සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/9/10

ජෙනරල්ට මෙහෙම වෙන්න ඔනා.......

මට ආරංචි උනා ජෙනරල්ව ඊයෙ අත්අඩංගුවට ගත්තා කියලා. ජෙනරල් ඉතා පහත් විදියට කතා කරෙ ගොටාබයට සිරසෙදි " අවුරුදු පහලවක් කොම්පියුටර් ගහපු එකෙක් මට එනවා යුද්ධය උගන්නන්න. අපි යුධ බිමෙ හැම තනතුරකම ඉදලා මෙතනට ආවෙ " මෙතන විතරක් නෙමෙ හැම තැනම ජනාධිපතිට වඩා පහර ගැහැවුවෙ ආරක්ෂක ලේකම් තනතුරට ජෙනරල් .ආරක්ෂක ලෙකම්ව විහිලුවකට ලක් කල වරදකට ජෙනරල් සිරගත කර ඇත.

ලක්ෂමන් හුලුගල්ල මහතාට අනුව හේතු
1.ජනපතිට විරැද්ධව කුමන්තුණය
2.රාජකාරි සමය තුල දේශපාලණය
3.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම

මෙව විහිලු බව අපි දන්නවා. ජෙනරල් මහින්දට මුකුත් කිව්වට  මහින්ද එක ගනන් ගන්නෙ නැහැ. එකත් පැහැදිළි . දැන් යන්නෙ ගොටාබය තිර රචනයක්. මහින්ද මෙක කැමති වෙන එකක් නැහැ. එක එයාට ඉලග චන්දෙට අවාසියි. නමුත් ගොටාබය බි.බි.සි එකට දුන්න සම්මුඛ සාකච්චාවෙදි ඔනා බුරුවෙකුට තෙරෙනවා මෙ මනුස්සයා තමුන්ගෙ බුද්ධිමත්භාවය තරහවෙන් වහාගෙන කටයුතු කරන කෙනෙක් කියලා. තරහාව පාලනය කරගන්න බැරි උනොත් ඔයවගෙ තනතුරක ඉන්න කෙනෙක් මුලු රටම අනාතයි. ලේකම්ටයි, එයාගෙ පවුලටයි දුෂන චොදනා එල්ල කිරිමෙ වරදට ජෙනරල් හිරබත් කනවා. එක පැහැදිලියි. හැබයි ජෙනරල්ගෙ කතා අනුව

1.රාජකාරි සමය තුල දේශපාලණය
2.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම
3.මිනිමැරිම්

කරපු අය දැන් ආරක්ෂක ලේකම් තනතුරෙ. රහස් පොලිසිය නිහඩයි. රහස් පොලිසියෙ මහත්වරු එවගැන හොයන්නෙ යන්නෙ නැහැ. හෙවුවොත් ඉවරයි.

මට හම්බ උනා මනුස්සයො කිපදෙනෙක්ව ජෙනරල්ට මහා අසික්කිත විදියට බනින. " ඔය අවජාතකයට හොද වැඩෙ... ඔකව මරන්න ඔනා, රජ කාලෙ දඩුවම් දෙන්න ඔනා" මෙ ආකාරයෙන්. ඉතින් මමත් රජතුමාගෙ පලු ටිකක් අරින්න ගත්තහම මෙන්න මෙකා මාත් එක්ක පයිට් එකකට ආවා. මම හිනාවෙලා කිව්වා " ජෙනරල් ට බනිද්දි මම කටවහගෙන අහන් හිටියා නෙද.. උබට එහෙම අහන් ඉන්න බැරි " කියලා. මෙකිව්ව කෙනාම ටික දවසකට කලින් ජෙනරල්ගෙ ගුන වයලා තියනවා එයගෙ කටින් මම අහල තියනවා. ඔන්න ඔහොමයි ලංකාවෙ මිනිස්සු.

හැබැයි දැන්නම් ටිකක් නහයට උඩින වතුර යනවා වගෙ දැනෙනවා. එස්. බි ප්‍රසිද්ධියෙ කිව්වා 1999 චන්දෙ අපි හොර චන්දෙ දැම්මා, දුෂන කරා කියලා. මර්වින්ගෙ පුතා එකෙකුට ලේ පනිනකන් ගහලා දැන් යහතින් ඉන්නවා. එ අස්සෙ මිල්රොයි ගෙ බිරිද මිනිමරලා ජනාධීපතිගෙන් නිදහස ලබලා. දළදා හමුදුරුවන්ට, තවත් සිංහල සොල්දාදුවන් දහස් ගනනක් මරපු මිනිස්සුත් දේශප්‍රෙමින්ගෙ ගොඩෙ. ප්‍රගිත් තාමත් නැහැ. තිස්සමහරාමය දුෂන චොදනා දාලා වහලා.

බලන්න අපි කොච්චර නින්දිත මිනිස්සු පිරිසක් වෙලාද කියලා. මගෙත් කොන්ද පණ නැහැ මොකද මමත් මෙ අවජාතක සිංහල ජාතියෙ බින්දුවක්. මම දන්න සිංහල ජාතිකයින් මෙහෙම නෙමෙ. මෙ සුද්දට පස්ස හොදලා දිපු මිනිස්සුන්ගෙ ගතිගුන බව මගෙ හැගිම. අර ජාතියෙ උප්පත්තිය වෙනස්කරපු එකා අග්‍රමහා පණ්ඩිත ජක්සන් මම දැක්කා නිදහස් උළලෙ ඉස්සරහම පුටුවක ඉදන් හෙවනෙ අව්කණ්නාඩි දෙකකුත් දාගෙන බමුනෙක් වගෙ ඉන්නවා. අන්න දෙශ්ප්‍රෙමියො.....

උස් තැන් දැක හැකිළෙන්නෙ
මිටි තැන් දැක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නෙ
මගෙ පුතා ලොකු වෙන්නෙ

ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.

ජෙනරල් උස් තැන් දැකලා හැකිලුන් නැහැ. හැකිලුනු අය අද ඇමතිවරු, දෙශ්ප්‍රමියො.
 
සිංහල ජාතිය අද මෙ වගෙ පහල තැනකට දමන්න රටෙ ජාතික මාධ්‍ය ප්‍රදාන වගකිම ගන්න ඔනා. මිනිස්සුන්ගෙ හිත්වල වෛරය වැපුරුවෙ ජාතික මාධ්‍ය. හැමදාම. 83 කලා ලු...., 2005 කලා, 2010 කලා.

මාධ්‍ය අයතනක ප්‍රදානින් වෙන්න ඔනා සුදුසුකම් තියන මිනිස්සු මිසක් දෙශපාලුවන්ගෙ අතකොලු නෙමෙ. දෙශපාලුවො තමුන්ගෙ යහපත පැවැත්ම සදහා ජාතික මාධ්‍ය හසුරවන්න ගියහම මෙ වගෙ දෙවල් වෙනවා. කොටින්ම කියනවනම් රටෙ මිනිස්සුන්ට තෙරිලාවත් නැහැ ජෙනරල්ව අත්අඩංගුවට අරන් කියලා. රටෙ වැටිම ඉතා ඇතක තියන්නෙ ලගක නෙමෙ. එ නිසා එක අදුනගන්න අමරුයි. හැබයි වැටෙන එක වැටෙනවා මොකද දෙශපාලනයට එන්නෙ පරිනත දැනුම කිව්වට, මිනිස්සුගෙ යහපත් හැගිම් එකතුකරගෙන රට දියුනු කරන්න නෙමෙ. මිනිස්සුන්ගෙ හදවත් වල තියන දුර්වල කම් දැනගෙන එවා භාවිතාකරමින් තමුන්ගෙ ප්‍රතිවාදියව තමුන්සතු සියලුම ශක්තිය යොදවා පරදකර විනාශකර දමා තමුන්ගෙ පැවැත්ම තහවුරු කරගන්නයි. ධනය,බලය ඉස්සරහා නැමුනු කොන්ද පන නැති අවජාතකයින් ටික නිකම්ම දෙශප්‍රෙමි, සුජාත ලෙබල් අලව ගත්තා. මොඩ මිනිස්සුන්ගෙ හැගිම් මාධ්‍යන්ගෙන් පාවිච්චි කරලා රට දියුනු කරන්න අමාරු බව තව ටික දවසකින් හො වැටහෙයි. එක මිනිසෙකුට බලය ගියහම රටම විනාසයි. පෙනවානෙ. මහින්ද උනත්, රනිල් උනත්, ජෙනරල් උනත්.

මහින්ද ගෙන දැන් මම ඉල්ලන්නෙ. කොහොම හරි කරලා ජෙනරල් වයි, එයගෙ හෙංච්යියො ටිකවයි නැතිකරලා දාන්න ඔනා, ටිවි එකෙ, අර රවි කරුනානයක ගෙයි, ලක්ෂමන් ගෙයි, රනිල් ගෙයි කථා ටික නිතර නිතර දාමා වෛරයක් ඇතිකරන්න ඔනා. විමල් වෛරවංශව ඇමතිකෙනෙක් කරලා එයට මාධ්‍ය අංශය දුන්නනම් වැඩෙ ගොඩ. තවත් ඉන්නවනම් දුෂන චොදනා තියන මන්ත්‍රිවරු බය කරලා තමුන්ගෙ පැත්තට අරගෙන එයාලා ලව්වා ජාතික මාධ්‍යට කියවන්න ඔනා. " රජතුමා ගෙ යහපලනය දැකලා අපි මෙ සත්ක්‍රියාවට අත ගැහැවුවා " කියලා. හැබැයි තමුන්ගෙ මල්ලිට කියන්න ඔනා " මලෙ බි.බි.සි යට  වගෙ කතා කරද්දි තරහ අරන් කතා කරන්න එපා. හැබැයි බොරුවට දෙකට තුනට නැමිලා කතා කරන්නත් එපා"

ජෙනරල්ට හොද වැඩෙ. මෙ භුතයො වෙනුවෙන් කඩෙ යන්න ගියාට. තමුන්ගෙ ග්‍රින්කාඩ් එකෙන් ඇමෙරිකාවට ගිහිල්ලා රස්සාවක් හොයාගත්තනම් දෙයියනෙ...... මොන තැනක්ද.. පෙන්ටගනයට අයදුම් කලානම් කෙලින්ම ගන්නෙ. එහෙම කරෙ නැත්තෙ මෙ මනුස්සයට බලය පිළිබද භුතය වැහිලලු ජාතික මාධ්‍යට අනුව....
මම අන්තිමට අයි.ටි.එන් එකෙ ජෙනරල් කිව්ව කතාවක් දමන්නම්.

" ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්‍රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා. "

මෙවැනි මිනිසෙකුට ගරහන මිනිස්සු ඉන්න රට කට කුමන අනාගතයක්ද...?

17 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

මේ ලිපිය කියවන්න. ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම් දුරකට සධාරණ බවක් මේ බ්ලොග් කරුවා කියනවා.

http://subtlesl.wordpress.com/2010/02/09/sarath-fonseka-arrested/

Anonymous said... [Reply to comment]

සමාවෙන්න, ජෙනරාල් අත් අඩංගුවට පත් වීම සාධාරණ යයි මා කියා නැත. එසේ කීමට තරම් අත් අඩංගුවට පත් වූ හේතු වත්, අත් අඩංගුවට ගත් ක්‍රමය වත් මා දන්නේ නැත. හේතුව හෝ ක්‍රමය හෝ දෙකම හෝ අසාධාරණ වීමට ඉඩ ඇත.

මා කීවේ මෙයට දෙස් දෙවොල් කියන බොහෝ දෙනෙක්, බලය සම්බන්ධ ප්‍රශ්නයේදී මහින්ද හෝ ෆොන්සේකා තරමටම නරක කුහකයන් බවයි.

Kulendra said... [Reply to comment]

" ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්‍රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා. " - Did he really say that? If not for anything else, I'd respect him for being so humble about where he stands. (Yes now a lot will come up to say about how it's unfair for everyone that he's using the greencard and the people who graduate from local unis should get more opportunities etc. As a person who graduated from a local uni, I dont give a damn.)

Anonymous said... [Reply to comment]

දේශපාලනේ ........ ලංකාවෙ මිනිස්සුන්ට මොනා වෙලාද මන්ද

Anonymous said... [Reply to comment]

Well said.

Mahinda loosing every chance he got to make Sri Lanka a powerful,prosperous country.

Terrorists enjoying every moment of what Sinhalese doing to their own , what they struggled to do with weapons.

We see signs of a another human rise like 70's ,89's .
Wave is coming. Be prepared.

Sam said... [Reply to comment]

බල කොටුවක් හොද බලකොටුවක් වෙන්න දුර්වල තැනක් තියෙන්න ඕනෙ, නැත්තම් සතුරා හැමතැනින්ම කඩා පනිනවා. ජලාශයක් ආරක්ශා වෙන්නනම් වතුර බහින්න තැනක් තියෙන්න ඕනී. නැත්තම් වැස්සට වැව් බැමි පුපුරලා යනවා. ආන්ඩුවක් හොද ආන්ඩුවක් වෙන්න නා නා ප්‍රකාර විපක්ශයන් තියෙන්න ඕනැ. නැත්තම් කැරලි කෝලහාල ඇතිවෙලා හැමෝම දුකට පත්වෙනවා.

A Friend said... [Reply to comment]

මම අන්තිමට අයි.ටි.එන් එකෙ ජෙනරල් කිව්ව කතාවක් දමන්නම්.

" ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්‍රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා."


මිත්‍රයා, මට මේක කියෙව්වම හිතට ලොකු දුකක් දැනුනා...
තාත්තා කෙනෙක් තම දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්නට ගත් තවත් එක් උත්සාහයක්...

ඔහු මෙම කතාව ඇත්තටම පැවසුවාද ?
මට ඔහුගේ නිරහංකාරකම ගැන සතුටුයි...

රවා said... [Reply to comment]

A Friend
ඕව් යහලුවා මෙක කර අයි.ටි.එන් එකත් එක්ක කරපු මුල්ම සාකච්චාවෙදි. විපක්ෂයෙ මිනිස්සු එල්ල කරපු දුෂන චොදනාවකට පිළිතුරු වශයෙන් තමයි කලේ. මෙ නිහතමානි සුන්දර මිනිසා දුන් පිළිතුරු නිසා මම මෙතුමා ගැන ගොඩක් පැහැදුනා. මට පාට පක්ෂ නැහැ.
" අපි පඩි පැකට් එකෙන් කොටින්ට දමලා ගැහැවුවෙ නැහැනෙ." "සමහර අවස්ථා තියනවා මැගසින් 10 ක් වෙඩිතියලා එක ත්‍රස්තවාදියෙක් වත් මරන්න බැරි වෙන තැන්" මෙ ආදි වශයෙන් මිනිස්සුන්ට ඇත්ත කියපු, මෙ විරයගෙ ගුණ මකලා දැම්මනෙ එ ජනමාධ්‍ය විසින් මට දුකයි, පුදුමයි මෙ මිනිස්සුන්ට සිංහල මිනිස්සු කියලා කියන්න.

ABC said... [Reply to comment]

This is the only option. Fonseka was going to leave the country, seek asylum elsewhere, and testify against Sri Lanka in a war crimes inquiry. This would lead to sanctions against our country.

We can't let this happen. Fonseka needs to be thrown behind bars, forever.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

රවා මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා

සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගේ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරුල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවෙන සැදෙන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරග වැදි නොමිනිස්කම් ඇයි මිනුසුන්නේ

බෙදුම් පවුර සීමා මැද පිල් බැදගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
ජීවත් ‍වන ටික ඇයි මේ සටන් ‍වදින්නේ

Thejan said... [Reply to comment]

"ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්‍රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා."


මේක ජනරාල් කියනවා නම් මම දැක්කේ නෑ.

හැබැයි මම දැක්කා ජනරාල්ගේ බිරිය කියල තියෙනවා ලංකාදීපයට ජනරාල් වත් තමන් වත් දරුවන්වත් අමෙරිකාවට යන්න හිටියේ නෑ ලු. දරුවො දෙන්නා ඉගෙන ගන්නලු ගියේ. එහෙදි ලොකු දුවට ලු ග්‍රීන් කාඩ් ලැබුණේ.

දැන් මොකක්ද ඇත්ත.

මිත්‍රයා, තමන්ගේ මතය තහවුරු කරන්න සාක්කි හොයන නීතිඥයෙක් වගේ වෙන්න එපා. නීතියෙන් රිංගන්න මිනීමරුවකු‍ට වුණත් පුලුවන්.

බුද්ධියට ඉඩ දෙන්න. විවෘත මනසකින් යමක් දෙස බලන්න. ඔබට ම තේරුම් යාවි මේ කුමක් ද වෙන්නේ කියලා.


thejan

http://lankanthoughts.blogspot.com

බිඟූ said... [Reply to comment]

ලිපිය නම් කියව්වා.
මම මේකට කමෙන්ට් එකක් දාන්නේ නෑ ඔන්න.

/බිඟුවා...!

රවා said... [Reply to comment]

හැමොටම ස්තුති. මම දෙශපාලනය ගැන ලියන්නෙ නැහැ. මගෙ හිතට දුකයි මෙහෙම දෙයක් මට උනානම් කියලා තමයි මම ඉස්සල්ලාම කල්පනා කරන්නෙ.

කදුළුබිංදු said... [Reply to comment]
This comment has been removed by the author.
කදුළුබිංදු said... [Reply to comment]
This comment has been removed by the author.
කදුළුබිංදු said... [Reply to comment]

මෑත කාලීන‍ දේශපාලකයින් දිහා බලද්දි මට නම් හිතෙන්නෙ සුන්දර හිතක් තියෙන මිනිස්සුන්ට දේශපාලනය කරන්නත් බෑ.දේශපාලනය කරන අය ලග සුන්දර හිතක් තියෙන්නත් බෑ.දේශපාලනයට එන්න කලින් උන්න ජෙනරාල් සරත් පොන්සේකා මහත්තයට ගොඩාක් ගරු කරනව.ආදරය කරනව.මගේ හිතේ වීරයෙක්.ඒත් දැන් නම්...

probodha said... [Reply to comment]

wadak nh politics ilastics wage stick wage kadnwa

කස්ටිය