සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/7/10

මග හරිම දුෂ්කරය...

මග හරිම දුෂ්කරය..
කටු පඳුරු වලින් ගහණය...
වැලි පොළොව උනුසුම්ය...
දුෂ්කරය කියා ආපසු යා යුතුද..
ඉදිරියටම යන්නෙමි.
නව පරපුරක සිනා පොදි දකින්නට..

මහා වෙළඳුන් අතර මම
කුඩා වෙළෙන්දෙකුව..
මහා උන් පොහොසත් කරන්නට..
දුප්පතුන්ගෙ දහදිය මතින්..

ගසක් සිටුවන්නෙමි මම
පිපි මලක් දකින්නට
එ ගසින් එන පල වලින්
සතුන්ගෙ බඩගිනි නිවන්නට..

මුදල් යැයි කියා මිරිගුව පසුපසින්
බසින්නද මා තරඟ බිම මත..
තිරණය මගෙ පොඩි හිස මත
ඔබෙ අදහසද මට වටිනු ඇත...

5 අදහස් දැක්වීම්:

දුකා said... [Reply to comment]

කටු අකුල් පිරී ගිය
දුෂ්කර වන මග
ගෙවා සපැමිනි
දනෝමය
සිනා පිරි හෙට හෙට දින
උරුම කම් ඇත්තෝ

ගස් අතර ගසක් වෙමින්
මල් අතර මලක් වෙමින්
ගල් අතර ගලක් වෙමින්
මහ සුලං වලට නැමෙමින්
මඳ සුලං විඳිමින්
වෙළඳුන් අතර හිඳිමින්
මිනිසෙක් ලෙස දිවි ගෙවන් . . .

Anonymous said... [Reply to comment]

උඹට පුළුවන්..දිගමට පලයන්, ජය..!

malee_msg said... [Reply to comment]

ජයවේවා සහෝ.. ඔහොම යං..

Anonymous said... [Reply to comment]

නොහැක්කක් නොමැත්තේමය !!!

රවා said... [Reply to comment]

@දුකා
යනමග තනියට සිටින
උදා ආලොකයකි ඔබ..
ස්තුති අයයා....

@Anonymous
මචන් හරි අමාරුයි බන් ..
හිතට හරි අමාරුයි මිනිස්සුන්ව රවට්ටන්න..
අපිව රවට්ටන්න එද්දි උන්ගෙ මුනට කියන්නත් අමාරුයි.

@malee_msg
යන් යන් කස්ටියම යන් මොකද වෙන්නෙ කියලා බලමු නෙද..

.::පිස්සා::.
ඔයා නම් යක්සයෙක්... අම්මා ගැන ලියපු කතාවට මට පස්සෙ ඇඩුනා.. අම්මාව දකින්න ආසයි...

කස්ටිය