සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/30/10

අපි හැමොම පරාදයි දො.......කියලත් හිතෙනවා

පහුගිය ටිකෙ මැතිවරණ පුවත්, මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මෙ හැමොම දකින්න ඇති. නමුත් මෙ මැතිවරණ උනුසුමෙ සිදුවුන ඉතාම පහත්, නිහින ක්‍රියාවක් ගැන මම මෙ ලියන්න යන්නෙ. මේක දකින වැදගත් තැන්වල වැදගත් තනතුරු දරන අයෙකු සිටිනම් එ පිළිබදව වහාම පියවර ගන්න මෙන් ඉල්ලා සිටිනවා. කෙලින්ම කාරනාවට එන්නම්.

මෙ පිළිබඳව ස්වර්ණවාහිනියෙන් විතරයි පෙන්නලා තියන්නෙ කියලා මට කෙනෙකු පැවසුවා.

තමුන්ගෙ තාත්තා ව මැරිම අපගෙ දහම අනුව කෙතරම් විශාල පවක්ද කියන එක හැමොම දන්නවා. තමුන්ගෙ තාත්තාව මරපු කෙනෙක් ගැන මට අහන්න හම්බ උනා. එ වයඹ නාත්තන්ඩියට නුදුරු ගමකින්. පුතෙක්ව ඇතිදැඩි කරන්න තාත්තලා අම්මලා කොච්චර දුක් විඳිනවද. නමුත් එ පුතාම කවද හරි කඩුවකින් එ තාත්තාගෙ බෙල්ල කපලා දාලා මරනවා කියන්නෙ කොච්චර ලොකු පිරිහිමක්ද කියන එක මටනම් වටහා ගන්න ගොඩක් අමාරු දෙයක්. රවා මෙ ජිවිත කාලෙදිම ඇහැවුව දෙවල් අතුරින් වාඩාත්ම ... දෙ තමයි. මට වචන නැහැ එක ලියන්න.

මෙ පින්තුරෙ දිහැ බලන්න නමුත් දුර්වල හදවත් තියන අය බලන්න එපා.


වඩාත්ම වැදගත් දෙ තමයි මෙ දරුවා, තමුන්ගෙ තාත්තව මරපු දරුවා කලින් තමුන්ගෙ බිරිඳව, හමුදුරුනමක් මරලා දාලා තියනවා. නිතිය හරියට එ අවස්ථාවලදි ක්‍රියා කෙරෙ නම් අද අපිට මෙ දෙ අහන්න වෙන්නෙ නැහැ. දැන් එ දරුවා තාත්තව මරලා අම්මවත් මරන්න යනවලු. අම්මට කොල් කරලා තර්ජනය කරනවලු " අම්මෙ මම තොව මරනවා " කියලා. තාක්ෂණය කොච්චර දියුනු උනත් වැඩක් නැහැ. මෙ පිස්සු වැටුනු දරුවව අල්ලගන්න බැරි උනොත් අම්මව මරාදාන්න කලින්. බත් කාකා හිටපු තාත්තාට එකම කඩුපාහරකින් ගහලා මරා දාන්න හෙතු උන කරුන ඉඩමක්, හා මල්ලිට අම්මයි තාත්තයි පෙන්නපු ආදරය ලු. මම මෙ දෙවල් ඇස් දෙකෙන් දැකලා නෙමෙ ලියන්නෙ. නමුත් යමක් සිද්දවෙලා තියනවා. හාමුදුරුනමක්, තමුන්ගෙ බිරිඳ, තමුන්ගෙ තාත්තා. ලයිස්තුවෙ ඉලගට ඉන්නෙ අම්මා. දැන් තාත්තාව මරලා සතියක් දෙකක් වෙනවා. නමුත් පොලිසියෙන් තවම මිනිමරුවව අල්ලලා නැහැ. මෙ පිස්සු හැදුනු දරුවා තමුන්ගෙ අම්මව මරලා දැම්මොත් රවාට අනුව අපි හැමොම පරාදයි.
මෙච්චර දෙවල් රටෙ සිද්ද වෙද්දි රටෙ වැදගත් මාධ්‍ය මහින්ද මහත්තයගෙ ගුණ වයපු එක විතරයි කළෙ. නමුත් මෙ දරුවාව තමුන්ගෙ අම්මාව මරන තැනට පත්විම වැලැක්වුවොත් එ පොලිස් නිලදාරින්ට ලොකු පිනක් අත්වෙයි.
හරි අපි ටිකකට හිතමු පොලිස් නිලධාරින් මෙ මනුස්සයව අල්ලගත්තා කියල. ඉට පස්සෙ උසාවියෙ. ඉට පස්සෙ බන්ධනාගාරයෙ. පොඩි පොඩි අපරාධ කරලා අපු මිනිස්සු අතර මෙ මනුස්සයාට හම්බෙන්නෙ ලොකු තැනක්. මෙ මනුස්සයා කවද හරි එතනින් පිට වෙයි ලොකු අපරාධකරුවෙක් වෙලා, ජාලයකුත් හදාගෙන. හැබැයි මෙකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්. බන්ධනාගරෙ ඇතුලෙ එ තාත්තව මරපු දරුවව ගහලා මරන්නත් පුලුවන්.

රවා ගෙ අයියා කෙනෙකුත් ඉන්නවා බන්ධනාගාරෙ. එ අයියා තමුන්ගෙ බදින්න හිටපු ගැහැනු ලමයව දුෂනය කරපු තිරිසනාව මරලා හිරෙ ගියෙ. එ ගැහැණු ලමයව දුෂනය කරපු වෙලාවෙ අර තිරිසනාව අත්අඩංගුවට ගත්තා නම් එ අයියත් අද අපිත් එක්කලා ඉන්නවා. එ අයියා සිගරට්, අරක්කු තියා බුලත් විටක්වත් කාපු කෙනෙක් නෙමෙ. රවා ගෙ පුංචි මොලයට තෙරෙන විදියට නිතිය, අධිකරණය තියන්නෙ මිනිස්සුගෙ ආරක්ෂාව, පිහිට පතා. පොලිස්සිය තියන්නෙ නිති ආරක්ෂාකරන්න, නිති කඩන මිනිස්සුන්ව අධිකරනයට ඉදිරිපත් කරන්න.දඩුවම් දෙන්න. නමුත් මෙ දෙවල් ඔක්කොම සිද්දවෙන්නෙ නැහැ.

හැබැයි රුප පෙට්ටියෙ කොළඹ සිංගප්පුරුව වෙන රුප රාමු පෙළ දකිද්දි රවා ට රවාගෙ ඔලුව බිත්තියෙ ගහගෙන ගහගෙන යන්න හිතෙනවා, දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර රවට්ටනවද මුන්... කියලා. රවාගෙ පුංචි ඇස් දෙකට මෙ හැම දෙයක්ම පෙනෙද්දි කට පියාගෙන ඉන්න අමාරුයි.

මෙක දැකපු හැමොගෙන්ම රවා එක දෙයක් ඉල්ලන්න ඔනා. ඔයාලා හැමොම ජිවත්වෙන්න මොනවා හරි දෙයක් කරන මිනිස්සු. එ කරන දේවල් ඔයාල හිතුවෙ නැති උනාට තව ගොඩදෙනෙකුට බලපාන දෙවල්. එක හින්දා හරියට එක කරන්න.

සමහර වෙලාවට මම දුම්රියෙදි දැකලා තියනවා හිඟන දරුවන්ව පන්නන මිනිස්සුන්ව. මෙ ලමයි හැමදාම හිගාකන්නෙ නැහැ. හෙට කිණිස්සක් අරන් එන්නෙ. අනිද්දා එයගෙ අතට පිස්තොලෙකුත් හම්බ වෙයි.
එතනින් එහාට කල්පනා කරන්න රවාට අමාරුයි.

සමාජ විද්‍යා දන්න අය, ආර්ථික විද්‍යාව පිළිබද මාහාචාර්ය වරු ආචාර්ය වරු කොච්චර හිටියත් දුප්පත් මිනිස්සු එතනමයි, ගොඩක් දෙනා එතනින් පහලට වැටිලා. ඉංජිනෙරුවො, තාක්ෂනය පිළිබද දන්න කියන අය කොච්චර හිටියත් මුකුත් හදන්නෙ නැහැ. ඔක්කොම පිටින් ගෙනල්ලා සෙට් කරන එක විතරයි. හැබැයි එ මිනිස්සු හොද රැකියවක් කරන ගමන් හොද ජිවන මට්ටමක ඉන්නවා. එ මිනිස්සුන්ට උගන්නන බදු ගෙවපු මිනිස්සු තවමත් එතන.

තමුන්ගෙ තාත්තව මරපු දරුවා ගැන කල්පනා කරද්දි තමයි මට මෙවා ගොඩක් සිහි වුනෙ. අපි අපිටම කොච්චර බොරු කරගන්නවද කියලා වැටෙහෙයි ඔබට මෙ ඔස්සෙ ටිකක් කල්පනා කළොත්. අපි හැමොම පරාද වෙගෙන යනවා වගෙ හැගිමක් මට දැනෙනවා.  අපි ගොඩක් වෙලාවට කියවනවා ධනාත්මක චින්තනය ගැන. නමුත් මෙ දෙවල් අහලා දැකලා එවා නොවුනා වගෙ ඉන්න නම් බැහැ.

සුදුස්සන් සුදුසු තැන්වලට පත්වෙලා. නිතියෙහි, අධිකරණයෙ හි ඇති දුර්වල තැන් වලට නිති සංශොදනය වුනොත් ඔන්න තව අවුරුදු කිපයකින් රටට හොද කාලයක් උදාවෙවි කියලා මම ප්‍රර්ථනා කරනවා අන්තිමට.

13 අදහස් දැක්වීම්:

Narada said... [Reply to comment]

කීමට දෙයක් නැතිව අසරණ වී සිටින්නෙමි...

Anonymous said... [Reply to comment]

අප්පා සීරියස් නේ....
එකපාරටම මට මතක් උනේ මේ සිංදු කෑල්ල..

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ....

අපි ඇත්තටම අසරණයි නේද?

Ravin Caldera said... [Reply to comment]

ඉතාමත් සංවේදී සටහනක්...(මා දිගු සටහනක් ලීවා එහෙත් එය යම් දෝෂයකින් පළ වුනේ නැහැ. සමාවන්න...).

බිඟූ said... [Reply to comment]

රවා බලපං ඒකට වෙන දේ ඉස්සරහදී,
දිට්ඨ ධම්ම කර්ම කියලා එකකුත් තියෙනවනේ....
අනේ අපොයි...!
:(

/බිඟුවා...!

Sujeewa de Silva said... [Reply to comment]

මේ මාතෘකාව ඉතාම බරපතල එකක් කියලා මමත් හිතනවා. රටක්, ජාතියක් හැටියට අපි කොහෙද මේ යන්නෙ කියලා හිතෙනවා වෙලාවකට. අපේ අම්මල තාත්තලගෙ කාලෙ එක්ක බලනකොට අපි අද ලබාගෙන තියෙන්නෙ සමස්ත වශයෙන් පිරිහීමක් වගේ පෙනෙනවා.

මේකට හේතුව ගොඩක් ඇති. නමුත් එකක් හැටියට මට පෙනෙන්නේ මොන විදිහකින් හරි තමන්ගෙ වැඩේ කරගත්තා නම් හරි කියන සංකල්පය අද අපේ සමාජයේ සෑහෙන දුරට පැලපදියම් වෙලා තිබීම.

එතනින් එහාට යන, හොඳ නරක ගැන හිතන අය නැතිව නෙවෙයි. ඒත් එවැනි උදවියට සමාජයෙන් ලැබෙන පිටුබලය අඩු වෙලා නිසා ඇතැම් මිනිස්සු අනිත් පැත්තට ඇදෙන්න යොමු වෙනවා කියලා මට හිතෙනවා.

Anonymous said... [Reply to comment]

මේකනේ මල්ලියේ වැඩේ.. මේක ධර්මද්වීපයනේ. ඉතින් ඕක පේන්නෙ බැරි බටහිර ක්‍රිස්තොයානී කුමන්ත්‍රණකාරයෝ මෙහෙ මිනිස්සුන්ගේ ඔලුවලට එක එක අදහස් දාලා මිනිස්සුන්ව අපරාදකාරයෝ කරනවා. රජ කාලේ නම් ඔහොම නෑ. බොරුනම් මහාවංසේ කියවල බලන්න. එක රජ කෙනෙක් වත් තමන්ගෙ තාත්තා ව , පුතාව, සහෝදරයා ව මරල තියෙනවද කියලා. තියෙනව නම් ඒවා බටහිර ක්‍රිස්තොයානී කුමන්ත්‍රණ.අම්මපා...

Anonymous said... [Reply to comment]

මමත් ඔය කියන සිද්ධිය දැක්කා ලංකාදීප පත්තරේ. කියන්න දෙයක් නැහැ. සේරම රවා කියලයි තියෙන්නේ.

දැන් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම් විතරක් නොවෙයි ප්‍රවෘත්තිත් ඉවර නිසා ඡන්ද කාලේ අවශේෂ ප්‍රවෘත්ති වුණු, ඩෙංගු උණ, N;I;AH1N1 වගේ ප්‍රවෘත්ති විශේෂ තත්ත්වයට පත් වෙලා ආයෙත්.

Liberal Lanka said... [Reply to comment]

Good post. Rule of the LAW has become very ineffective. These are the real issues we face as a country, not imaginary conspiracies.

Kasun said... [Reply to comment]

මාධ්‍ය සහ මේ විකාර සහගත (අ)දේශපාලනය විසින් වසා දමා තිබෙන, වසා දමමින් තිබෙන අඳුරු යතාර්ථය තමයි මේ. සැබෑවටම සිද්ධ වෙන දේවල් ගැන සංවේදී වීමට වඩා මවාගත් සුභ අනාගතයක් පිළිබඳ සිහින ලෝකවලට වී සිටීම පහසුයි. එසේ නොවුන හොත් ජීවත් වීම වේදනාත්මක අත්දැකීමක් වීම අනිවාර්්‍යයක් නිසා.

ක්‍රමයේ ගොඳුරු බවට පත්වෙන අහිංසකයන් ගැන කතා කරනවාට වඩා මාධ්‍ය වලට වෙනත් න්‍යායපත්‍ර තියෙනවා. එහෙත් එක අතකට මේවා මාධ්‍ය මඟින් පෙන්නුවත් ඇති ඵලයක් නැහැ. නිර්වින්දිත ජාතියකට මේවා සංවේදී වන්නේ අඩුවෙන්. තමන්ට හෝ තමන්ගේ සමීපමතයෙකුට යමක් වෙනතුරු මේ මෝඩයන්ට සිදුවෙමින් පවතින දේවල් දැනෙන්නේ නැති නිසා.

Kanishka said... [Reply to comment]

වැඩක් නෑ බන් කතා කරල.. ෂෙක්..

ජීවිතේ මල් said... [Reply to comment]

රවා.... මම ලියන එක බලල කී දෙනෙක් බනියිද දන්නෙ නැහැ.
කිසිම විවාදයක් නැහැ සිදුවී තියන දේ අමානුෂිකයි.. කිසිම සැකයක් නැහෑ. එත් "බිත්තරෙට කලින් කිකිලි" වගේ, අපි මේ සිදුවීම පසුපසට රිවයින්ඩ් කරමින් ගියහොත් සමහර විට ඇස් ඉස්සරහ පෙනෙන්න ඉඩ තියනවා , මේ දරුව මෙතරම් සමාජයට තම පවුලට වෛර කරන්නෙකු වීමේ හේතු... හේතුව සොයා යන තැනදි , වෙච්ච මිනී මැරුම සාධාරණීකරනය කරනව නම් නොවෙයි... එත් මේව ගෙවල් ඇතුලෙන් සමාජය දක්වා විහිදුන 'නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කපන්නවත් බැරි" තත්වයකට ක්‍රමිකව පරිනාමය වුනු දෙයක් වෙන්නත් පුලුවන් නේද?.. මේ වරද කරුවාව කොහොම නමුත් පොලිසිය කො‍ටු කරාවි,... අනාගතයෙ කඩු කිනිසි අර ගන්න කැස කවන උන්ගෙ හිත් දැන්ම තවන්න, නිවන්න, සුවපත් කරන්න කතා බහ යොමු වෙන එක වැ‍රැද්දක්ද?

රවා said... [Reply to comment]

~බිன்ku~
මම ත් අසරණයි බිංකු. සක් දෙවිඳුන්ගෙ ආසනෙ තවම උණු වෙලා නැතුව ඇති...

.::පිස්සා::.
අපි කොච්චර කොහොම ෆන් එකෙ හිටියත් අපිට මෙ දෙවල් මතක් වෙද්දි පපුව දන්න ගන්නවා. මොනවා උනත් අපෙ රටනෙ, අපෙ මිනිස්සු නෙ මෙ කියලා.....

Ravin Caldera
ස්තුති අයියා. සමහර වෙලාවට එහෙම වෙනවා. මම නම් කරන්නෙ කොපි කරලා මෙමරි එකට ගන්නවා ඔක්කොම පොස්ට් කරන්න කලින්.

බිඟුවා...! said...
ඔව් බං මෙවා අපෙ අක්කට එහෙම පෙන්නන්න එපා හරිද.... දැන් කොහොමද

Sujeewa de Silva said...
හරියට කල්පනා කරොත් පිටු 3000 ක විතර රෙපොර්ට් එකක් හැදුවැහැකි හැබැයි සිංහලෙන්. නමුත් ප්‍රශ්නෙ එතන නෙමෙ තියන්නෙ. මෙතන(හදවත් පෙන්නලා). කොච්චර දෙවල් හැදුවත්, කෙරුවත් මිනිස්සු නැත්තම වැඩක් නැහැ.

Anonymous
මම නම් හිතන්නෙ මිනිස්සුන්ගෙ හදවත් වල තියන ප්‍රශ්හ්නයක් කියලා..ධර්මය තිබුනට වැඩැක් නැහැ. බෞද්ධ ලෙබල් වලින් රට පිරිලා.

Anonymous
ඇත්තටම අපිට යම් දෙයක් හරියට දැනගන්න මාධ්‍යක් තවම නැහැ. රජයෙ එවා චී... පුද්ගලික එවා චී.
මට ආරංචියක් ආවා ඉඩි අමීන් වැඩ පටන් අරන් කියලා.

Liberal Lanka said...
sometime i wonder how mervin's son escape from LAW. why these people are silence. problem root isnt in rule of the LAW. it's in the hand of controllers. but something have to be change....

kasun |
පද්ධතිය වැරදි නිසා පද්ධතියෙන් බිහිවන මිනිසුන්ද වැරදිය... භූතයො හු...ලා බහුභූතයො හදලා.පක්ෂග්‍රාහි බල්ලො රටෙ වැදගත් තැන් වල ඉදන් රට සුරන් කනවා.. නිතිය වල් වැදිලා එක හොදටම පෙනවා.

Kanishka | කණියා
වැඩැක් නැහැ බං අපි අපෙ කොටස කරමු...ලියමු, කතාකරමු, අනුව යමු

ජීවිතේමල්
ඔයා හරි මම ඔයාට බනින්නෙ නැහැ. දරුවෙක් හදනවා කියන්නෙ ලෙසි දෙයක් නෙමෙ දෙමාපියන්ගෙ සුලු නොසැලකිල්ලක් හෙතුකොටගෙන අර දරුවගෙ සංසාරයම අන්ධකාර උනා......
අයියට දිලා අම්මා කියනවා " ඉස්සලාම දැක්ක එකානෙ " කියලා....
මල්ලිට දිලා අම්ම කියනවා " පොඩි එකානෙ " කියලා. රවාට කජ්ජ විතරයි එකත් අතින් අරන් පුච්චගෙන කන්න ඔනා. එත් අම්ම අසනීප වෙද්දි රවා එලිවෙනකන් අම්මගෙ ඔලුව අතගානවා.

නෙලාන් said... [Reply to comment]

මේ සමාන අත්දැකීමක් මටත් තියෙනවා ඒ ගැන මගේ බ්ලොග් එකේ පෝස්ට් සකක් දාන්නන් දිග වැඩි නිසා

කස්ටිය