සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/18/09

දැන් මුහුද දෙබැ කරන්නෙත් නැත, අහස පොළොව සිබින්නෙත් නැත.

දැන් මුහුද දෙබැ කරන්නෙත් නැත, අහස පොළොව සිබින්නෙත් නැත. කාර්ය සිදුකර හමාරය. අපි වෙනුවෙන් අපි කාලෙකින් ජනමාධ්‍ය තුලින් ඇසුනෙ නැත. ජිවත්ව සිටින කාලයෙ ප්‍රභාකර්න් විසින් ප්‍රකාශ කල " සිංහල මොඩයින්ට දෙයක් මතක හිටින්නෙ දවස් 15 විතරයි " තවත් දුරටත් කල්පිතයක් නොව නියමයක් වී හමාරය. ජනාධිපතිවරණය සදහා මුලික කටයුතු සියල්ල සිදුවී හමාරය. එක පසෙකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. අනෙක් පසින් විශ්‍රාමික හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් සරත් ෆොන්සෙකා මහතාය. මෙ අතර නන්නත්තාර වි එහාට මෙහාට පනින ගෙම්බන් පිරිසක් ද සිටිති. රටෙ සෑම ප්‍රදෙශයක්ම සුලුවෙන් හො සංවර්ධනය වි ඇත. විදුලි බලාගාර, ගුවන් තොටුපලවල් , වරායන්, ඉදිකිරිම් ද සිදුවෙමින් පවති. මෙවර ජනාධිපතිවරණයෙ අපෙක්ෂකයි දෙදෙනා තොරාගෙන ඇති ප්‍රධාන මාතෘකා පඨයන් වනුයෙ " රටෙ සංවර්ධනය" සහ " විධායක බලතල යන් අහොසි කිරිම හා දුෂනය පිටුදැකිමය".

ජනාධිපතිතුමා ගෙ අවුරුදු කිපයක පාලන කාලය අපි අත්වින්දෙමු. එහිදි ලබාගත් යුද ජයග්‍රහණ යන් ගෙන් උද්දාමයට පත්විය. රුපවාහිණි මාධ්‍යන් තුලින් විකාශය කල වැඩසටහන් බොහොමයක්ම නැරඹීය. එහෙදි එවකට යුදහමුදාපතිව සිටි මෙජර් ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා ඉටුකල මෙහෙය පිලිබද මනා අවබොධයක් අප හට ලැබිනි. ඔහුගෙ සෘජුභාවය, අවංකභාවය, දේශප්‍රෙමය අපි දුටුවෙමු. දැන් එම රුපවහිණී නාලිකා තුලින්ම අප හට දේශද්‍රොහියෙක් පිළිබඳ අසන්න දකින්න ලැබෙ. විදෙශ කුමන්ත්‍රන පිළිබඳ අසන්න දකින්න ලැබෙ. මෙහිදි ජෙනරල් සරත් ෆොන්සෙකා මහතා ඉලක්ක කර විශාල මඩ ප්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය තුලින් ප්‍රචාරය කරවයි. පසුගිය මැතිවරණ වලදි යුද ජයග්‍රහන මුවාවෙන් මිනිසුන්ගෙ හැගිම් කුපිත කර ඦන්දය ලබාගත් පිරිස් දැන් කළබල වි ඇත. මෙ අතර ජනාධිපතිතුමාගෙ සිතු තුල තම ජය පිළිබඳ ඇති ආත්මවිශ්වාසය අපි දකින්නෙමු. ජෙනරල් ෆොන්සෙකා මහතාද එසෙමය. කෙසෙවෙතත් දෙදෙනගෙන් එක් අයෙකු බලයට පත්වෙනු ඇත.

මෙම ලිපිය කියවන ඔබ සමහර විටකදි මම එ.ජ.ප යට කඩෙ යන කෙනෙකු යැයි කිමට පුලුවන. නමුත් පසුගිය ජනාධිපතිවරණයෙදි මහින්ද මහතා වෙනුවෙන් මම ඦන්දය භාවිතා කලෙමි. එය සිදුකලෙ හමුදවෙ සොල්දාදුවන් හැල්ලුවට ලක් කරමින්, හමුදා බුද්ධි අංශය විනාශකරමින් සිංහලයින් නිවට ජාතියක් බව ලොකය පුරා ප්‍රචාරය කරමින් ත්‍රස්ත සංවිධානය විසින් එවකට රජය සමග අත්සන් කර තිබු සටන් විරාම ගිවිසුම ගැනත් එ ආකාරයෙන් රට ඉදිරියට ගියොත් සිදුවන විනාශය පිළිබඳ කල්පනා කරමින්ය. නමුත් බලය අතට ගත් පසු තමුන්ගෙ පිරිසට පමණක් බලය බෙදාහැර මිනිසුන්ගෙ හැගිම් වලට කතාකරමින් තම පවුලට රාජකීයත්වයක් ඔබ්බවා ගැනිමට ජනමාධ්‍ය තුලින් උත්සහාකරයි. ජනාධිපතිතුමා අවංකවම මෙයට විරුද්ධනම් බලය භාවිතාකර එය නතර කළ හැක. තවද කලක් යුද්ධය ගොඩබිමතුල හොදින් මෙහෙයවා ජය ලබා දුන් වීර සිංහල යුධ සෙන්පතියෙකු වු ජෙනරල් සරත් ෆොන්සෙකා මහතාගෙ ප්‍රතිරුපයට රාජ්‍ය මාධ්‍ය තුලින් එල්ල කරන ඉතාම නීහින මඩ ප්‍රහාරත් , තමුන්ගෙ පවුලෙ සාමාජිකයින්ගෙ රූපයන් ඔනාවටත් වඩා රුපවාහිණි නාලිකා තුලින් ප්‍රචාරයත් වැලැක්විය හැක. නමුත් එසෙ නැත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනමුත් බලය භාවිතා කර මාධ්‍ය හා රටෙ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට ගැනිමට සිදුකල දෙයක් නොමැත. මිනිසුන් තවත් පක්ෂග්‍රාහි කර , ජාත්‍යලායෙන් අන්ධකර තමුන්ගෙ පැත්තට නම්මා ගන්නා අතර , විපක්ෂයෙ ඉන්නා මුදලට , තනතුරුවලට ලොභී කුහකයන් ඇමතිකම් දී ඇතුලට ගනීමින් ප්‍රජාත්න්ත්‍රවාදය විනාශ කිරිමට කටයුතු කරයි. මෙම කූට උපක්‍රම යොදා කලින් සිටි නයකයින් මෙ දෙයම සිදු කලත් එම නායකයො මෙතරම් පිරිසක් ඇතුලට ගත්තෙද නැත. ලොව විශාලම ඇමති මණ්ඩලය තිබෙන්නෙ මෙ පුංචි ලංකාවෙය. එම මණ්ඩලය ඇතුලෙ ද සිටින්නෙ නොහැකියාවෙන් පිරි අයය. හැකියාවෙන් පිරි අය කීපදෙනෙක් ඇතත් එ අය දුෂීත බවෙන්ද ඉතාම ඉහලය. මෙ අතර තමුන්ගෙ පවුල දැන් යහමින් පොෂනය වි ඇතිබවද දනි. යුද්ධයට අත, පය පුජා කල දුප්පත් අසරණ අම්මා හා තාත්තා තවමත් එතනය. දුප්පත් පැලෙය. සංවර්ධනය මුවාවෙන් සිදුවු ගැහිල්ලද එමටය.

මා හට ඇමරිකා එක්සත් ජනපදය හිටපු ශ්‍රෙෂට නායකයෙකු ව එබ්‍රහම් ලින්කන් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙක සිංහල තෙරුමයි " යම් අයෙකුට පුලුවන් ගොඩාක් මිනිසුන්ව ටික කාලයක් මොඩයො කරන්න.කිපදෙනෙකුව හැමදාම මොඩයො කරන්න.නමුත් හැම දෙනාවම හැමදාම මොඩයො කරන්න බැහැ"

මා මෙහිදි අවසන් වසයෙන් ඉතිහසයෙන් බිඳක් මතක් කර දීමට කැමතිය.

එස්. ඩබ්ලිව්. අර්. ඩි බණ්ඩාරනායක මහතා ගමෙ ඉන්න උන් සිංහලෙන් කඹුරපියවු , මගෙ දුවයි , පුතයි ඉංග්‍රිසි යෙන් කියලා සිංහල රජ්‍ය භාෂාව කර තමුන්ගෙ දුවයි පුතයි කෙම්බ්‍රිජ් යවා ඉගැන්නුවෙය. සිංහල දෙමළ අරගලයෙ මුලයට පිඹ ගිනිපුපුරු මතු කලෙය.
සිරිමාවො බණ්ඩාරනායක මැතිණිය ද සුලු වෙන් හො සේවයක් කලද මිනිසුන් තුල තිබු කුහක කම ඉස්මතුවිම නිසා එය තවදුරටත් කරගෙන යැමට නොහැකි විය.
ජෙ. අර් ජයවර්ධන මහතා. රටම වෙනස්කරෙය. තමුනගෙ අතට සියලු බලතල තබා ගනිමින් රට නිරාවරනය කලෙය.මිනිස්සු භෞතිකමය සැප සම්පත් අතින් පොෂනය වුවද මිනිසුන්ගෙන් ආකල්ප, සදාචාරය, ආධ්‍යාත්මික සුවය කෙමෙන් පිරිහිය.
ප්‍රේමදාස මහතා. දුප්පත් මිනිසුන්හට ගම්මුදාව දී ත්‍රස්තයින් ව සාක්කුවෙ දමාගෙන හමුදාවෙ ඉහල වීර නිළධාරින්ව බිල්ලට දෙමින් රට කලද මිනිසුන්ගෙ ආකලපමය අතින් වෙනසක් සිදුනොකලෙය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැල්ලට අසුවි ආමුත් හමුදා ක්‍රියන්විත කිපයකින් ජය ගත්තද රටෙ අර්ඨිකය බිඳ වැටුනෙය. තමුන්ද ගොඩක් දෙ එකතු කරගත්තෙය.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමින සියල්ල තම සහොදරයින්ට බෙදා දී යුද්ධය ජයගත් නමුත් මිනිසුන් එසෙමය. පවුල පොහොසත් වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පිරිහි එකාධිපතිවාදය මාධ්‍ය තුලින් දියත් කරමින් සිටියි. හිට්ලර් කල දෙයට වඩා භයනක ලෙස විරුද්ධ වාදින්ව විනාශකර දමයි.

මෙතෙක් බලයට පත් වු සියල්ල ( ප්‍රේමදාස මහත හැර) වලව්වෙන් පැමිණ දුප්පත් මිනිසුන්ගෙ යහපත සදහා කල දෙයට වඩා අයහාපත සදහා කල දෑ වැඩිය. මෙ සැවොම කරන්නෙ තමුන්ගෙ දේශපාලන පැවැත්ම උදෙසා මිනිසුන්ගෙ හැගිම් භාවිතා කිරිමයි.

මා අවසන් වශයෙන් කිමට ඇත්තෙ. ශක්‍රදෙවිදුන් ඇවිත් රට බාරගත්තත් මෙ රට දියුණු කිරිමට නොහැකිය. මෙ රටෙ ජිවත්ව සිටිනා බහුතරයක් මිනිසුන් " අපි කැපුවත් නිල් තමයි, අපි කැපුවත් රතු තමයි, අපි අලි කණු නෙ" ලෙස වග විභාගයකින් තොරව තමුන්ගෙ පුහු ගෞරවය උදෙසා හා " අපෙ මැතිණිය , අපෙ රජතුමා " ලෙස කැකො ගසමින් අනාගත පරපුරක් ගැන තුට්ටුවකටවත් මයිම් නොකර තම ඡන්දය භාවිතා කර කිසියම් කෙනෙකු හා දුෂිතයන් පිරිසක් රටෙ ප්‍රතිපත්ති සැදිමට යවයි. ඉන්පසු " අපිට අරක දියල්ලා, මෙක හදලා දියල්ලා " කියමින් බකන්නෙලා ගෙන ඉන්නා අතර කිසිවක් නොකරයි. නිර්මාණයක් කර, ගොවිතැන් කර අලවි කරන්නෙ කිපදෙනෙකු පමණි. උපාධියක් කර ඉන් පසුව රස්සා තනන්නෙ කිපදෙනෙකු පමණි. ඉතිරි අය සියල්ල හැමදෙටම දෙශපාලුවන් පිටුපස්සෙ වැඳ වැටෙයි. මිනිසුන්ව රවටමින් තම පැවැත්ම උදෙසා කටයුතු කරයි. මෙ රට මෙ තරම් වත් රැකි තිබෙන්නෙ අතලොස්සක් වු අවංක, නිර්භීත නයකයින් මිනිසුන්ගෙ දහදිය මහන්සිය නිසාය.

8 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]
This comment has been removed by the author.
Unknown said... [Reply to comment]

ඔබගේ ලිපියේ කරුණු වලට මා සෑහෙන දුරකට එකග වෙමි. නමුත් මෙරට චන්ද දායකයන් දැන් වෙනදාට වඩා මදක් නම්‍යශීලී බව මගේ හගීමයි. මෑතක පැවැත්වූ මැතිවරණ වලදී සමහර කුඩා (ජා.හෙ.උ. වැනි ) කරලියට පැමිණියේ එබැවිනි. නමුත් මේ නම්‍යශීලී භාවය අවන්ක භාවයට මිස මඩ ප්‍රහාර වලට නොවන බව තවමත් දේශපාලකයින් වැඩි දෙනෙක් තේරුම්ගෙන නොමැත

වැප් said... [Reply to comment]

ශක්‍රදෙවිදුන් ඇවිත් රට බාරගත්තත් මෙ රට දියුණු කිරිමට නොහැකිය. ඒකඟ විය නොහැක.

හැබැයි දැන් ඉන්න දෙන්නාටම බැරිය

Anonymous said... [Reply to comment]

100% agree with you.

Anonymous said... [Reply to comment]

මා අවසන් වශයෙන් කිමට ඇත්තෙ. ශක්‍රදෙවිදුන් ඇවිත් රට බාරගත්තත් මෙ රට දියුණු කිරිමට නොහැකිය. "

Meee kiyamana nam.. kisiseth pili ganimata apahasuya ..

mak nisada yath 30 wasarak pura pawathi uddaya nima karanna baa kiya kothek aya keewath eya nima kirimata Athi garu janadi pathi thuman ta haki viya,.

Ahein Rata sanwardanaya kirimath kala hakiya.,..

Rinathmakawa hithi men siduwanne Ediriyata gath piyawara nawatha aaapassata ganimaki .,..


Ahein mee desa api dhanathmakawa baliya uthuya .,.,

Anonymous said... [Reply to comment]

දේශපාලනයට අකමැත්තෙමි. එහෙත් අපි සියලු දෙනාටම එහි ප්‍රතිපල විදිය යුතු වන බැවින් පාලනය ගැන මෙලෝ හසරක් නොදත් අනුන්ගේ පදයට නටන පුද්ගලයාට වඩා අනිකා සුදුදු බව මගේ හැගීමයි

මාරයාගේ හෝරාව said... [Reply to comment]

අදහස් දැක්වීම හොදයි. නමුත් එක දෙයක් ඔබට අමතක උනා. ඒ තමයි සරත් ෆොන්සේකා පිළිබදව ඔඛෙ කියවීම කෙසේදැයි යන්න.

Anonymous said... [Reply to comment]

sarath fonsekage dheshapaalanaya gaena mama nodhannemi. hodha yudha naayakayek bawa dhannemi. sarath fonsekaa balayata path uwahoth mama ohu gaena thawa awurudhu kipayakin liyami.... RAVA

කස්ටිය