෙයක් නන් කියන්න දන්නව කවුරු හරි කාව හරි රැවැට්ටුවොත් රවට්ටපු කෙනා හැමදාම ඒ ගැන පසුතැවෙනව.. ඒක නන් ෂුවර්...

Anonymous said... [Reply to comment]

කෙනෙක් තව කෙනෙක්ව රවට්ටන්න හදනව කියන්නෙ එයාවම රවට්ටා ගැනීමක් තමයි. ඒක තේරුම් ගන්න ටික කාලයක් යනව.
මල්ලී මොකද මේ කලබලේට වගේ ලියල තියෙන්නෙ.

Nalaka526 said... [Reply to comment]

කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ...

True...
Like this saying...

Anonymous said... [Reply to comment]

අනේ මන්ද අයියේ...ඒත් කෙනෙක්ව රවට්ටල බොරු බලාපොරොත්තු දෙන එකනම් මහම කැත වැඩක්

නිපු said... [Reply to comment]

හ්ම්ම්ම්.....

රවා said... [Reply to comment]

චේජනා අක්කා , පසන්

එක සංවෙදි කෙනෙකුට ඇත්ත. මම හොදටම දන්න කෙනෙක් ඉන්නවා, හදවතට එකඟව ජිවත් වීම තමයි වටිනාම දෙ...

ඉසිඹුව ට

අක්කෙ සීන් එක මෙකයි , මෙක මම ලියන්න ගත්ත බොහොම හදිස්සි වෙලාවක, අපෙ කස්ටිය පාපන්දු ක්‍රිඩා කරනවා මෙටිකෙ. මට ඉතින් පාපන්දු සෙල්ලම් කරන්න පුදුම කැමත්තක් තියන්නෙ. අයෙ දෙකක් නැහැ. ඉතින් එකෙ සිහියෙන් ලිව්වෙ..

රවා said... [Reply to comment]

නාලක ස්තුති යහලුවා

ඇත්තටම මෙ කියමන මගෙම නිර්මාණයක් නෙමෙ.

හින්දු ධර්ම ගැන තියන භගවත් ගීතාවෙ සටහන් වෙනවලු. " කවුරුත් කාවවත් මරන්නෙ නැහැ, මරන්නත් බැහැ" කියලා එකෙන් අරගෙන තමයි හැදුවෙ.

හසිත මල්ලි
ඔන්න මලේ උඹ ලොකු වුණාම කෙල්ලන් ව එහෙම රවට්ටනවා නෙමෙ හොදෙ..

නිපු...

මොකද ම්.ම්..

මට තෙරෙන්නෙ මෙයත් කාට හරි ගෙමක් දිලා වගෙ.. අනෙ පව් අහිංසකයා... සතෙක් වගෙ ඇති දැන්.. ( පසුබිමින් සිනා හඩ )

Jay said... [Reply to comment]

තව කෙනෙක්ව රවට්ටන්න හදනව කියන්නෙ තමුන්ම රවට්ටා ගැනීමක්. ඒක තේරුම් ගන්න ටික කාලයක් යනව. කවදා හරි ඒ කෙනාටම ඒක තේරුම් ගන්න කාලයක් එනවාමයි.

සෝරෝ said... [Reply to comment]

මටනම් හිතෙන විදියට ඒ අක්ක, චමිත් අයියා රවට්ටන්න හිතන්නෙ නැතුව ඇති.. එහෙම හිතුව නම් එයාගෙ හැසිරීම මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා, එහෙම නේද..?? මටත් හිතෙන විදියට පවුලේ අයගේ බලපැම නිසා වෙන්න ඇති නේ එහෙම කලේ..

කොහොම උනත් තමන් ආදරය කරන්නෙ පිවිතුරු හිතින් නම් ඒ ආදරය ජය ගන්නවාමයි.. හැබැයි විවාහයෙන් කෙළවර නොවෙන්නත් පුළුවන්..

හැමදාම වගේ මේ කතාවෙනුත් උඹ අපිට පාඩමක් ඉගැන්නුවා මචං රවා..

ස්තූතියි..

-​ සෝරෝ

චතුවා said... [Reply to comment]

මම නම් හිතන්නේ මොනම හේතුවක් නිසාවත් රැවටීම ඕනි නෑ.. වි‍ශේෂයෙන් හැඟීම් එක්ක!

මේ රැවටීම නිසා මෙතනදීනම් හොදක් වෙලා තියෙන බව ඇත්ත වුනාට ‍එහෙම නොවුනානම් ඒ අයියට සොරිම තමා නේ.... ඒ කොහොම වුනත් ඒ අක්කත් ගොඩාක් විදවන්න ඇති නේ...

මම කල්පනා කලේ ඔය අයියා පත්වුන තත්වෙට මම පත්වුනොත්.. හෆොයි විනාසයි! හික්ස්

රවා said... [Reply to comment]

Ansh Lucky Sri Jay ට

අක්කෙ ඔයා හරි, අපි කොහොම ගියත් දවසක් එනවා ආපසු හැරිලා බලන. නෙද

එක නෙමෙ ඔයා පාවිච්චි කරන Ansh Lucky Sri Jay නම ඇතුලෙ ඉන්නෙ අම්මා, තාත්තායි, දරුවො දෙන්නයි වගෙ. පුදුම නමක්.

Hasitha Gunasinghe said... [Reply to comment]

අනිත් අයට ගින්නක් දීලා පැත්තකට වෙලා ඉන්න පුලුවන්ද ? එහෙම කරන අයට නම් හරියන්නේ නැහැ කියලා තමා මට නම් කියන්න තියෙන්නේ.

ඔයාගේ කතාව කියෝපුවාම මටත් කතාවක් මතක් වුණා අයියා. අපේ යාළුවෙක් මට කියපු. ඒකත් හැමෝගෙම දැනගැනීම පිණිස ලියන්න ඕනේ කියලා තමා මට හිතුණේ.

Hasitha Gunasinghe said... [Reply to comment]

@Hasitha

මෙන්න අයියා මම ලියපු කතාව

http://aagiyakatha.blogspot.com/2010/07/blog-post.html

Chamila said... [Reply to comment]

උඹ මේක දිහා බලපු විදිහට මම කැමතියි.... ඇත්තටම ඔය රැවටීම කියන එක තියෙන්නෙ තනිකරම අපි ලඟ.... තමන් අවංකව, හිතට එකඟව , යමක් කරානන් ලෝකෙ මොනව කිව්වත් තමන් රැවටිලා නැහැ කියලයි මම විශ්වාස කරන්නෙ. මිනිස්සු, යාලුවො, වටේ ඉන්න අය කියයි `අනේ මෝඩයා රැවටුනා` කියලා... ඒත් තමන් දන්නවනන් තමන් කරේ මොකද්ද කියල ලොකේම මොනව කිව්වත් මොකද.

පිස්සා පලාමල්ල said... [Reply to comment]

ඔය කතාව කියවද්දි මට කෙල්ලෙක් මතක් උනා. මගේ යාලුවෙක් ගෙ වගේම මගෙත් ජීවිතේට හුඟක් ලඟ.

තරු එහෙම කරේ ඇයි කියල මට තේරුම් ගන්න බැහ මචන්... සාධාරන හේතුවක් වෙන්නත් පුලුවන්.. සමහර විට තරු උබේ යාලුවව පාවිච්චි කරා වෙන්නත් පුලුවන්.

මිනිස්සුන්ව තේරුම් ගන්න හරිම අමාරුයි මචන්.

Web Admin said... [Reply to comment]
This comment has been removed by the author.
Web Admin said... [Reply to comment]

sorry me kathawa wagema katha keeyak mama ahala tiyanawada.kotinma matath wuna....dena adalama adanna kadulu ne

චමිත් ජයංග said... [Reply to comment]

ඉස්සෙල්ලම කියන්න ඕන 'චමිත්' කියන්නේ මනං කල්පිත යි ... :D
ජය වේවා !!! කතාව නං එලම කිරි ... ජය ...

කස්ටිය