සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/24/10

රවාගෙ ව්‍යාපාරය විනාශකරන කුමන්ත්‍රන......

ඔන්න නියම සිද්දියක්, ලංකාවටම එකයි. මම දැනට කරන්නෙ වාගාවකුයි, පොල් එකතු කරලා කොප්පරා කරලා විකුනන එකයි. ඔක ඔයිට වැඩිය වැදගත් විදියට කඩ්ඩෙන් වචන දෙකක් තුනක් ඔබලා කිව්වැ හැකි. නමුත් මොකටද බොරුවට අපි ගැමියොනෙ, එ අපෙ ගැම්ම. ගැමි කම.. හික්,, හික්.... ඔන්න මාස කිපයකට කලින් පටන් ගත්තු දෙ. ලස්සනට සැපයුම් කරුවො කිපදෙනෙක් වත් එකතු කරගෙන, වැඩ කරන්නත් අපෙ යහලුවො තුන්දෙනා එකතු කරගෙන , විකුනන තැන් කිපයකුත් හදාගෙන ලස්සනට ඇදීගෙන ආවා ව්‍යාපාරය. මිනිස්සුන්ට දෙන්න තියන කොටස එයාලට දිලා අවංක කමකින් මෙක කරගෙන ආවා. එතකොටම ඔන්න කන්දක් හමබවෙනවා මෙ ගලන ගඟට.

" ඔක නවත්තපන් "
"හේතුව "
" ඔක නවත්තපන් මගෙ නෙ තැන "
" හරි හරි මම මෙතන ඉද්දි ඔයාට ඔයාගෙ ගෙම ගහගෙන යන්න බැහැනෙ නෙද...?"

තාත්තාගෙන බකට් එකක්. හෙතුව ටිකක් හිතා ගන්න අමාරු ඇති කස්ටියට.. හෙතුව මට ලියන්න අමාරු නැහැ. මම එයා කරන වැරදි දැක නිහඩව ඉන්න එක නිසා එයාට මාව මුන ගැහෙද්දි ලැජ්ජාවක් දැනෙනවා ඇති. මම මෙ ව්‍යාපාරයට අත ගැහැව්වෙ, මගෙ අයියගෙ බලවත් ඉල්ලීම පිට නැත්තන්ම් එ පැත්තෙ පස් පාගන්නවත් නෙමෙ හිටියෙ. අද මම පහුගිය මාස ටිකෙ මම කරපුවාගෙ සාරංශයක් හදලා බැලුවා. මට ගොඩාක් සතුටු හිතුනා මෙච්චර පොඩි වයසෙදි, මෙච්චර ලොකු මුදලක් එක්ක , මෙච්චර නිවැරදිව ලස්සනට මෙක කරලනෙ කියලා, මම වැඩිය උනන්දුවෙකුත් නෙම, එ කියන්නෙ බත් බෙදලා දුන්නොත් කනවා, නැත්නම් ඔහෙ බඩිගින්නෙ ඉන්නවා. තාත්තා මෙහෙම කරද්දි මනසට ටිකක් දැනෙනවා. එකට බ්ලොග් එකෙ සෙට් එක මොනවා කියයිද කියලා බලන්න මම මෙ පොස්ට් එක දාන්නෙ. කොහොම උනත් වයසින් වැඩි කෙනෙක් එක්කලා හැප්පිලා දිනපු පොඩි එකෙක් නැහැ. දිනුවත් , පැරදුනත් පොඩි එකා පරාදයි. එක හින්දා පොල් ටික එතනින් අයින් කරගෙන ආවා. දැන් මොකද මාව විස්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ට කියන්නෙ.

" මල්ලි කොහොමද ඉලග සතියෙ සෙනසුරාදා අපෙ වත්තෙ පොල් ටික කඩනවා, දැන් කියද පොල්..? "

ඇත්ත කියලා අයින් උනාම මිනිස්සු හිතනවා.

" මුට කිසිවැඩක් හරියට කරන්න බැහැ" කියලා.
දැන් මන් කල්පනා ලොකෙ ක ඉන්නෙ. මගෙ යහලුවො දෙන්නත් ටිකක් ගැටගහ ගත්තෙ මෙකෙන්. මමත් රොල් ගැහැවුවෙ පොල් එකෙන්. වගාව ෆිට් එකටනෙ.

මම පොල් කරා කිව්වට ඔය මාලු පොල්, එ කියන්නෙ ඔයාල ඔය 30 ට, 40 ට ගන්න පොල්ම තමයි මම ත් 20 ත්, 24 ත් අතර මිලකට අරගෙන කොප්පර කරලා විකිනුවෙ. එකෙනුත් තිස්දාහක් තාත්තා අතරමැදියෙක් වෙලා ගැහැව්වා. මම මුකුත් නොකියා හිටියෙ එ පාඩුව මාස දෙක තුනකින් අල්ල ගත්ත හැකිනෙ කියලා. අනෙ මන්දා මෙ මනුස්සය ට මොනා වෙලාද කියලා, වෙන එවුන් තාත්තලගෙන් හොරකම් කරන්නෙ, මෙයා මගෙන්. මම තාත්තගෙන කවදාවත් හොරකම් කරලා නැහැ. අයියයි, මල්ලි දෙන්නම කරලා තියනවා. මට අවස්තා හම්බ උනත් ... අනෙ මන්දා මෙ මනුස්සයා මැරුනට පස්සෙ කොහෙ යන්න හිතෙ තියන් ඉන්නවද කියලා....

කවුරුත් කාගැනවත් වැරදි වැටහිමක් ගන්න ඔනා නැහැ. මෙ කතාවෙනුත් වැදගත් දෙයක් තියනවා ගන්න..
මෙ ලොකෙ සමහර මිනිස්සු ඉන්නවා එ මනුසයින්ට බාධක කම් කටොලු හම්බ උනාට ගනන් ගන්නෙ නැහැ,  කඩාගෙන බිදගෙන ඉස්සරහාට යනවා. තමුන්ගෙ මිනිසුන්වත් අමතක කරගෙන හො රැගෙන. වලි දාගෙන, බැනගෙන, හයියෙන් ඉස්සරහට දුවලා ගිහින් පස්ස බලපුවාහම තමුන් තනිවෙලා කියලා දැනෙනවා, නමුත් එ මනුස්සයෙගෙ හිතෙ තියන මානය හින්දා එක පිළිගන්නෙ නැහැ.
මම ඉතින් ගඟ ගලනවා වගෙ හිමිටනෙ වැඩ. එක හින්දා තිරණය කලා කන්ද මගහැරලා වටෙන් ගිහින් ගමන යන්න. මොකටද බොරුවට බොරු මිනිස්සුත් එක්ක පැටලිලා, ගහ මරාගෙන මටත් අයිතියක් තියනවා කියලා කැගහගෙන හිස් කෙනෙක් වෙන්නෙ. හිමිට වාගාවට වැඩිපුර අවධානයක් දක්වනවා, නමුත් එතනදිත් හිත් වෙදනාව විතරයි ඉතුරු වෙන්නෙ. අපෙන් 200 ට කිලො එකක් අරන් ගිහිල්ලා 400 ට විකුනනවා. අපි මාස දෙකක් ක් තුනක් මහන්සිවෙලා අව්වෙ කරවෙලා ගන්න ගෙඩි ටික, එකෙක් වරුවකින් විකුනලා අපි ගන්න 200 ම ගන්නවා. අපිම එක විකුනන්න ගියොත් ඌට මොකද වෙන්නෙ... කියලත් අපි හිතනවා.  මෙ අස්සෙ අපෙ දෙශපාලුවො රට දියුනු කරනවාලු.

හරි හරි කොහොම උනත් සිද්ධිය පුදගලිකයි, එ වුනාට ආකෘතිය පොදු එකක්.

තවත් මනුස්සෙයෙක් තමුන්ව තරහා ගස්සන්න කරන ක්‍රියාවලින් තමුන් වැටුනොත් එක තමුන්ගෙ දුර්වල කමක්. මිනිස්සු කොච්චර බැන්නත්,බලපැම් එල්ල කලත් කෙලින් ඉන්න පුළුවන්න නම එක වටිනවා. මෙ සිද්ධියට ටිකක් නෙමෙ හොදටම දුක හිතුවා.  මෙකෙ දුක ඩ්බල් උනෙ මාගෙ හදපු අම්මා කියපු කථාවක් හින්දා අද දවල්..." පුතා අපිට බැහැ උබත් එක්ක හැමදාම ඉන්න, අපිට වෙලාව ආපුහාම යන්න වෙනවා. උබ දැන් ඔයා කාගෙවත් දෙවල් පස්සෙන් යන්නෙ නැතුව උබෙ දෙයක් බලාගනින්, ආපහු කැම්පස් යමන් ගිහිල්ලා එ ටික කරගෙන රස්සාවක් හොයාගනින්.." 


කස්ටිය මොකද හිතන්නෙ සිද්දිය ගැන , ඔයාලා නිතිමය පැත්තට යනවාද..? නැත්තම් කලින් සිද්දියෙදි මම වගෙ බකන්නෙලා ගෙන ඉන්නවද...?

29 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

මම නම් බං අනන්තයක් දුක් විදලා තියෙනවා උඹට වඩා.. ඒත් මම ඒ අස්සේ ඉගෙනත් ගත්තා. ඉතිං මේ යන කල දසාව හොද උනේ, ඉගෙන ගත්ත නිසා.. තාමත් මං ඉගෙන ගන්නවා..

මම නම් කියන්නේ, උඹ basic degree එක ගනිං.. ඊට පස්සේ පුළුවන් උඹට ඕනේ දෙයක් කරන්න.. එතකොට risk එකක් නෑ..

මාරයාගේ හෝරාව said... [Reply to comment]

ඔහොම තමයි ඉතින් මටත් උනේ. හැබැයි තාත්තා නෙවෙයි මගේ මල්ලී තමයි හරස් උනේ.
ඒත් ඉතින් මම ගණන් ගත්තේ නැහැ. හවුලට තිබ්බ ඒවයි,මට අයිති ඒවයි ඔක්කොම එක විනාඩියක් ඇතුලත මිනිහටම දීලා දැම්මා.
එදා මට පුදුම සතුටක් දැනුනා.
සල්ලි හම්බ කරන්න, ගෙදර ගොඩ දාන්න හිතාගෙන වින්ද දුක් ඔක්කෝම අතහැරලා මම පාරට බැස්සා.
ඒත් එදා ඉදලා මට හොදට නින්ද ගියා.
අදටත් මම මහ පාරෙ තමයි.
මටයි කියලා කිසිම දෙයක් නැහැ.
ඇත්තම කිවුවොත් මම දැන් ලෝකයත් එක්ක සටන් කරන්නේ නැහැ.
අපි ජීවත් වෙන්නේ ටික කාලයයි.
ඒ ටික කාලෙට අපිට ඔන වෙන්නේ බොහොම ටිකයි.
නමුත් මිනිස්සු ඔනවටත් වැඩිය මැරීගෙන දගලන්නේ හරියට හැමදාම ජීවත් වෙන්න වගේ.
හැමදේම අත හැරපු දවසේ මම වින්ද සතුට සැහැල්ලුව මට අදටත් මතකයි.
මට ඒ ඇති.
එක දේකින් ඇර අද මම පුදුම සැනසිල්ලේ ජීවත් වෙන මිනිහෙක්.
ඒ දේත් මගේ මතකයෙන් ඉවත් කරගත්ත දාට මම දිනුම්.

රවාටත් මට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

කැමතිනම් තවදුරටත් සටන් කරන්න පුළුවන්.
නැත්නම් සටන අතහැරලා නිකම් ඉන්න පුළුවන්.
මොකක්ද කරන්න ඔන කියලා මම නම් කියන්න යන්නේ නැහැ...

රවා said... [Reply to comment]

පිස්සට
හැමොම කියන්නෙ එක කරපන් කියලා තමයි. නමුත් උගත් මිනිස්සුන්ගෙ සමාජයෙ තියන හිස්තැන් දැක්කාහම එතනට යන්න හිතෙන්නෙ නැහැ.. නමුත් එක ඉවර කරනවා කොහොම හරි ඔට්ටු වෙලා.

මාරයා ට
තමුන්ගෙ මිනිස්සුත් එක්කලා සටන් කරලා දිනුවත් පරදින්න තමයි වෙන්නෙ. මම දැන් අකුලන් ආවා. සල්ලි ටිකක් ඉතුරුයි. එකෙන් වෙන මොනවාහරි දෙයක් කරනවා කියලා හිතෙ තියන් ඉන්නවා.

Anonymous said... [Reply to comment]

පුදුම තාත්තෙක් නෙ මේ මනුස්සය.වෙන තැනක් හොයාගන්නම නැද්ද?වැඩේ කරගෙන යන්න
mama adamayi me paththe aawe. eth meka kiyewwama liyala yanna hithuna.oyage set ekatanam mama adalaa naha neda .

මාරයාගේ හෝරාව said... [Reply to comment]

අඩු මුදලක් වැය කරලා හිටිය තැනට වඩා වෙළදාමට පහසුකම් තියෙන තැනක් හොයා ගනින් මල්ලී..
හැබැයි තාත්තට නිතර ඇහැ නොගැහෙන තැනක් නම් තමයි හොද..
පොල් දුමක් හදා ගන්න ටිකක් මහන්සි වෙන්න වෙයි එච්චරයි..
පටන් ගනින් මම සුභ පතනවා!

Anonymous said... [Reply to comment]

වයසින් වැඩි කෙනෙක් එක්කලා හැප්පිලා දිනපු පොඩි එවුන් නැත්තේ නැහැ. ඒ වුනත් ඔය නඩු හබ වලට යන එක නොදැන කරනව නම් එච්චර ලේසි වත් ලාබ වත් දේවල් නෙවෙයි, අන්තිමට කොහෙවත් යන ලෝයර්ලා ටිකක් පොහොසත් වෙලා අතේ තිබුනු ටිකත් නැති වෙන්න බැරි නැහැ, ඔයාට හොඳ ලෝ පොයින්ට් එකක් තියනව කියල ෂුවර් නැත්නම්. (ඔයා ලියන ඒව, විශේෂයෙන්ම දේශපාලන අදහස්, කියෙව්වම මම උන්නෙ ඔයා බුද්ධියට වඩා හැඟීම් උඩ දුවන්නෙ කියල. එහෙම කෙනෙක් නඩු යන එක වැඩියත් පරෙස්සමෙන් කරන්න ඕනෙ.) ඊට වඩා හොඳ නැද්ද උපාදිය කරනව නම් ඒකත් කරන ගමන්, තාත්තට ඇඟිලි ගහන්න බැරි විදියට කරන බිස්නස් එකක් කරන එක.

ඔයා තාත්තගෙ හැටි නොදැන හිටිය නෙවෙයි කියල නෙ පේන්නෙ "එයා කරන වැරදි දැක නිහඩව ඉන්න එක" කියන එකෙන්. එහෙමත් වෙලා තාත්ත වත් බිස්නස් එකට ගාව ගත්තු බවත් නෙ පේන්නෙ තිස්දාහක් ගැහුව කියන එකෙන්. එහෙම වුනහම ඔහොම වෙන්න පුලුවන්. ඕක ඉතින් කරපු ගොන්කම කියල හිතන් ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඒ වගෙ වැරදි නොවෙන්න. හිතේ අමාරු වලට බය කට්ටියට බිස්නස් කරන්න බැහැ. බිස්නස් කරන කාට වුනත් නොවැරදී ඔක්කොම හරියට කරන්නත් අමාරුයි, මුලදිම තිත්ත පාඩම් ඉගෙන ගන්න එක වාසියක් එක අතකට. ඕව ගනන් ගන්න එපා.

SL Tech Express said... [Reply to comment]

මොනදේ උනත් තාත්තා කෙනෙක් අම්ම කෙනෙම් ව්වේචනය කරන්න මම කැමති නෑ.
ඒත් එයාල උනත් 100% නිවැරදි නෑ.
කෙටියෙන් මෙච්චරයි,
රවා, ආයෙත් පටන් ගන්න දෙකම. ඉගෙනීමත් බිස්නස් එකත්...
මේ සුබ පැතුම හදවතින්මයි...

රවා said... [Reply to comment]

Anonymous ට
මගෙ සෙට් එක කියලා කියන්නෙ මෙක කියවන ඔනැම කෙනෙක් එ කුලකයට අයිති වෙනවා... තැනක් තියනවා. එතන හදපු හාම අතෙ තියන සල්ලි ටික ඉවර වෙවි වගෙ, බලමු තැනකින් සල්ලි ටිකක් අරගෙන වැඩෙ කරන්න.

මාරයාට...
එක තමයි තැනක් හොයාගෙ, වැඩෙ පටන් ගන්න ඔනා.

රවා said... [Reply to comment]

stormcrow said...
මම මුලින්ම පොල් ව්‍යාපාරයට ගියෙ කොප්පරා කරන්න නෙමෙ, අපන්‍යනය කරන්න මොරිසියස් වලට, එක කන්ටෙනරයක් යැව්වා. එකෙන් තමයි මුදලක් එයා ගත්තෙ. එයාව නැතුව එක කරන්න බැහැ මොකද කස්ටමර්ස්ලා, එයාගෙ, අනික එ සම්භන්ද දැනුමත් එයාගෙ... එයා අපි දරුවො කියලා අපිට එක කවදාවත් දෙන්නෙ නැහැ.

සුළග ට
අපිත් කැමති නැහැ, මොකද මෙවා සංසාරෙට අයිති දෙවල්නෙ, පිට කාට හරි ගැහැව්වොත් එක ගැන කියන්න බැහැ, කොයි ආත්මෙ හරි පළ දෙනවා. එත් එ වගෙද අම්මට හරි තාත්තට හරි අත් ඉස්සුනොත් එක හැමදාම හිටින පව්කමක් වෙනවනෙ. බලමු නෙද මොකද වෙන්නෙ කියලා.

Anonymous said... [Reply to comment]

"එක කන්ටෙනරයක් යැව්වා. එකෙන් තමයි මුදලක් එයා ගත්තෙ. එයාව නැතුව එක කරන්න බැහැ මොකද කස්ටමර්ස්ලා, එයාගෙ, අනික එ සම්භන්ද දැනුමත් එයාගෙ..."

එහෙනම් මල්ලි "අතරමැදියෙක් වෙලා ගැහැව්වා" කියන එක පොඩ්ඩක් ඒක පාර්ශ්විකයි නේද. තාත්තයි ඔයයි හවුලෙ බිස්නස් එකක් කරා, ලාබෙන් කොටසක් තාත්ත ගත්ත.

ඔයාගෙයි තාත්තගෙයි තියන සම්බන්දෙ මම දන්නෙත් නැහැ මට වැඩකුත් නැහැ මම පුද්ගලිකව දැකපු දෙයක් කියන්නම්. මටත් බිස්නස් කාර යාලුවො ඉන්නවා. උන්ගෙන් හරියට දියුනු වුනු එකෙක් වත් "මේක තාත්තට තියන නිසා මම දරුවෙක් නිසා මට කිසිම ගෙවීමක් නැතිව ලැබෙන්නම ඕනෙ" කියල කිසි දෙයක් බලා පොරොත්තු වුනු උන් නෙවෙයි. මම කියන්නෙ ඔයා එහෙමමයි කියන එකත් නෙවෙයි.

RanDil said... [Reply to comment]

මල්ලී, දෙමව්පියන්ට වන්දනා මාන කරගෙන ඉන්නම ඕන කියලා උදේ හවා ටීවී එකේ බණ කියද්දී (අදත් කිව්වා) ඔයා අවංකවම ඇත්ත කථා කරපු එක ගැන මට හරි සතුටුයි. ඇත්තටම අපි කාටත් ඔය වගේ දේවල් වෙනවා.

කරුණාකරලා ඔය කියන තැනින් අයින් වෙන්න. අයින් වෙලා ඉඩමක් බද්දට අරං හරි කරන්න. කරලා පෙන්නන්න ඔයාගේ හැකියාව. හැබැයි ඉතිං පුළුවන් වෙලාවට අම්මාට කීයක් හරි දෙන්න. එයාලා කරන දේවල් මැදහත් සිතින් බලලා ඉවසන්න නම් වෙනවා පුතේ! හේතුව සොභා දහම ගහට පෙර පැලේ මැරුවේ නැත්නම් එයාලා තව අවුරුදු 20ක් ඇතුලත අපිව දාලා යන සම්භාවිතාව වැඩියි. එදාට පසුතැවිල්ල ඉතිරි කරගන්න ඕනේ නැහැනේ මල්ලී නේද?

මර්වින් ලා ඉන්නේ පබා නාට්‍යයේ විතරක් නොවෙයි, තව ඕනේ තරම් ඉන්නවා.

Anonymous said... [Reply to comment]

කරන්න ඕන මොනවද කියල කියන්න මට නම් තේරෙන්නේ නෑ. මොකද මම ඔය වගේ බැරූරැම් අවස්ථා වලට මුහුණ දීලා නැති නිසා.

මමත් කියන්නේ ඉගෙන ගැනීම නතර කරන්න එපා කියල. මම ඉගෙන ගත්තෙත් රස්සාවක් කරන ගමන් බොහොම අමාරුවෙන්...

- නිල් අහස - said... [Reply to comment]

මට පුදුමයි මලයා ඔයා ගැන. පුදුම ඉවසීමක් නේ ඔයාට තියෙන්නේ. මට ඔය දේ උනා නම්, තාත්තා කියලා බලන්නේ නෑ..යනවා ගේමට. ඒ තමයි මගේ විදිය. ඉස්සරහට තියපු කකුල ආපස්සට ගන්න කැමති කෙනෙක් නෙවෙයි මම.

ඒත් ඔයාගේ කතාව කියෙව්වම, මම හිතනවා මම පරාදයි කියලා.

හිත හොඳ උඹලා වගේ අයට, කවදා හරි..හරි යනවා.
මම දන්නේ බිස්නස් තරන්න විතරයි. degree ගහපු එකෙක් නෙවෙයි මම. ඒ හන්දා , ඒ ගැන කියන්නේ නෑ.

ඒත් බිස්නස් එක නම් නවත්තන්න එපා රජෝ..

රවා said... [Reply to comment]

stormcrow ට
අයියා මෙකයි විස්තරෙ... මම පොල් ගෙඩි 7000 ක් දුන්නා එයා කන්සල්ට් කරපු කොම්පැනි එකකට. එ කන්ටෙනරය ට මැටිරියල් හැදුවෙත් මම ලොඩ් කරත් මම. එ කම්පැනි එකෙන් මට ගෙවපු 1 54 000 හෙන් එයා මට දුන්නෙ 95 000 විතරයි. එ අතරතුරදි එයා මගෙන් තව 10 000 ක් ඉල්ල ගත්තා. කන්ටෙනර් එකෙ forwading charges 19 000 යි.එක මම ගෙවන්න ඔනෙ නැහැ. එයා එකත් එ කම්පැනි එකෙන් අරගෙන මගෙ සල්ලිත් ගත්තා. මම මුකුත් කියන්න ගියෙ නැත්තෙ මගෙ අයියා නිසා. අනික මගෙ ලාබෙ අයියෙ 14 000 යි. එයා පස්සෙ මට 30 000 ක් දුන්නා හැබැයි එක ගත්තෙ මගෙ කපටි කමින්. දවස් දෙක තුනකට කලින් මම එයාගෙන් සල්ලි ඇහැව්වා.අනික කරපු පළවැනි එකෙන් ම එයා එහෙම කරහම කොහොමද ඉස්සරහට එක ගෙනියන්නෙ. එක හින්දා මම කොප්පරා කරන්න ගත්තා. මම එතනදි එකපාර්ශවික උනෙ නැහැ නෙද... කොහොමත් හිතෙ ටිකක් දුකකින් ඉන්නෙ. මම මනුස්සයෙක් නෙ නෙද එක තව කෙනෙකුට ස්ට්‍රස් එක අඩු කරගන්න කියද්දි මම ටිකක් වැඩිපුර දැම්මද කියලත් හිතෙනවා.

රවා said... [Reply to comment]

RanDil ට
අපි යමක් හම්බ කරගෙන දෙමව්පියන්ට සලකන්න එද්දි උන් එමෙ අත. මෙ ලොකෙ කැරකෙන හැටිත් පුදුමයි නෙද...

wath ට
එහෙම අවස්තාවක් ආවොත් ඉතින් බකන් නෙලාගෙන ඉන්න තමයි තියන්නෙ.. නැතුව මගෙ තියන ලැජ්ජා නැතිකමට මම මෙක බ්ලොග් එකෙ දැම්මට ඔයා එහෙම කරන්න එපා හි..හි.. මම අර එදා කිව්වෙ වංඩිය කරකවන සින් එක ගැන. ඉගෙන ගන්න එක මට හොදට කරන්න පුළුවන්..නමුත් එක 40 000 පඩියට නෙමෙ ..මට හිතුනොත් මෙක ඉගෙනගෙන මාත් එක්ක 1 වසරෙ ඉදන් ඇවිල්ල හැලුනු යහලුවො කිපදෙනාට ආදයම් මාර්ගයක් හදලා දෙන්න පුලුවන් කියලා මම එක බර දාලා ඉගෙන ගන්නවා.

නිල් අහස ට
වචන තමයි වැදගත්ම දෙ..ඔයගෙ බ්ලොග් එක පැත්තෙ ගිහිල්ලා බැලුවා. මම වගාව ඉස්සරහට ගෙනියනවා. මොකද බිස්නස් කරලා මගෙ හිතට කිසි පිට් එකක් නැහැ. මිනිස්සුන්ව අන්දන්න වෙනවා ලොකු ලාබයක් ගන්න. නමුත් හිත එකට ඉඩ දෙන්නෙ නැහැ. නමුත් මිනිස්සු අපිව අන්දන්න එද්දි අපිට එක මුනට කියන්න හිතෙන්නෙ නැහැ. මට කපටිකම් උපතින් පිහිටලා තියන දෙයක් එවා මං පෙන්නනෙ මල්ලිටයි අයියටයි විතරයි..

Anonymous said... [Reply to comment]

රවා මල්ලි හොඳම දේ තමයි වුනු දේ උනා ආයෙ කාටවත් ඒ ජාතියෙන් අහු වෙන්නෙ නෑ කියල සිහි කල්පනාවෙන් බිස්නස් එක කරන් යන එක. ඉගෙන ගන්න වැඩත් පාඩු කර ගන්න එපා. කොහොම වුනත්, තමන්ගෙ බිස්නස් එකේ වැදගත් කෑල්ලක් වෙන කෙනෙක් උඩ සම්පූර්නයෙන් යැපෙනව නම් ඒ ගැන පරෙස්සම් වෙන්න.

කොහොම වුනත් තාත්ත නිසා රන්ඩු කර ගන්න යන්නෙ නැතිව අයින් වෙලා තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන ගියාම ඉවරයි. පස්සෙ කාලෙක තමන් නය නැහැ කියල හරි කියන්න පුලුවන් නෙ.

රවා said... [Reply to comment]

stormcrow ට
කොහොමත් මම තාත්තට නය නැහැ. මම ඉගෙනගන්න එයාගෙන් සල්ලි ඉල්ලලා නැහැ. මට ගුරුවරු හැමොම නිකන් කියලා දුන්නෙ. මමත් ලමයින්ට නිකන් කියලා දෙන්නෙ. හැබැයි එයාල ගෙදරට එන්න ඔනා. අපි ඔහොම යන් නෙද මම හිතුවා රස්සාවක් කරන්න ඔනා කියලා දැන් වෙලාව හරි යහලුවො දෙන්න වගාව බලා ගනී...

Anonymous said... [Reply to comment]

Malaya, thawa yamu issarahata.Umbe wachana wala thiyena gamburata wada, umbata thawa godak deval thawa igena ganna thiyenawa.
Umba tika tika wenas wela bawa penawa. Hangeem walata wahalek wela witharakma innawada reality eka pathathata yanawada ? Umba mekatath panditha kathaawak kiyay.Eth umba wenas wena eka hondai.

රවා said... [Reply to comment]

Anonymous ට
ඔයා හරි මම හැගිම් වලට වහල් වෙලා වැඩියි. මට එක නොතෙරෙනවා නෙමෙ. මම හිතුවෙ මම වෙනස් වෙන්න ඔනා කියලා හැබැයි. මොනා කරන්නද මෙ මම නෙ. නොතෙරෙනවා නෙමෙයි, පන්ඩිතකම වැඩියි, ඉමොෂනල් වැඩියි කියලා.

Anonymous said... [Reply to comment]

Anonymous-gen pilithurak
sorry එහෙම කිව්ව එක ගැන.මාත් කියවන කුලකයෙ නිසා ඔන්න මාත් අදාලයි තමා.අදයි හොයාගත්තේ ඔබට comments කරන විදිය.මම දාන ගොඩක් අයටcomment ,post වෙන්නේ නැහැ .හේතුව මම දන්නෙත් නැහැ.
ඔහොම අය නිසා මොකට පහු බහිනවද කොහොම හරි කරන්න.හැබැයි ණයක් ගත්තොත්නම් පුලුවන් ඉක්මන්ටම ඒක ගෙවල දාන්න. ඊට පස්සේ හිත නිදහස් නේ.ඉගනගන්න එකත් කොහොම හරි කරගන්න. මගේ සුභ පැතුම්!!!!.

රවා said... [Reply to comment]

nimanthi ට
ඇයි ඔයා sorry කියන්නෙ. ඔයා බොරු නෙමෙනෙ කියලා තියන්නෙ. ඔයා හිතුවද මට දුක හිතුනා, තරහා ගියා කියලා. මම එක කියනවට, කියලා බනිනවට ආසයි මොකද මෙච්චර මගෙ ගුරුවරු, මගෙ සහොදරයා මට බැන්නෙ, මට ටිකු ඇන්නෙ ඔය කතාව කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් එක කියද්දි මට මතක් වෙන්නෙ. එ මිනිස්සුන්ව...

බිඟූ said... [Reply to comment]

රවා මම නම් කියන්නේ නෑ දෙකක් ඇනපං තාත්තට කියලා.
මොකද අපිට ඉන්නේ එකයි, ඒක යකා උනත්.

අපේ තාත්තා ගෑණු දෙන්නෙක් ගත්තා. එක්කෙනෙක් අපේ අම්මා. අනිත් කෙනා දන්නවනේ.
ඉතින් හිතාගනින්කො අපිට ගිය කල දසාව. අරයත් තාත්තා වැඩ කරපු තැනමයි. සල්ලි තිබුණා.
අම්මව නැති වෙන්නම නැති උනා. අපි 4 දෙනාට වෙච්ච දේත් හිතපන්කෝ.
අපේ අම්මා පට්ට ගේමක් දුන්නා.
මම මේ කතාව කිව්වේ ඔය සිද්ධි අස්සෙන් මම ඉගෙන ගත්තා. දැන් අපේ අම්මට මාව නිකන් මහ මෙරක් වගේ.
කිසිම බයක් නෑ. ඉතින් රවා අපිත් වැලේ වැල් නැති උනා නම් අද මහ පාරේ.

ඉගෙන ගනින් රවා. මොකද රස්සාවක් කරලා ලොකු මිනිහෙක් උනාම ඊළඟට බලන්නේ ඉගෙනීම දිහා.
එතකොට වෙලාව මදි.

අනිත් එක සංවේදී කියන එක ප්‍රශ්නයක් නම් නෙමෙයි.

තාත්තාව මග අරින එක තමා හොඳම. මම කළේ ඒක. පස්සේ එයාම තේරුම් ගනීවී.
එදාට අපිට සතුටු වෙන්න පුළුවන්.

/බිඟුවා...!

රවා said... [Reply to comment]

බිගුවා...ට
ස්තුති අයියා....
මම දැන් කොහොම හරි රස්සවක් හොයගෙන ඩිග්‍රි එක ගොඩදානවා... එක සිකුරුයි.. බලමු නෙද අපි සෙට් එක එකට ඉදියිනෙ නෙද...

Anonymous said... [Reply to comment]

"මම දැන් කොහොම හරි රස්සවක් හොයගෙන ඩිග්‍රි එක ගොඩදානවා... එක සිකුරුයි.." - ඒක තමයි මේ කතාවේ හොඳම part එක රවා. මං පුංචි - ඒත හරිම common - උදාහරනයක් කියන්නං.

උඹ ගැනල බලපං පොඩි එකෙක් පළවෙනි පාරට අඩියක් හරියට උස්සලා අඩියක් මාරු කරන්ඩ කලිං කී පාරක් වැටෙනවද කියලා. උඔ පළවෙනි පාර බයිසිකලෙං ගේ වටේ රවුමක් යන්න කලින් කී පාරක් අත පය තුවාල කරගත්තද වැටිලා?

ජීවිතේ එහෙම තමා. එක පාර ගොඩ ගිය එවුං ‍මේ ලෝකේ හරි අඩුයි. එහෙම උනත් වැඩි පැවැත්මක් නෑ.

කරදර බාධක දුක් කම්‍කටොළු හැම දෙයක්ම දරාගෙන ටික දුරක් යන්න ඕනෙ රවා.. දුෂ්කර පාරක් දිගේ දාඩිය පෙරාගෙන අත පය සීරිලා කන්දක් නගින එක හරි අමාරුයි. ඒත් අමාරුවෙන් කන්ද මුදුනට ආපුවාම උඔට ලස්සන නිල්ල ගැහුණු සීතල පරිසරයක් හම්බවෙනවා.එතෙන්ට යනකං තමා අමාරු.
ඊට පස්සේ උඹ ජී‍විතේ ලස්සනට ගෙනියනවා. හති ඇරලා , plan කරලා , හුස්මක් අරගෙන ලස්සනට ජීවිතේ පටන් ගන්න පුළුවං. යෝගියා මේ කියන්නේ කතන්දරයක් නං නෙවී. බොහොම කාලයක් ප්‍රශ්ණ බාධක ඔය හැම දෙයක්ම විඳ‍ගෙන ජීවිතේට මුහුණ දීලා ලබපු අත්දැකීම් වලින්.ගොඩක් සාර්ථක වෙච්චි මිනිස්සු දිහා බලලා ඉගෙන ගත්තු දේවල් වලිං.

මං වැටෙන්ඩ එපා කියන් නෑ රවා.
වැටියං.
ඒත් ආපහු නැගිටලා තව පරිස්සමිං ,ශක්තිමත්ව ආපහු නොවැටී යන්ඩ බලපං.
- ජය

දිල් said... [Reply to comment]

රවා.....සමාවෙන්න, මෙච්චරකාලයක ඔයාගෙ බ්ලොග් එකට ආවෙ නැති උනාට.......

අද පළවෙනි පාරට මේකට ඇවිත් මේ සටහන කියෙව්වම මම හුගාක් දේවල් තේරුම් ගත්තා...ඔයා දෙමාපියන් ගැන කතාකල දේවල්...මම මගෙ අම්මා අප්පච්චි නැතුව හැදුන කෙනෙක්.ඔයා....ඒකෙ අනිත් පැත්ත..මම එයාල මා ලග නැතිව වින්ද දුක ගැන අකුරු කරද්දි, ඔයා එයාලා ලග ඉදගෙන විදින දුක ගැන අකුරු කරනවා...හරි පුදුමයි. හරියට කාසියක දෙපැත්ත වගේ....

දෙමාපියන්ට මේ තරම් නපුරු වෙන්න පුළුවන්ද රවා ? පුළුවන් නේන්නම් මේ වෙන්නේ ? ඒත් ඇයි ? මට හිතා ගන්න බෑ...ඒත් එහෙම වෙනවා...

ඔයා මට ඇවිත් කියනවා වැටෙන්න එපා කියලා...මාත් කියන්නම්.වැටෙන්න එපා රවා...දවසක ඔයා ඔයාගෙ ඉලක්කයට ගිය දවසකට....කෑ ගහලා හිනා වෙන්න පුළුවන් තරම් ලොකු හිතක් තියාගන්න...අද ඇදගෙන යන ජීවිතය එදාට ඔයාගෙ කර උඩ යාවි..ආඩම්බරයෙන්..නොය වටේ ඉදන් ඔයාට පාර අහුරන අය එදාට එයි ඔයාගෙ පස්සෙන්........

ඔයාට ජය !

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

අපොයි මළේ පපුව හෝස් ගාලා ගියා සටහන දෑක්කම... ඕක කරුමේ කියල හිතාගමු... මගේ අත්දැකීමුත් අඩු වැඩි වසයෙන් ඔයිට ටිකක් විතර කිට්‍ටුයි.... ඒ ලෙවල් කලාට පස්සේ අද වෙනකල් සතයක් ගෙදරින් ඉල්ලලා නෑ මාත්... අනෙක් අතට මගෙන් වෙන්න ඕනෑ හැම යුතුකමක් ම මමත් මගේ බිරිඳත් නොපිරිහෙලා ඉ‍ටු කරනවා... නමුත් පොඩ්ඩක් එහා මෙහා වෙලා මගේ අතින් යමක් කියවුනොත් අර කරපු සේරම අමතක කරලා පිහි තුඩු අනින්නවාගේ වචන කියනවා... හිත හදන්නේ ඉතින් ලමයින්ගේ අම්මා... අපි ලබා උපන් හැටි වෙන්නැති මළේ... හරි එව්වා යකාට ගියාවේ... ඉදිරියට මොකද්ද කරන්න ඕනෑ කියලා මළයාටම තමා තීරණය කරන්න පුළුවන්... හැබැයි මළයට රස්සාවක් ඕනා නම් මම පොරොන්දු වෙනවා, කොහොම හරි, මළයට ගැලපෙන එකක්, ඩිග්‍රියට ගැලපෙන එකක් සොයාගන්න උදවු කරනවා කියලා... මටත් හැමදාම උදවු කළේ යාලුවෝ විතරයි... මාගෙන් අනේක උදවු උපකාර ගත් කිසි කෙනෙක් ගෙන් මම කිසිම දෙයක් ඉල්ලා නෑ මලේ... .මට මළයා වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න බැරි කමකුත් නෑ... මේක නිකම් පොර ටෝක් එකක් කියලා හිතන්න එපා.. අපි හමු වෙලා තියෙන්නේ වෙබ් අවකාශයේ විතරක් උනාට, මම මගේ ඉව හැමදාම, විස්වාස කරනවා... මගේ ඉව මාව රවට්ටලා නෑ...අවශ්‍ය ඕනෑම වෙලාවක මට note එකක් දාපන් මලේ..."අපි වෙනුවෙන් අපි.." මිස වෙන කවුරුද...?

රවා said... [Reply to comment]

walkwithyogee ට
මම දැන් ඔයාගෙ තැනට ගිහිල්ලා බලලා ආවෙ වාසනාවන්තයි.. හරි හරි අපි ඔහොම යන්.. වැටෙනවා නැගිටිනවා.. සොබා සොදුරු සිරි මෙලොවෙ ඔබෙ ඇසිනි මා දුටුවෙ කියලා උඩින්ම තියන්නෙ ..නැද්ද..

දිල් ට ....
බුදු හාමුදුරුවො දෙශනා කරලා තියනවා රාග ද්වෙෂ මොහොයෙන් මිනිස්සු අන්ධ උනාම එයාලට හරි වැරැද්ද් පෙන්නෙ නැහැ කියලා. අපි ත් මිනිස්සු, තාත්තත් මනුස්සයෙක් නෙ.. පින් වල තියන මදි කමකින් තමයි ඔය මනුස්සයා තවත් පව් කරගන්නෙ.. දැන්නම් තරහ ගොඩක් අඩුයි. බණ පොත් ටිකක් කියෙව්වා.

තිස්ස අයියට...
වචන තමයි වැදගත්ම දෙ.. මම ටිකක් ආහරපාන ගන්න හොර කෙනෙක්.. මට වචනෙන් දෙන අහාරය හරි වැදගත්. ඔයාට ගොඩක් ස්තුති එහෙම ලිව්වට.

බිඟූ said... [Reply to comment]

ela ela..
api innawa side support eken.
baya wenna epaa...

:D

රවා said... [Reply to comment]

ඔන්න ඔන්න ඔන්න නිදියන් ඉන්න තිරිසනාව නැගිට්ටවන්න බිගුවා ඇවිලෙන ගින්නට ගින්දර දානවා...

කස්ටිය