සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

7/15/10

මුල අමතක කර මැද යොදා ගැනිම.....

මම කුඩා කල සිටිම ඕනෑම දෙයක් පිළිබදව බොහො දුර සිතමින් එය ගැන වෙහෙසෙයි. එය එතරම් හොද දෙයක් නොවුවද සමහර විෂය කරුණු බොහොම හොදින් අවබොධකර ගැන්මට මා සතු මෙ ගුණාංගය මට බොහො සෙයින් ඉවහල් වුණු බව මම දනිමි. මා ජිවත්ව සිටිනා ප්‍රදෙශයෙ බොහො දෙනෙකු ඉතාලි රැකියාවන් කරයි. අදත් අපෙ කතා නායකයා ඉතාලි රැකියාවක නිරත වන්නෙකි, ඔහුත් සැබැවින්ම ප්‍රේමවතයෙකි, සාර්ථක වු අසාර්ථක ප්‍රේමවන්තයෙකි. ඔහු උසස් පෙළ නිමවන විට පියාගෙන් ඉතා වටිනා ව්‍යාපාරයක් හා ධනයක් හිමි කරගත්තෙකි. නමුත් ඔහු එවා වැඩිදියුණු කර ගැන්මට කැපවුයෙ නැත. ඔහු තමාගෙ දවසෙ වැඩිම කාලයක් ගත කළෙ තමාගෙ පෙම්වතිය සමගය. ඇයගෙ අධ්‍යාපනය, ඇයගෙ සිතුම් පැතුම් සැබැ කිරිමට ඔහු ඉතා අඥාන ලෙස තමා සතුවු ධනස්කන්ධය වැය කළේය. ඔහුට අපි නිමල් යැයි කියමු.

මෙසෙ උපතින් ලැබුණ ධනය හා ව්‍යාපාරයන් ටිකෙන් ටික අභාවයට යන විට ඔහු දුක් නොවුනද ඔහු සැමදා එක ලෙසම ඇයට ආදරය කළේය. ඔහු ඇය සමඟ අතිනත ගෙන එක වහලක් යට ටික කාලයක් ජිවත් විය. තාමාට තිබු ධනස්කන්ධය ටිකෙන් ටික විනාශ වුයෙ ඔහුගෙ නොසැලකිලිමත් කමින් බව ඔහු තෙරුම් ගනිද්දි කාලය වෙගයෙන් ගොසින් හමාරය. ඔහු නැත්තටම නැති විය. අන්තිමට ඔහු කඩයක් කුලියට ගෙන එය පවත්වා ගනිමින් ජිවිතය ගැට ගහා ගැනිමට හුරු විණි.

" නිමල් අයියා කොහොමද මෙ ටිකෙ ජිවිතෙ, හවසට සෙට් වෙමුද.. මගෙ යහළුවො කිපදෙනෙක් ඇවිල්ලා ඉන්නවා.. "

" හරි මල්ලි කඩෙට එක්කන් වරෙන් 9 ට විතර අක්කට හොරෙන් ආ මම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන එන්නම්."
මත් පැන්ද එ ආකාරය, කොතරම් ආර්ථිකය හිඟවුණත් ඔහු මෙවැනි අවස්ථාවල වියදම් කිරිමට මැලි නොවිණි. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක්ද විය. ඔහුගෙ නය බර තවදුරටත් ඉහළ ගියෙය. ඔහුව හොදටම එරිණි.

මෙසෙ කාලය ගත විමෙදි ඔහුගෙ බිරිදගෙ ඤාතියෙකුගෙ උදව්වකින් බිරිද හට ඉතාලි රැකියාවක නිරත විමට හැකිවිණි. ඔහුද ටික දිනකින් ඉතාලියට ගියෙය. දෙදෙනාම අද වන විට ආර්ථික අතින් ඉතා හොද තත්වයක සිටිති. ඔහුන් දෙදෙනාගෙ නොගැලපීම මතු වුයෙ ඉතා මැතකදිය. නිමල් අයියා ඉතා විනොදකාමී, සැහැල්ලු ජිවිතයක ගත කල කෙනෙකි. ඔහු මසකට උඩදි මා හට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

"නිමල් අයියා, ඉතින් කොහොමද ජිවිතෙ...."
" වැඩක් නැහැ මල්ලි කතා කරලා ... මෙහෙ සල්ලි විතරයි වෙන මුකුත් නැහැ ... හම්බ කරනවා හම්බ කරනවා.. කිසිම සැනසිමක් නැහැ... මම එනවා තව දවස් 15 කින් ආපු හාම සෙට් වෙමු හරි. "

පැවසු පරිදි අපගෙ යොදාගත් සාදයෙ දවස පැමිණියෙය. මැදියම් වන විට බොහො මිතුරන් පිරිසක් අතුරුදන් වුයෙ " හෙට වැඩ මචන් " යන තියරිය යොදා ගනිමින්ය. සාදය තවදුරටත් ඉදිරියට ගියෙ අප දෙදෙනාගෙනි. හොදටම පදම් වි සිටි නිමල් අයියා මෙ වනවිට තමාගෙ හදවතෙහි තිබු බොහො දුක් කරදර මා ඉදිරියෙහි හෙළි කිරිමට පටන් ගත්තෙයෙ.

" මල්ලි ලොකයෙ ඉන්න විසම සතා කවුද කියලා දන්නවද..? "
" නැහැ අයියා"
" ගැහැනිය තමයි බන්, විෂඝෝර සර්පයින් ට බෙහෙත් තියනවා, සමහර සත්තු කාපුවාම විසවෙලා ටික වෙලාවක් විඳවලා මැරෙනවා, එත් එහෙම නෙමෙයි මෙ ගැහැනිය කාපු හාම ටිකෙන් ටික මැරෙන්නෙ, හැමදාම අපායක ඉන්නෙ, අපෙ සෙට් එක කුල් එකෙ ඉන්න උන් ටිකක්නෙ බන්, මුන්ට පුදුම තණ්හාවක් තියන්නෙ, එවට අපිවත් ඇදලා අරන් අපිත් හැමදාම දුක් විදිනවා. එකි හදන්නෙ මාව පාලනය කරන්න. මම එකිට වැදන් ඉන්න ඔනා. "

"අයියා මට මුල ඉදලා විස්තරෙ කියන්න මම බලන්නම් උදව්වක් කරන්න පුළුවන්ද කියලා "

"මචන් මල්ලි උඹ මෙ ගමෙ නෙ හිටියෙ, අපිට ඉස්සර සල්ලි කොච්චර තිබුණත් අපෙ ලොකුකම් නැහැනෙ. මම එකිට කරපු දෙවල් එකිට දැන් අමතක වෙලා. එකිගෙ හැම දෙයක්ම බැලුවෙ මම. එකිගෙ අම්මයි තාත්තායි එකි ගැන බැලුවෙ නැහැ. ඔන්න දැන් උන් තමයි ලොකු වෙලා තියන්නෙ එකිට. මෙ ළඟදි මෙකි මගෙ යහළුවො ඉස්සරහා මගෙ ගිටාර් එක පොළෙ ගහලා මට කියනවා, " උඹ ඉතාලි ආවෙ මං හින්දා , උඹ මම කියන විදියට හිටපන් කියලා ". මගෙ එහෙ හිටපු යහළුවො ඉස්සරහා. උඹ අයියත් හිටියා. එයා උඹට කියන්න ඇති සිද්දිය. මට මල්ලි ජිවිතෙම එපා වුණා. මම එකිට කවදාවත් අතක් උස්සලා නැහැ.මම මෙ කෙල්ලව බලාගත්තු හැටි මෙ කෙල්ලට අමතක වෙලා."

"නැහැ.. අයියා මට කිව්වෙ නැහැ. මට විජිත අයියා කිව්වා විස්තරෙ. උඹලා දෙන්න කරදරෙන් ඉන්නෙ කියලා. අනින්න එපැයි දෙකක් හොම්බට. ගැහැනුන්ට ගහන එක නිවට වැඩක් හැබැයි ගැහැනි දැන ගන්න ඔනා හැසිරෙන විධිය. ඔය අක්කා හොදට හිටියනෙ ලංකාවෙ ඉද්දි. කොහොමද එච්චර වෙනස් වුණෙ එහෙට ගිහිල්ලා ? "

" නැහැ බං මලෙ උන්ගෙ අම්මලා තාත්තලා හැමදාම කතා කර කර එක දෙක කර කර කියනවා. එකිගෙ මොළේ කනවා. එකි හම්බ කරන එකනෙ කොටසක් එවන්නෙ උන් දෙන්නට උන් දෙන්නා එකෙන් කරන්නෙ එහෙට කොල් දදා මෙහෙ තියන අඩු පාඩු කියන එක"

" මට තෙරෙන විදියට අක්කට මතක නැහැ උඹ කරපු දෙවල්, උඹට තිබුණු දෙවල්, සල්ලි තියද්දි උඹට බොන්න කොච්චර යහළුවො හිටියද, උඹ කොච්චර අනවශ්‍ය වියදම් කරාද..? උඹ මුල වරද්ද ගත්තා, දැන් ඉතින් එවා ගැන පසුතැවිලි වෙලා පලක් නැහැ, මම උඹට එ දවස් වලම කිව්වනෙ. රට යන එක හැම ප්‍රශ්නෙකටම විසදුම නෙමෙ කියලා. දැන් චතු අක්කා එන්නෙ නැද්ද..?"

" එකි එන්නෙ නැහැ.. මම තව ටිකදවසකින් යන්නත් හිතෙනවා, කොච්චර කරත් පොඩි කාලෙ ඉදන් දන්න ගැනි නෙ බන් "

"මම බැඳලා නැහැ උඹ දන්නවා නෙ. හැබැයි මම උඹ ඉන්න තැන හිටියා නම් මම කරන දෙ මම කියන්නම්. මම එකිට හැමතිස්සෙම මතක් කරලා දෙනවා අපි දෙන්නා ඉස්සර හිටපු හැටි, ඉස්සර වුණු දෙවල්, ආදරෙන්. කරලා දෙයක් කියනවා වගෙ නෙමෙ. එහෙම තමයි මිනිස්සුන්ට අමතක වෙනවා, මොකද වුණෙ මොකද කරෙ, කොහෙන්ද ආවෙ, කොහාට යන්නද ගියෙ, කොහෙද අපි දැන් ඉන්නෙ කියලා. "

සංවාදය ඉවර වුයෙ පාන්දර 3 ට පමණය. මිනිසුන් ගැහැනුන් හා බැඳී ගෙවන පවුල් ජිවිතවල ප්‍රශ්නයක් තිබුණෙ නැත්නම් එය හැඳි නොගා හැදු කිරි හොද්දක් මෙන් බව මගෙ අම්මා මට පවසා ඇත. නමුත් තමා කෙසෙද ජිවත්වුයෙ, කවුද මා ලගින් සිටියෙ යන්න මතක තබා ගත යුතුය. චතු අක්කාත් නිමල් අයියවත් මම කුඩා කාලයෙ සිටම දැන සිටියෙමි. ආශාවන් සිහිනයන් සමහර මිනිසුන් හට ජිවිතය නිසි මඟ රදවා ගැනිමට උදව් වුණත් සමහර මිනිසුන්හට ජිවිතය ගතකිරිම අපහසු කිරිමද කරයි.

මා සැමවිටම පරිපුර්ණත්වය හඹා යැමට පුරුදු වී සිටියෙමි. මා මට ලැබුණා වු වටිනාම දෑ තවත් පරිපුරන කිරිමට ගොස් යම් යම් දැ නැති කරගන්නා ලදි. මා වටෙ ජිවත් වන වැඩිහිටි මිනිසුන්ගෙන් මා ඉගන ගන්නා දැ අපමණය.

15 අදහස් දැක්වීම්:

Shadow/හේමලයා said... [Reply to comment]

There's a joke about the 3 quickest ways to Die.............

1- Drink Rum daily, you will die 30 yrs early...........
2- Take a Cigar daily, die 10 yrs early............
3- Love Someone Truly, you will die daily........

at first i laughed at this...but it didn't took very lng 4 me 2 laught at my self...:(.

Guess what i should'v gone with RUM....

ආදරය සාර්ථකතවය......මේ හැම එකදිම අපි ආත්මාර්ථකාමී නොවේද?...අප බල පොරොත්තුවන දෙය නොලැබුනු විගස අප කලකිරීමට පත්වන්නෙමු...මට ඒ අයියා ගැන දුකයි....නමුත් තීරණය එය අතේමයි නේද?....:(

පුතා said... [Reply to comment]

උඹේ කතන්දරෙ විදිහට නිමල් අයිය කියන මනුස්සයා තමයි මුල ඉඳලම නා ගෙන තියෙන්නේ... ඉතින් මනුස්සයා වපුරපු දේවල් වල අස්වැන්න තමයි ඔය ලැබෙමින් පවතින්නේ... චතූ අක්කත් කාලයක් තිස්සේ පොරගෙ ගොන්පාට් දිහා බලාගෙන ඉඳලා ඔය පොඩි රතිඤ්ඤයක් වගෙ එකක් තමයි පත්තු කරල තියෙන්නෙ.. ඔය මොනව වුනත් මිනිහා ඊ ලඟ පාර ගිටාර් එක ඔලුවේ ගැහුවත් ඒ ගෑණු කෙනාත් එක්කම ඉන්ට හිත හදාගෙන ඉවරයිනේ.... ඕක ඔහොම නොවුනනම් තමා පුදුම වෙන්ට ඕන... නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම් කියන්ට තමා තියෙන්නේ....
මචං මේ ඔය සිද්ධිය ගැන මට පේන විදිය.... මම කියන දේ මෙතෙන්දි තව එකෙකුට සම්පුර්ණයෙන්ම වැරදි වෙන්ටත් පුලුවන් වෙයි ඕං...

Jay said... [Reply to comment]

හ්හ්ම්ම්ම්.. මට මේක කියෙව්වම තව අදහසක් පහළ උනා. ඒක ගැන ළඟදිම පෝස්ට් එකක් දාන්න ඕනේ.

අනේ මන්දා, ඉවසීම කියන දේ ඔය හැම දෙයක්ම නිසියාකාරව නිරවුල්ව දකින්න කරන්න උදවු වෙනවා කියලයි මගේ හැගීම.

ආදරය කියන දේට කෙනෙක්ව නැති කරන්නත් පුලුවන්, ඇති කරන්නත් පුලුවන්. ඔතනදි මම ඉන්නෙ කොයි අඩියෙද කියලා අහන්න එපා.
:)

මාරයාගේ හෝරාව said... [Reply to comment]

ආදරෙ.. මල්ලී ආදරෙ...
කවුරු මොන මොන විදියට ලොකු ලොකු ටෝක් දුන්නත්..
කරුමෙ තමයි.

priyantha said... [Reply to comment]

ජීවිතේ අපි ආතල් ගන්න ඕන. ඒක ඇත්ත. එත් සියල්ල නැතිකරගෙන ආතල් ගන්න ගියොත්. කොයි දේත් සමබරව කරන්න ඕන කියන ඒකට මේ කතාව හොඳ උදාහරනයක්.

Anonymous said... [Reply to comment]

මේවගේ දෙවල් මාත් ගොඩක් දැකල අහල තියෙනව......අනේ මන්ද

Harshana said... [Reply to comment]

මම නම් දකින්නෙ කාලයත් සමග එකිනෙකා වෙනස් වෙනව. එය අපි පාලනය කරගන්න පුළුවන් විදිහට හැඩ ගස්සවා ගන්න ඕනි. මම නම් දකි‍න්නෙ එකිනෙකා ගැන නිසි අවබෝධයක් ගන්න සාකච්ජා කරන එක තමා තියෙන හොදම දේ. ඒ මගින් අපිට අන් අයව යම් තාක් දුරට තේරුම් ගන්න වෙනව. අනික් දේ තමා අපිට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් කැපවීම් කරන්න වෙනව. එසේ නොකලොත් ඇති වන ගැටළු වලට පිළියම් හොයන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනව.

සෝරෝ said... [Reply to comment]

සැම සාර්තක පිරිමියෙකු පසුපසම ඉන්නෙ ගැහනියක් වගේම සැම අසාර්තක පිරිමියෙක් පිටුපසම ඉන්නෙත් ගැහැනිය තමයි...

dakshika said... [Reply to comment]

මට හිතෙන්නෙ සොරො හරි

හසී රන් said... [Reply to comment]

ආදරේ කරුමයක් කර ගන්නෙත් උරුමයක් කර ගන්නෙත් තමන්ම තමයි
තමන්ගේ ජිවිතේ වැඩිපුර වගකිම තියෙන්නේ තමන්ටමයි තමන් දැන ගන්න ඕන තමන් යන පාර පිළිබදව
කාලයත් එක්කලා වෙන සිදුවීම් මිනිසුන් ව වෙනස් කරනවා එත් ඕනම දෙයක් කතා කරලා විසදුම් ගන්න මිනිසාට පුලුවන් වෙන්න ඕන මොකද කතා කිරිමේ හැකියාව මිනිසාට විතරක් තියන නිසා


හැම අසාර්තක ගැහැණියක් පිටුපසම ඉන්නෙත් පිරිමියෙක් වගේම සාර්තක ගැහැණියක් පිටුපසම ඉන්නෙත් පිරිමියෙක්

තමා පිරිමියෙකුටත් ඔය වචන ටික මාරු කරලා පිරිමියෙක් ගේ පැත්තටත් ඔය ටික කිව හැකි හොයන්න ඕන
වරද කාගෙද කියල නෙවෙයි

වරදත්, වරදට හේතුවත්,විසදුමත්, විසදුමේ මාර්ගයත් විතරයි

එහෙම නේද
මොකද වරද කාගෙද කියලා හොයන්න ගියොත් කෙලවරක් නැහැ අපි හැමොගෙම ඇද ගඩොල් තියනවා :D

අනුරාධ said... [Reply to comment]

ගැහැණු කියන්නෙ පුදුම ජාතියක් බන්. එච්චරයි මන් කියන්නේ දන්නේ.

Unknown said... [Reply to comment]

මට නම් හිතෙන්නෙ දෙන්නට දෙන්නාගෙ තේරුම් ගෑනීමක් තිබිලම නෑහෑ කියල.ආදරය කරන කාලෙ ඔහෙ ලවි කරා.පස්සෙ බෑදගත්ත.එච්චරයි.චතු අක්කට නිමල් අයිය ගෑන හොද තේරුම් ගනීමක් තිබුනනම් කවුරු මොනව කිවුවත් ඒව පවුල් ප්‍රස්න බවට පත්වෙන්නෑහෑ.ඒ වගේම නිමල් අයිය චතු අක්ක ගෑන හිතුව නම් ඔය විදිහට ආතල් ගන්නෙත් නෑහෑ.මට නම් හිතෙන්නෙ රවා ඔතන තියෙන්නෙ කසාදයක් කියන්නෙ මොකද්ද කියල වත් හරි හෑති නොදෑන බදින එකේ ප්‍රතිඵලයි.
ඒ නිසා මගේ අදහස ඔතනදි එක්කෙනෙක්ට වරද පටවන එක වෑරදියි.....

හෙළයා said... [Reply to comment]

ඕනෙම දෙයක සීමාවක් කියලා දෙයක් තියාගන්න ඕනෙ. බැඳීම් උනත් එහෙමයි.
කසාදයක් කියන්නේ 50 - 50 යි. සමබරව හිටියේ නැත්නම් කරගෙන යන්න බැහැ. ඒක සමබර කරන එක දෙන්නාගෙම වගකීමක් වෙනවා. පිරිමියා පිරිමියා විදිහටත්, ගැහැණිය ගැහැණිය විදිහටත් ඉන්න බැලුවනම් තමයි වඩාත්ම හොඳ. පොසිෂන් දෙක මාරැ කරගන්න ගියහම වැඩේ දෙල්....

ruwan kumara maddage said... [Reply to comment]

ආදරය කියන දේට කෙනෙක්ව නැති කරන්නත් පුලුවන්, ඇති කරන්නත් පුලුවන්. පිරිමියා පිරිමියා විදිහටත්, ගැහැණිය ගැහැණිය විදිහටත් ඉන්න බැලුව මේ කතාව හොඳ උදාහරනයක්.නම් තමයි වඩාත්ම හොඳ.

ඉලංදාරියා said... [Reply to comment]

ආදරයෙදි මිනිස්සු අන්දවෙනවනේ අය්යේ.......

එක තමයි ඇත්ත..

කස්ටිය