සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/11/09

හදවත ද...?.... බුද්ධියද...?

අපිට හැමදාම ජිවිතයෙ අභියොග මුණ ගැසෙනවා. වඩාත්ම ලස්සන දෙ එ මුණ ගැසෙන අභියොග වලට මුණ දෙන ආකාරයයි. සමහර අභියොග හා තරඟ කරලා ජය ගන්නවා. සමහරකින් පැරදෙනව. කොහොම උනත් ජය පරාජය තිරණය කරන්නෙ අපෙ ප්‍රතිපත්ති හා අපි ගන්නා තිර්ණ මතයි. අපි තිරණ ගන්න ආකාරයත් විවිධාකාරයි. කෙනෙකුට සාපේක්ෂව තවත් කෙනෙකු ගන්නා තිරණ නිවැරදි හො වැරදි විමට පුලුවන්.සමහර මිනිසුන් හැමදාමත් අභියොග එක්ක පොර බදලා වෙහෙසිලා ජිවත් වෙනවා. මා මෙහිදි සදහන් කිරිමට බලාපොරොත්තු වන්නෙ තිරණ ගැනිම සම්භන්දවයි. මගෙ නොදුටු මිතුරෙකු ඉහත ලිපියකදි සදහන් කල ආකරයට මිනිසුන් වර්ග කිපයක් සිටිනව
 
1. ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය
2. ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය
3. කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
4. කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
 
මෙ හැමකෙනෙක්ම සමාජය පැවැත්මට අවශ්‍යයි. මෙ වර්ග වලින් වටින්නෙ කවුරුද කියන එකත් ප්‍රශ්නයක් නොවෙයි.
 
ජීවිත කාලයම (බොහොවිට) බුද්ධියෙන් හිතන අය
 
මෙ වර්ගයට අයත් වන අය බොහො විට භෞතිකමය අතින් ඉතා සාර්ථක අය. මෙ අයට වැරදිම බොහොදුරට අඩුයි. වැරදිමක් සිදුවුනත් එය නිවැරදි බොහො ඉක්මනින් කරගැනිම සිදුකරගන්නවා.මෙ අයගෙ ජිවිත ඉතා සංකීර්ණ කොටස් බොහො ප්‍රමානයකින් එකතුවෙලා  හැදිලා තිබෙන්නෙ. මෙ අයට දුක, වෙදනාව දැනුනත් එය ටික වෙලාවකට පමණයි. එය මගහැර තමුන්ගෙ අරමුණ  කරා යැමට මෙ අය පසුභට වෙන්නෙ නැහැ. ආදරය, සෙනෙහස වගෙ දෙවලුත් එතරම් දේවල් නොවෙයි. මෙ අය හැමදාම  භෞතිකමය දෑ එකතුකරගන්නවා. මෙ අය තමුන්ගෙ වෘතිමය ජිවිතෙ ඉහලම තැනට ගොසින් තමයි පහල බලන්නෙ.  මෙ අය තමයි " දුකයි දුකයි කියල ඇනගෙන ඉන්න එපා බුරුවො. " කියන්නෙ. මෙ අයට තියන දුක් වෙදනා අතරෙ පොඩිම දුක තමයි කාර් එකක්, තට්ටු දෙකෙ ගෙයක් , වැටුප් 120 000 විතර රස්සාවක් නැති එක. ව්‍යපාරික කේෂ්ත්‍රයෙ ප්‍රභලයින් බොහොමයක් මෙ ගණයෙ අය. මොවුන්ව මිලදී ගන්න පුලුවන්. මෙ අය බොහොවිට තිර්ණ ගන්නෙ තර්කය යොදා ගනීමින්. තමුන්ට අවාසි වෙන කිසි දෙයක් කරන්නෙ නැහැ. තිරණවල භෞතිකමය නිවැරදිතාවය ඉතා ඉහලයි.
 
ජීවිත කාලයම (බොහොවිට) හදවතින් හිතන අය
 
මෙ අය බොහො විට අසාර්ථක මිනිසුන් ලෙස සාමාජයෙ අප්‍රසිද්ධ,ප්‍රසිද්ධ ජිවිත වල ජිවත්වෙනව. කාලා කරුවන් බොහො පිරිසක් මෙ ගණයට වැටෙන අතර මෙ මිනිසුන්ගෙ හිත් හරිම මෘදු මෙලෙකයි. බොහො ඉක්මනින් බිඳෙනවා, හැදෙනවා. වැරදිම් එමටයි. බොහොවිට සරල පුංචි දෙවල් වලින් මෙ අය පිරිලා ඉන්නෙ.මෙඅය වැරදිම් නිවැරදි කරගන්නවාට වඩා වැරදිම් තුල ජිවත් වෙමින් දුක, කදුලූ වෙදනා විඳගමින් අපුරු ජිවිතයක් ගෙවනව. මගහැරුනු දෙවල්, අහිමි වුනු දෙවල් තමයි මෙ අයගෙ තිබෙන එකම දෙපල. මුදල් පසුපස යනවට වඩා දුක් කරදර හොය හොය යනවා. මෙ අය ගෙ තිබෙන සියලුම දෙපල මෙ අයගෙ හිත තුල තිබෙන්නෙ. සුලු සුලු දෙවල් මෙ අයට ඉතා වටිනා දෙවල් වන අතර. බොහොවිට කලාව, සාහිත්‍ය ජිවිතය කරගන්නවා. නැත්නම් මත්පැන්. මොහුන්ව මීලදී ගන්න මොන ජගෙතෙකුට වත් බැහැ. මෙ අයගෙන් යමක් කරගන්න ඔනා නම් අල්ලස වන්නෙ හැගීම්.මෙ අය හදවතින් තිරණ ගන්න අතර තවඑකෙකුට අයහපතක් වෙන තීරණයක් කිසිවිටෙකත් ගන්නෙ නැහැ.
 
කාලයක් (මුලින්) හදවතින් හිතලා පසුව බුද්ධියෙන් හිතන අය
 
මෙ අය මුලින් බොහො දුර්වල අප්‍රසිද්ධ අය හටියට ඉදලා පසු කාලීනව සමජයෙ ඉදිරියට එන අය වෙනවා. මෙ අයට ලැබෙන කිර්ති ප්‍රශංසා තුල මෙ අය විශාල සතුටක් ලබනවා. මෙ අය වාඩත් වැදගත් ලෙස සලකන්නෙ ජිවත්වීමයි. වෙදනාවන් ,දුක් කදුලු , සතුට,  හැමදෙයකින්ම පිරුනු කොටසක්. එකතු කිරිම ජිවිතයෙ එක කොටසක් බව පිලිගන්න මොවුන් අධ්‍යත්මික සතුට කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. හැගීම් ,සල්ලි වලින් මෙ අයව හසුරවන්න අමාරුයි. මෙ අය තමුන්ගෙ සතුට, සුවය වෙනුවෙන් එකතු කරගන්න දෙවල් තමයි මෙයලගෙ දෙපල. තිරණ ගැනිමෙදි වැරදිම් තරමක් දුරට සිදුවෙනව.
 
කාලයක් (මුලින්) බුද්ධියෙන් හිතලා පසුව හදවතින් හිතන අය
මෙ අය බොහො වේගයෙන් ඉදිරියට ඇවිත් එකපාර නැවතිලා ආපසු බලන අය.මෙ අයව මිලදීගන්න කොහොමටත් බැහැ. කාලයක් තිස්සෙ එකතුකරගත්තු දෙවල් රැකගනිමින් අධ්‍යත්මික දෙවල් රැස් කරන්න පටන් ගන්නවා. වෙදනාවන්, රැවටිම්, රැවැට්ටවිම් වලින් ගහන මෙහුන් බොහොවිට පසුතැවිලි වෙන අය. දුකත්,සතුටත්  දෙකම සතුටක් ලෙස විදගන්න අතර සැනසීම, සරල බව තමුන්ගෙ ජිවිතයෙ ප්‍රදාන දෙ බවට පත් කරගන්නවා.
 
මෙ මම එකතු කරගත්තු අත්දැකීම් කිපයක් ඇසුරෙන් ලියපු දෙයක්. සමහර විට කරුණු වැරදී වෙන්න පුලුවන්,හරි වෙන්න පුලුවන්.මෙ අතර උප කොටස් වලට බෙදිමට හැකි අයත් ඉන්න පුලුවන්. මෙ අය හැමොම සමජයට වැදගත් වන අතර ඔබ මෙ ගැන හිතන ආකරයත් ඉතාම වැදගත්.  
මොනව හරි හිතට ආපු දෙයක් ලියලා යන්න අමතක කරන්න එපා
 

8 අදහස් දැක්වීම්:

kkroxc said... [Reply to comment]

හරිම අපුරුවට ලියලා තියනවා කාලයක් මගෙ හිතෙ තිබුනු අදහසක් හරිම අපුරුවට ලියලා තියනවා.මෙක තමා ඇත්තම ඇත්ත. මම වඩාත් කැමති 3න් වෙනි වර්ගෙට මොකද මමත් එම ගනයට වැටෙන නිසා

Anonymous said... [Reply to comment]

හොද ලිපියක් ...... මම නම් හිතන්නෙ මෙහෙමයි.. ගැහැණු ගොඩක් අය හිතන්නෙ බොහෝවිට හදවතින් . පිරිමි බොහෝ විට හිතන්නෙ බුද්ධියෙන්. ගැහැණු ගොඩක් සංවේදී අඩන හැගුම්බර අය වෙලා තියෙන්නෙ ඒකයි. පිරිමි ගොඩක්දුර දිග හිතල බුද්ධිමත් තීරණ ගන්න නිසා එයාලා ගන්න තීරණ ගොඩක් දුරට හරී. අපිට ඒ බැව් වැටහෙන්න ටිකක් කල් යනව. මොකද බැලූ බැල්මට තීරණ සැර වැඩි වුනත් කාලයක් ගියාම තේරෙනව එදා එහෙම කරපු එක කොයි තරම් හොදද කියල.

පවුලක් ලස්සන වෙන්නෙත් අම්ම් හදවතින් හිතන නිසාත් තාත්තා බුද්ධියෙන් හිතන නිසාත් අවසානයේ ඒ දෙකෙහිම පිරිපුන් අර්ථවත් යමක් පවුලට ලැබෙන නිසාත්.

මම පිරිමි බුද්ධියෙන් හිතනවට කැමති. ඒත් ඉදල හිටල හරි පිරිමිත් හදවතින් හිතල ටිකක් බොලද වෙනවනම් ගොඩක් සොදුරුයි.

මම සොදුරු සිත......

වැප් said... [Reply to comment]

අපූරැ ලිපියක්, මෙවගෙ ලිපි අඩුයි, ඒහින්දා ඒක සීරැවට කියවලා බැලුවා. මට අයත් කණ්ඩය මෙහි නැහැ වගෙ

Anonymous said... [Reply to comment]

මල්ලී, ඔහොම ඔයා categorize කරාට, හැම තිස්සෙම එකම කාන්ඩයකට වැටෙන්නේ නෑ; එකම පුත්ගලයෙක් උනත්..

එකම මිනිහෙක් උනත්, මුහුණ දෙන්න වෙන විවිධාකාර ප්‍රශ්ණ වලට, විවිධාකාරයෙන් උත්තර බදින්න පුලුවනි..

එකම රාමුවකට කොටුවෙන්නේ, එක්කෝ ගිහිගෙය කලකිරුනු උදවිය, එහෙමත් නැත්නම් සාම්ප්‍රධායික රාමු වලට බයේ අනුන්ට ඕනේ විදියට තමුන්ගේ ජීවිතේ ගෙනියන අය..

ඔය මට හිතුනු විදිය..

malee_msg said... [Reply to comment]

මමත් පිස්සා එක්ක එකගයි.. අපි කවුරුවත් එකම ලේබලයක් යටතේ හැමවෙලේම ඉන්නේ නැහැ... එකම සිදුවීමටම උනත් අපිට කාල වකවානු දෙකකදි මුහුණ දෙන්න උනොත් අපි ඒවට මුහුණ දෙන්නේ දෙවිදියකට..

රවා said... [Reply to comment]

@පිස්සා
මට 100% හරියටම කියන්න බැහැ. මම ලියන එකෙ අතිශයෝක්තියක් තියෙන්න පුලුවන්. මම එහෙම කරන්නෙ එ වර්ග 4 වෙනස කියවන කෙනා හට පැහැදිලිව හදුනා ගන්න. මම කාවවත් පහත් කරල සලකන්නෙ නැහැ.

ඔයා දිපු අදහසෙන් මම ඔයාව දමන්නෙ 1 ට මොකද ඔයා හැමතිස්සෙම තර්කාණුකුලව හිතන්නවා. එක රාමුවකට කොටු නොවෙන්නෙ 1 ගණයෙ අය විතරයි. අනිත් අය රාමු වලින් පිට නොපනින්නෙ එ අයගෙ හදවත හැමවිටකදිම එක පැත්තකට අදින නිසායි.

@malee_msg

එකම සිද්ධිය කාලවකවනු දෙකකදි දෙවිදියකට පිලිතුරු දෙන්න පුලුවන්. ටිකක් හිතලා අම්මලා තාත්තල අරන් තිබෙන තිරණ ගැන කල්පනා කරලා බලන්න. එයලා තරුණ වයසෙදි ගන්න තිරණ නොවෙ වැඩිහිටි වයසෙදී ගනු ලබන්නෙ. බලන්න හොදට ඔය හතර අතුලෙ ඔයා ඉන්නවමයි. ඔතනින් පිට තව වර්ග තියනවා. නමුත් ඔයා එතනට අයිති නැහැ. මොකද මම ඔයා අනිත් අයගෙ බ්ලොග් වල ලියපුව, ඔයා ලියපුවා බැලුවා.

රවා said... [Reply to comment]

@ wath
ස්භාදහම හැදිලා තියන්නෙ ඔයා කියපු ආකාරයට තමයි. නමුත් ගැහැණු පිරිමි බෙදයකින් තොරව තීරණ ගැනිමෙදී මුලිකත්වය දෙන කරුන මත කෙරුන වර්ගීකරනයක් එක. බලන්න හොදට මෙ එකක ඔයා අනිවා ඉන්නවා.

රවා said... [Reply to comment]

මම අපි කිපදෙනා අතර සිදුවෙන කතා බහා තුලින් ඔයාලව දකින්න උත්සහා කරනවා.

@kkrox

ස්තුති අදහස් දැක්වුවට.

කස්ටිය