මම ලෙඩ ඇඳෙ වැතිර උඩුබැල්ලෙන් නිදන්නට විමි. වහලයෙ එල්ලා ඇති මදුරු දැලද කවුළුවෙන් හමා ආ සුලං රොද ද එකතුවි තාලයට නටන්නට විය.. එය බොහොම සෙමින් කරන ලද නැටුමකි. වහලයෙ දිරච්චි පරාලද එවායෙ බැඳි ඇති මකුණු දැල් දබොහො කාලයකින් එවා හට සැලකිල්ලක් නොලද බව පවසයි. කාමරයෙ දකුනෙන් හා උතුරෙන් පිහිටි කවුළු තුලින් ඇතුල් වන වාතය කාමරය තුල ඔබ මොබ සැරි සරන්නට විණි. ඇඳට දෙපසින් වුයෙ සුදු හුණු ගැ බිත්තිය හා දොරය. බිත්තියෙහි ගසන ලද ඇණයක මාගෙ පාසල් බැගය එල්ලා තිබිණි. මෙ සියල්ලම අතරින් මා හට සිහි වුයෙ අවසන් වරට ඇය හා මුණ ගැසුනු දිනයයි.
එදා ඇ හැද සිටියෙ ලා රොස පාට ඇදුමකි. ඇය ඇද සිටි ඇදුමෙන් ඇ තුල වු සරල බව ඉස්මතු විණි. ඉන් මා තුල ඇ පිළිබද ඇතිවු ගෞරවය, ආදරය වැඩි විය. එදා අපි දෙදෙනා හමුවු මොහොතෙදි පටන් බොහො වෙලාවක් දෙදෙනා නිහඩව පරිසරයෙ සිදුවු දැ දෙස බලමින් එ මෙ අත ඇස් යොමුකරමින් එකිනෙකා දෙස ද වරින් වර බලමින් පදික වෙදිකාවෙ ඉදිරියට ඇවිදගෙන බස් නැවතුම් පොළවෙත පියවර මැන්නෙය
" අපි ඈත් වෙනවා නෙද. .? " නිහඬ බව බිඳිමින් ඇය මා වෙත බැලුවාය.
" ඔයාට ඇත් වෙන්න ඔනාද..? "
" නැහැ.... එත්.. " මුවට ආ වදන් ගිලගත් ඇය ඈතින් එන වහනයක් දෙස බැලුවාය.
" හැම දෙයක්ම සිද්ද වෙන්නෙ අපි දෙන්නව ඈත් කෙරෙන විදියට.. ඇයි ඔයා මට කොල් එකක් වත් දෙන්නෙ නැත්තෙ..."
"ඔයාගෙ කට හඬ අහන්න ඔනැ නැහැ මට.. එක තෙරුමක් නැති දෙයක්.. ඔයාව මෙහෙම හම්බ වෙලා ඔයාගෙ මුහුන දිහැ බලන් කතාකරද්දි තරම් සතුටක් දැනෙන්නෙ නැහැ මට වෙන දෙයකින්. අපි මෙහෙම හම්බ වෙලා කතා කරන එක හොදයි...මට ඔයාට මෙකෙන් කතා කරලා මගෙ හැගිම් කියනවට වැඩිය මෙහෙම කියන එක මට හොදයි..මම මට ආදරෙයි.. මම හැමතිස්සෙම තමුන්ගෙ සතුට ගැන විතරයි හිතන්නෙ.. අනික මම හිතනවා අපි දෙන්නා අතර මෙ තියන හැම දෙකම වටිනාකම, සුන්දර බව තියන්නෙ මෙ දුරස් බව හින්දා කියලා.. එක එහෙම්මම තිබිච්ච දෙන්.... ඔයා මාව හැමතිස්සෙම මතක් කරනවා නෙද.. මට එක දැනෙනවා ..."
"ඇයි දීප්ත..... ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද...."
" නිශා....... මම... මතක් කරන්නෙ අමතක වෙන දෙවල්...."
ඇගෙ මුවෙහි මතුවු හිනාව තවමත් මට ගෙන දෙන්නෙ මහත් වු සුවයකි. එහි හඬක් තිබුනෙත් නැත. ඇගෙ සිනහවහි තිබු ආලොකය යට වඩා විශාල යමක් මා හට දැනිනි. නමුත් එ දැනුණු දෙ විස්තර කිරිමට මා හට නොහැකිය.. එය මගෙ සිමාවන්ගෙන් ඔබ්බෙහි පිහිටි හැගිමකි. පපුවට මහා බරක් දැනුනි. ඇගෙ එ මන්දහාසය මා හට දරා ගත නොහැකි දෙයක් බව මට වැටහුණෙ එදාය...
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
1 month ago