සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

3/5/10

ප්‍රාර්ථනා..............

ජිවිතෙ දුෂ්කරම කාලෙදි...අමාරුවෙන් ඇවිදිද්දි මගෙ ලඟ හිටියා යහලුවෙක්. එයාගෙ නම නුවන් සමිර සිල්වා. එ යහලුවා මට කරපු කියපු දැ මට තෙරුම් යන්න ටිකක් කල් ගියා. එ යහලුවට මට ස්තුති කරන්න බැරුව ගියා. නමුත් මෙ ලඟදි දවසක එයා මට කතා කලා. එ වෙලාවෙ මුනට මුන නොබලා උනත් මම කිව්වා... යහලුවා  උබ වගෙ යහලුවෙක් මට ඉන්න එක මගෙ තියන ලොකු වාසනවාක් කියලා. නුවන් එයගෙ කරදරයක් මාත් එක්ක කියලා නැහැ කවදාවත්, නමුත් එයාගෙ තියන කරදර ඔක්කොම එයගෙ මුහුනෙන් කියවන්න පුළුවන්. මගෙ යහලුවා ගොඩයන්න ඔනා.

එ වගෙම තමයි මට ඉගෙන ගන්න උදව් කරපු යහලුවා. අඛිල රංගන.. එයා කොළඹට පන්ති එනවා. මම තාත්තාගෙන් සල්ලි ඉල්ලන්න බැරි හින්දා එන්නෙ නැහැ. එයා එක එක සර් ලගෙ ප්‍රශ්න අරන් එනවා. අපි දෙන්නම අදටත් හොදම යහලුවො, එයාට ත් පුංචි පුංචි කරදර තියනවා.. බ්ලොග් එකෙ ඉන්න යහලුවොත් යම් යම් කරදර වලින් ඉන්නෙ. හිත් වෙදනාවෙන් ඉන්න අයත්, සුඛ වෙදනා වෙන් ඉන්න අයටත් එක්කලා ම මගෙ හිතෙ කවි තුනක් ඇදුනා.එ හැම කරදරයක් ම නැති වෙන්න කියලා කවි ටික කියවලා කොහොමද කියලා කියන්න..............


අහස් කුසෙන් වැහි වැටුනා පොළොව දනී..
නුඹෙ   හිතින්   හෙලූ  කඳුලු   දෑස       දනී..
පායා  එන   සදවත   ලොව    එළිය     දුනී..
වැහැපන්  හෙටත්  වැහැපන්  මල් වලාවනී..

රිදුන   කෙනෙකුගෙ   සිත    පාරන්න     එපා
දැවෙන කෙනෙකු හට දුක් ගිනි දෙන්න  එපා
වැටුනු කෙනෙකු දෙස නොබලා යන්න  එපා
තබන   අඩිය    ආපස්සට    ගන්න          එපා

දුකෙන්  පෙළෙන  හද   සිත්  සුව පත් වෙවා
දැසින්  වැටෙන   කඳුලැලි   බිඳු   මල් වෙවා
ඔබෙ දහා දියෙන් එ මල් පොදි තෙත් වෙවා
ජිවන    සුවඳ   දස   අත    සිත   පැතිරෙව්වා

පින්තුරයෙ:- දවසක් පන්සල ඉස්සරහ ඉන්නකොට තිබුන ලස්සන හැන්ඳැවක්.. මගෙ LG ෆොන් එකෙ ලියාගත්ත

31 අදහස් දැක්වීම්:

Raven said... [Reply to comment]

මගේ සමහර යාලුවො අද ඉන්න තත්ත්වය ගැන මම හදවතින්ම කණගාටු වෙනව. ඒ අතරිනුත් සමහරක් අය නම් තමන් හිතින් විහින්ම ප්‍රශ්න ඇති කරගෙන. ඒ මොනව උනත් කණගාටු හිතෙනවා කාලයක් හිනා වෙලා හිටපු උන් "හරි ප්‍රශ්න මචන්" කියල දැන් අවුල් පිට ඉන්නව දැක්කම.

කවිය නියමයි මචන්.
සෙත් කවියක්ම වේවා!

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said... [Reply to comment]

කවිය අනර්ගයි.
යාලුවෝ ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා අපිට හොද වගේම නරක යාලුවොත් හම්බවෙනවා. ඒත් ඉතින් ඒ දෙගොල්ලටම අපි උදව් කරනවා අපි ලාබ බලාගෙනනම් නෙමෙයි එහෙම කරන්නේ ඒත් ඉතින් අපිට කොච්චර වරදිනවද.. හොද යාලුවො හම්බඋනොත් ජිවිතය ජය ගන්න ලේසි වෙනවා ඒ වගේම නරක යාලුවො නිසා එකතුවෙන අමිහිරි දේවල් ජීවිතයට අත්දැකීමක් කරගන්නත් පුලුවන්.

හෙළයා said... [Reply to comment]

කවියක් විදිහට ගොනු කරපු පද ටික විශිෂ්ටයි රවා. ලොකු කතාවක්, හොද පඩමක්.

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

යමු මල්ලියේ අපි ඔක්කොම එකට.... අර දුකා වගේ මමත් ඉන්නවා උඹලත් එක්ක...පුලුවන් විදිහට කරට අත දාගෙන ඔක්කොම ගොඩ යමු.... අල්ල ගත්තු අතක් මං අතාරින්නේ නෑ....

Anonymous said... [Reply to comment]

අහස් කුසෙන් වට වැස්සට තෙමුනු බිම
දෑස නැගි කඳුලු හින්දා හැදුනු සිත
ලොවම එලිය කල සුදු මුදු සඳ එලිය
මල් වැසි වැටෙයි හැදාමත් යනෙන මඟ
හැමටම වැඩිය තනියට සිටි මිතුරු කම
අගෙයි නේද හැම දාමත් තනි රැක්ම
අමතක නොකල ඔබ සතුවූ මිනිස්කම
හොඳ මිතුරකුට මහ මුදලකි මිතුරුකම
දහදිය කඳුලු හෙලමින් ඔබ ලැබූ ජය
අරගෙන යන්න ඉදිරියටම ලැබෙයි හැම
නවතනු එපා කිසිදා පසු බැස එහෙම
පතමි මමත් ඔබ හට වේ ජයෙන් ජය

Anonymous said... [Reply to comment]

අහස් කුසෙන් වට වැස්සට තෙමුනු බිම
දෑස නැගි කඳුලු හින්දා හැදුනු සිත
ලොවම එලිය කල සුදු මුදු සඳ එලිය
මල් වැසි වැටෙයි හැදාමත් යනෙන මඟ
හැමටම වැඩිය තනියට සිටි මිතුරු කම
අගෙයි නේද හැම දාමත් තනි රැක්ම
අමතක නොකල ඔබ සතුවූ මිනිස්කම
හොඳ මිතුරකුට මහ මුදලකි මිතුරුකම
දහදිය කඳුලු හෙලමින් ඔබ ලැබූ ජය
අරගෙන යන්න ඉදිරියටම ලැබෙයි හැම
නවතනු එපා කිසිදා පසු බැස එහෙම
පතමි මමත් ඔබ හට වේ ජයෙන් ජය

Missaka said... [Reply to comment]

බොහොම අගෙයි රවා අයියා. ඇත්තම ඇත්ත...

Anonymous said... [Reply to comment]

හුගාක් ලස්සන කවියක්..... සමනලීගෙන් සුභ පැතුම්..!!

හොද යාලුවෝ ජීවිතයට ආශිර්වාදයක්... ඒත්....හොද යාලුවෙක් කියලා අන්තිම කපටි කල දුටු කල වල ඉහගන්න කෙනෙක්ට රැවටුනොත්??? ඒ වාගේ වැරදි තීරණයක් ජීවිතේටම සාපයක් වෙනවා. සමනලීත් එහෙම යාලුවෙක් කියලා හිතන් මාර දූතිකාවකට රැවටුනා.... ඒ වැරැද්දට අදටත් සමනලී විදවනවා.... සමනලී තේරුම් ගත්තේ නෑ ඒ කෙනා සමනලී එක්ක ඊරිසියාවෙන් සමනලීට ලැබෙන හුගක් දේ දිහා බලා හිටපු බව.... භෞතික දේවල් විතරක් නෙවී අන්තිමේදි ඒ කෙනා සමනලීට ලැබුනු ආදරෙත් හරිම සූක්ෂම විදියට හොර පාරෙන් අයිති කරගන්න ගියා..!! ඒක කලෙත් සමනලීට උදව් කරනවා වගේ රගපාලා... ඒත් එදා සමනලීගේ ඇස් ඇරුනා... තමුන් රැවටිලා කියලා සමනලීට තේරුණා....
එදා ඉදන් සමනලී පරිස්සම් වෙනවා එයාගෙන්. ඒත් ඒ කෙනාව යාලුවෙක් කරගත්තු වැරැද්දට අදටත් සමනලී වන්දි ගෙවනවා... දැන් සමනලී යාලුවෙක් විස්වාස කරන්නත් බයයි... ඒකෙන් ලැබුනු කළකිරීම අදටත් සමනලීගේ හිතේ කැලළක් වෙලා....

කාටවත් යාලුවෝ කියලා බොරුවට ලං වෙන මාරයන්ගෙන් මෙහෙම වෙන්න එපා කියලා සමනලී ප්‍රාර්ථනා කරනවා.........

දිල් said... [Reply to comment]

හරිම අපූරු කවියක් රවා..ආශිර්වාදයක් රැදිලා තියෙන හින්දදෝ මන්දා හදවතේ ඇතුලටම දැනුනා....

යාළුවො ගැන කියන්නනම් මටත් ගොඩාක් දේවල් තියෙනවා...මාව ,මගෙ හිත වගේම මගේ දුක හොදින්ම තේරුම් ගත්ත හොදම කෙනා තමා මගෙ නංගා මිනූ....එයා මගෙ ලග නැත්ත රවා ලියපු මේ ටික කියවද්දී මට එයාව මතක් උනා...අපේ මිස්සක නම් එයාව හොදින් දන්නවා..පස්සෙ කියන්නම් නංගා ගැනත් විස්තර...
කොයිදේ කොහොම උනත් මේ වගේ හදවතින්ම අපි ලග ඉන්න කෙනෙක් ඕන රවා...යාළුවො කියන්නේ කොයි වගේද කියලා විස්තර කරන්නම් මට නම් අමාරුයි මොකද හදවත් ලගම ඉන්න යාළුවෙක්ව ඒ තරම් වටින හින්දා.......

රවා said... [Reply to comment]

Raven
මචන් සංසාරෙ කරලා තියන දෙ අනුව තමයි මෙවා සිද්ද වෙන්නෙ. දෙයක් සිදුවන 1 තප්පරයක වෙනසක් නිසා ජිවිත ගණනක් විනාශ වෙනවා. කොහොම උනත් යහලුවන්ව අත්හරින්නත් එපා, වෙනසක් පෙන්නනත් එපා...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ට
මට නම් යහලුවො ගොඩක් නැහැ. මම දන්න කිපදෙන හොදටම ලගින් ඉන්නෙ..

හෙලයා ට
කථ ගොඩක්.... එකට දාලා පැතුවා...

තිස්ස අයියට...ට
හරි හරි යමු යමු මොකද වෙන්නෙ කියලා බැලමු.

නිමන්ති අක්ක ට
කවිකාරියෙක් වගෙයි... ඔබටත් ජය පතනවා...

මිස්සක ට
මල්ලි ඔය උඩ තියන්නෙ මම ගත්තු පින්තූරයක් තමයි.. හැබැයි මම මුකුත් කරෙ නැහැ ගත්තු පින්තුරෙ දිහැ බලන්න.. මෙක හැබැයි මගෙ දක්ෂතාවය නෙමෙ.. LG U900 කැමරා එකෙ දක්ෂතාවය..

පුංචි සමනලී...
එහෙම තමයි.. ජිවිතෙ... විවිධ අයව හම්බවෙනවා.. අපිව රැවටෙනවා... ලස්සනයි...

දිල් අක්කට
හරි හරි ඔහොමම යන්....මගෙන් හැමොටම ආශිර්වාදයක් තමයි එ... අපි හොදයි.. අපි දන්නවා අපි දුකෙන් ඉන්නෙ කියලා. සමහරු දන්නෙත් නැහැ එ අය දුකෙන් ඉන්නෙ කියලා....

විශ්මි said... [Reply to comment]

නිර්මාණය අගෙයි රවා.... මේ ප්‍රාර්ථනාව ඒ හැටියෙන්ම ඉශ්ට වෙන්න කියල පතන්නම්.... අපූරු පින්තූරයක්.....

රවා said... [Reply to comment]

විශ්මි ස්තුති..අනිත් එක 11 වැනිදා ජිවිතෙ සුවිශෙෂ දවසක් නෙද...? මම හදවතින්ම සුභපතනවා.. ඔයාට...

Raven said... [Reply to comment]

රවා- යහලුවන්ව අත අරින්නෙ නෑ මචන්. ඒත් මම කැමති වින්නඹු කාර්යයට. අවබෝධය තමන් තුළින්ම තමයි එන්න ඕනෙ. නැත්නම් මම කොච්චර බණ කිවුවත් ඒව ඒ පුද්ගලයින්ට නිකන් බයිලාවක් විතරක් වෙනව.
ඔලුව අතගාල ළගින් ඉදල කෙනෙක්ව ගොඩ දාන්න සමහර අවස්ථා වල අමාරුයි මචෝ. සමහර අවස්ථා වලදී ඒ අයව තනි කරන්න, පොඩි පොඩි බීජ ටිකක් ඒ ඔලුවලට විසි කරල ඒ අයට තනිවම ඒවත් එක්ක හැපෙන්න ගැටෙන්න දීල බලන් ඉන්න වෙනව.

Missaka said... [Reply to comment]

නියමයිනේ රවා අයියා. කැමරාව වගේම ගත්ත කෙනාගෙත් ටැලන්ට් එක තමයි...

- නිල් අහස - said... [Reply to comment]

...යාලුවන්..
මොන තරම් ජීවිතයට, සමීප වචනයක්ද ඒක.
රවා කියන දේ හරි. හොඳ යහලුවන් ඉන්න එක මොන තරම්..වාසනාවක්ද...
මට හොඳ යාලුවන් ඉන්නේ කීප දෙනයි. ඒ අය එදා වගේම අදත් මගේ දුකේදි, සැපේදි ඉන්නවා.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය අතින් නම්, මම වාසනාවන්තයි කියා හිතනවා..

Hipo said... [Reply to comment]

හරිම ලස්සන කවියක් රවා. මගේ ප්‍රාර්ථනයත් එයමයි. සමහර වෙලාවට යාලුවෝ දෙවිවරු වගේ කියලා මට හිතෙනවා. ප්‍රශ්ණ කියන්නේ හැමෝටම පොදු දෙයක්. කට්ටිය එයට මුහුණ දෙන ආකරය අනුව එවා වෙනස් වෙනවා. නමුත් තනිව මෙවාට මුහුන දෙනවට වඩා බෙදාගන්න පුලුවන් නම් දුක තුනී කරගන්න ලෙසි කියලා මට හිතෙනවා. මමත් දාහකුත් ඒකක් ප්‍රශ්ණ වලට මුහුන දෙන කෙනෙක්. එත් ගොඩාක් දෙවල් හිතේ හංගන් ඉන්න මම පුරුදු වෙලා තියෙනවා. බෙදාගන්න පුලුවන් දෙවල් බෙදාගන්න මටත් හොන්ද යහලුවො ඉහිප දෙනෙක් ඉන්නවා. මට ඒ ගැන හරිම සතුටුයි.

malee_msg said... [Reply to comment]

ලස්සනයි.. හරිම ලස්සනයි.. ජිවිතේ එක එක මංසන්ධි වලදි අපිට හයියට ඔය වගේ යාළුවෝ හැමෝටම මුණ ගැහෙනවා.. හැබැයි ඒ යාළුවන්ව අගය කරන්නේ බොහොම ටික දෙනයි.

වැප් said... [Reply to comment]

කියන්න සතුටුයි මට ඉස්කොලේ යාලුවෝ 10 විතර තාමත් ඉන්නවා ... අපි කොහෙමත් අවුරුද්දකට තුන් පාරක් විතර එකතු වෙනවා ... ඔය අතරේ ඔහෙම උදව් කරපු අයත් හිටිය ....

[වැඩ පොඩියක් අඩු හින්දා කැරකුනා ලිපි ටිකක් කියවන්න]

විශ්මි said... [Reply to comment]

බොහොම ස්තුතියි රවා සුබපැතුමට....මේ ටිකෙ වැඩ වැඩි නිසා වෙලාව අඩුයි බ්ලොග් වල සැරිසරන්න.... :)....

රවා said... [Reply to comment]

raven ට
ලගින් ඉන්න හැමතිස්සෙම.... මුකුත් කියන්න ඔනා නැහැ...

මිස්සක ට
ඇත්තටම පොටො එකෙ මගෙ ටැලට් එක ෆොන් එක හොල්ලන්නෙ නැතුව තියන එක විතරයි.. හැබැයි පොඩි කාලාවක් තියනවා නෙද.. හිතට පොඩි සැනසිමක්, නිස්කලංක බවක්, සංහිදියාවක්, ස්භාවධර්මයා එක රටාවක් බවත් මට දැනෙන. මම ආසම පින්තුර වලි එකක්..

රවා said... [Reply to comment]

නිල් අහස -:
මට ලං වුනු යාහලුවො ටික දෙනයි ඉන්නෙ....

hipo :- අපිටත් ඉන්නවා, ගොඩක් අය ඉන්නවා....වටෙම ඉන්නවා. අපිට තියන්නෙ හොයන්න විතරයි...

malee_msg ට
මලි කියන දෙ ගොඩාක් ඇත්ත.. හැමොගෙම හිත තුල මානයක් තියනවා. එක මගෙ ගොඩාක් අඩුයි. කෙනෙක් එක්ක කතා කරද්දි මම හැමතිස්සෙම එයාට දැනෙන්න අරිනවා.එක..

වැපා:-
රයිටා රයිටා.. අපිත් එහෙන් මෙහෙන් යද්දි ඔයගෙ පැතෙතෙ එනවා...

විශ්මී :- හරි හරි යහලුවා.. අපෙ පැත්තෙ නාවට කමක් නැහැ...

රවා said... [Reply to comment]

නිල් අහස -:
මට ලං වුනු යාහලුවො ටික දෙනයි ඉන්නෙ....

hipo :- අපිටත් ඉන්නවා, ගොඩක් අය ඉන්නවා....වටෙම ඉන්නවා. අපිට තියන්නෙ හොයන්න විතරයි...

malee_msg ට
මලි කියන දෙ ගොඩාක් ඇත්ත.. හැමොගෙම හිත තුල මානයක් තියනවා. එක මගෙ ගොඩාක් අඩුයි. කෙනෙක් එක්ක කතා කරද්දි මම හැමතිස්සෙම එයාට දැනෙන්න අරිනවා.එක..

වැපා:-
රයිටා රයිටා.. අපිත් එහෙන් මෙහෙන් යද්දි ඔයගෙ පැතෙතෙ එනවා...

විශ්මී :- හරි හරි යහලුවා.. අපෙ පැත්තෙ නාවට කමක් නැහැ...

Anonymous said... [Reply to comment]

niyami male

දුකා said... [Reply to comment]

harima apooorui male . . kiyala wadak naha . .. . maxa . .

රවා said... [Reply to comment]

දුක අයියා...
ස්තුති අයියා..

dakshika said... [Reply to comment]

අපූරුයි... කියවන්න පරක්කු උනා... උඹ නියම මිත්‍රයෙක් යාලුවා...

රවා said... [Reply to comment]

කරුමක්කාරයා

ස්තුති.. මිතුරා... මට වචනෙකින් උදව්වක් කෙනෙක් කරොත් එක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ...

LishWish said... [Reply to comment]

තාලයත් එක්ක පපුවට වදින විදියට ලියලා තියෙනවා. මරු මල්ලී. නරකද අර මම කිවුව වැඩේ කලා නං..? [ කවි Blog එක ]

රවා said... [Reply to comment]

Lish ayyaa... right...හරි මට ටිකක් උදව් කරන්න... කියන්න... ඔයා ආභාෂය ගත්තු තැන්...

~ChAnDiKa~ said... [Reply to comment]

රවා අයියා,
මට තාම ඔයාගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන්න බැරි උණා තාම. ඔයාට තරම් මට අදහස් ගලප ගන්න බැහැ ඉක්මනට.. මේක ඔයාට මගෙන්..

නුඹ මගට බරක් නොම වී
පියමන් වැ ගෙවුනු ඊයේ...
මල් සුවද පවා ලංවී
නුඹ වෙතට නොවෙද හැමුවේ...
හෙට අඩිය තියන පොලොවේ
මල් පිපෙනු නොතිර දෙයකි
පියසන් තබනු දිරියෙන්...
සුභ ලකුණු මග තියේවි....

(අදහස අපේ අක්කගෙන් ඉස්සුවෙ. සමා වෙන්න ඕන. මං වෙලාවක මංම ලියපු එකක් දාන්නම්.)

රවා said... [Reply to comment]

චන්දික

එල එල බන් අපෙ උන්ගෙන් ඔනා එකක් උස්සපන් හැබැයි අපිට පිටින් ඉන්න උන්ගෙන් එපා....

කස්ටිය