සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/2/10

මගෙ ගඟත් ගලා බසියි......

හිතෙ තිබුන ලොකු බරක් ටිකක් සැහැල්ලු උනාට පස්සෙ හිතට දැනෙන සනිපය දැන් දැනෙන්න පටන් අරගෙන. ගොඩක් හිතෙ තිබුන බර අයින් කරලා ටිකක් සැහැල්ලු වෙලා. ලැප් එක ලග දැවටෙන්න පටන් ගත්තා.ගඟ තමයි  මගෙ පරම දෙ, මම හැමදෙයක්ම ගඟට දාලා තමයි ගන්නෙ. ගඟ ගැන කවි දෙකක් හැදුනා අද  දහවල් මගෙ අතින්. කොහොමද කියලා බලන්න.

කඳු මුදුනින් බැස ගෙන එන දිය පහර
යයි ඇදි ඇදී පහළට නිල් ජල දහර
මුණ ගැසි ගැසී බාධක මහා ගල් පහර
අවසානයෙහි හමුවී සමුදුරු මහර

ගිම්හානයෙ වියලී ඉරි තලා යන
වසන්තයෙ පෙණ ඉතිරී සිනා සෙන
දිගන්තයෙ හමන සුළං පොද රැගෙන
ගලා බසිමි මම එය හද තුල රැගෙන

24 අදහස් දැක්වීම්:

LishWish said... [Reply to comment]

ලස්සනයි මචං කවි දෙක. නරකද ඔය හැකියාව වර්ධනයක් කරගෙන මගේ වගේ කවි බ්ලොගක් හදා ගත්තොත්...?
විහිලුවට නෙවී මම අහන්නේ සිරාවට...!

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

සිදී යා මුත් ගං දිය
යළිත් එක්වෙයි තුරුවෙන් නිල්දිය
ජිවිත සයුරට නිමලදිය
කෙදිනක හොඑක්වේය සිත්දිය

රවා අගේයි නිර්මාණය...

දිල් said... [Reply to comment]

ගොඩක් සතුටුයි...එකක් ඔයාගෙ හිත සැහැල්ලු උනා කියලා කිව්ව එකට..කෙනෙක්ගෙ හිතක් සැහැල්ලු වෙන තරම් සතුටක් තව තියෙනවද ......

මේ කවි පේලි ටික කියවද්දී ඔයාගෙ හිතේ සැහැල්ලුව අපූරුවට දැනුනා රවා..
ඔයාල ලිවීමේ හැකියාව අපූරුවට පිහිටලා තියෙනවා..මේ වගෙ කවි පද ඉස්සරහටත් ලියන්න රවා


ගිම්හානයෙන් ඉරි තැලුනත් ජීවිතය
වසත් සමය ආ කල පිබිදෙයි තුටින
හමා ඇදෙන සුළගක පොදි ගසාගෙන
පැතුම් මල් ඇදී එයි යළි ඔබ වෙතට

Anonymous said... [Reply to comment]

කදු මුදුනකින් ගමන පටන් ගන්න ජල සීරාවක් හමුවෙන නොයෙක් බාදක අතරින් ගලා ගෙන යද්දි හරිම ලස්සනයි. අපේ ජීවිතයත් ඒ වගේ තමයි. බාදක හමුවේ නොසැලී ගලා යන ග0ගාවක් වගේ නොසැලෙන ශක්තියකින් ජීවිතයට මූන දෙනව නම් අපිටත් පුලුවන් අපේ ජීවිත ලස්සන කර ගන්න

Anonymous said... [Reply to comment]

Niyamai.

රවා said... [Reply to comment]

LishWish ට
රවාගෙ වැදගත්ම දෙ තමයි තියන අපිළිවල. මම අද වෙනකම් කිසිම දෙයක් පිළිවලට කරලා නැහැ ලිෂ් අයියා. මගෙ බ්ලොග් එකයි තියන්නෙ, එකෙ ඇතුළෙ හැමදෙමයක්ම තියනවා මට අයිති. කමක් නැහැ නෙද.....

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ට
ස්තුති යහලුවා....අගය කළාට....

රවා said... [Reply to comment]

දිල් said...
මම දන්නවා, මෙ සැහැල්ලුවත් තාවකාලික දෙයක්. ඔයත් දන්නවනෙ. ම්ට් තාවකාලික සුවය පිටිපස්සෙ ලොකු අනතුරක් තියනවා. එක දැනෙනව...


isimbuwa said...
මම ආව ඔයගෙ බ්ලොග් එක පැත්තෙ. ලස්සනයි අදහස්. ස්තුති මෙහෙටත් ආවට අපිව බලලා යන්න.

Anonymous ට
ස්තුති යහලු...

Anonymous said... [Reply to comment]

ගංගාවක් ලස්සන වෙන්නේ ගල් වැටි උඩින් ගලනකොට කඳු වටේ වක ගැහි ගැහී පහළට ගලනකොට ... ඒ වගේමයි ජීවිතේ. එන යන කරදර බාධක හමුවේ උනත් නොසැලී, ජීවිතේ මේ වගෙයි කියන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද ? ලස්සන අදහස්. පළමු වරටයි මේවා මම නම් කියවන්නේ ඒත් නැවුම් අදහස් කියවද්දි හිතට සතුටුයි

රවා said... [Reply to comment]

sereneworld ට
ගොඩක් දෙවල් පලවැනි වරට කරද්දි නැවුම් තමයි. නමුත් එක හොදට මොළේ ඇතුලෙ පැසවන්නෙ නැවත නැවත මෙනෙහි කරද්දි.

chawwa said... [Reply to comment]

Onna ithin ganga galanna pataaan aran.. harima sathutii.. rava! Jaya!!

රවා said... [Reply to comment]

ච්ව්...
මචන් යහලුවෙක් නම් උබ තමයි... උබලා වගෙ මිනිස්සු හම්බවෙන්නෙ ගොඩක් වාසනාවන්තයින්ට. මගෙ තියන සහතික ටික දාල මම cv එකක් හදනවා. එකට තව කාගෙන් හරි උදව්වක් ගන්න ඔනා. මම කරලා උබටත් කොපියක් එවන්නම්....

මාරයාගේ හෝරාව said... [Reply to comment]

කදු මුදුනත පසු කරමින්
පහත් බිමට ගලා ඇදෙන..
ගංගාවක් සිහි කරවයි
ජීවිතයේ අනියත බව...

සමාජයේ උස්මිටිකම්
තිබුනත් කොතරම් මට්ටම්..
අපි සැවොමත් එකවාගේ
මරණය වෙත පිය නගතේ...

ගංගාවක් මහ සයුරට
ජීවිතයක් මරණය වෙත..
මෙ දෙක එක වාගේමයි
ගමන් කරන්නේ සැම විට...

හෙළයා said... [Reply to comment]

හිතේ තියෙන පීඩනය වැඩි වුනොත් ඒක නරකට ක්‍රියාත්මක වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒක හොද නැහැ. දැන් හිත නිදහස් නම් ඒක ගැන මටත් සතුටුයි.
ඒ වගේ නිර්මාණාත්මක හැකියාව ගැනත් සුබ පැතුම් මගෙන්..

රවා said... [Reply to comment]

මාරයා ට.
ලස්සනයි.. ස්තුතියි....
හෙලයා ට
ස්තුතියි ..

- නිල් අහස - said... [Reply to comment]

මං ඔයාගේ අදහස් වලට හරි කැමතියි ... මලයා.
උඹ හිතන විදිය වෙනස්. ඒ හන්දම රසවත්.
මටත් ඔය විදිහට හිතක්ක පුලුවන් උනා නම්......

හැම සතුටක් එක්කම, දුකත් එනවා.
ඒක තමයි ලෝ දහම.

නොහොම උනත්..මොහොතකට හරි හිත, කියන එක සැහැල්ලු උනා කිව්වම..සතුටුයි..රවා

කවිය ලස්සනයි..උඹේ හිත වගේ.
ජය..!!!

රවා said... [Reply to comment]

නිල් අහසට...
ස්තුති යහලුවා... වර්නාවට.. මහගම සේකර කියලා තියනවා.

මගෙ කවියෙන් මා නොසොයන් කියලා...
මෙ කවිතුල ඔබ දැකලා.. එ අනුව ගිහින්..
අන්තිමට ආසිරි මල් පිබිදෙද්දි.. එ මල් තුල මා දකින්න කියලා.. මටත් කියන්න තියන්නෙ එකමයි..

මොකද උනෙ චංචලාට...#$%#^$%#&$%@...?

- නිල් අහස - said... [Reply to comment]

මම හිතුවට රවා පොඩි එකෙක් කියලා, බැලින්නම් විශාරදයෙක්නේ.හිහ්...හී

ඇත්තමයි මලයා..ඔයාගේ හැම බ්ලොග් එකෙන්ම මම ජීවිතයට යමක් එකතු කර ගන්නවා.
අදත් එහෙමයි.

ලාවට..සිරාවට කරගෙන යනවා. ලියන්න දේවල් එකතු උන හැටියේ..දෙන්නම්කෝ..සිරා බ්ලොග් එකක්.

රවා said... [Reply to comment]

නිල් අහසට....
අපි හැමොම කරන්නෙ එකතුකරන එක තමයි.. සමහරු සල්ලි. සමහරු මිනිස්සු...සමහරු අත්දැකිම්. නමුත් ඉතින් මෙවා ගෙනියන්න බැහැනෙ නෙද ඉතුරු වෙන්නෙ කරපු කියපු දැ වල මතක සටහන් විතරයි. මම දන්න වා මාතුල තියන දෙ ඔබ තුලත් තියනවා කියලා. හරි හරි ඉස්සරහට යන්....

- නිල් අහස - said... [Reply to comment]

රවා.. නවක බ්ලොග් writersලට..හොඳ අත්වැලක්.
ඒ අත්වැල බි‍ඳෙනවට... මම ආස.නෑ.

බිඟූ said... [Reply to comment]

අපේ ජීවිත ගංගා වගේම තමා. ඒක අලුතෙන් රවාට කියන්න දෙයක නෑනේ.
ඒකනේ බ්ලොග් එකේ නමත් එහෙමම දාලා තියෙන්නේ.
පුළුවන් කාලේ හරිම සැරයි. බැරි වෙනකොට හරිම නිහඩයි.

ලස්සන පද පේළි ටික.

ravaඅපේ ජීවිත ගංගා වගේම තමා. ඒක අලුතෙන් රවාට කියන්න දෙයක නෑනේ.
ඒකනේ බ්ලොග් එකේ නමත් එහෙමම දාලා තියෙන්නේ.
පුළුවන් කාලේ හරිම සැරයි. බැරි වෙනකොට හරිම නිහඩයි.

ලස්සන පද පේළි ටික

/බිඟුවා...!

/බිඟුවා...!

රවා said... [Reply to comment]

බිගු අයියෙ.... මොකදද මෙ කියන්නෙ ආ. පේරාදෙණිය කැම්පස් එකෙ ඉදලා ගඟ ගැන දැක්කෙ ඔච්චරද ආ.... අයියො... ඔයා මාර කෙනෙක් නෙ...

බිඟූ said... [Reply to comment]

ha haa...
ehenam eka hana dannawa hondata ?

anea api owwata nene.
api baba...

Jay said... [Reply to comment]

ලස්සනයි..

රවා said... [Reply to comment]

ස්තුති අංශ්....

කස්ටිය