සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

9/16/10

ජිවිතේ අපහසුම කාලය...

කිසියම් කෙනෙකුගෙන් ඇසුවහොත් ඔබ මේ ආ මගත් එහි ඔබ මුහුණ දුන් අපහසුම කාල පරිච්ඡේදය කුමක් දැයි කියා විවිධ මිනිසුන් විවිධ පිළිතුරු ලබා දෙනු ඇත. බොහො අයවළුන් හට එය වර්තමානය වන අතර කිප දෙනෙකුට එය අතිතයට අයිති කාල කොටසක් වනු නොඅනුමානය. ජිවිතේ සුන්දරම අවදිය තාරුණ්‍ය වන අතර අපුරු චමත්කාරයක් එ තුල ගැබ්වී ඇත. එක්විම්, වෙන්වීම්, සෙනෙහස බෙදා හදා ගනිමින් මේ යන මග අපුරුය.

මේ ලොව වසනා මිලියන තිහක් වු එකිනෙකට වෙනස් ජිවි වර්ගයන් අතුරින් මිනිසා අපුරු ලස්සනක් උපතින්ම හිමිකරගෙන ඇත. සෝබාවත්, එහි වසන්නාවු අනිත් සතුන් සමග අපව සසඳන විට ඇති වන හැගීම අපුරු චමත්කාරජනක හැගිමකි. පරිණාමයත් සමග ඉදිරියට එන විට මෙ අපුර්වත්වය ඔබටද විඳගැනිමට හැකිවෙවි ඔබ එ විෂයන් ඉගෙන ගන්නා කෙනෙකු නම්. නමුත් ඔබ එය ඔබගෙ පාසල් අධ්‍යාපනයේ කොටසක් ලෙස කළේ නම් එහි ඇති අපුර්වත්වය වෙනුවට ඔබ වින්දනය කරනුයේ වෙනස් ආකාරයකටයි. මා පාසලේදි ඉගෙනගත් විෂයන් සියල්ල ඉගෙන ගත්තෙ විභාගයක් වෙනුවෙන් බව සිහිවෙන විට මගෙ සිත කිසියම් ලෙසකින් සියුම් දුකකින් පිරීයයි. එ ගත් දැනුමින් බොහො ප්‍රමාණයක් අමතක වි ගොසින් බවත් මගෙ මහන්සිය අපතේ නොගිය බවත් මා හට දැනෙන්නෙ මා ලෝකය දෙස බලන ආකාරයත්, එ තුල ගමන් කරන ආකාරයත්, එහි සුන්දරත්වය විඳින ආකාරය අනුවය. ඔබ කරන්නා වු රැකියාවට ඔබ ඉගෙනගත් දැ අතුරින් ඉතාම කුඩා දැනුමක් අවශ්‍ය වන බවත්, ඔබ බොහො කාලයක් තුල මහන්සි වී ලගා කරගත් දැනුම් පද්ධතින් බොහොමයක් ඔබෙන් ඇත් වෙන බව දැනෙන විටදි ඔබගෙ සිතෙ ඇතිවන්නා වු හැගිම ගැන මදකට කල්පනා කර බලන්න. සියුම්ව කල්පනා කිරිමෙදි ඔබ ඉගෙනගත් සියල්ල එකිනෙකට යා කල හැකි බවත් එවා සියල්ල අද ඔබ වෙනුවෙන් වෙහෙසෙන බවත් පෙනෙවී.


ලොකයේ බුද්ධිමය අතින් ඉදිරියට ආ සතුන් තමන්ගෙ ඉදිරි පරම්පරාවට තමන් සතු දැනුම හිමිකර දි තම සතුන්ගෙ පැවැත්ම තහවුරු කරයි. මෙ සතුන් මුහුනදෙන අපහසුම කාලය තම දෙමව්පියන්ගෙන්, උන්ගෙ රැකවරනයෙන් වෙන් වී තනිව ගමන් අරඹන්නා වු කාලයයි. මෙ කාලය තුල විශාල කැපකිරීම්, විශාල ඝට්ටනයන් හට ජිවින් මුහුන දෙති. මිනිස් පැටියාගෙ තත්වයත් එසේමය. සමාජයේ ඔහුගෙ අනන්‍යතාව රදා පවතින්නෙ ඔහුටම ආවේණික ගති ලක්ෂන නිසාවෙනි. මෙ ගතිගුණ ඔහු හො ඇය එකතුකරගනු ලබන්නෙ ඔහුගෙ වැඩිමෙදි ඔහු දකින්නාවු, අසන්නාවු සංසිද්ධින් සමගින්ය. මා පාසලෙදි ඉගෙනගත් බොහො දැ අද සමාජයේ මිනිසුන් තුල හො නොදකියි. නිවැරදි දෙ ඉගෙන ගත්තත් වැරදි දෙ කලයුතුයි. නොමැතිනම් සමාජයෙ පැවැත්මක් නැති වන බව පසක් කරගත යුතුයි. නැතිනම් ඔහේ පාවිගෙන ගඟ දිගෙ පහලට ඇදි ඇදී යා යුතුයි. විශාල සතුන් කුඩා සතුන්ව ආහරයට ගනි. විශාල මිනිසුන් පොඩි මිනිසුන්ගෙන් මුදල් රැස් කර ගනි. ලෝකය පවතින්නෙ එසේය. මෙයින් මිදිමට කිසිවේකුට හැකියාවක් නොමැත. මෙය වැරදි බව දැනුනත් මෙය මා හට වෙනස් නොකල හැකි සේ දැනුනත් මෙයට ඇතුල් වීමට කිසිමය ප්‍රතිරොධයක් මාගෙ අභ්‍යන්තරය තුලින්ම මතුවේ. මෙය වැරදි බව දැනෙන්නෙ මා කුඩා කල පංසලේදි ඉගෙනගත් දැනුමකිනි. කෙසේ වෙතත් ඉදිරියෙහි ඇති ගමන් මග තමන්ගෙ ප්‍රතිපත්තිවලට, තමන්ගෙ හදවතෙහි හැඩයට නොගැලපෙන බව දැනුන විට බුද්ධිය මෙහෙයවමින් කල්පනා කල යුතුයි. තමන් කුඩා කල සිට ඇති කරගත් දේ අතහරිනවාද, නැතිනම් සමාජය පිලිගන්නා වු ප්‍රතිපත්තින්  මගහැර ගමන් කරනවාද යන්න තිරණය කල යුතුයි. දුප්පත් මිනිසා තමන්ට තිබෙන්නා වු වටිනාකම නොදැන පොහොසත් විමට ගොසින් තමන්ගෙ වටිනාම ධනය නැති කරගන්නා ආකාරය දකිමි. මුදල් යහමින් එක් රැස් කරගන්නා පුද්ගලයින් විවිධ ක්‍රම වලින් මුදල් එකතු කරගන්නා ආකාරය දකිමි. තමන්ගෙ නිදහස, ආධ්‍යාත්මය, ගැන අවබෝදයක් නොමැතිව ජිවිතේ සියුම් සුන්දරත්වයන් අතහැර එකතු කරන්නා වු දේවල් වලින් ඇති කරන පසුතැවිලි විමට වඩා මනසට දැනෙන සුවය, සැනසීම වටී. මා එකතු කරන්නා වු දැ මා ගෙනියන බව සිහිවෙන විට අපුරුය. ජිවිතෙ අපහසුම කාලය තනිව හදවතත් සමග පොර බඳනා කාලයයි. හදවත් නොමැති මිනිසුන්ද ඇත. වෙනස් වුයෙ නම් කිසිම වේදනාවක් නොමැත. නමුත් වෙනස් වුයෙ නම් කිසිම සුන්දරත්වයක්ද නොමැත. අසා හො කියවා ඇති දෙ සිහිකර ගින්න දැක ගින්නට නොපැනිම බුද්ධිමත්ය, ගින්න දැක දැක ගින්නට පැනිම අනුවණය, ගින්න දැක  ගින්නට පැන එහි වේදනාව විද එලියට පැනිම.....

13 අදහස් දැක්වීම්:

දුකා said... [Reply to comment]

අපූරු ලිපිය . ..

මේ ලිපිය ගැන මට කියන්න බොහෝ දේ තිබේ නමුත් අදට කාලය හරස් වී ඇත . .

හෙට අනිද්දා හෝ නුදුරු දිනෙක හැකි ඉක්මනට එය ලියා දන්වන්නම් සහෝ. . .

Jay said... [Reply to comment]

අගනා ලිපියක්.
හැමදාමත් වගේ රවා ලියන ස්ටයිල් එකට මම බොහොම කැමතියි..
:)

P. Wijekoon said... [Reply to comment]

හොඳ ලිපියක් රවා. වෙනස් වීමට කාලයයි.
මැණික්(සුළඟ)

රවා said... [Reply to comment]

@දුකා

හරි හරි දුකා අයියා, මම මගෙ ලිපි බොහොම කෙටියෙන් ලියන්නෙ, ගොඩක් කාර්යබහුල අයට වැඩි වෙලාවක් මෙතන රැදි ඉන්න බැරි වෙන නිසයි. එය බොහොම කෙටියෙන් , පණිවිඩය දෙන්න බලනවා. පස්සෙ පුළුවන් වෙලාවක් ඇවිල්ලා යන්න.

රවා said... [Reply to comment]

@Ansh Lucky Sri Jay

ස්තුති අක්කෙ ඇවිල්ල ගියාට මේ පැත්තෙ.

රවා said... [Reply to comment]

@මැණික්

ස්තුතියි. නමුත් වෙනස් වුනොත් කොහෙන් නතර වෙවිද කියලා හිතන්න බැහැ. අනික කිය කිය වෙනස් වෙන්නත් බැහැ. මගෙ මිනිසුන්ගෙ අතිතය වර්ථමානය ගොඩාක් පව් වලින් පිරුණු එකක්, මමත් එ ගොඩටම වැටිලා ඉදලා පස් වෙලා යනවද යන්න තිරණය කරන්න ඔනා බොහොම පරිස්සමෙන්. නෙද..

Pasan said... [Reply to comment]

ගින්න දැකලත්..ගින්න අදුරගෙනත්.. ඒකට පනින්නම වෙනවනන්....හ්ම්ම්ම්..

නියම ලිපියක් සහෝ....
ජය....

රවා said... [Reply to comment]

ස්තුති පසා ඇවිල්ලා මොනවා හරි කොටලා ගියාට.

sansarasidu said... [Reply to comment]

අපිත් හරියට පළගැටියො වගේ නේද???
හරවත් ලිපියක් රවා...

සෝරෝ said... [Reply to comment]

" ශාල සතුන් කුඩා සතුන්ව ආහරයට ගනි. විශාල මිනිසුන් පොඩි මිනිසුන්ගෙන් මුදල් රැස් කර ගනි. "

සිරා කථාව බං.. හිතන්න දේවල් ගොඩක් තියෙනවා..!!

වැහි කිරිල්ලී said... [Reply to comment]

ජීවිතේ හිතන්න ගොඩක් දේවල් ඉතිරි කළ ලිපියක්.හිත හදා ගන්න නම් ඔයාගේ blog එකට තමා එන්න ඕන.වටිනා අදහස්.මමත් ඔයාගේ ස්ටයිල් එක‍ට ගොඩක් කැමතියි.මමත් ජීවිතේ ගැන අලුතින් හිතන්න මේ දවස් වල කමටහන් හොයනවා.ගොඩක් දේවල් හම්බ වුණා මට මේ ලිපියෙන්.ස්තූතියි.

LishWish said... [Reply to comment]

අපි සමාජය ගැන හිතන්න ගියෝතින් හිතන්න ගොඩක් දේවල් තියෙනවා..! සමාජය ඇතුලේ තාමත් කැලේනීතිය රජයනවා.., ඒක වෙනස් කරන්න බැහැ.
සමහරි කියන්න පුලුවන් ඒකපුද්ගල කැරලිවලින් සමාජය වෙනස් කරන්න බැහැ කියලා ඒත් මට හිතෙන විදියට නම් එපි තනි තනිව හරි වෙනස් වෙන්න හිතුවොත්, අඩුගානේ මේ ගෙවන ජීවිතේ වෙනස් කරගන්නට හිතුවො ජීවිතේට plus mark එක්ක් දාගන්න එච්චර අමාරුවෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ..! මට හිතෙන විදියට නම් ඒක තමා ජීවිතේ විඳිනවා කියලා කියන්නේ......

Classy girl ♥ Ramla♥ said... [Reply to comment]

ජීවිතය ගැන යථාර්තවාදී නිරූපණයක්.ලෝක ස්වභාවය ගැන ගොඩක් ලස්සනට පෙන්නුම් කරලා තියෙනවා නමුත් මේ ස්වභාවය වෙනස් කිරීමට නම් සියලුම දෙනා පරාර්ථකාමී ලෙස සිතිය යුතුයි. ඵසේ සිතන අය සදහා මේ ලිපිය ගොඩක් ආදර්ශමත්.

කස්ටිය