සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/21/10

තවත් ගැහැනියකගෙ කථාවක්...


මම මෙ කතාව අහැව්වෙ දෙරණ රුපවාහිණියෙ යන සිත් මල්යාය කියන වැඩසටහනෙදි. එකට ආපු ඩොක්ටර් මනො වෛද්‍යවරයෙක් මිගොමුව ඉස්පිරිතාලෙ වැඩ කරන්නෙ. මෙ ඩොක්ටර් කියන ආකාරයට කතාව මෙහෙමයි.

එයා ලගට ආවලු කසාද බැදපු ජොඩුවක්. නොනයි මහත්තයයි. නොනා මොකක් හරි කියලා මහත්තයව එක්කන් ඇවිල්ලා තියන්නෙ. නොනගෙ මුහුනෙ අදුර ඩොක්ටර් ට තෙරිලා ඩොක්ටර් එයාගෙ කතාවට අහැවුන් කන් දුන්නලු. තමුන්ගෙ මහත්තයට අසිමිතව ආදරය කරන ගැහැනු කෙනෙක්, කසාද බැදලා අවුරුදු 15 ක් වයස 10 යක් ලමයෙකුත් ඉන්න ගැහැනු කෙනෙක්, තමුන්ගෙ සැමියගෙ අනියම් සම්භන්දතාවයක් ගැහැනු කෙනාගෙ ඇස්දෙකටම දැකලා. මෙක ඩොක්ටර්ට කියපු ගමන් ගැහැනු කෙනාට ඇඩුනලු. ඩොක්ටර් දෙන්නත් එක්කම කතා කරාලු . එ වෙලාවෙ පිරිමි කෙනා එක පිළිඅරන් නැහැ.එයාට තරහා ගිහිල්ලා. නමුත් දෙන්න අතර සිද්ද වුන බහින්බස් විමකදි ඩොක්ටර් ට තෙරිලා ගැහැනු කෙනා කියන්නෙ ඇත්තක් කියලා. ගැහැනු කෙනාත්, පිරිමි කෙනාත් රැකියාවල නිරත වෙන දෙන්නෙක්. ගැහැනු කෙනා තමුන්ගෙ කදුලු දොස්තර ඉස්සරහා තබද්දි පිරිමි කෙනාත් ටිකක් තමුන්ගෙ තරහා අඩු කරගෙන දොස්තර ඉස්සරා පිළිගත්තලු තමුන්ට අනියම් සම්භන්දයක් තියනවා කියලා. ටිකක් කතාබහ කරද්දි දොස්තර පැහැදිලි කරලා දුන්නලු මනුස්සයට මෙක හින්දා තමුන්ගෙ බිරිදට ඇතිවන මානසික පිඩනය, පිළිබදව එයින් ඇය මානසික රොගියෙකු වුවද විය හැකි බව. "  ඔයාල දෙන්නම කල්පනා කරන්න ඔනා දරුවා ගැන"  කියල. ඔයාලා දෙන්නාම කතා කරගන්න මෙක හොදින් විසදෙන විදියට කියලා පුංචි පුංචි උපදෙස් ටිකකුත් දුන්නලු දෙවැනි දවසෙදි හම්බ වෙන්න කියලා.

දෙවැනි දවසෙදි ගැහැනු කෙනා අඬ අඬ කියනවලු "ඩොක්ටර් එයා කියනවා එයාට එක නතර කරන්න බැහැ" කියලා. මටත් එයා නැතුව බැහැ ඩොක්ටර්. මගෙ දරු පැටියට වෙන්නෙ මොකද්ද. මෙ ආකාරය තමුගෙ තියන දුක දොස්තර ඉස්සරාහ කියලා අඬුවලු. එදා දොස්තර ගාවට මහත්තයා ඇවිල්ලා තිබුනෙ නැහැලු. "ඔයාත් එක්ක විතරක් කතාකරලා මෙ ප්‍රශ්නෙ විසදගන්න බැහැනෙ. මහත්තයාව ඉලග දවසෙ අනිවාර්යෙන්ම එක්කන් එන්න. බලන්න ඔයාගෙ මහත්තය ඔයාට දුකක් දෙන්නෙ නෙද,  ඔයා හිත හදාගෙන එ සම්බන්දෙ පිළිගන්න ඔනා, නැත්නම් එතනින් අයින් වෙන්න ඔනා නෙද ඔය දෙකෙන් එකක් නෙද වෙන්න ඔනා. එයා එ සම්භන්දෙ දිගටම කරනවානම් ඔයා මෙහෙම දුක් විදින එකෙ තෙරුමක් නැහැ නෙද, ඔයා මානසික රොගයක මුලික ලක්ෂන පෙන්නන කෙනෙක්. ඉතින් මෙ ආකාරයට තවත් දුක් වින්දොත් ඔයා මානසික ලෙඩෙක් වෙනවා. ඔයා තිරණය කරන්න ඔනා. එක්කො ඔයා එ සම්භන්දෙ පිළිගන්න ඔනා ඔයාගෙ හිතින්, නැත්නම් ඔයා එයාගෙන් අයින් වෙන්න ඔනා. ඔයාලගෙ ප්‍රශ්නෙ දරුවටත් ගොඩක් බලපායි. එවා ගැන ඔයාගෙ මහත්තයත් කල්පනා කරන්න ඔනා නෙද ඉලග දවසෙ එද්දි ඔයාගෙ මහත්තයව අනිවාර්යෙන්ම එක්කන් එන්න. ඔයා එයත් එක්ක දිගටම මෙ සම්බන්දෙ පිළිඅරන් ඉන්නවද නැත්නම් එයාගෙන් අයින් වෙනවද කියලා තිරණය කරලා එන්න ඔනා." කියලා ගැහැනු කෙනාගෙ හිත හැදුවලු.

තුන්වැනි දවසෙදි මහත්තයයි නොනයි දෙන්නම දොස්තර ඉස්සරහ ඉද්දි
ගැහැනු කෙනා කිව්වලු " ඩොක්ටර් මට බැහැ මෙයා නැතුව ජිවත් වෙන්න අපි ආදරෙ කරලා කසාද බැන්දෙ, මට බැහැ මෙයයි, අපෙ දරුවයි නැතුව ඉන්න"

දොස්තර මහත්තයගෙන් ඇහැව්වලු " ඔයාට එ සම්භන්දෙ අත්හරින්න බැරිද මෙ දරුවයි , මෙච්චර ආදරෙ කරන ගැහැනියයි වෙනුවෙන්". මනුස්සය "බැහැ ඩොක්ටර් එයාව අත්හරින්න බැහැ මට, මට එයත් ඔනා". එ ගැහැනු කෙනා ගෙ කදුලු වලින් උනුවෙලා නැහැ පිරිමිකෙනාගෙ හදවත.  ඉතින් එ ගැහැනු කෙනාගෙ හිත හදන්න දොස්තරට ටික දවසක් එයාලා දෙන්නත් එක්ක කතා කරන්න සිද්ද උනාලු.

ඉලග දවසෙදි ගැහැනු කෙනා ගෙ එක ඉල්ලිමක් තිබුනලු "  ඩොක්ටර් ඉස්සරහා මම මෙ ඔයාගෙන් ඉල්ලන්නෙ මටයි, මගෙ දරුවටයි සතියකට එක දවසක් ඔයත් එක්ක ඉන්න ඔනා, අපි කොහෙහරි ගෙදරින් පිට යන්න ඔනා, පුතාට මෙ දෙවල් දැනගන්න දෙන්න හොද නැහැ නෙද". පිරිමි කෙනා එකට එකග වුනාලු. මෙහෙම ගැහැනු කෙනාගෙ හිත ටිකක හැදෙද්දි එක දවසක් එ ගැහැනු කෙනාගෙ කටින් ප්‍රශ්නයක් පිටවුනලු දොස්තරයි, එයාගෙ මහත්තයයි දෙන්නම නිහඩ වෙන.

" ඩොක්ටර් මම මෙ දෙවල් ඉවසගෙන විද දරා ගත්තා මගෙ දරුවා වෙනුවෙන් නමුත් ඩොක්ටර් ඉස්සරහා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා එකට උත්තරයක් මට දෙන්න ඔනා. මමත් වෙන පිරිමි කෙනෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්නවා. ඔයාට, ඔයාගෙ තත්වෙට ගැලපෙයිද එක ...? ඔයා කැමතිද එකට..?

මෙතනින් එ දොස්තර කතාව ඉවර කරා. එ වෙනකොට නිල්මිණී තෙන්නකොන් (වැඩසටහන මෙහෙයවුවෙ එයා) ඇස් දෙකෙන් කදුලු බින්දු කිපයක් කඩාගෙන වැටුනා.
මෙවා අහාල දැකලා අමතක කරන්න හොද නැහැ. අපිත් තව කල් තියනවා කියලා නිහඩව ඉන්න එපා. මෙක කියවන ඔයාලගෙ අදහස් මට වටිනවා. මම එකෙන් ඉගෙනගන්නවා. සමහර පිරිමි,ගැහැනු අය ඉන්නවා ජිවිතෙ කෙටියි ජොලියෙන් ඉන්න ඔනා කියලා හැමදෙම කරන, තවත් කෙනෙක්ගෙ හැගිම් අමතක කරලා ජිවත් වෙන එ අය තමුන්ගෙ රාමුවට කොටුවෙලා ඉන්න අය.මෙ අය වෙනුවෙන් අපිත් කතාකරන්න ඔනා. මොකද කවද හරි අපිත් එතනට එයිද..? නැද්ද..? කියලා කවුරුත් දන්නෙ නැහැනෙ...මම හරිද.

15 අදහස් දැක්වීම්:

Sandun Dasanayake said... [Reply to comment]

හිතට වදින කතාවක්. මේ වගේ කතා ගොඩක් මේ දවස්වල අහන්න ලැබෙනවා. තමන්ට ගොඩක් ආදරේ ගෑනියෙකුයි (දෙන්න යාළු වෙලා බැන්දනම් පිරිමි කෙනත් ගෑනු කෙනාට ආදරේ ඇතිනේ.) තමන්ගෙ ලෙයින් හැදුනු දරුවයි එපා වෙන්න තරම් අනික් ගෑණු කෙනාගෙන් මොනවද දන්නෙ නෑ ලැබෙන්නේ. අපිට කෙනෙක්ව එක පාරටම විත්තිකාරයෙක් කරන්න බෑ. සමහර විට එයාටත් කියන්න හේතු ඇති. ඒ මට තියන ප්‍රශ්නේ ඇයි මිනිස්සු මෙච්චරම ආසාවල් වලට වහල් වෙන්නේ.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

ඔය දේ සමාජේ තියෙන් ප්‍රශ්නයක් පිරිමි/ගැහැනු දෙපාර්ශවයෙන්ම ඔය වැරද්ද වෙනවා. ඒත් අපිටම අපි අවංක වෙනවනම් මිනිස්කම තියෙනවනම් ආදරය ඇතුලේ ඕක වෙන්නේ නැ...

Anonymous said... [Reply to comment]

මමත් ඒ වැඩසටහන බැලුවා. පිරිමියට හොද නමි මොකද ගැහැණියට නරක. දොස්තරත් පිරිමි. මටත් ඒ කතාව හිතට වැදුන එකක්....
මේ රවා මල්ලි... දැන් blog එක ලස්සනයි

රවා said... [Reply to comment]

දසය
අපි හැමොගෙම ලිංගික ආසවන් එක මට්ටමෙ නැහැ. අපිට ඉන්න සාහාකරුවගෙ හිතෙ මට්ටම අවබොධ කරගන්න ඔනැ නෙද..කොහොම උනත් තමුන් එක්ක ජිවිතෙම ගෙවනවා කියලා ආපු ගැහැනිනෙ බන්. ගැහැනු අතිනුත් මෙ වගෙ වැඩ සිද්ද වෙනවා , දෙපැත්තටම වලංගු දෙයක්. මම පිරිමියා පිටවත්, ගැහැනිය පිටවත් වැරැද්ද දමන්නෙ නැහැ. මට එක සිද්දියක් විතරයි යමක් ගත්තු.

රවා said... [Reply to comment]

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ට
මමත් විස්වාස කරන දෙයක් තමයි අවංක කම කියන්නෙ සංසාර පුරුද්දක් කියන එක. හැමතිස්සෙම අවංක වෙලා ගොඩක් තැන් නැති උනා. ගොඩක් පාඩු උනා. එත් එක අතහරින්න හිතෙන්නෙ නැහැ.

රවා said... [Reply to comment]

wath අක්කට
ඔයා ගැහැනු කෙනෙක් හින්දයි ,පිරිමියට හොදනම් ගැහැණියට නරක කියලා තියන්නෙ. නමුත් මම හිතන්නෙ ක්‍රියාවට පෙර තමාව එතන තියලා හිතන්න ඔනා කියන එක විතරයි. අක්කෙ blog එක ලස්සනයි කිව්වා නෙද... කලින් තිබුන එකත් ලස්සනයි, නමුත් හැමදාම දකිද්දි එකෙ ලස්සන අඩු වෙනවා. ඔයා කැමති වුනෙ මෙකෙ වෙනසට මිසක් ලස්සනට නෙමෙයි. පෙන දෙට එපිටින් මිනිස්සුන්ගෙ හිත වැඩ කරන හැටි පුදුමයි නෙද... එක අදුනගන්න ඔයාට වැඩකරන තැන වැඩ කරන්න පහසු වෙයි. මම මහා පණ්ඩිතයෙක් නෙද...?

Anonymous said... [Reply to comment]

Rawa
Ow Harima Pandithayek... Waysata nemei weda.. Katha karanna Puluwan da mata ...

Mandy said... [Reply to comment]

පිරිමි තමන්ගේ ආසාවන් හඹා යෑමත්... ගැහැනුන් සියලු දුක් වේදනාවන් දරුවන් වෙනුවෙන් දරා සිටීමත් ලංකාවේ බොහෝදුරට සිදුවන්නක්... එහි අනිත් පැත්තද සිදු නොවෙනවාම නොවේ... නමුත් ගැහනියට සිදුවී ඇත්තේ සැමවිටම තමුන්ගේ අගය 0 ට දමා අනුන් ගැන සිතීමටයි.... ඒ ගෑනු කෙනා වෙනින් සම්බන්දයක් පටන් ගන්නවාට මට නම් කිසිම වරදක් පේන්නෙ නෑ...

රවා said... [Reply to comment]

මධු විරකොන් ට
නැහැ නැහැ නංගි ප්‍රශ්නෙ මෙතන ,වැරැද්ද කාගෙද කියන එක නෙමෙ. මිනිස්සුන්ට අමතක වෙන වැදගත් දෙයක් ගැනැ. තුවාලෙ තියන මිනිහගෙන් රිදෙනවාද කියලා අහන ගොඩක් මිනිස්සු තමුන්ට සිරිමක් උනත් අඬනවා. මම කියන්නෙ බොරුද..?

රවා said... [Reply to comment]
This comment has been removed by the author.
රවා said... [Reply to comment]

wath අක්කට
ඇයි අක්කෙ බැරි ඔයාට කතා කරන්න. ඔයා කියන දෙවල් මට හොදට ඇහෙනවා( කන් වලට ඇරෙන්න). ඔයා කතාකරන්න අපි අහාන් ඉන්නෙ....

Anonymous said... [Reply to comment]

email එක දෙන්න බැරිද ...

රවා said... [Reply to comment]

ඇයි එකක් ඉල්ලන්නකො දෙකක්. ඔයාගෙ ඇඩ්‍රස් දෙකම මම දන්නවා

ඉස්සල්ලා මම අහපු ප්‍රශ්නෙට ඔයා දුන්නු උත්තරය අනුව මම එකෙ අර්ථය වෙනස් විදියකට හිතුවෙ.. එක හින්දයි මම එහෙම පිළිතුරක් දුන්නෙ.. හරිද
මගෙ විද්‍යුත් ලිපිනය මම කඳූලු බිංදු අක්කට නම් දුන්නා.

Anonymous said... [Reply to comment]

කමක් නැහැ ඉතින් දෙන්න බැහැ කීවනම් ඉවරයි නෙ...

රවා said... [Reply to comment]

ඇයි අක්කෙ මම එව්වානෙ...හම්බ උනෙ නැද්ද..?

කස්ටිය