සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

5/3/13

මොකද්ද මේ....

මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..."

    ජිවීතය..
    ආදරය..
    බැදීම..

කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන්  මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත්  පුංචි මනසට දැනෙද්දි...  අපිට කොච්චර මිනිස්සු උදව් කරලා තියවද.. අපි එ උදව් කොච්චර අමතක කරනවද.. අපි කොච්චර එ දෙවිවරුන්ගෙ ගුණ අමතක කරලා , එ ගුණයන් මකලා අපිම වැජඹෙන්න උත්සහා කරනවද.... එ අස්සෙන්ම අපි කොච්චර  ඇදගෙන වැටෙනවද..කොච්චර මිනිස්සු සමාජයෙ අපිට මුණ ගැහෙනවාද.. එ මිනිස්සු අපි ජිවිතෙ ගමන් මගෙ සටහන් කරන සටහන්.. සමහර එවා කොච්චර සුන්දරද... සමහර එවා කොච්චර නපුරුද.. අපි එ සටහන් වල කොච්චර අතරමන් වෙනවද. අපි කොහෙද යන්නෙ .. කාත් එක්කද ගමන් කරන්නෙ අපි කවුරුවත් දන්නෙ නැහැ. අපි ලියන , කියන, ගයන ,වයන හැම වචනෙකම වැදගත්කමක් දැනෙන්නෙ ඉතාම සුළු මොහොතකට විතරයි, හැම තාලයකම සුන්දරත්වය සුළු කාලයකට විතරක් දැනෙන දෙයක්... සදාකාලික සුන්දරත්වය ගැන කතා කරෙ බුදුහාමුදුරුවො විතරයි.. එත් මට දැන් එකත් අමතකයි පන්සලෙන් ඈත් වුනාට පස්සෙ....

අම්මා තාත්තා.. සහොදර සහොදරියො... යහලු යෙහෙලියො.. ගුරුවර ගුරුවරියො, ඇසුරු කරපු පත පොත කවි ගී සින්දු... පුරුදු කරපු පුරුදු.. ක්‍රීඩා.... මම මෙ දෙවල් වලින් ඇතිවුන දෙයක් විතරයි... මෙ ශරිර කූඩුවෙ ඇතුලෙ ඉන්න ජිවියගෙ හරය ඔය හැමදෙයකම පරාවර්තනයක්... මෙක කියවන ඔබ උනත්  එහෙමම කෙනෙක් තමයි... අපි හිතුවට මෙ අපි හරි හම්බ කරපු දෙවල් කියලා එක තාවකාලිකව සිත සන්තොස කරගන්න හිත ඇතුලේ හදාගන්න මායාවක් විතරයි.. එ මායාව ඇතුලෙ සන්තොස වෙන්න තියන අයිතියට මම ගරු කරනවා... මට සන්තොස හේතු 1000 කි ඇති වෙද්දි මට දුක් වෙන්නත් හේතු 1000 ක් ඇති වෙනවා කියන දෙ මම තදින්ම විස්වාස කරනවා. ජිවිතය කියන්නෙ ඔය මොහොතවල් වල එකතුවක්. ඊට එහා දෙයක් නැහැ.. තරුණ වයසෙදි ඇති කරගත්තු පුරුදු.. බොහොම තදින්ම මනසට ගතට කාවැදුනු පුරුදු එවා එක සංකේත විතරයි අපේ ආවෙණිකත්වය නිරූපනය කරන ... අනිත් මිනිස්සු බොහොම අමාරුවෙන් ගත්තු දෙවල් වලට ගරහන්න හොඳ නැහැ.. එව්වට ගරු කරන්න ඔනා..  රේස් එකට බැස්සනම් දුවන්න ඔනා.. 

මමත් වැරදි කරන කෙනෙක්.. වැරැද්ද දැන දැනම කරන කෙනෙක්.. වැරදි නොකර ඉන්නම බැරි කෙනෙක්... එ වැරැද්ද නිවැරැද්ද කරන්න බුදු දහම ඇතුලෙ තියන සිදුරු සොයන කෙනෙක්...මම හරි.. බුදුහාමුදුරුවන්ට වැරදුනා එහෙම නෙද..... අපි හරි නෙද.. බුදුහාමුදුරුවන්ට නෙද වැරදුනෙ... ඔව් එක එහෙම තමයි... එතනින් මෙහාට එන්න එපා...එතනින් මෙහාට ඔයා එක අඩියක් තිබ්බොත් අපෙ හෘද සාක්ෂියම අපිට සාපයක් වෙයි..

මට දවසක් මගෙ වැඩිහිටි යහලුවෙක් සටහනක් දුන්නා.. " මල්ලි අපි තරුණ කාලෙ හරි කියලා හිතෙන දෙවල් කරන්න ගොඩක් අමාරුයි.... එවගෙම මහලු කාලයෙදි ... අපි තරුණ කාලෙ කරපු දෙවල් කියන්න ඊට වැඩිය අමාරුයි..... අදහස් හැගිම්, ප්‍රතිපත්තීන් එක්ක ජිවත් වෙන්න හරිම අමාරුයි..එවා බොහොම ලිහිල්ව අල්ලගන්න ගමන ලෙහෙසියි.... කරුමෙකට මට පුරුදු නැහැ හිමින් අල්ලගන්න.. බුදුහාමුදුරුවොත් දෙශනා කරෙ.. ලිහිල්ව අල්ලගන්න කියලා... හැබැයි මම සටහන් කරපු විදියට මම එහෙම කරන්නෙ නැහැ... මම බුදුහාමුදුරුවන්ට ගරු කරන්න එක හේතුවක් මෙ හේතුව..
එතුමා අවුරුදු දෙදහස් පන්සීයකට කලින් දෙශනා කරා අපිට වරදින විදිය ගැන..... එ වැරැද්ද පිළිගන්න. තමන්ට වැරදුනා කියන දෙ පිළිගන්නත් තමන්ගෙ හිතෙ ශක්තිය ඇති කරගන්න හැටිත් එතුමාම දෙශනා කරා..

මොකද්ද මෙ .. අපි කරන්නෙ...

8 අදහස් දැක්වීම්:

ගම හාමිනේ said... [Reply to comment]
This comment has been removed by the author.
imantha nikash said... [Reply to comment]

ලොව ඇති එකම සත්‍ය දහම බුදු දහමයි. එය තවත් එක් ආගමක් නොවේ.

අභීත said... [Reply to comment]

මට මේකට හොඳ නිර්වචනයක් දෙන්න පුළුවන් රවා....

මතකද විලියම් ශේක්ස්පියර්ද කොහෙද කියලා තිබ්බා "ජීවිත කියන්නේ රඟමඩලක්...,අපි එහි නළුවෝ...." මෙන්න මේක තමයි මම පිළිගන්නේ...

එක එක වෙලාවට එක එක රෝල්...අපි රඟපානවා ආයෙ අනිත් චරිතෙටමාරු වෙලාරඟපානවා

මාරයාගේ හෝරාව said... [Reply to comment]

හැම එකා අස්සෙම හෙන දාර්ශනිකයෙක් ඉන්නවා.. කරුමෙට ඌව මතු වෙන්නේ ඌ හොඳින් ඉන්න වෙලාවල්වලට නෙවෙයි... එක්කෝ කෙල වෙන්න තියෙන ලොකුම කෙලියක් කෙල උනාම. නැත්තං කන පැලෙන්න බී ගත්තම...

ඔන්න ඕකයි රවා අපිට තියෙන ලොකුම කරුමේ...

RanDil said... [Reply to comment]

අණ්ඩක් කැඩෙන්න ම ඕනෑ වුනා නේ මෙහෙම හිතෙන්න............. :D

Buddhika Kandepola said... [Reply to comment]

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

Buddhika Anuradha said... [Reply to comment]

ප්‍රිය ඇඩ්මින් වෙත,

ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

sithum anjana said... [Reply to comment]

sinhala sub

කස්ටිය