සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/7/09

.ප්‍රශ්නද...? ෆන් එකද...?....අරක්කුද ..? .

ගොඩක් අය මත්වෙන්න විවිධ දෙවල් කරනවා. ඔක පටන් ගන්නෙ ඉස්කොලෙ යන කාලෙ.පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්ට කට්ටිය තෙම්පරාදු වෙන්න වෙන්න බර දාලා ගහන්න පුරුදුවෙනවා. කට්ටිය මත් වෙන්න බොන්නෙ.. හැබැයි බිලා හැම එකෙක්ම දොඩවන්නෙ " මට වෙරි නැහැ මචං" කියලා.සමහර අය බොන්න හේතු හොයනවා. සමහරු කටුක අද්දැකිම් වලින් හෙම්බත්වෙලා එවයෙ මතකයන්ගෙන් මිදෙන්න බොනවා. මාත් අත්හදා බලලා තියනවා. නමුත් වැඩක් නැහැ. වෙරි මත හිඳුනු ගමන් ආපහු අර මතකයන් හදවතට කටුවලින් අයිනවා වගෙ. සමහර අය කට්ටිය සෙට් වෙලා පොඩි ෆන් එකක් දාමු කියල හේතුවක් හොයා ගන්නවා. කගෙ හරි උපන්දිනයක්. කවුරුහරි රට ගිහිල්ල ඇවිල්ල. නත්තල් , අවුරුදු එකී මෙකී නොකී සියලුම හේතු අල්ලගන්නවා. මමත් එවට සෙට් වෙලා තියනවා. මෙක කියවන ගොඩක් අයත් එහෙමම තමයි. අපි මත්වෙන්න කරන දෙවල් වර්ගීකරනය කරන්න පුලුවන්. මෙක ගොඩාක පුළුල් දෙයක් කෙටියෙන් කියන්න බැහැ.

නමුත් මම අද සතුටටයි,දුකටයි, ප්‍රශ්න අමතක කරන්න බොන අය ගැනයි, ටිකක් කතා කරන්නම්. ගොඩක් කලාකරුවන්, සංවේදි මිනිසුන් මෙ ගනයට වැටෙන්නෙ. මෙ අය තමුන්ගෙ දුක, හිතෙ තියන අසහනය මගහරව ගන්න බොන අය. මෙතනින් සමහරු අරක්කු බොතලයක් අරන් කාමරයට වෙලා සොඩා එක්ක තනියම බොනව.තවත් අය ලගම හිතවතත් එක්ක. බල්ලන්ට ගහන එක(ගල්) දෙවියන්ට ගහන එක(පොල්) මෙ ආදි වශයෙන් රුපියල් 800 න් පටන් අරන් නානාප්‍රකාර ජාති තියනව වෙළද පොලෙ. හොදට බොනවා. මත්වෙනවා. සමහර දවස් වලට වමනෙ යනකම් ම බොනවා. අවුරුදු 2 , 3 ක් විතර බීපු කෙනෙකුට අරක්කු බොතලයක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙ. සල්ලි ටිකක් යහමින් තියන අයයි අරක්කු බොන්නෙ. සල්ලි නැති මිනිස්සු කසිප්පු වලට තමයි ගොඩාක් එලවන්නෙ " වැටෙ සුදා " තමයි එගොල්ලන්ගෙ බ්‍රැන්ඩ් එක. මෙහෙම ඉස්සරහට යද්දි දිනපතා වැඩෙට බහිනවා. ප්‍රශ්න අමතක කරන්න කියල දවස් දෙක තුනකට වතාවක් බිපු අය ඩෙලි ගහන්න ගන්නවා. ඉතින් තවත් දුරටත් දහවල් කූලී වැඩ කරලා හම්බ කරන තුට්ටු දෙක දුක අමතක කරන්න ඔන කියල. මෙ ගොල්ලන්ට හැමදාමත් ප්‍රශ්න. මෙ දුප්පත් අය අතර ඉන්නවා කට්ටියක් මෙ අයට ජිවත්වෙන්න ඔනාම නැහැ. එ අය පාවිච්චි කරන්නෙ " ඇති හිටියා" කියන බ්‍රැන්ඩ් එක. එය අයට visa එක බොහොම කෙටි කලෙකින් හම්බවෙනවා. මෙ ලගදිත් මම දන්න කෙනෙක් ගියා.

ඉතින් දුකට බොන මිනිස්සු හැමදාමත් තමුන්ගෙ ධනය ටිකෙන් ටික විනශ කරගන්නවා. සල්ලි ටිකක් යහමින් තියන මනුස්සයෙක් නම් එයාට තියන පිළිගැනිම, ගවුරවය විශ්වසය මෙ වගෙ දෙවල් නැතිකරගන්නව. මෙ දෙවල් අති වෙන්න ගොඩාක් කාලයක් වෙහෙස මහන්සිවෙන්න ඔනා. නමුත් බීලා කරන එක දෙකින් එ ඔක්කොම නැතිවෙනවා. එත් එක මොහොතකින්. මෙතනින් තාවකලික දෙයක්,සැනසීමක් හම්බවෙනවා මනුස්සයට නමුත් පැවැත්මක් නැහැ. මෙ මනුස්සයන්ට මැරෙන්න මොහොතක් තියලා තමයි කෙරුවාවල් සිහිවෙන්නෙ. නමුත් පරක්කුයි.

සතුටට බොන අය ගැනත් එහෙම්ම ම තමයි. එගොල්ලා සතුටෙන් පටන් අරගෙන දුකට බහින සෙට් එක. එගොල්ල ෆන් එක ගද්දි එ අයගෙ මුලු පරම්පරා දෙක තුනක්ම හිගන්නො වෙලා ඉවරයි. මෙහෙම හිගන්නො වෙන්නෙ හිත හොද කට්ටිය. මිටරෙන් බොන අය ගෙන් තමයි මෙ අය ගොඩාක් පරිස්සන් වෙන්න ඔනා.

ප්‍රශ්න කියන දේවල් හැමදාමත් ලොකෙ තියනව. හැමොටම තියනව. අනිත් එක සතුටට කියලා හිස් දෙවල් කරන්න යන්න ඔනා නැහැ. දුක ,සතුට දෙකම අපෙ දෙවල්. යහලුවො ටිකට සල්ලි වැඩිනම් බොරුවට සෙට් වෙලා සල්ලි නාස්තිකරන්නෙ නැතුව තමුන් ඉගෙන ගත්තු පාසලට යමක් කරන්න. අනිත් පැත්ත තමුන්ට ඔච්චරම හිතට දුකයි නම් කගෙ හරි දුකකට පිහිට වෙන්න. රැවටෙන්න එපා. පිරිමිකම පෙන්නන්න බොන්න එපා. බිලා වෙරිවෙලා ඉන්න හැම මොඩයම කියන්නෙ " මට වෙරිනැහැ මට වෙරි නැහැ මචං " කියලා. අනිත් එක බීලා ටිං ටිං ගෙ වීර ක්‍රියා කරන්න යන්න එපා. තමුන්ගෙ මොඩකම නිසා තමුන්ව විශ්වාස කරලා තමුන් එක්ක ජිවිතය ගෙවන්න ආපු ගැහැනියට දුක් දෙන්න එපා. තමුන් බීලා ගෙදර ගියහම තමුන්ගෙ දූදරුවන්ගෙ හිත් වලට දැනෙන දෙ ගැන පොඩි හරි වැටහිමක් ඇතිකරගන්න.



අරක්කු බොන එක පිරිමිකමට නින්දාවක්..සිංහල කමටත් නින්දාවක්..තමුනුත් විනශකරගෙන මුලු ජාතියක්ම විනශකරනවා.
ඔච්චරටම මත් වෙන්න ඔනනම්, ඔච්චරටම ප්‍රශ්න අමතක කරන්න ඔනානම් , තමුන්ගෙ අම්මගෙ සෙනෙහසින් මත්වෙන්න. තමුන්ගෙ බිරිදගෙ ආදරයෙන් මත්වෙන්න, එ දෙවල් නැත්තම් තමුන් කරපු හොද දේවල් මෙනෙහි කර කර මත්වෙන්න. ආශ්‍රයට සුදුසු කෙනෙක් නැත්තම් තනීව විසිම යහපත්ය. තමුන්ගෙ හිතෙ දුක අනිත් අය තෙරුම් ගනී කියල හිතන් බොන්න ඔනා නැහැ. අනිත් අයගෙ හිතෙ තියන දුකකට පිහිට වෙන්න.

අන්තිමටම වැදගත්ම දේ ලියන්න ඔනා. ජිවත්වෙන්න බැරිම තරන් දුකයි නම් යාල, විල්පත්තු, සිංහරාජ වගෙ කැලයකට ගිහින් ගහක් යටට වෙලා හාක්‍රොස් පටාස් එකක් ගහන්න. කාටවත් කරදරයක් නැහැනෙ...

ඉතින් මොකද කියන්නෙ... සෙනෙහසින් මත්වෙනවද..? අරක්කුවලින් මත් වෙනවද..?

13 අදහස් දැක්වීම්:

මාරයාගේ හෝරාව said... [Reply to comment]

මිනිසුන් ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් ඔළුවෙන් හිතන අය, අනිත් වර්ගය පපුවෙන් හිතන අය. මෙ අතරින් වඩා හොද කියලා කෙනෙක් තෝරන්න බැහැ. ඔනත් නැහැ. ඒත් පපුවෙන් එහෙමත් නැත්නම් හදවතෙන් හිතන අය මතට ඇබ්බැහි වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මොකද හදවතින් හිතලා ජීවත් වෙද්දී ලැඛෙන ප්‍රතිඵල නිසා හදවතටම විඳවන්න වෙන නිසා. එතකොට ඉතින් දැනෙන වෙදනාව වැඩියි. ඹළුවෙන් එහෙමත් නැත්නම් බුද්ධියෙන් හිතන කෙනාට යම් යම් දේවල් දරා ගැනීමට තියෙන හැකියාව වැඩියි. තව දෙයක් කියන්න ඹන සමහරු කාලයක් හදවතින් හිතලා පසුව ඔළුවෙන් හිතන්න පටන් ගන්නවා. සමහරු බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන්න පටන් ගන්නවා. එතකොට වර්ග 4යි.
1. ජීවිත කාලයම බුද්ධියෙන් හිතන අය
2. ජීවිත කාලයම හදවතින් හිතන අය
3. කාලයක් හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
4. කාලයක් බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
මට හිතෙන හැටියට ඔයා තුන්වෙනි කාණ්ඩයෙ විය යුතුයි. (මට වරදින්නත් පුළුවන්) මම නම් හතරවෙනි කාණ්ඩයේ කියලා මට හිතෙනවා. කොයි කාණ්ඩයෙ උනත් වරදක් නැහැ. මොකද ලොකයේ පැවැත්මට හා සුන්දරත්වයට මෙ හැමකාණ්ඩයක්ම එක හා සමානව වටිනවා.

Dasun Wanaguru said... [Reply to comment]

අරක්කු බොන එක පිරිමිකමට නින්දාවක්..
සිංහල කමටත් නින්දාවක්..
තමුනුත් විනශකරගෙන මුලු ජාතියක්ම විනශකරනවා.

Anonymous said... [Reply to comment]

මේ ළමයි හරි නොදැනුවත්.

Anonymous said... [Reply to comment]

arakku gaena mehema simple widihata nigamana walata enna baha. Mekata loku facts godak thiyenawa.

රවා said... [Reply to comment]

මම හැමවිටම මුලින්ම හිතන්නෙ බුද්ධියෙන්. බුද්ධියෙන් හොදට හොයලා බලලා තිරනය ගන්න හදවතට දෙනවා. කොච්චර මට පාඩු උනත් තවකෙනෙකුට මා නිසා පාඩු විදින්න දෙන්නෙ නැහැ.
සල්ලි කොච්චර දෙනවා කිව්වත් මම මගෙ හදවතට විරුද්දව තීරණ ගන්නෙ නැහැ. අනිත් එක මම ගන්න තිරණ වලින් මට ගොඩක් පාඩු වෙලා තියනවා.එක මගෙ ස්භාවය. පොඩි කාලෙ මගෙ යහලුවෙක් මම මොඩයෙක් කියලා හිතලා මාව රවැට්ටුවා. මම කලින් දැන ගෙන යහලුවට ලැජ්ජා හිතෙයි කියලා රැවටුනා. මට උනෙ පුංචි පාඩුවක් යහලුවා ලොකු පාඩුවක් කරගත්තා. අරක්කු ලං කරගන්නවට වැඩිය තනියම ඉන්න එක හොදයි කියලා හිතුනෙ අම්මලා දෙන්නා මා දිහැ බලලා හිනාවෙනව දැක්කමයි.

Anonymous said... [Reply to comment]

ඉතින් මොකද කියන්නෙ... සෙනෙහසින් මත්වෙනවද..? අරක්කුවලින් මත් වෙනවද..?

සමහරු සෙනෙහසින් මත්වෙලා ව්න්ද දුක අමතක කරන්න කියල ... මත්පැනින් මත් වෙනව

රවා said... [Reply to comment]

සෙනෙහසකින් මත් උන කෙනෙක් දුක් විඳින්නෙ නැහැ අක්කෙ. එයා තව අය හොය හොය සෙනෙහස, දයාව, ආදරය බෙදනවා. කරුණාවෙන් පිරුනු හදවතකට මත්වෙන්න ඔනා සියුම කරුනක් පමනයි. කාමය, රාගය වැනි විෂයන් පෙරටුකොටගෙන කරන යම් දෙයක් තියනවානම් එයට මිනිස්සු පසුතැවිලි වෙනවා. එක අනිවාර්යෙන්ම සිද්ධවෙනවා. බුදුහාමුදුරුවො වදාරපු කරුණක්. අපි දෙන්නම දන්නවා මෙ අපි අදුනනෙවත් නැති කෙනෙක් වෙනුවෙන් ලියන්නෙ කියලා. නමුත් අපි දෙන්නම ලියනවා. ඔය එක සියුම්ව කරනවා. මම ටිකක් තදින් කරනවා.

Anonymous said... [Reply to comment]

සෑහෙන්න බොන්න ඕනේ මාතෘකාවක්නෙ. මම හිතන්නෙ stress, tension වගේ දේවල් ටිකක් අඩු කරගන්න පුලුවන් ඉඳලා හිටලා shot එකක් දැම්මම. මටනම් හිතේ තියෙන එවා යාලුවොත් එක්ක කතා කරල relax වෙන්න පුලුවන්.සමහරු කියයි බොන්නෙ නැතුවත් ඕක කරන්න පුලුවන් කියල. නමුත් ඒක practically කරන්න අමාරුයි. මාසෙකට දෙපාරක් විතර හීනියට shot එකක් දාලා,යාලුවො කට්ටිය එක්ක සින්දුවක් කියල, ගෙදර ගිහින් කාටවත් කරදර නොදී නිද ගන්නවනම් එකේ වරද මොකක්ද?

රවා said... [Reply to comment]

මමත් බොන දවස්වල කාටවත් කරදරයක් කරන්නෙ නැහැ. ඇත්තටම කියන්නෙ බිපුහාම තමයි මමත් පියවි සිහියට එන්නෙ. මම ගොඩක් නිශ්ශබ්ද කෙනෙක් වෙනවා. මෙහෙම බොන්නෙ නැතුව ඉද්දි පිස්සෙක් වගෙ. නමුත් මගෙ පිටිපස්සෙන් මල්ලි කෙනෙක් එනවා. මම දැකපු විදියට තත්තලා එයාලගෙ තරුණ කාලෙ කරපු, කියපු දෙවල් නිසා අද දරුවො දුක් විදිනවා. එ දුක අපෙ දරුවන්ට දෙන්න හොද නැහැ. අපෙ අම්මලා දුක් වින්දා නම්, එ දුක අපෙ ආදරවන්තියට දෙන්න හොද නැහැ.

කෙනෙක් එක්කලා තමුන්ගෙ හැගීමක් බෙදාගන්න බොන්න ඔනා නම් එක ඔයගෙ මනුස්ස හිතෙ තියන මදිපුංචි කමක්.
තාත්ත කෙනෙක් ගෙ හදවතක් ගලක් වගෙ උනාට තමුන්ගෙ දරුවෙක්ගෙ කරදරයක් ඉස්සරා කොච්චර තරහා උනත් පිහිටට එනවා. අනික බොන්න එකට ඉන්න යහලුවව විශ්වාස කරන්න එපා..

Anonymous said... [Reply to comment]

Mama nam nobona yaluwata wadiya bona yaluwawa wishwasa karanawa.
Mokada mama athdakeemen dannawa oya dennage wenasa.
Kohoma wethath nobona kenata wadiya bona kena open kiyala hamoma dannawa.
Arakku beema witharak neme, anith hamdeyak ma kalpanawata karanna ona deval.

රවා said... [Reply to comment]

හරි හරි... බොන කෙනා හොද හදවතක් තියන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මනසික ආතතිය, ලිහිල් වෙන්න බොන්න. ඔයා කියන දෙ හරි,මම කියන දෙ වැරදි වෙන්න පුලුවන්. ඔයා වසනාවන්ත නිසා යමක් ලැබිලා තියනවා. නමුත් අවාසනාවට අත වනලා පස්සෙ දුක් වෙන්න එපා. මම ත් අවුරුදු 5 ක් විතර බීලා තියනවා. මට හම්බුණු දෙයක් නැති නිසා නැවැත්තුවා. මම මානසික ආතතිය අඩුකරගන්න. සිංදු අහනවා. මට ප්‍රශ්නයක් නම් ඉස්සරම මම මගෙ අම්මට කියන්නෙ. මොකද හොද යහලුවෙක් හොයගන්න හරි අමාරුයි. මගෙ වසනාවට හොද යහලුවො ටිකක් හම්බවෙලා තියනවා.

said... [Reply to comment]

මටනම් දෙකක් නැහැ අරක්කු වලින් මත්වෙන එක තමා හොඳ.
මම නම් කොයි වෙලේකවත් බොන එකේ වැරැද්දක් දකින්නේ නැහැ සීමාවේ ඉඳන් බොනවනම්

රවා said... [Reply to comment]

හරි හරි මගෙ ඉලඟ post එකත් කියවන්න කො.....

කස්ටිය