සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

5/18/10

අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වීම..

අප ජිවත්විමෙදි අපට හසුවන දැනෙන දැ අප විවිධාකරයෙන් විග්‍රහා කිරිමට කුඩා කල සිටම පුරුදු වි සිටිමු. අප වටා ගොඩ නැගෙන සිද්ධින් අනුව අපගෙ සිත කය වචනයහි හැසිරිම තිරණය කරයි. බොහො මිනිසුන් තමුන් ඇසුරු කරන පරිසරය මත රදා පවතින අතර මින් ස්වායත්තව හැසිරෙන මිනිසුන්ද ඉතාම කලාතුරකින් අප හට හමුවෙ. මෙලෙස පරිසරයෙන් ස්වායත්තව හැසිරිමෙදි ඔහු හො ඇය මගින් සමාජයට ලැබෙන දායකත්වයද අපුරු ගති ලක්ෂන වලින් සමන්විතවෙ. මිනිසුන් අතර ව්‍යවහාරයෙ පවතින " රෑ වැටුනු වලෙ දවල් වැටෙන්න එපා " යන්නද බොහො මිනිසුන් තමන්ගෙ මාර්ගය හසුරවීමට යොදා ගනී. තමුන්ගෙ සැම සියලු දෑ තමුන්ගෙ අත්දැකිම්, පරිසරය මගින් ව්‍යුත්පන්න වන දෑ බව බොහො මිනිසුන්හට සමාජයත් සමග ගැටිමෙදි අමතක වි යයි. මිනිසෙක් තවත් මිනිසෙක් දෙස බලනා ආකරය ඔහුව විග්‍රහා කරනා ආකාරය ද එකිනෙකා කෙරෙහි බලපවත්වන බැඳිමද මත පදනම් වෙ.




බොහොම අතලොස්සක් අධ්‍යාපනය ඔස්සෙ තම මග මෙහෙයවා ඉන් යම් ස්ථාවරත්වයක් ලඟා කර ගනී. බොහොමයක් තම මග අස්ථාවර පවත්වා ගනි. මෙයට " රොලෙ තමයි මෙ ටිකෙ යන්නෙ" ඔහුන් අතර භාවිතාවන ප්‍රසිද්ධ කියමනකි. කෙසෙ වෙතත් මින් තවත් කොටසක් , ඉතාම අතලොස්සක් ලැබෙන අත්දැකිම් සමග ගැටීමෙදි ඇතිවන තත්වයන් ඔස්සෙ තම මග මෙහෙයවනුයෙ සමාජයෙ නිති විරොධි ක්‍රියවන් උදෙසාය. අප කිසියම් කෙනෙකුගෙ ආරක්ෂක වළල්ල තවත් කෙනෙකු අක්‍රමණය කිරිමට සැරෙසෙන විට ඇතිවන තත්වය දෙස මදකට සිත යොමුකරමු. මෙහිද එක රාමුවකදි ප්‍රචන්ඩත්වය ඉස්මතු වනු ඇත, තවත් රමුවකදි පසු බැසිම දක්නට ලැබෙනු ඇත, තවත් රාමුවකදි යටත් වීම ද දකින්න පුළුවන්. ඉහත අවස්ථ කිපයෙදි තමුන් ගන්නා ක්‍රියාමර්ගය බොහො විට රදා පවතිනුයෙ තමාගෙ මනසෙ ඇති බුද්ධිමත් භාවය මතය. මිනිසාගෙ පෞර්ෂත්වය ද බුද්ධිය මත රදා පවතින සාධකයකි. මෙවා සියුම් ව එකිනෙක මත රදා පවතින බැවින් වෙන් කර විග්‍රහා කිරිම අපහසුය. කෙනෙකුට ලැබෙන ඉහත සදහන් අවස්තාවට නැවතත් ඇතිවුවහොත් ඔහු ගන්න ක්‍රියාමර්ගය බොහොවිට කලින් ගන්නා ක්‍රියාමාර්ගයට වඩා ප්‍රචන්ඩත්වය දෙසට යොමු වු එකක් වනු ඇත. මිනිස් මනස ස්භාවයෙන්ම අගතිය කෙරෙහි නැඹුරු වීමෙ ප්‍රවනතාවයක් දක්නට ලැබෙයි.  තමගෙ ගමන් මග සැකෙසෙන ආකාරය තිර්ණය කිමෙදි මෙය ඉතාම වැදගත් සංසිද්ධියකි. 


 අප සැවොම ජිවත් විමෙදි ගන්නා තිරණ , ක්‍රියා පිළිවෙත් තුල දක්නට ලැබෙනා සැකිල්ල මෙතුල දක්නට ලැබෙ. ඔබට , ඔබගෙ පවුලට, ඔබගෙ රැකියාවට යම් තර්ජනයක් එල්ලවිමෙදි ඔබ තුල ඉහත සදහන් ආකාරවලින් එකකින් ඔබව හසුරවනු ඇත. ඔබ එසෙ හැසිරිමෙදි ඔබ තුල පිටින් ඇතිවන ප්‍රවාහය කෙරෙහි ඇතිකරන ප්‍රතිරොධය බොහොවිට ඔබගෙ ශක්තිමත් විම ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැක. හොදින් හො නරකින් තම අරමුණකෙරෙහි යැමට ඔබ වෙහෙසෙනු ඇත. අත්දැකිම් තුලින් ශක්තිමත් විම යනු සිතෙ දැඩි බවට ලඟා කරවිම යැයි කිසිවෙකු හට වැටහිමට පුළුවන. නමුත් එබ්‍රහම් ලින්කන් චරිතය ගැන සැලකු විට එය නිවැරදි නොවන දෙයකි. නමුත් කඩුවෙල වසන්ත, මොරටු සමන් සැලකූ විට එය නිවැරදිය. ලින්කන් යනු ලැබෙන සියලු දෑ තුලින් බුද්ධිය තියුණු කරගෙන හදවතෙ හැඩය එසෙම පවත්වාගත්තෙකි. කඩුවෙල වසන්ත යනු ලැබෙන දැ මගින් තම හදවතෙ හැඩය වෙනස් කරගෙන එතුල තම හැකියාවන් දියුණු කරගත් කෙනෙකි. තමුනට ලැබෙන අත්දැකිම්වල කටුක ස්භාවය නිසා තම හදවතෙ ඇති තෙතමනය නැතිකර ගැනිම මා බොහො මුල්‍යමය අතින් සාර්ථක ජිවිත වලින් දකින්නෙමි. නමුත් පසුව ඔහුන් නැවත තමාගෙ මුලය සොයනු නියතය.  අද සමාජයෙ මා දකිනා බොහො තැන් වලදි මිනිසුන් අනවශ්‍ය සිද්ධින් උදෙසා එකිනෙකාට විරුද්ධව ප්‍රචන්ඩත්වය මුදාහැර ඇත. බොහො මිනිසුන් ශක්තිය බලය පෙන්විමට ප්‍රචන්ඩත්වය යොදාගනි. අත්දැකිම් ඇසුරෙන්  තමන්ගෙ මාර්ගය සදාගන්නා ආකරය වැදගත්ය. මුදල් සොයනා මිනිසුන් හට මුදල් ලබාගැනිමට සමාජයෙ ඔනැ තරම් ක්‍රම ඇත. ආගම ධර්මය , හෘදසාක්ෂිය මෙවා යම් යම් සීමාවන් තුල තබා ගෙන කටයුතු කිරිමෙන් බොහො තැන් හිදි රැවුලත් කැදත් දෙකම බෙරාගත හැකිය. නමුත් සියල්ලම රැකගත නොහැක. වඩාත්ම සුදුසු දෙ නම් සැම විටම " මගෙ මනස හැසිරෙන්නෙ කොහොමද " යන්න සැම විටම විමසීමයි. කටුක අත්දැකිම් ඇති තැන හදවත් කලුගලක් කර ගැනිම ගඟ දිගෙ පහලට පිහිනීමකි... නමුත් අපට අවශ්‍ය ගඟ හරහා පිහිනීමයි හො එගොඩ විමයි. 

23 අදහස් දැක්වීම්:

freedom said... [Reply to comment]

සහතික ඇත්ත මල්ලි! ගොඩක් දෙනෙක් ජීවිතයේ තමන් හොයන්නෙ මොනවද කියල තේරුම් ගන්න කොට කාලෙ ඉවරවෙලා. ඔයාට හරි දැක්මක් තියෙනව..

දිල් said... [Reply to comment]

අපේ ජීවිත මොනාහෝ මගකට තල්ලු කරන්න මේ සමාජයේ යම් යම් දේ බලපානවාමයි. සමහරවිටක සමාජයට ඕනෑ ආකාරයට ජීවත්වෙන පුද්ගලයින් අපි දැකලා තියෙනවා වගේම සමාජය තුට්ටුවකටවත් මායිම් නොකර ඉස්සරහට යන පුද්ගලයින්වත් අපි දැකලා තියෙනවා....

ඇත්තටම අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වන මනුස්සයෙක් සම්පූර්නයි කියලා මම හිතනවා.

Anonymous said... [Reply to comment]

අයියෙ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙන පෝස්ට් එකක් අද ඔයා ලියල තියෙන්නෙ

මාරයාගේ හෝරාව said... [Reply to comment]
This comment has been removed by the author.
වැප් said... [Reply to comment]

අගය කල යුතු ලිපියක් ....

ගල්මල්-Coral said... [Reply to comment]

ගොඩාක් වටිනා අදහසක් රවා මල්ලී ඉදිරිපත් කරලා තියෙන්නේ.

Sri Lanka said... [Reply to comment]

මට හරියට තේරෙන්නෙ නෑ බන් උම්බ මොනව කියනවද කියල.

මාරයාගේ හෝරාව said... [Reply to comment]

කාලෙකට පස්සේ හොඳ ලිපියක් එක්කම ඇවිත් තියෙන්නේ...

මට පේන විදියට මලයා ඉස්සරට වඩා දැන් ජීවිතය අඳුරනවා වගේ...

මයියා said... [Reply to comment]

දිගත පතල සුවැදති සොද සදුන් කද
සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවද


තමන්ගේ හොද ගතිගුණ බාහිර සමාජ්යේ පහත් මතයන්ගෙන් වෙනස් වෙන්න නැතුව තියා ගන්න පුලුවන්නම් හොදා

``` Outsider``` said... [Reply to comment]

සෑහෙන කාලයකට පස්සෙ ඇවිත් ඉන්නෙ..

Anonymous said... [Reply to comment]

කොහේද මෙච්චර දවසක් ගිහින් හිටියෙ. මම හිතුවෙ බ්ලොග් එකට ලියන එක නතර කරල කියල. ගොඩ දවසක් ගියත් කමක් නෑ කියල හිතුන ලිපිය කියෙව්වම. වටින ලිපියක්."කල දුටු කල වළ ඉහ ගන්න" ඕන කියල හිතන උදවියට තමන්ගෙ හිතේ හැඩය ස්ථිරව පවත්ව ගන්න අමාරුයිනෙ. අද ජීවත් වෙන ගොඩක් දෙනෙක්ට වෙන්නෙත් ඕකම තමයි.

- නිල් අහස - said... [Reply to comment]

හුඟක් බර සාර ලිපියක්.
අත්දැකීම් නොලබපු කෙනෙක් හොයා ගන්නත් බෑ නේද....
ඒත්..ආයෙම ආයෙම එකම දේ කරලා දුක් වෙන අය මොන තරම් ඉන්නවද..
අනේ මන්දා...

කොහොම උනත් වටින ලිපියක් ..මචං.
මාත් බය වෙලා හිටියේ..කොහේද ගියේ පහුගිය දවස් වල.

Ravin Caldera said... [Reply to comment]

ජීවත් වීම අමාරු දෙයක් නේ! බොහෝ අය හැම දෙයක් ම ලෙහෙසියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අවසානයේ ඇති වන්නේ ඉච්ඡාභංගත්ව ය. එය දරා ගන්න බැරි වෙන කොට, වස විස පානය කරයි; ග‍ඟේ මුහුදේ පනී; රෙල්ලුවට බෙල්ල තියයි. ළිදේ ලණුවෙන් ගෙල වැළලා ගනී. එහෙත් ජීවිතය සටනක්; අමාරුවෙන් ජය ගත යුතුයි සිතන්නා, ජීවිතය අපට දමා ගසන අභියෝගවලින් අප්‍රතිහත ධෛරය යොදා ජය ගන්නවා. කිසිවෙක් පහසුවෙන් දිවි ජය ගන්නේ නැහැ යන අදහස අවබෝධ කර ගත්තොත්, ජීවිතයට මුහුණ දෙන්න පහසුයි. අනෙකුට යම්ක් කළ හැකි නම්, ඉලක්කයකට ළඟා විය හැකි නම් මා හට ද, උත්සහ කළොත් ළඟා වන්නට බැරි වෙන්නේ නැහැ. මෙයයි මගේ අදහස! එ සේ කිරීමට උනන්දුව සහ අත් නොහරින විර්යය ඇත්තෝ ජීවිතය ජය ගනී; එසේ නොමැත්තෝ මැරෙන තුරා පසුතැවිලි වෙයි.

කදුළුබිංදු said... [Reply to comment]

කාලෙකින් මමත් ආවෙ.ගැඹුරු ලිපියක්.මට හිතෙන විදියට මාර්ගඵල වලට එළැඹිලා නැති අපි වගේ අයගෙ හිත් බොහෝ වෙලාවට ලැබෙන අත්දැකීම් මත හිත වෙනස් වෙන අය නේද.
මල්ලි කලින් ලියල තිබ්බ කවිය ලස්සනයි.අග හරියට යද්දි පොඩ්ඩක් පැටලිලි වගෙයි.

රවා said... [Reply to comment]

freedom
ස්තුති අක්කා. හරි දැක්මක ඉදලා ගඟ හරහා පිනන්න එක ගොඩක් අමාරුයි. නමුත් මම හැමවිටදිම උත්සහා කරන්නෙ එහෙම කරන්න.. කලින් ලියපු පොස්ට් වලත් එහෙම අත්දැකිම් තියනවා.

රවා said... [Reply to comment]

දිල් අක්කා
අත්දැකිම් ඉස්සරහා තමාගෙ හැඩය වෙනස් කරගැනිම ගැනයි මම කියන්නෙ දිල් අක්කා. ගොඩාක් මිනිස්සු එහෙමතමයි. හැබැයි මම සම්පුර්ණ මිනිසෙක් ගැන නම් දන්නෙ,දැකලා නැහැ. ඔනැම කෙනෙකුගෙ ආරක්ෂාවෙ දුර්වල තැන් තියනවා.

රවා said... [Reply to comment]

මාරයා ට
මම වැරදියට හිතන්නෙ නැහැ. අපි අතින් වැරදීම් වෙනවා. කමෙන්ට් එක අයින් කරන්න එපා. එහෙම තමයි අපිත්.
පහුගිය ටිකෙනම් අලුතෙන් දෙයක් ඉගෙනගත්තෙ නැහැ. මෙ මම කලින් ලියපු එකක් මාරයියා.පහුගිය ටිකෙ ටිකක් බස්වල ඇවිද්දා.. එකයි පෙන්න හිටියෙ නැත්තෙ..

වැපා
ස්තුතියි

ගල් මල් අයියා
ස්තුතියි..

රවා said... [Reply to comment]

Sri Lanka
හැමදෙම හැමකෙනාටම තෙරුම් යන විදියට ලියන්න තරම් ලොකු මොලයක් මා ගාව නැහැ. පොඩ්ඩක් මොලෙ තියන කෙනෙකුට තෙරෙනවා. හැබැයි ගොඩක් මොලෙ තියන කෙනෙකුට මෙක තෙරුම්ගන්න අමාරුයි.

රවා said... [Reply to comment]

Yasela Sumanasinghe
සුභාෂිතයෙ නෙද මෙ කවිය එන්නෙ.. ගොඩාක් මිනිස්සු අතර කිපදෙනෙක් ඉන්නවා එහෙම තියාගන්න.. මම අදුනන කෙනෙකුත් ඉන්නවා.

``` Outsider```
සති දෙකයි පිට හිටියෙ...

නිල් අහසට
අත්දැකිම් වලින් හැඩය වෙනස් කර ගැනිම ගැනයි මම මෙතනදි කියන්නෙ. නිලා කොහෙවත් ගියෙ නැහැ බන් ලංකාවෙම තමයි හිටියෙ..

රවා said... [Reply to comment]

Ravin Caldera
ඔයා හිතනවිදියට තමයි අපෙ ගොඩක් උන් A/L කාලෙ හිතුවෙ.. මම එක වැරදි කියන්නෙ නැහැ. එහෙම අනිත් කෙනාට පුලුවන් නම් ඇයි මට බැරි කියන දෙ වැරදි නැහැ. නමුත් රවින් අයියා.. මෙතනදි අපිව අතරමන් වෙනවා. මම එක දැකලා තියනවා.අනිත් කෙනාට පුළුවන් හින්දා නෙමෙයි, අනිත් කෙනා කරන හින්දා නෙමෙයි. අපිට අවශ‍ය නම් තමයි අපි එ දෙට නැඹුරු වෙන්න ඔනා. අනික අත්දැකිම් වල කටුකබාවය විද ගැනිමෙදි තමන්ගෙ බුද්ධිය කියන දෙ වෙනස් වුනත් හදවත වෙනස් කර ගැනිම ගැන මගෙ පැහැදිමක් නැහැ. එහෙම කරගෙන යන එක අමාරු දෙයක් නෙමෙ.

රවා said... [Reply to comment]

කදුළුබිංදු ට
දැක්ක කල්.. එ කවියෙ අගට යද්දි තියන දෙ තෙරුම්ගන්න අමාරුයි මාගෙ වටාපිටාව දන්නෙ නැති කෙනෙකුට. නමුත් වචන බෙරලා කල්පනා කරොත් දුප්පත්ව හිටපු දෙන්නෙක් සල්ලි හොයලා ගෙයක් හදද්දි එයාලා ගාව නැති කාලෙ හිටපු අය දැන් එයාලා ගාව නැති වෙලා එක ගැනයි මෙ කියන්නෙ කියලා.

මෙ ලිපිය ගැන යමක් කියතොත්.. අක්කා දන්නවානෙ හිත විර්යය කර ඔසවා තබනවා කියන දෙ .. මිනිස්සු වෙනස් විම කියන එක කොහොමත් වෙනස් වෙනවා. නමුත් මම මෙ කියන්නෙ කෙටි කාලයක් තුල සිදුවෙන විශාල වෙනසක් ගැනයි..

Ravin Caldera said... [Reply to comment]

@ හිතවත් රවා,
මා ජීවිතය දෙස බලන්නේ සාධනීය ලෙස...කටුක අත්දැකිම් ඇති පමණ මා ද විඳ ඇත. මා උසස් අධ්‍යපනය සඳහා පිටරටකට යන්න පුළුවන් වුනේ, මගේ වචයෙන් දේව කරුණාවකින්... කෙසේ වෙතත්, අවුරුදු ගණනකට පෙර, මට ඉංග්‍රීසි හොඳින් ලියන්න වත්, කතා කරන්නවත්, කියවා තේරුම් ගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. අපි වරප්‍රසාධ ලත් පැලැන්තියේ නෙවෙනේ. මගේ ජීවිතය අධ්‍යාපනය අතින් වෙනස් වූනේ හැමදාම මෙහෙම ජීවිත් වී පලක් නැති වග අවබෝධ කොට, හැකි තරම් අප්‍රතිහත ධෛරයෙන් හා නොපසුබසින වීර්යෙන් ඉංග්‍රිසි පොත පත කියවන්නට ගත් උත්සහය යි. එදා මා ගත් තිරණය තිරණාත්මක යි. අපට සමහර දේ දිනා ගන්නට පුලුවන් සමහරක් බැහැ. ඒවාට විවිධ හේතු තියනවා නේ. කෙසේ වෙතත් කළ සියල්ල කරලා, හිත සනසා ගන්න එක වෙන දෙයක්. මෙසේ ඉංග්‍රීසි ලියන්න කියන් බැරි මගේ නමින් දැන් පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පළ වෙලා තිබෙනවා. මගේ පශ්චාත් අධ්‍යාපනයත් සාර්ථක ව අහවර කර ගත්තා. දේව කරුණාවෙන් දොරක් විවර වූවොත්, තව අවුරුදු දෙකකින් හෝ තුනකින් ආචාර්ය උපාධිය කරන්නයි හිතා ගෙන ඉන්නේ. . . එකයි මා එසේ සටහනක් තැබුවේ෴

රවා said... [Reply to comment]

රවින් අයියා.
ඔබ ඉහතදි සටහනට මා බොහො කැමතියි.මා හටද විශ්වවිද්‍යාලයෙ මුල් කාලයෙ අධ්‍යපනය සදහා විදෙශ ගතවිමට අවස්ථා ලැබුනා. නමුත් මා එය ප්‍රතික්ෂෙප කරා. එදා මගෙ මිතුරන් මා හට බැනපු ආකාරය මට අමතක නැහැ. නමුත් මා එසෙ කල හෙතුව දන්නා කිපදෙනා මා හට වචනයකින් වත් වෙනස්කමක් කලෙ නැහැ. විශ්වවිද්‍යාලයෙ ඉන්නා කාලයෙදි දිනපතා මම නිවසෙ සිට විශ්ව විශ්වවිද්‍යාලයට දුම්රියෙන් ගමන් කරා. සමහර කාලවල පැය 2 යි නින්ද, කොහොම මහන්සි වුනත් මම මුලික තැන දුන්නෙ මාගෙ නිවසට විසිරි ගිය සියල්ල නැවත එක එක සාදා ගත්තත් මා අතින් මගෙ අධ්‍යාපනය මඟහැරුනා. අදටත් නොදන්නා මිනිසුන් යම් යම් වචන වලින් මා හට රිදවන්න උත්සහා කලත් මා එවා බොහොම උපෙක්ෂාවෙන් අසා සිටිනවා. මම දැන් මගෙ මුලික උපාධිය සම්පුර්ණ කිරිම සදහා කටයුතු කරනවා.

ඔබ කරදර ඇති තැනදි කඩාගෙන ඉදිරියට ගිය කෙනෙක්, ඔබෙ හදවතෙ හැඩය මදක් වෙනස් වුනත් ඔබ එය නැවත් සොයනා බව ඔබ ලියන කියන දැ වලි මට දැනෙනවා.
මම කරදර ඇති තැනදි කඩාගෙන ඉදිරියට ගියෙ නැහැ. මා ගාව තිබුන දැ එකතු කර නොකැඩෙන විදියට හදාගන්න උත්සහා කරා.

රවින් අයියා අවශ්‍යතාවය තමයි මිනිසා අතින් නිමවෙන සැමදෙකම අම්මා, ඔයාට දැනුම අවශ්‍යනම් එය සොයනා ආකාරය ඔබ දන්නවා , ඉගෙනගන්නවා, ඔබට සල්ලි අවශ්‍යනම් එය සොයනා සැටිත් ඔබ ඉගෙන ගන්නවා නිසැකයි, නමුත් වැදගත්ම දෙ මෙ දෙ කරද්දි ඔබෙ හදවතෙ හැඩය ට කුමක් සිදුවෙවිද යන්නයි....

කස්ටිය